Saturday, May 4, 2024

අධිකරණය නිදොස් කොට නිදහස් කළ අන්හෆ් ජසිම්ට රහස් පොලිසිය මාස ගණනාවක් වධදුන් හැටි!

ඡායාරූපය: ද ලිඩර් වෙබ් අඩවියෙනි.

සුනන්ද දේශප්‍රිය විසිනි.

ත්‍රස්ත මර්දන සහ විමර්ශන දෙපාර්තමේන්තුව (CTID) විසින් 2020 මැයි 16 වන දින  තරුණ මුස්ලිම් කවියෙකු සහ ගුරුවරයෙකු වන අහනාෆ් ජසීම්,  අත්අඩංගුවට ගෙන, රටේ කුරිරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉස්ලාමීය අන්තවාදය ප්‍රවර්ධනය කිරීමේ බොරු චෝදනා මත සිරගත කරන ලදී.

ඉන් මාස 19 කට පසු, 2021 දෙසැම්බර් 15 වන දින, ඔහු දැඩි කොන්දේසි යටතේ ඇප මත නිදහස් කරන ලදී. ජසීම්ට රුපියල් ලක්ෂ 5ක (ඇ.ඩො. 2,500ක පමණ) වටිනාකමකින් යුත් ඇපකරුවන් තිදෙනෙකු ඉදිරිපත් කරන ලෙසත් ඔහුගේ උපන් ගම වන මන්නාරමට කිලෝමීටර් 100ක් පමණ දකුණින් පිහිටි පුත්තලම CTID කාර්යාලයට පළමු සහ හතරවැනි ඉරිදා දිනයේදී වාර්තා කරන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

අහනාෆ් ජසීම්. වමේ සිට තෙවැනියා ඇප ලැබීමෙන් පසු ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ

ඔහු අත්අඩංඟුවට ගැනීම, නීතිඥ හජාස් හිස්බුල්ලා අත්අඩංඟුවට ගැනීම සාධාරණ කිරීමට ගන්නා ලද පියවරක් සේ ද පෙනුනි.

ඔහුට විරුද්ධ රජයේ   ව්‍යාපාරය කොතරම් දුෂ්ඨ වී ද යත් ගෝඨාභය රාජපක්ෂ රජය මෙන්න රනිල් රජපක්ෂ රජය ද ඔහු  තහනම් පුද්ගලයකු ලෙස ලැයිස්තු ගත කළේය.

2023 ජූනි 08 වැනි දින රනිල් රාජපක්ෂගේ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න විසින් නිකුත් කරන ලද අති විශේෂ 2335/16 ගැසට් පත්‍රයේ පුද්ගලයන් 301 ක් සහ සංවිධාන 15 ක ලැයිස්තුවකට  ඇතුළත් කරන ලදී.

ඔහු අත්අඩංඟුවට ගැනීම හෙළා දකිමින් දේස් විදෙස් මානව හිමිිකම් සංවිධාන විශාල ව්‍යාපාරයක් ගෙන ගියේය.

එසේ නමුත් ත්‍රස්ත මර්දන සහ විමර්ශන දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්ථමෙන්තුවෙහි සැලැස්ම පරාජය කරමින් මාස 40කට පසු පසුගිය 12වන දින ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී.

අත්අඩංඟුවෙහි දී ඔහුට ත්‍රස්ත මර්දන සහ විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරීන් දරුණූ කායික සහ මානසික වධහිංසා පමුණූවමින් වරද පිලිගැනීමට බල කළේය. එම වධහිංසා පෙන්වන්නේ මෙරට නීතිය ආරක්ෂි කිරීමට බැද ීසිටින පොලිසිය දරුණු මානව හිමිකම් කඩ කරන අන්දමත් එම කුරිරුකම් සඳහා ඔවුන් භුක්ති විදින මුක්තියත්ය. 

තමන් විදි එම වධහිංසා පිලිබදව 2022 පෙබරවාරී මාසයේ දී අන්හෆ් ජසීම් මෙසේ විස්තර කළේ මෙසේය:

ජාතිවාදී ව්‍යාපාරයකට යොදාගන්නයි මාව අත්අඩංගුවට ගත්තේ. හෙජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය පුත්තලමේ මගේ බෝඩිම කඩා දැමූ විට මගේ නවරසම් පොත වර්ගවාදී ප්‍රචාරණ කටයුතු සඳහා කුප්‍රකට හිරු ටීවී ප්‍රවෘත්තිවල පළ වී තිබූ නිසා පොලිසිය මගේ නිවසට එනු ඇතැයි මා බලාපොරොත්තුවෙන් හිටියේ.

වැඩි කල් යන්නට මත්තෙන් පොලිසිය මන්නාරමේ මගේ නිවසට පැමිණ මගේ ජංගම දුරකථන, ලැප්ටොප්, පොත් ඇතුළු මගේ බඩු බාහිරාදිය සමඟ මා අත්අඩංගුවට ගත්ත. විමර්ශනයෙන්  පසු දින තුනක් ඇතුළත මා නිදහස් කරන බවට පොරොන්දු වුණා. කෙසේ වෙතත්,  අන්තවාදය ඉගැන්වීම, දරුවන්ට අන්තවාදී වීඩියෝ පෙන්වීම සහ ISIS ට සහාය දීම සම්බන්ධයෙන් මට චෝදනා කරමින්  ත්‍රස්ත විමර්ශන අංශයේ හි වවුනියාව ශාඛාවේ මා රඳවා ගත්තා.

බෞද්ධ පොත් නැත්තේ ඇයි?

“නවරසම්” හි මගේ කවි කියවමින් මා අන්තවාදයට සහ ISIS ට විරුද්ධ බව ඔප්පු කිරීමට උත්සාහ කළ නමුත් ඔවුන් මට ඔවුන්ගේ චෝදනා පිළිගන්නා ලෙස බල කිරීමට උත්සාහ කළා. වෙනත් ආගමික සාහිත්‍යයක් තිබෙන මට බෞද්ධ පොත් නැත්තේ මන්දැයි ඔවුන් මගෙන් ඇසුවා.

මම පාසල් දරුවන්ට අන්තවාදය උගන්වන බවත්, ISIS ආධාරකරුවෙකු බවත්, මම නලීමියා ඉස්ලාමීය අධ්‍යයන ආයතනයෙන් [මුස්ලිම්වරුන් සඳහා වූ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක්] අන්තවාදය ඉගෙන ගත් බවටත් ඔවුන්ට මගෙන් පාපොච්චාරණයක් ලබා ගැනීමට අවශ්‍ය වවී තිබුණා. මම නලීමියා ආයතනයෙන් අන්තවාදය ඉගෙන ගත් බවට ප්‍රකාශයක් ලිවීමට ඔවුන් මට මානසික වධ දුන්නා. මානසික වධ හිංසා ඉවසාගත නොහැකි වූ මට නලීමියා ආයතනයට විරුද්ධව බොරු ලිපියක් ලිවීමට සිදු වුණා.

“ඔවුන් රාත්‍රියේ මගේ කකුල් වලට මාංචු දැමූ අතර, එය මට හැරවීමට නොහැකි වූ නිසා මුළු රාත්‍රිය පුරාම මා වේදනා වින්දා. මා මදුරු දෂ්ට කිරීමෙන් පීඩා වින්දා. මකුණන්, කැරපොත්තන් සහ විශාල මීයන් මගේ ශරීරය පුරා දිව ගියා. වරක් මීයෙක් මාව හැපුවා.”

නිදාගන්න නොදී හතැර දෙනෙක් ප්‍රශ්ණ ඇහුවා

ඔවුන් මා ISIS ආධාරකරුවෙකු ලෙස හඳුන්වමින් අතර මට එය පිළිගන්නා ලෙස බල කළා. ඔවුන්ට අවශ්‍ය වූයේ එයයි. හතර දෙනෙක් ඉවක් බවක් නැතිව මුළු දවසම එකම ප්‍රශ්න මගෙන් ඇහුවා. මට දවස් ගාණක් නිදාගන්නවත් ඉඩක් දුන්නේ නැති තරම්.

මා මුලින් සති දෙකක් පුටුවක බැඳලා හිටියා. ඔවුන් මගේ කණ්නාඩි ගලවා කියවීමට මට බල කළා. කණ්නාඩි නැතුව කියවනකොට මගේ ඇස් වලට කඳුළු ආවා. පොලිසිය කිව්වේ  මා අඬන්නේ මම වැරදිකරු නිසා බවයි.  මා ගෙදරට කතා කරන එක පවා ඔවුන් වැළැක්වුවා.

මගේ දෑත් පිටුපසට බැඳ, මට බලහත්කාරයෙන් දණ ගස සිටීමට බල කළා. මගේ කකුල් ගරා වැටුණා. මගේ හිස මේසයට තල්ලු කරමින්, මගේ පිටුපසට තබා  දෑත්හි මාංචු දමා ට හිර කර දිගු වේලාවක් තැබුවා. මගේ දෑත් සහ දෙපා බැඳ තැබීම  වැනි වඩාත් ම්ලේච්ඡ හා වේදනාකාරී වධ හිංසා කිරීමේ ක්‍රමවලින් ඔවුන් මට තර්ජනය කළා.

මාස තුනක පමණ කාලයක් මාංචු දමාගෙන නිදාගන්නට දඟලන අතර සමහර විට ඔවුන් කුණු දමන තැන් වල ද සිටින්නට සිදු වුණා. සමහර විට ඔවුන් රාත්‍රියේ මගේ කකුල් වලට මාංචු දැමූ අතර, එය මට හැරවීමට නොහැකි වූ නිසා මුළු රාත්‍රිය පුරාම මා වේදනා වින්දා. මා මදුරු දෂ්ට කිරීමෙන් පීඩා වින්දා. මකුණන්, කැරපොත්තන් සහ විශාල මීයන් මගේ ශරීරය පුරා දිව ගියා. වරක් මීයෙක් මාව හැපුවා.

මාව 6 වැනි මහලේ රඳවාගෙන සිටියත් වැසිකිළි තිබුණේ 2 වැනි මහලේ නිසා රැඳවියන්ට උදේ වෙනකම් මුත්‍රා කිරීමට පොලිස් නිලධාරීන් ඉඩ දුන්නේ නැහැ. අපට වැසිකිලි යාමට ඉඩ දෙන ලෙස ඔවුන්ගෙන් දිගින් දිගටම කන්නලව් කිරීමට සිදු වුණා. සමහර වෙලාවට අපට වැසිකිලිවල දොරවල් වහන්න ඉඩ දුන්නේ නැහැ අපි පැනලා යන්න හදනවා කියලා.  ප්‍රතිකාර නොකළ කුෂ්ඨ, තුවාල සහ ලේ ගැලීම් අපේ සිරුරුවල තිබුණා.

ඔවුන් මා නීතිඥයෙකු හමුවීම වැළැක්වීමට උත්සාහ කළා. අවසානයේ මගේ නීතීඥවරයාට ත්‍රස්ත විමර්ශණ අංශයේ ගොඩනැගිල්ලට පැමිණ මා හමුවීමට අවස්ථාවක් ලැබුණු පසු, ඔවුන් මා වාතාශ්‍රය නොමැති අපායක් වැනි කුඩා කුටියක මාසයක් රඳවා තැබුවා. එහි දිවා රෑ නොබලා දාඩිය දැම්මා.

පසුව මාව තංගල්ලේ බන්ධනාගාරයකට මාරු කරා. එහිදී මට එවැනිම දුෂ්-සැළකීමට මුහුණ දීමට සිදු වුණා. සමහර විට ඔවුන් මට නරක් වූ ආහාර ලබා දුන්නා. මට ලියන්න නිදහසක් තිබුණේ නැහැ, රූපවාහිනියේ ප්‍රවෘත්ති බලන්නවත් දුන්නේ නැහැ.

අන්තිමට මාව රිමාන්ඩ් කරලා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට දාලා මාව උසාවියට ගෙනාවේ ගෙදර අයටවත් නීතිඥයන්ටවත් නොදන්වා. රිමාන්ඩ් බන්ධනාගාරය ඉතා අපිරිසිදු වූ අතර මා සිටි කාමරය පුද්ගලයන් 50 දෙනෙකුගෙන් පිරී තිබුණා. එහි ඉඩකඩ තිබුණේ 30 දෙනෙකුට පමණයි. COVID-19 තිබුනත් ඉන් වැළකීමට සෞඛ්‍ය ක්‍රම කිසිවක් තිබුණේ නැහැ.

“දෙමළ සැකකරුවෙකුට එල්ලා වද හිංසා පමුණුවමින් ඔහුගේ ලිංගික අවයව පෑනකින් සිදුරු කරන අයුරු මා දැක්කා. පාපොච්චාරණයක් පිළිගැනීමට එකඟ වන තෙක් දෙමළ තරුණයෙකුට සති දෙකක කාලයක් දරුණු ලෙස පහර දුන්නා.”

රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නැවත බන්ධනාගාරයට රැගෙන ආ අවස්ථාවේදී විශේෂ කාර්ය බළකායේ සෙබළුන් විසින් ඔවුන් සෝදිසි කරනවා. මුසල්මානුවෙක් නම් නිරුවත් කර ලයිට් එකක් සහිත කටුවක් දාලා ගුද මාර්ගය පරීක්‍ෂා කළා.

මෙම තත්ත්වයට මුහුණ දුන් වෙනත් අය ඔබට මුණගැසුණා.  දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ සැකකරුවන් ලෙස රඳවා තබාගෙන වධ හිංසාවලට ලක් වූ දෙමළ ජාතිකයන් ඇතුළු කිහිප දෙනෙක් සිටියා. සමහරු මාස අටක් නවයක් රඳවා තබා ගෙන තිබුණා. ඔවුන් එක් පුද්ගලයෙකුට එල්ලා වද හිංසා පමුණුවා ඔහුගේ ලිංගික අවයව පෑනකින් සිදුරු කරන අයුරු මා දැක්කා. පාපොච්චාරණයක් පිළිගැනීමට එකඟ වන තෙක් දෙමළ තරුණයෙකුට සති දෙකක කාලයක් දරුණු ලෙස පහර දුන්නා.

නිලධාරීන් සිතන්නේ ඔවුන් සියල්ලෝම ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය යටතේ බලවත් බවයි. මාස 18ක් මාව රඳවාගෙන අවුරුදු 10ක් 20ක් රිමාන්ඩ් කරන්න වුණත් පුළුවන් කියලා පොලිසිය මට කිව්වා.

CTID  නිලධාරීන් හිස් කඩදාසි මත රැඳවියන්ගේ අත්සන් ලබා ගෙන අතර පසුව ඔවුන් පාපොච්චාරණ ඒ කඩදාසි වල ලියනවා. මගේ ප්‍රකාශ වැරදි ලෙස පරිවර්තනය කර තිබුණෞ වැරදියට.  ඊට අත්සන් නොකළහොත් පහර දෙන බවට ඔවුන් මට තර්ජනය කළා.

ඇප ලැබුණත් මට නිදහසක්  තිබුණෞ නැහැ. මට මගේ ඉගැන්වීමේ කරන්න අවසර දුන්නේ නැහැ. අතර මගේ ඥාතීන් සමඟ නිදහසේ කතා කරන්න බැරි වුණා.  පොලිසිය සහ බුද්ධි අංශ මා ගැන ඔත්තු බලන බව මට හැඟුණා. හමුදා නිලධාරීන් දෙදෙනෙක් මගේ ගෙදරට දෙපාරක් ආවා. මෙම තත්වය තුළ, ඔබ දන්නා පරිදි, ඕනෑම දෙයක් සහ ඕනෑම වේලාවක සිදු වන්නට ඉඩ තිබුණා

 ආණ්ඩුවට අවශ්‍ය වුණේ තමන් හැකි තරම් අන්තවාදීන් අත්අඩංගුවට ගන්නා බව පෙන්වා අන්තවාදය මර්දනය කරන බව පෙන්වීමට උත්සාහ කිරීමයි. මුස්ලිම් ජනතාවට එරෙහිව සිංහල ජනතාව අතර වෛරයක් ඇති කිරීම ඔවුන්ගේ අරමුණයි.

( වධහිංසා පැමිණවීම පිළිබඳ www.wsws.org හි පල වූ අන්හෆ් ජසීම් සමඟ කරන ලද සාකච්ජාවකින්  සකස් කරන ලදදේ සුනන්ද දේශප්‍රිය විසිනි.)

Archive

Latest news

Related news