Friday, February 23, 2024

විද්‍යුත් මාධ්‍ය නියාමනයේ පදනම මහජන සේවා මාධ්‍ය සාර ධර්ම විය යුතුය. – විජයානන්ද ජයවීර

ඡායාරූපය iapmr.media/ වෙතිනි.
යෝජිත විද්යුත් මාධ්ය විකාශන නියාමන විධික්රමය හුදෙක් ආණ්ඩුවත් විද්යුත් මාධ්ය හිමියනුත් අතර කරන ව්යාපාරික ගණුදෙනුවක් බවට සීමා කරගැනීමට දරන වෑයම අප ප්රතික්ෂේප කළ යුතුය. විකාශන සංඛ්යාත පොදු අයිතියට අයත් මහජන දේපළකි. විද්යුත් මාධ්ය වේදිකාවක් ලෙස යොදා ගනිමින් අප භාවිතා කරන භාෂණයේ නිදහස සහ තොරතුරු ලබාගැනීම ව්යවස්ථාව මගින් අපට සහතික කර ඇති මූලික අයිතියකි.
අප ජීවත්වන සමාජය සහ ලෝකය තේරුම් ගැනීම, රට මුහුණ දෙන ගැටලු සහ විවිධ විසඳුම් හඳුනා ගැනීම සහ සමස්තයක් වශයෙන් ගත් විට මහජන මතය හැඩගැස්වීමේ ලා විද්යුත් ජනමාධ්ය අන්කවර මාධ්යකටත් වඩා තීරණාත්මක බලපෑමක් අප ජීවත්වන සමාජය කෙරේ එල්ල කරයි. කොටින්ම බොහෝ දෙනා එදිනෙදා සමාජය වශයෙන් හඳුනන්නේ විද්යුත්මාධ්ය විසින් ගොඩනගන සමාජ ප්රතිරූපයයි. එනිසා ඕනෑම ආකාරයක විද්යුත්මාධ්ය නියාමන යාන්ත්රණයක් ආණ්ඩුකරන්නන්ගේ හෝ විද්යුත් මාධ්ය හිමියන්ගේ යහපත තකා නොව පොදු යහපත (public interest) මුල්කර ගත් එකක් විය යුතුය. එමෙන් ම එය ආණ්ඩුවෙන් සහ විද්යුත් මාධ්ය හිමියන් යන දෙපාර්ශයේම බලපෑම් වලින් මුක්තව විද්යුත් මාධ්ය වලට තම ස්වාධීනත්වය තහවුරු කරගතහැකි අදීන යාන්ත්රණයක් විය යුතුය.
එහෙත් යෝජනා කර ඇති කෙටුම්පතට අනුව පත්වන විකාශන අධිකාරිය මහජන යහපත මුල්කරගත්තක් නොව මාධ්ය හිමියන් සහ පාලකයන් අතර බලහත්කාර අන්යෝන්ය සහජීවනයක් පවත්වා ගැනීම අරමුණු කරගත්තකි. යෝජිත නියාමන ක්රමය විසංම්මුතික අදහස් කොන්කිරීම සහ ආණ්ඩු කටයුතු සංනිරීක්ෂණයට ලක් කිරීම අභිමත පරිදි අවනතකර තබා ගැනීම අරමුණු කරගත් එකක් බව එහි එන අන්තර්ගතය නියාමනය කිරීම සම්බන්ධයෙන් යොදා ඇති විධි විධාන වලින් පෙනේ. ඉන් ඇතැම් විදිවිධානවලට අනුව ආණ්ඩුවේ ආර්ථික වැඩපිලිවෙළ පිළිබඳ විවේචන පූර්ව වාරණයක් (prior censorship)මගින් වැළැක්විය හැකිය..
කෙසේ වුවද විද්යුත් සංඛ්යාත වල පොදු අයිතිය අවතක්සේරු කිරීම හැරෙන්නට යෝජිත නියාමන ක්රමය තුළ ජනමාධ්යවේදීන්ගේ, විද්යාර්ථින්ගේ, සමාජ සංවිධාන හා සිවිල් අයිතිවාසිකම් ක්රියාකාරිකයන්ගේ සහ ග්රාහකයන්ගේ පංගුකාරිත්වය සහමුලින්ම නොසලකා හැර ඇත. අවම වශයෙන් මාධ්ය ආචාරධර්ම තීන්දුකිරීම යෝජිත නියාමන කොමිසමේ සාමාජිකයන් සහ මාධ්ය හිමියන් අතර කෙරෙන ගනුදෙනුවකට සීමා නොකර ජනමාධ්යවෙදීන්ගේ සංවිධාන, විද්යාර්ථින් සහ සිවිල් සංවිධාන වල නියෝජනයන්ට ඉඩදෙන විවෘත සංවිචාරණිය ක්රමයකින් ඉටු කිරීමට විදි විධාන යෙදිය යුතුව තිබුණි.
අනෙක් අතට නියාමනය සම්බන්ධයෙන් බෙහෝ පෞද්ගලික විද්යුත් මාධ්ය හිමියන්ගේ අපේක්ෂාව තමන්ට අභිමත පරිදි බලපෑම් කළ හැකි ලාබ උපයන ව්යාපාරයක් ලෙස තම විද්යුත් මාධ්ය පවත්වා ගෙන යාමට පෞද්ගලික අංශයේ විද්යුත් මාධ්ය බලපත්රලාභීන්ට නිර්බාදිතව ඉඩ දිය යුතුය යන්න බව පෙණේ. සාමාන්යය ව්යාපාරික තරඟයක දී සිදුවන්නාක් මෙන් පාරිභෝගික අවශ්යතා ඉටු කරන හොඳ තරගකාරී සේවාවක් ලබා දීමට එවිට හැකි වේයැයි නිදහස් වෙළඳ පොළ මතවාදය අදහන අයටද එම මතයට අනුග්රහය දැක්විය හැකිය. එනිසා ඔවුන් අදහස් කරන පරිදි විද්යුත් මාධ්ය නියාමනයේ දී වැදගත් වන්නේ එම ව්යාපාරික අභිලාෂය මගින් ඉටු කරගතහැකියැයි සිතන ලාභය මුල් කර ගත් අවම නියාමනයකට යෑමයි.
කොටින් ම මේ අනුව පෞද්ගලික විද්යුත් මාධ්ය නියාමනය හුදෙක් හානිය අවම කිරීමට පමණක් සීමා විය යුතුයැයි නිදහස් වෙළඳපොළවාදීන් අදහස් කරති. (ඒ අර්තයෙන් ගත්තොත් ආර්ථික කරුණු ගැන පූර්ව වාරණයද ආණ්ඩුවට හානිය අවම කිරීමක් ලෙස සැලැකිය හැකිය) එහෙත් නිදහස් වෙළඳපොළ මතවාදීන්ට අනුව මේ කියන හානිය අවම කිරීම යන්නට වාර්තාකරණයේ විශ්වසනීයත්වය (reliability) සාධාරණත්වය (fairness)සහ මතභේදාත්මක කරුණු සම්බන්ධයෙන් අපක්ෂපාතීත්වය (impartiality) තහවුරු කිරීම යන වැදගත් කොන්දේසි අඩංගු කිරීම අවශ්ය නැත. ඒ අනුව තමන්ට දේශපාලනමය හෝ ව්යාපාරික වශයෙන් වාසි නම් නිරවද්යතාවය තහවුරු කරගැනීමේ අවශ්යතා නො සලකා ‘කැළනියේ නයා’ වැනි ප්රබන්ධ පවා ප්රවෘත්ති වශයෙන් ප්රචාරය කළ හැකිය.
එයට වෙනස්ව මහජන යහපත මුල්කරගත් මතවාදයට අනුව කෙරෙන විද්යුත් මාධ්ය නියාමනය මහජන භාරකාර මොඩලය ( Public Trustee Model) වශයෙන් හැඳින්විය හැකියි. එයට අනුව ඇතැම් පොදු දේපළ ඒවායේ සුවිශේෂ ස්වභාවය නිසා පොදු යහපත මුල් කොට යොදා ගත යුතු ය. ‘විකාශන තරංග’ ද එවැනි පොදු දේපළකි. එවැනි දේපළ ව්යාපාරික කටයුතු සඳහා පෞද්ගලික අංශයට පැවරීමේ දී පොදු යහපතට හානි වන පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් ඒවා යොදා ගැනීම වැළැක්වීමේ විධිවිධාන යෙදිය යුතු ය. ඒ අනුව සංඛ්යාත භාවිතා කිරීමේ විකාශන බලපත්ර පෞද්ගලික අංශයට ලබා දෙන්නේ ඔවුන් ද මහජන යහපත (Public Interest) පදනම් කොට විශ්වාසදායී ලෙස කටයුතු කරනු ඇතැ’යි යන අවබෝධය මතයි.
මේ සඳහා අවශ්ය එකඟත්වය පිළිබඳ මූලික කොන්දේසි මහජන විශ්වසන මොඩලයේ නියාමනයට අයත් වේ. ඒ අතරින් ප්රමුඛ වන්නේ ජනමාධ්යවේදයේ වෘත්තීය ආචාරධර්ම අනුව තොරතුරු ඉදිරිපත් කිරීම සහ මතභේදාත්මක අවස්ථාවල දී විද්යුත් මාධ්ය අපක්ෂපාතී ව කටයුතු කිරීමයි. මේ මොඩලය ට අනුව හානිය අවම කිරීම යන්නට තොරතුරුවල විශ්වසනීයත්වය වාර්තාකරණයේ සාධාරණත්වය (fairness) හා අපක්ෂපාතීත්වය (impartiality) පවත්වා ගැනීමද අඩංගුය.
අපට අවශ්යවන්නේ ආණ්ඩුකරන අයගේ හෝ විද්යුත්මාධ්ය හිමියා ගේ හෝ පෞද්ගලික දේශපාලන ලැදියාවන් මත නියාමනය වන විද්යුත්මාධ්ය නියාමන ක්රමයයක් නොවේ. දියුණු ප්රජාතන්ත්රවාදී රටවල විද්යුත්මාධ්ය නියාමනය සිදු කරන්නේ මහජන යහපත මුල්කරගත් විද්යුත්මාධ්ය පද්ධතියක් බිහිකර පවත්වා ගැනීමේ අටියෙනි. මහජනයාගේ භාෂණ නිදහස සහ තොරතුරු දැනගැනීමේ අයිතිය මුල්කරගත් නිවැරදි විශ්වසනීය තොරතුරු සැපයිය හැකි, ආනන්දය සහ ඥානය වඩවමින් නොයෙකුත් විෂය කරුණු ගැන පොහොසත් අවබෝධයක් ගෙනදෙන, ආණ්ඩුකටයුතු විවෘත සංනිරීක්ෂණයකට ලක් කරන සහ සමස්තයක් වශයෙන් ගත් විට සමාජයේ බහුවිධත්වය නිරූපණය කරමින් එකිනෙකින් අනුපූරණයවෙන විද්යුත් විද්යුත් මාධ්ය පද්ධතියක් බිහිකිරීම එබඳු නියාමනයක අරමුණයි.
එහිදී මාධ්ය හිමියාගේ ප්රකාශන අයිතියට වඩා වැදගත් වන්නේ තොරතුරු ලබා ගැනීමට ග්රාහකයන්ට ඇති අයිතියයි. ඒ නිසා විවාදාත්මක කරුණක දී ඒක පාර්ශවික නො වී වැදගත් දෘෂ්ටිකෝණ සියල්ල දැන ගැනීමට ග්රාහකයාට ඇති අයිතිය ඉටු කිරීම හැම බලපත්රලාභියෙකුගේ ම වගකීම වේ. ඒ අනුව මහජන යහපත මුල්කරගත් නියාමන ක්රමය ග්රාහක කේන්ද්රීය මොඩලයකි. මෙහි දී විකාශන බලපත්රයක් යනු මූලික වශයෙන් එම කරුණු ඉටු වීම සහතික කිරීම පිණිස පුරවැසියන් සහ බලපත්රලාභීන් අතර ඇති වන ගිවිසුමකි. ස්වාධීන නියාමන යාන්ත්රණයේ වගකීම එම ගිවිසුම ක්රියාත්මක කිරීමයි. එනිසා විද්යුත් මාධ්ය නියාමනය ආණ්ඩුව හා විධ්යුත්මාධ්ය හිමියන් අතර කෙරෙන ව්යාපාරික ගනුදෙනුවකට සීමා නොකොට පුළුල් සමාජ සාකච්ඡාවකට යොමු කොට පොදු යහපත අරමුණුකරගෙන පිහිටුවාගත් ස්වාධීන නියාමන විධික්රමයක් මගින් කළ යුතු ය.
විජයානන්ද ජයවීර  Face book

Archive

Latest news

Related news