Friday, May 3, 2024

සිවිල් සමාජ ප්‍රකාශනය: ” නතාෂා සිරගත කිරීම ඇතුළු ප්‍රකාශනයේ නිදහස ‍ කෙළෙසීමට ICCPR පනත භාවිතා කිරීම හෙළා දකිමු!”

ඡායාරූපය: ප්‍රකාශනයේ නිදහස මැඩළීමට එරෙහිව විරෝධතාවයක යෙදෙන ක්‍රියාකාරිනියක්.
ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය කිරීම සඳහා සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය අවභාවිතය කිරීම හෙලා දැකීම සඳහා කෙරෙන සිවිල් සමාජයේ ප්‍රකාශය
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය කිරීම සඳහා වෙනත් නීති ඇතුළුව 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති(අයි.සී සී.පී.ආර්) පනත දිගින් දිගටම අවභාවිතය සහ එම පනත තෝරාබේරා භාවිතයේ යෙදීම සම්බන්ධයෙන් මෙහි පහත අත්සන් තබන අප සහ සංවිධාන දැඩි සැළකිල්ලකින් පසුවේ.
රජය විසින් මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ වැඩිදියුණු කිරීම උදෙසා පවතින අයි.සී සී.පී.ආර් නීතියල ක්‍රමානුකූලව මිනිස් අයිතිවාසිකම් සුරකින්නන්, දේශපාලන ක්‍රියාකාරීන්, කතුවරයින්, කලාකරුවන් සහ නීතිඥවරුන් නිහඬ කිරීමටත් දඬුවම් කිරීමටත් යොදාගෙන ඇත.මෑත දිනකදී සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ ප්‍රහසන කලාකාරිනියක වන නතාෂා එදිරිසූරිය සහ  SLVLOG යූටියුබ් නාලිකාවේ බෲනො දිවාකර යන දෙදෙනා ඇප අයදීමට අවස්ථාවක් නොමැතිවම සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති (අයි.සී සී.පී.ආර්)පනත යටතේ අත්අඩංගුවට ගැනීම අප තරයේ හෙලා දකිමු.
2023 ජූනි 21 වන දින දිවාකර යන අය ඇප මත නිදහස් කරන ලද අතර ඔහුට එරෙහිව ඇති නඩුවෙන් අයි.සී සී පී.ආර් පනත ඉවත් කර ගන්නා ලදී. නතාෂා එදිරිසූරියට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරන ලද අතර ඇය අයි.සී.සී.පී ආර් පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ 2023 ජූලි මස 05 වන දින දක්වා තවදුරටත් බන්ධනාගාර ගත කරන ලදී.

රජයේ මෙම ක්‍රියාවන් උග්‍ර ජාතිභේදවාදීන් සහ දරුණු අන්තවාදීන් දිරිමත් කර ඇති අතර ඔවුන් අදහස් ප්‍රකාශ කරන පුද්ගලයින් ඉලක්ක කර ගැනීම, ලේබල් කිරීම සහ ප්‍රසිද්ධියේම තර්ජනය කිරීම වැනි දේ සිදුකරයි.

නොපිට පෙරළු පනත

සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති (අයි.සී සී.පී.ආර්)පනත 2007 වර්ෂයේ නීතිගත කරන ලද්දේ මූලික ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතිය වන සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයි.සී සී.පී.ආර්) බලාත්මක කිරීමට සහ ශ්‍රී ලංකාව ඵලදායී ලෙස එම සම්මුතිය යටතේ ඇති වන බැඳීම් ඉටුකරන බවට සංඥාවක් ලබාදීමටය.
පනත ක්‍රියාවේ යෙදවීම ශ්‍රී ලංකාවෙි ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් සම්බන්ධ තත්වය පිළිබඳ මූලික මිනුම් දණ්ඩක් වේ.

එජා සංවිධානය පනත ගැන

සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුතිය ක්‍රියාවේ යෙදවීම අධීක්ශනය කිරීමේ වගකීම ඇති සංවිධානය වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඔවුන්ගේ 2023 වර්ෂයට අදාල ශ්‍රී ලංකාව පිළිබඳ සමාලෝචනයේදී ර්‍ණඅදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මැඩපැවැත්වීමට සහ එම පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් කලානුරූපීව ඇප ලබාදීමට අදාල බලධාරීන් අසමත්වීම” සඳහා අයි.සී සී.පී.ආර් පනත අවභාවිතය පිළිබඳ දැඩි සැළකිල්ලක් දක්වන ලදී.
කමිටුව විසින් ශ්‍රී ලංකාව නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම අධෛර්‍යමත්  කිරීම සහ බාධා කිරීම උදෙසා සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ මෙන්ම වෙනත් අකාර වලින්ද මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන වල වැඩකරන පුද්ගලයින්, මානව හිමිකම් රකින්නන් සහ වෙනත් සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට නඩු පැනවීම සහ සිරගත කිරීමෙන් වැලකී සිටීම නිර්දේශ කරන ලදී.

සමස්ත ප්‍රහාරයක්

මෙම පනත අවභාවිතය මෙයින් ඉලක්ක කොට සිරගත කරන පුද්ගලයන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ දැනට පවතින දේශපාලන සමාජීය, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට දරන ප්‍රයත්නයන්ටද පහරක් වේ.
නීතිගත කරන අවධීයේ සිටම අයි.සී සී.පී.ආර් පනත මානව හිමිකම් රකින්නන්, දේශපාලන ක්‍රියකාරීන්, කතුවරයන්, කලාකරුවන්, නීතිඥවරුන් ඉලක්ක කර ගැනීමට නැවත නැවතත් අවභාවිත කර ඇති අතර දැන් එය ප්‍රහසන කලාකරුවන් ඉලක්ක කර ඇත.

ඇප නැතිව සිරගත කිරීම

පනතේ 3(1) වගන්තිය අනූව කිසිම පුද්ගලයෙකු සාහසික ක්‍රියා, වෛරය සහ වෙනස්කොට සැලකීමට පොළඹවන ක්‍රියා ලෙස හඳුනාගත හැකි ජාතික, ජනවාර්ගික හෝ ආගමික වශයෙන් වෛරී ක්‍රියා කිරීමට පක්ෂව කතාකිරීම සහ කලහකාරී තත්වයන් ඇති කිරීමට කටයුතු කිරීම සිදු නොකල යුතුය. මෙම පනතේ 3 වන වගන්තිය විශේෂයෙන් භයානක වන්නේ එමගින් අත්අඩංගුවට ගෙන ඇප ලබාගැනීමට අවස්ථාවක් නොදී සිරගත කිරීමට රජයට බලයක් ලබා දී ඇති හෙයින්ය. පනතේ 3(4) වගන්තියට අනූව විශේෂ අවස්ථාවලදී මහාධිකරණය මගින් හැරුනු කොට මෙම පනත යටතේ අත්අඩංගුවට ගත් අයට ඇප ඉල්ලා සිටීමට හැකියාවක් නොමැත.
2019 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම අයි.සී සී.පී.ආර් පනත භාවිතය සම්බන්ධයෙන් මාර්ග නිර්දේශයක් සපයන ලද අතර ඔවුන් පෙන්වා දුන්නේ අයි.සී සී.පී.ආර් පනතේ 3 වන වගන්තිය බලාත්මක කිරීම සෑම අවස්ථාවකදීම නොවෙනස්ව සහ සාධාරණ ලෙස සිදුවී නොමැති බවයි. මෑත කාලයේදී සිදුකරන ලද අත්අඩංගුවට ගැනීම් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජය මෙම පනතේ භාවිතය සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය සම්බන්ධයෙන් ජාතික හෝ ජාත්‍යන්තර බලපෑම් වලට අවම සැලකිල්ලක් දක්වා ඇති බවයි.
ශ්‍රී ලංකා රජය විසින් ජාතික, ජනවාර්ගික, හෝ ආගමික අසමගිය ඇති කිරීමට අදාල වගන්ති, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මැඩපැවත්වීමට අවියක් ලෙස දිගින් දිගටම භාවිතා කරයි. රජයේ මෙම ක්‍රියාවන් උග්‍ර ජාතිභේදවාදීන් සහ දරුණු අන්තවාදීන් දිරිමත් කර ඇති අතර ඔවුන් අදහස් ප්‍රකාශ කරන පුද්ගලයින් ඉලක්ක කර ගැනීම, ලේබල් කිරීම සහ ප්‍රසිද්ධියේම තර්ජනය කිරීම වැනි දේ සිදුකරයි.
නතාෂා එදිරිසූරියගේ සිදුවීමේදී එම ප්‍රහසන ශිල්පිණිය 2023 මැයි 27 වන දින අත්අඩංගුවට ගැනීමට දින කිහිපයකට පෙර සිට අන්තර්ජාලය හරහා බරලපතල ලෙස තර්ජනය කිරීම් සිදුවිය. එම තර්ජන ඇයට ලංකාවෙන් පිටවීමට තැත්කිරීමට පොළඹවන ලදී.මෙම තර්ජන වලට ඇයගේ පෞද්ගලික තොරතුරු සහ ලිපිනය හෙලිකිරීම, ශාරීරික හිංසා පිළිබඳ තර්ජන සහ කිහිපවිටක්ම කරන ලද අත්අඩංගුවට ගැනීම යන තර්ජනයන් ඇතුළු විය. ඇයව ආරක්ෂා කිරීම පසෙකලා ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් මෙම ප්‍රහසන ශිල්පිනියව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අදවනවිටත් අත්අඩංගුවේ පසුවේ.

අප අයි.සී සී.පී.ආර් පනත අවභාවිතය වහාම නවත්වන ලෙස සහ නීතිය යථා ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීමට සහ අවභාවිතය වැළැක්වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ සහ ක්‍රමවේදයන් හඳුන්වාදෙන ලෙසට බල කර සිටිමු.

තවද එම නීතිය යටතේ රදවා තබාගෙන සිටින අය නිදහස් කරන ලෙසත් සහ අවම වශයෙන් විමර්ෂන පැවැත්වෙන තුරු ඇප ලබාගැනීමට හැකියාවක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිමු. උග්‍රජාතිබේදවාදීන් සහ දරුණු අන්තවාදීන්ට සුළුතරයන්ට සහ තම අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන පුද්ගලයන්ට පහර දීමට, ලේබල් කිරීමට සහ තර්ජනය කිරීමට බලයක් තිබෙන තාක් ජාතික සහ ආගමික සහජීවනය ශ්‍රී ලංකාවට අභියෝගයක් වනු ඇත.
මානව හිමිකම් ආරක්ෂා කරන්නන්, දේශපාලන ක්‍රියාකාරීන්, කලාකරුවන්, කතුවරයන්, නීතිඥවරුන් සහ ප්‍රහසන කලාකරුවන් පදනම් විරහිතව සිරගත කිරීම තුලින් සිදුවන්නේ දැනටමත් අර්බුධ ගණනාවකින් වෙළුනු ක්‍රමවේදය පිළිබඳ ඇති විශ්වාසය තවදුරටත් පළුදු වීමයි.
2023 ජූනි 20
අත්සන් කරන්නන්;
(පහත සඳහන් නම් සිංහල බසට පරිවර්ථනය කරන ලද්දේ ගූගල් පරිවර්ථකය ආධාරයෙන් ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි. අඩුපාඩු තිබිය හැක)
පුද්ගලයින්
අජිත
අම්බිකා සත්කුනනාදන්
අමිල දුනුවිල්ලේ
අමිල සඳරුවන්
ඇන්ජලිකා චන්ද්‍රසේකරන්
ඇන්ජලින් ඔන්ඩට්ජි
අනිත්‍රා වරියා
අනෝමා විජේසූරිය
අනුරුද්ධ බණ්ඩාර – සමාජ හා දේශපාලන ක්‍රියාකාරිකයෙක්
අනුරුද්ධික පියසේන
අරුණ පෝල් සිමිත්‍රආරච්චි
අස්මා එඩ්රිස්
ගෞතමන්
සුඛිත
බර්තා ධර්මදාස
දුලිප් ද චිකේරා රදගුරු
කුමාර ඉලංගසිංහ රදගුරු
බ්‍රෙන්ඩන් බබාපුල්ලේ
චමින්ද ඩයස්
චානක කරුණාරත්න
චන්නක ජයසිංහ
චන්ද්‍රිකා ගදීවසම් – නිදහස් මාධ්‍යවේදිනියක්
එම් දිසානායක – ඒඒඑල්
දමිත් චන්දිමාල් – මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක්
ඩීන් උයන්ගොඩ
ඩෙන්වර් පීටර්සන් – ක්‍රියාකාරී
දේශමාන්‍ය ගොඩ්ෆ්‍රි යෝගරාජා
ඩිලානි උබයසිරි
ෆාරා මිහ්ලර්
Mareena Thaha Reffai
පයිකියසෝති සරවනමුත්තු
ගුණරත්න රනිල් ඩී
සකුන්තලා කදිරගාමර්
සංජන හත්තොටුව
ෂර්මාල් විජේවර්ධන
සක්කාරිය
ෆාතිමා නබීලා ඉක්බාල්
ෆුස්ලි මොහොමඩ්
ගාමිණී අක්මීමන
ගීතිකා ධර්මසිංහ
ගෙහාන් ගුණතිලක – ඒ.ඒ.එල්
ග්රෙගරි වයිස්
හිල්මි අහමඩ්
හුසේන් ෂමිල්
ඉයන් ෆර්ඩිනැන්ඩ්ස්
ඉරන්ති අබේසිංහ
ඉෂාන් ජලීල් – ක්‍රියා කිරීමේ හැකියාව
කේ.එච්.එස්.එල්. පෙරේරා
තයාලිනී
වරයාලිනී
ජානකී ප්‍රනාන්දුපුල්ලේ
ජන්සිලා මජීඩ්
ජයන්ති කුරු-උතුම්පල
ජෙහන්කි ආනන්ද
ජෙමීමා අහමඩ්
ජෙනට් සිල්වා
ජොආන් සෙන්
ජී.ආර්. ඩිල්ෂාන්
හේමලතා ය
සත්තියසීලන්
කෞෂල්‍යා ආරියරත්න
ලක්ෂ්මන් ගුණසේකර – දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමය – ශ්‍රී ලංකා පරිච්ඡේදය
නිර්මලතේවි
මධුභාෂිනී ආර් රත්නායක
මංජුල ගජනායක
මාරියෝ ගෝමස්
මරීසා ද සිල්වා
මරීසා ප්‍රනාන්දු
මෙලනි ගුණතිලක
මෙලනි මානෙල් පෙරේරා – මාධ්‍යවේදිනියකි
ආර්තිගන්
ක්‍රිෂ්ණකුමාර්
73. නගුලන් නේසියා
නෙරංජන් මද්දුමගේ
නිල්ෂාන් ෆොන්සේකා
නිරාන් විරසිංහ
නිරාෂා ප්‍රනාන්දු
නිශාන් ද මෙල් – ආර්ථික විද්‍යාඥ
පරාක්‍රම බොකලවෙල
පසන් ජයසිංහ
පැතුම් එගොඩවත්ත
පිලිප් දිසානායක
ප්‍රෙමිලා නගුලේෂ්වරන්
අර්ජුන පරාක්‍රම – පේරාදෙණිය විශ්වවිද්‍යාලය
ජයදේව උයන්ගොඩ
සුමති සිවමෝහන් – පේරාදෙණිය විශ්වවිද්‍යාලය
පූජිත උබයසිරි
කූන්තිනී
රන්ජන් – AAL
රොබින්සන්
සත්තිය
රාජනි රාජේශ්වරී
රාජ්කුමාර් රජීව්කාන්ත්
රම්‍යා කුමාර් – යාපනය විශ්වවිද්‍යාලය
රන්මලී ද සොයිසා
ඇන්ඩෲ දේවදාසන්
ආචාර්ය ජයසිරි ටී පීරිස්
ශා. ජෙයබාලන් කෲස්
ශා. නන්දන සපරමාදු – කොළඹ කතෝලික රදගුරු පදවිය
ශා. සරත් ඉද්දමල්ගොඩ
ශ්‍රී නිකොලා එමානුවෙල්
ජ්‍යෙෂ්ඨ නොයෙල් ක්‍රිස්ටීන් ප්‍රනාන්දු
රෝහණ හෙට්ටිආරච්චි
රුකී ප්‍රනාන්දු
රුෂානි වයිස්
රුවන්ති ද චිකේරා – කලාකරුවා
රයන් සිල්වා
සී.සී. Elankovan – නීතිඥ සහ සංවර්ධන උපදේශක
ඊස්වරි
ඊතයාරානි
කෝපිකා
මරියරොසලින්
නිත්තිකා
රත්නජීවන් එච්. හූල් – හිටපු සාමාජික, ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම
සුගන්ති
තර්සන්
තිලීපන්
සබ්රා සහිඩ්
සබ්රිනා සයිමන්ස්
සකුණ ගමගේ
සමන් සෙනෙවිරත්න
සඳුන් තුඩුගල
සන්ධ්‍යා සල්ගාදු
සංජි ගුණතිලක
සංඛ රණධීර
සාරා ආරුමුගම්
සරත් රත්වත්තේ
සෙනෙල් වන්නිආරච්චි
සෙරීනා බර්ගස්
සේතුංග මුදලිගේ
ශාමල කුමාර් – පේරාදෙණිය විශ්වවිද්‍යාලය
ශාමලී ද සිල්වා
ෂර්මිණි රත්වත්තේ
ෂීලා රිචඩ්ස්
ශ්‍රීන් සරූර්
සිරිතුංග ජයසූරිය
Sitralega M. – ස්වාධීන ස්ත්‍රීවාදී පර්යේෂක, මඩකලපුව
Soraya M. Deen – නීතිඥ සහ ප්‍රජා සංවිධායක
ශ්‍රීනාත් පෙරේරා – ඒ.ඒ.එල්
සුචිත් අබේවික්‍රම – සිවිල් සමාජ ක්‍රියාකරු
සුනන්ද දේශප්‍රිය – මාධ්‍යවේදියෙක්, ලේඛකයෙක් සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක්
සුරේන් ඩී පෙරේරා – ඒඒඑල්
ස්වස්තික අරුලිංගම්
තරිඳු ජයවර්ධන
තරිඳු උඩුවරගෙදර
තස්නීමා ඩහ්ලාන්
තෙමල් එල්ලාවල – මානව විද්‍යා දෙපාර්තමේන්තුව, ඉලිනොයිස් විශ්ව විද්‍යාලය, චිකාගෝ
තියාගි පියදාස – ඒ.ඒ.එල්
තිළිණ මාදිවල
ත්‍යාගි රුවන්තිරණ
තිසරණී ගුණසේකර
ශාමිණී
ශා. සැමුවෙල් ජේ පොන්නයියා
විදර්ශන කන්නන්ගර
විනුක් උබයසිරි
Vraie Cally Balthazaar
ආයතන
විකල්ප ප්‍රතිපත්ති මධ්‍යස්ථානය (CPA)
ප්‍රජා සුබසාධන හා සංවර්ධන අරමුදල (CWDF)
බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සංසදය
හැෂ් ටැග් පරම්පරාව
මානව හිමිකම් කාර්යාලය (HRO), මහනුවර
ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය (IRES)
වාර්ගික අධ්‍යයනය සඳහා ජාත්‍යන්තර මධ්‍යස්ථානය (ICES)
ඒකාබද්ධ ගුරු සේවා සංගමය
නීතිය සහ සමාජ භාරය (LST)
විමුක්ති ව්‍යාපාරය
සමාජ සාධාරණත්වය සඳහා වූ ජනතා ව්‍යාපාරය (MMSJ), කොළඹ
com ජාලය
මුස්ලිම් කාන්තා පර්යේෂණ සහ ක්‍රියාකාරී සංසදය
ජාතික සාම සභාව (NPC)
උතුරු දකුණු සහයෝගිතාව
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
පොදු භූමිය සඳහා සොයන්න
සහෝදරත්වයේ මුලපිරීම
උතුරු නැගෙනහිර ජනතා අරගලය සඳහා සහයෝගිතා ව්‍යාපාරය
ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය (SLMC)
සමාජ වෙනසක් සඳහා වල්ලමයි ව්‍යාපාරය
වතුකර ජනතා සංවිධානයේ හඬ
කාන්තා ක්‍රියාකාරී ජාලය (WAN)
ශ්‍රී ලංකාවේ යුක්තිය සහ සාමය සඳහා කාන්තාවන්
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (YJA)

Archive

Latest news

Related news