Friday, May 3, 2024

මුලතිව් දිසා විනිසුරු ටී.සරවනරාජා ජීවිත තර්ජන හා හිරිහැර කිරීම් හේතුවෙන් ඉල්ලා අස්වී රට හැර යයි!

ඡායාරූපය: විනිසුරුවරයා ප්‍රශණගත භුමිය පරීක්සාවට ගිය අවස්ථාවෙහි සරක් වීරසේකර ඇතුලු කිසිදු දේශපාලනයෙකුට එම අවස්ථාවට සහභාගි වීමට ඉඩ දුන්නේ නැත.
මුලතිව් දිසා විනිසුරු ටී.සරවනරාජා ජීවිත තර්ජන, බලපෑම් සහ හිරිහැර කිරීම් හේතුවෙන් සිය ධුරවලින් ඉල්ලා අස්වී රට හැර ගොස් තිබේ.
කුරුන්තූර්මලේයි ප්‍රශ්නය සම්බන්ධයෙන්  ඔහු විසින්නි දෙන ලද නියෝග මෙම තර්ජන ගර්ජන වලට හේතු වී තිබේ.
ඔහු විසින් දෙන ලද අධිකරණ නියෝගය කඩ කරමින් කුරුන්තූර්මලෙයි බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.
මෙම ප්‍රශ්ණය උඩ බෞද්ධ භික්ෂුන් ඇතුලු සිංහල ස්වෝතමවාදීන් විනිසුරුවරයාට විරැද්ධවත් එම ස්ථානයෙහි බෞද්ධ විහාරයක් ඉදි නොකරන ලෙසටත් දෙන ලද නියෝගයන්ට විරුද්ධව ව්‍යාපාරයක් ගෙන යමින් තිබේ.
මෙහි උච්චාවස්තාවක් වූයේ විනිසුරු ටී.සරවනරාජා මානසික ආබාධයකින් පෙළෙන බව කියමින් රාජපක්ෂවාදී මංත්‍රීවරයකු වන සරත් වීරසේකර විසින් පාර්ලිමෙන්තුවෙහි දී ඔහුට පහර ගැසීමයි.
එම ප්‍රකාශයට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද ප්‍රකාශයක් නිකුත් කළේය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා  විනිසුරු ටී.සරවනරාජා  විසින් මීට පෙර නිකුත් කර ඇති අධිකරණ නියෝග තුනක් නැවත නැවතත් කඩකරමින් නීති විරෝධී ලෙස බෞද්ධ විහාරයක් ඉදිකිරීමට උත්සාහ කර ඇති බව අදාළ අවසාන නියෝගයෙන් ප්‍රකාශ විය.
” මේ රට බෞද්ධ රටක් බව අප විනිසුරුවරයාට කියා සිටිය යුතු” යැයි ද ඔහු පාර්ලිමේන්තුවෙහි දී කීවේය.
එම නියෝගය ලබා දුන් දා සිට  විනිසුරු ටී.සරවනරාජා මහතාට නිරන්තර හිරිහැර හා තර්ජන එල්ල විය. මේ සම්බන්ධයෙන් ඔහු මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙසේය.
“ කුරුන්තූර්මලේයි  නඩුවේ මම නිකුත් කළ නියෝග ආපසු හැරවීමට රජයෙන් දිගින් දිගටම බලපෑම් එල්ල වුණා.
“සරත් වීරසේකර වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු බහුතර ප්‍රජාවට අයත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටතදීත් මට ජීවිතයට තර්ජන එල්ල කර තිබෙනවා. බුද්ධි අංශ නිලධාරීන් දිගින් දිගටම මා නිරීක්‍ෂණය කරමින් සිටියදී මට (විනිසුරුවරයාට) ලබාදී තිබූ පොලිස් ආරක්‍ෂාව මෑතකදී අඩු කර තිබෙනවා.
“නීතිපතිවරයා මට (විනිසුරුවරයාට) 2023.09.21 දින ඔහුගේ කාර්යාලයේදී ඔහුව මුණගැසෙන ලෙස ආරාධනා කළ අතර, එම රැස්වීමේදී කුරුන්තූර්මලෙයි නඩුව සම්බන්ධයෙන් මා විසින් නිකුත් කර ඇති නියෝග ආපසු හරවන ලෙස ඔහු මට බල කළා.
“ඊට අමතරව කුරුන්තූර්මලෙයි නඩුවට අදාළව මට පෞද්ගලිකව අභියාචනාධිකරණයේ නඩු දෙකක් පවරා තිබෙනවා.
“නියෝගය ලබා දුන් දා සිට මට එල්ල වූ ජීවිත තර්ජන, බලපෑම් සහ හිරිහැර කිරීම් හේතුවෙන් මට මගේ   අදරුති අධිකරණ තනතුරුවලින් ඉල්ලා අස්වීමට සිදු වවි තිබෙනවා. ඉහත සඳහන් කර ඇත්තේ මට ලැබුණු තර්ජන, බලපෑම් සහ හිරිහැර පිළිබඳ උදාහරණ අතළොස්සක් පමණයි”.
සරක් වීරසේකර පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී කරන ලද එම වෛර ප්‍රකාශය ජනාධිපති රනිල් රාජපක්ෂ හෝ අගමැති දිනේශ් ගුනවර්ධන හෝ අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ විසින් හෝ හෙළා දැක්කේ නැත.
ඉන් වක්‍ර ලෙස දෙන ලද පණිවිඩය වුයේ රනිල් රාජපක්ෂ ඇතුලු ආණ්ඩුව සරත් වීරසේකරගේ ප්‍රකාශය අනුමත කරන බවයි.
මේ පිළිබඳ අදහස් දක්වන සිවිල් සමාජ ක්‍රියාාකරිනියක වන මාරි ද සිල්වා විමසන්නේ විනිසුරුවරුයින්ට පවා තර්ජන නිසා රට හැර යාමට සිදුවන්නේ නම් සාමන්‍ය දෙමළ ජනයාට කොතරම් තර්ජන ගර්ජන එල්ල වනු ඇත්ද කියාය.
ආණ්ඩුවේ අතකොළුවක් වී ඇති බවට චෝදනා ලබා ඇති නීතිපති සංජය රාජරත්නම්ට විනිසුරුවරයකු කැඳවා නියෝගයක් ඉල්ලා අස්කර ගන්නා ලෙස බල කල හැක්කේ ඔහු පසුපස දේශපාලන අධීකාරිය සිටින නිසා පමණි. ඔහුට මෙම නියෝගය දෙන ලද්දේ රනිල් රාජපක්ෂ හෝ විජේදාස රාජපක්ෂ විය හැකි යැයි අනුමාන කැරේ.
සරත් වීරසේකරට විනිසුරුවරයා සමඟ විහාර බිම පරීක්ෂාවට ඉඩ නොදීම පිළිබඳ විඩියෝව:

Archive

Latest news

Related news