මෙරට වැඩිම ආදායම්ලාභී 01%ට සමස්ත පුද්ගලික ධනයෙන් 31%ක්; අඩුම ආදායම්ලාභී 50%ට 04% යි!

820
JAFFNA, SRI LANKA - AUG 12: Young girl Asha, 11, sits in the window of her father's traditional taxi on August 12, 2013 in Jaffna, Sri Lanka, South Asia. Tuk-tuk is a popular asian transport as taxi.

Image courtesy of World Bank report.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අලුත්ම වාර්තාව අනුව ආසියා පැසිෆික් කලාපයේ ආදායම් විෂමතාව ඉහළම රටවල් 05 අතරට ශ්‍රී ලංකාව පැමිණ තිබේ.

එම වාර්තාවට අනුව, තායිලන්තය, චීනය, මියන්මාරය සහ ඉන්දියාවද ඉහළම ධන අසමානතාවය ප්‍රදර්ශනය කරන පළමු රටවල් අතර පසුවේ.

එම වාර්තාව පවසන්නේ ශ්‍රී ලංකාවේ ඉහළම ආදායම් ලබන 01%ට සමස්ත පුද්ගලික ධනයෙන් 31%ක් ලැබෙන බවයි. එසේම අඩුම ආදායම් ලබන 50%ක ජනගහනයට ලැබෙන්නේ 04%කටත් වඩා අඩු ප්‍රමාණයක් බව එය අනාවරණය කරයි. එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරන්නේ ජනගහනයෙන් 33.4%ක් ණය සම්බන්ධ ගැටලු හේතුවෙන් අවදානමට හා පීඩාවට පත් වී සිටින බවය.

ආර්ථිකය යථාවත්වීම අවදානම් සහගත සහ අසමාන තත්වයක පවතින බැවින් රට තුළ ආදායම් අසමානතාව පුළුල් වී ඇති බව පෙන්වා දෙන එම වාර්තාව ශ්‍රී ලංකාව අසමානතාව වැඩිම රටවල් 05 අතරට පැමිණීමට මෙම තත්වය හේතු වී ඇතැයි පවසයි.

ණයභරිතභාවය පිළිබඳව අවධානය යොමු කරන එම වාර්තාව කුටුම්බයක මූලික ණය මූලාශ්‍රයන් වන්නේ උකස් තැබීම (31.1%), ණයට ගැනීම (24%) සහ බැංකු ණය ගැනීම (23.5%) බව කියයි. නාගරික ජනතාවගෙන් 26.2%ක් මෙම ණය පරිභෝජන වියදම් පියවා ගැනීමට වියදම් කරන බවද ග්‍රාමීය ජනතාවගෙන් 17.9%ක් පරිභෝජන වියදම් පියවා ගැනීමට ණය ලබා ගෙන ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි.

‘අපේ අනාගතය නිර්මාණය කිරීම: ආසියාවේ සහ පැසිෆික් කලාපයේ මානව සංවර්ධනය සඳහා නව මඟ පෙන්වීම්’ යන තේමාවෙන් ඊයේ (12) කොළඹදී පැවති UNDP 2024 ආසියා පැසිෆික් මානව සංවර්ධන වාර්තාව එළිදැක්වීම සිදුවූ අතර උක්ත කරුණ අනාවරණය වන්නේ එම වාර්තාවෙනි.

(Lanka Truth)