ඡායාරූපය: මුල්‍ය අරමුදලේ උපදෙස් අනුව යමින් වැඩකරන ජනතාවගේ අර්ථ සාධක අරමුදල් කප්පාදුවට විරුද්ධව උද්ඝෝනයක් ( ජායාරූපය අන්තර් ජාලයෙනි.)
නිගමනාත්මක සටහන්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සමිබන්ධ වැඩසටහන වාණිජ හා බහු-පාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සාකච්ඡා කිරීමට යොදා ගැනීම අවශ්‍ය වෙයි. එයින් ආහාර හා ඉන්ධන වැනි ප්‍රමුඛතා සඳහා අවශ්‍ය කරන වියදම් කරන්නට ඉඩකඩ ලබා දෙනවා ඇත. කෙසේ වෙතත්, රාජ්‍ය මූල්‍ය ඌණතාවයන්ට අදාළව වාර්ෂික ආවරණයක් පැනවීමෙන් රටේ මූල්‍යමය වගකීම වහාම ප්‍රතිස්ථාපනය කළ යුතුව ඇත. ඒ ආවරණය මඟින් සහනදායක නොවන ණයමුදල් පුළුල් කිරීම සීමා කිරීමෙන් යම් කාලසීමාවකට යාවත්කාලීන කරන ලද මධ්‍ය-කාලීන ණය කළමනාකරණ සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කළ යුතුය.
“මෙම ලිපිය සමාජවාදී ආර්ථිකයක් හෝ ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීම සඳහා තර්ක කරන එකක් නොවේ. එසේ වුවද, දූෂණය, අවකළමනාකරණය සහ නාස්ති කිරීමත්, විනිවිදභාවය සහ වගවීම නොමැතිකමත්, ජාත්‍යන්තර මූල්‍ය ඕනෑ එපාකම් තෘප්තිමත් කිරීම වෙනුවෙන් ජාතික ඵල ප්‍රයෝජන සහ ස්වෛරීභාවය බිල්ලට දීමත් සමඟ කැටුව යන ධනේශ්වර නිෂ්පාදනයේ ප්‍රචලිත නව ලිබරල් මාදිලිය එයින් ප්‍රතික්ෂේප කෙරේ.”
සියල්ල ඇතුළු කර ගැනීමේ අවශ්‍යතාවය
ජනතා වාදය ඵලදායි තීරණ ගැනීම අතිශය ලෙස අපැහැදිලි බවට පත් කර ඇති හෙයින්, පාර්ශව කරුවන් විසින් ආර්ථික ප්‍රශ්න අධික ලෙස දේශපාලනීකරණය කිරීම නතර කළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ජාතික සංවර්ධන රාමුවක් ඇති කර ගැනීම සඳහා සියල්ල ඇතුළු කර ගන්නා, පොදු එකඟත්වය මත පදනම් වූ හා සමානාත්මතාවාදී වූ ප්‍රවේශයක් වර්ධනය කර ගැනීම යි. රටට අවශ්‍ය වන්නේ, විශේෂයෙන්ම ප්‍රාථමික වෙළඳ භාණ්ඩ, ප්‍රාථමික අගය එක් කළ නිෂ්පාදන, මානව සම්පත් අපනයනය හා සංචාරක ව්‍යාපාරය මත බොහෝ දුරට යැපෙන විවෘත ආර්ථිකය වේගයෙන් විවිධාංගීකරණය කිරීම යි. දැනට විවෘත ආර්ථිකය රඳා පවතින්නේ මිල ඉහළ පහළ යෑම් හා කලාපීය අස්ථාවරභාවයන් හේතුවෙන් සැලකිය යුතු වෙනස් වීම් වලට ලක් වෙන අපනයන උපයන්නන් මත යි.
පළමු කොටස https://sinhala.srilankabrief.org/?p=44551
දෙවන කොටස https://sinhala.srilankabrief.org/?p=44586
තෙවන කොටස: https://sinhala.srilankabrief.org/?p=44599
සිව්වන කොටස: https://sinhala.srilankabrief.org/?p=44625
පස්වන ෙකාටස – https://sinhala.srilankabrief.org/?p=44648
හරිත හා තිරසාර ප්‍රවේශයක්
ඛනිජ සකස් කිරීම[1] වැනි අගය එක් කල කර්මාන්ත පොකුරුත්, රටේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයනුත් උපයෝගී කර ගනිමින් හරිත හා තිරසාර ආර්ථික සංවර්ධනයක් ඇති කර ගන්නට සමත් මහත් විභවයක් ශ්‍රී ලංකාව සතුව තිබේ. කෙසේ වෙතත්, රටේ ආර්ථිකය වැඩි දියුණු නොකරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් සිදු කරනු ඇත්තේ එහි ණයගැති භාවය හුදෙක් දිග්ගස්සාලීම යි. ඒ වෙනුවට, ආහාර, බලශක්ති සහ ජල සුරක්ෂිතභාවය සහතික කිරීමෙන් ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරා ලන්නට වගබලා ගන්නා ප්‍රතිපත්ති සම්පාදනය කර ක්‍රියාත්මක කළ යුතුය. ආණ්ඩුවේ හා පොදු සේවා සැපයීමේ දී අනවශ්‍ය දීමනා මෙන්ම නාස්තිය ද වළක්වා ලීම සඳහා සැලකිය යුතු අන්දමේ කපා හැරීම් කරන්නට අවශ්‍ය වනවා ඇත. විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ද්විත්වයම ඇතුළත් ව ආණ්ඩුවේ වීශාලත්වය කපා හැරීම ද මෙයට ඇතුළත් විය හැකිය.
ක්‍රියාකාරිත්වය ඇගයීම
පොදු මුදල්, අධ්‍යාපනය, බලශක්තිය, සෞඛ්‍යය හා ප්‍රවාහනය වැනි වැදගත් ප්‍රතිළුල අපේක්ෂා කරන ක්ෂේත්‍රවල කාර්ය සාධන ඉලක්ක පිහිටුවා ලිය යුතු ය. රාජ්‍ය අංශයේ ව්‍යවසායයන් පෞද්ගලික අංශයට විකුණා දැමීමෙන් තොරව කඩිනමින් නැවත සකස් කළ හැකිය. උදාහරණ ලෙස දක්ෂ කළමනාකරුවන් පත් කර ගැනීම සහ අකාර්යක්ෂම අය සේවයෙන් පහ කිරීම, පිහිටාධාර වඩාත් ම අවශ්‍ය කරන අයට සහනාධාර ලබා දීම සහ පමණ ඉක්මවා සිදු කර ඇති දේශපාලන පත්වීම් කපා හැරීමෙන් ආණ්ඩුවේ වියදම් කප්පාදු කිරීම යනාදිය ගත හැකිය. අධ්‍යාපනය, සෞඛ්‍යය සහ බලශක්තිය රජයේ ප්‍රමුඛත්වය හිමි කර ගන්නා පුරෝගාමී මූලික කර්තව්‍යයන් ලෙස පැවතිය යුතු නමුත් එසේ කළ යුත්තේ ඒවා කාර්යක්ෂම බවට පත් කර ප්‍රතිඵල කෙරෙහි ඒවායේ අවධානය යොමු කරවීමෙනි.
විකල්ප සහ ජාතික සංවාදය
පවතින බහු අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විකල්ප වශයෙන් අනුගමනය කළ හැකි ඇතැම් දේවල් තිබේ; උදාහරණයක් ලෙස, ප්‍රගතිශීලී බදුකරණය, ආණ්ඩුවේ ගණුදෙනුවල විවෘත බව, ස්වාධීන ණය විගණන සහ සමාජ ආරක්ෂණයට ප්‍රමුඛත්වය දීම ගත හැකි ය. කෙසේ වෙතත්, මේ සියල්ල පදනම් විය යුත්තේ ජාතික මහජන කතිකාවතක් මත යි. පවරා ගත් ඵල ප්‍රයෝජන සහිත දේශීය හා විදේශිය කණ්ඩායම්වල හැසිරීම් හා න්‍යාය පත්‍ර සීමා කිරීමට ලක් කර තිබෙන වාතාවරනයක් තුල, ජාතික සමාජ ව්‍යාපාර විනිවිදභාවයෙන් යුක්තව ජාතික මහජන සංවාදය අව්‍යාජ ලෙසම මෙහෙයවිය යුතු බව මෙයින් අදහස් වෙයි. මේ සඳහා සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති, ආණ්ඩුවේ සාමාජිකයන්, ස්ත්‍රීවාදී සාමූහික, මානව හිමිකම් කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජා සංවර්ධන වැනි සංවිධාන සමඟ එකට එක්වී කටයුතු කරන්නට සිදු වේ.
“පුම්බන ලද රාජ්‍ය සේවයක් වෙනුවට ඵලදායී, කාර්ය සාධක, ජනතා නැඹුරුවක් සහිත සේවයක් තිබිය යුතු ය.”
ආණ්ඩුවේ සජීවී මෙහෙවර
ආණ්ඩුවේ මාර්ගෝපදේශක මෙහෙවර රටක ආර්ථීක හා සමාජීය සංවර්ධනයේ දී ඉතා වැදගත් වෙයි. ඒ අනුව ගත් විට, පොදු සේවාවන් අත්‍යවශ්‍ය කරන හා ඒ සේවාවන් සඳහා අති මහත් ඉල්ලුමක් තිබෙන සංවර්ධනය වෙමින් පවතින රටවල්වල කුඩා ආණ්ඩුවක් ප්‍රවර්ධනය කර ලීම අස්ථානගත එකකි. පුම්බන ලද රාජ්‍ය සේවයක් වෙනුවට ඵලදායී, කාර්ය සාධක, ජනතා නැඹුරුවක් සහිත සේවයක් තිබිය යුතු ය. දිගු කාලීන ව ගත් විට, සේවා ප්‍රඥප්තිවලින් බැඳී සිටින රාජ්‍ය සේවකයන්ගෙන් සමන්විත ජනතාවගේ සමාජ-ආර්ථික වුවමනාවන් සපුරා ලමින් පොදු ජනතාවට සාධාරණ ලෙසත්, ගෞරවයෙන් යුක්තවත්, ආචාරශීලී ලෙසත් සලකන පුහුණුව ලද රාජ්‍ය සේවයක් පිහිටුවා ගත යුතු ය. බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල ඉල්ලා සිටින අන්දමට, ශ්‍රී ලංකාව ආර්ථික හා සමාජීය සංවර්ධනය කෙරෙහි අයිතීන් මත පදනම් වූ ප්‍රවේශයක් ක්‍රියාත්මක කළ යුතු ය.
සහතික කළ අසාර්ථකත්වය
කලින් කලට ඇති වන අර්බුද ඉවත් නොකරන නව ලිබරල්වාදී ආර්ථික විශේෂඥයින්ගේ ‘‘කෝකටත් තෛලය” (පරිපූර්ණ විසඳුම), කල් ගත වීමත් සමඟ වඩ වඩාත් නරක අන්දමේ අර්බුද උපදවා ලයි. කෙටිකාලීනව, මේ ‘‘කෝකටත් තෛල” වලින් බදු පත් හරහා ලැබෙන අය වැයට අදාළ ආදායම අඩු කර ලයි. එහෙත් වෙළඳ ව්‍යාපාර ලාභ සහ ආයෝජන වෙත පනවා තිබෙන බදු අඩු කරන ලෙස ආණ්ඩුවලින් ඉල්ලා සිටිනු ඇති අතර පොදු ජනතාව තව තවත් සේවා සහ ප්‍රතිපාදන ඉල්ලා සිටිනු ඇත. ඒ අනුව එවැනි සැලසුම් නොකල, තරඟකාරී හා එදිරිවාදී ආකාරයේ නිෂ්පාදන සබඳතා, රජය විසින් සම්බන්ධීකරණය කල, දිගුකාලීන නියාමක වර්ධන උපාය මාර්ග අසාර්ථක කරන්නට මඟ පාදනවා ඇත.
“ධනවාදය හැම විටම දුර්වල ව, පරිහානියට පත්ව එහි අවසන් මරණ මංචකයේ පසු වෙතැයි ද විශ්වාස කරමින් වම කටයුතු කළ ද, ධනවාදය නොයෙකුත් වෙස් මුහුණු යටතේ නොනැසී පවතී. එහෙත්, එකම ධජයක් යටතේ එක්සත් විය හැකි වුවහොත්, කම්කරුවන්ට වෙන කවරදාටත් වඩා වැඩි බලයක් සතු විය හැකිය.”
අයිතිවාසිකම් විනාශ කර දැමීම
නව ලිබරල්වාදය විසින් වෘත්තීය සමිති විනාශ කර දැමීමටත්, දේශපාලන හා ආයතනික තීරණ ගැනීමේ දී කම්කරුවන්ගේ සහභාගිත්වය සීමා කිරීමටත් සමත් වී ඇත. ලොව පුරා වෘත්තීය සමිති සාමාජිකත්වය පහළ වැටී ඇති අතර එය නොකඩවා පහළ වැටෙමින් පවතී. මේ සමීකරණයේ තවත් සාධකයක් නම් වෘත්තීය සමිති තුල බලය, බිම් මට්ටමේ කම්කරුවන්ගේ සිට වර්ධනය වෙන නිලධරයක් වෙත ගෙන යාමයි. එහි ප්‍රධාන ගුණාංගය වශයෙන් දේශපාලන බයාදුකම ප්‍රදර්ශනය කරන මෙම නිලධරයට ගතානුගතික ස්වරූපයේ නායකත්වයක් යටතේ වැඩි වරප්‍රසාද ලැබේ. වෘත්තීය සමිති තවදුරටත් විරෝධය පෑමේ දේශපාලනය නියෝජනය නොකරයි.
අබ්බගාත වම
ධනවාදය හැම විටම දුර්වල ව, පරිහානියට පත්ව එහි අවසන් මරණ මංචකයේ පසු වෙතැයි ද විශ්වාස කරමින් වම කටයුතු කළ ද, ධනවාදය නොයෙකුත් වෙස් මුහුණු යටතේ නොනැසී පවතී. එහෙත්, එකම ධජයක් යටතේ එක්සත් විය හැකි වුවහොත්, කම්කරුවන්ට වෙන කවරදාටත් වඩා වැඩි බලයක් සතු විය හැකිය. ධනවාදය එක් අර්බුදයකින් තවත් අර්බුදයකට ගමන් කරන බව අප දන්නා නමුත් තවමත් එය බිඳ වැටී, එහි දේශපාලන බල පැවැත්ම අහිමි කර ගෙන නැත. එපමණක් නොව, කම්කරු පන්තිය හා වම එතරම් පිබිදීමක් ද දකින්නට නැත. ඒ වෙනුවට සිදු ව ඇත්තේ නව ලිබරල්වාදය, එය විසින් ම ජනනය කරන ලද අර්බුදයට පවතින හොඳම විසඳුම බව බොරුවට අඟවමින් තවත් ශක්තිමත් බවට පත් වීම යි.
විවිධත්වය සහ පරිබැහැර කිරීම
ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීකයෝ එකට එක්ව වැඩ කරනවා වෙනුවට එකිනෙකාට යටින් වල කපන්නට උත්සාහ කරති. අවාසනාවකට මෙන්, මෙය ගෝලීය අත්දැකීමක් ද වේ. එකිනෙකාට වල කපනවා වෙනුවට සියලු දෙනා එකට එක්ව කටයුතු කලේ නම් තත්ත්වය වඩා යහපත් බවට හරවා ගත හැකිව තිබිණි. එසේ ගත් විට, මේ මහා විනාශයට සාකල්‍ය ලෙස මුහුණ දෙනවා හැරුණු විට ජනතාවට මෙම බහුවිධ-අර්බුදයෙන් ගොඩ එන්නට වෙනත් විකල්පයක් ඇත්තේ නැත. හුදෙක් කාලීන ප්‍රශ්න මතම පමණක් අරක් ගෙන කටයුතු කරනවා වෙනුවට, සමාජය මුහුණ දී තිබෙන අභියෝග අවංකව පිළි ගෙන, අසමානතාවේ හා අයුක්තියේ ආරම්භක හේතුන් ආමන්ත්‍රණය කරන දිගු කාලීන විසඳුම් ලබා ගන්නට කටයුතු කරමින්, ඒ අභියෝග බලපෑමක් ඇති කරන්නේ කවර තැනකදැයි සොයා බලා ඒ කෙරෙහි අවධානය යොමු කරන්නට ක්‍රියාකාරිකයන්ට සිදු විය හැකිය.
බෙදාහදා දරා ගන්නා බරක්
එහෙයින්, දැනටමත් පවතින පද්ධතික ප්‍රශ්න හේතුවෙන් අසරණ බවට පත්ව සිටින මිනිසුන්ගේ ජීවිත විනාශයට ලක් නොකොට, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බර විඳ දරාගත හැකි අය සමඟ බෙදාහදා ගන්නා ආකාරයේ දේශපාලන අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් යුක්ත ආණ්ඩුවක් අප එකතු වී බලයට පත් කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි. බදු පැහැර හැරීම සඳහා පවතින ක්‍රමයේ හිඩැස් භාවිතා කරමින් ඉතාමත්ම සූක්ෂම අන්දමට කටයුතු කරන්නේ ධනවත් හා ප්‍රභූ පැලැන්තියේ අය යි. ඉන්පසුව ඔවුහු තමන්ම එසේ අයුතු ලෙස උපයා ගත් මුදල් විදේශ බදු තෝතැනි හරහා විශුද්ධිකරණයට ලක් කරති. ඔවුන් ගෙවිය යුතු සාධාරණ බදු මුදල් ගෙවන්නට ඔවුනට බල කර සිටිය යුතුය. දශක ගණනාවක් තිස්සේ ඔවුන් විසින් සිදු කරන ලද බොහෝ අපරාධ සහ දූෂිත කටයුතු රැසක් සම්බන්ධයෙන් දක්වා ඇති ලිහිල ගැන වග වෙන්නට ද ඔවුනට බල කර සිටිය යුතුය. ආණ්ඩුවක ආදායම හා වියදම යනු තෝරාගත් කිහිප දෙනෙකුගේ නොව සමස්ත ජනතාවගේ පොදු සම්පත බව හැම කෙනෙක්ම මතක තබා ගත යුතුය. රජයේ පොදු මුදල් හා මූල්‍යමය ප්‍රතිපත්තිය ඒ අනුව සකස් කර ගත යුතුය.
මෙම ලිපිය සමාජවාදී ආර්ථිකයක් හෝ ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීම සඳහා තර්ක කරන එකක් නොවේ. එසේ වුවද, දූෂණය, අවකළමනාකරණය සහ නාස්ති කිරීමත්, විනිවිදභාවය සහ වගවීම නොමැතිකමත්, ජාත්‍යන්තර මූල්‍ය ඕනෑ එපාකම් තෘප්තිමත් කිරීම වෙනුවෙන් ජාතික ඵල ප්‍රයෝජන සහ ස්වෛරීභාවය බිල්ලට දීමත් සමඟ කැටුව යන ධනේශ්වර නිෂ්පාදනයේ ප්‍රචලිත නව ලිබරල් මාදිලිය එයින් ප්‍රතික්ෂේප කෙරේ.
ශ්‍රී ලංකාව කාර්යක්ෂම, තිරසාර සහ සාධාරණ ආකාරයේ ආර්ථික සංවර්ධන උපාය මාර්ගයක් අනුගමනය කළ යුතුය. ප්‍රමුඛතාවය දිය යුත්තේ රටට අත්‍යවශ්‍ය වෙළඳ භාණ්ඩවල උපරිම ප්‍රමාණය, එනම්, එහි වැසියන්ගේ සුභ සාධනයට අවශ්‍ය කරන, එසේම තිරසාර වත්, කාර්යක්ෂම ලෙසත් නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ හා සේවා රට තුල නිෂ්පාදනය කිරීම යි. එසේ කළ යුත්තේ සමස්ත ජාතික සුභසාධනය වැඩිදියුණු කිරීම සඳහා රටේ සම්පත් යොදා ගැනීම ප්‍රශස්ත ලෙස කරන්නට ගෝලීය වෙලඳපොලවල් ද උපයෝගී කර ගනිමිනු යි.
තිරසාර දිගුකාලීන සංවර්ධනය උදෙසා අවශ්‍ය කරන ස්වභාවික හා මානව සම්පත් උකහා ගැනීමත්, වැඩි දියුණු කිරීමත් සඳහා සුදුසු ආයෝජනයන් සිදු කරමින් සහ යෝග්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නඟමින් ‘උත්පාත සහ අවපාත’ චක්‍ර ඇති කරවන අන්දමේ තිරසාර නොවන ආනයනයන් ගෙන් ද, ඒ හා සමඟ සම්බන්ධ වන ජාත්‍යන්තර ණයගැති බවෙන් ද ශ්‍රී ලංකාව වැළකී සිටිය යුතුය.
නිමාව
2023 අගෝස්තු 28
[1] නිදසුනක් වශයෙන්, කෘතිම මිනිස් අවයව, ගුවන් යානා එන්ජින් කොටස්, ක්‍රීඩා උපකරණ, කෘතිම රූටයිල්, සහ තීන්ත, රෙදි, ප්ලාස්ටික්, කඩදාසි, හිරුනිවාරක, ආහාර සහ විලවුන් වැනි උසස් කාර්ය සාධක ලෝභ කොටස් නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉල්මනයිට් වැලි යොදා ගත හැකිය.