Thursday, April 25, 2024

සිවිල් උද්ඝෝෂණ වලදී රාජ්‍ය සහ පොලිස් නිලධාරීන් අනුගමනය කල යුතු ක්‍රියා පටිපාටි මාර්ගෝපදේශ මානව හිමිකම් කොමිසම නිකුත් කරයි.

ඡායාරූපය: කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරක වැනි මාරාන්තික බවින් අඩු පුළුල්ප්‍රදේශ වලට ප ැතිර යන ආයුධ,
නිර්විශේෂ බල ෑම් ඇති කරයි; එවැනි ආයුධ භාවිතා කරන විට, තෙරපීම හෝ අවට සිටින අයට හානි
කිරීම වැනි අවදානම් සීමා කිරීමට සියලු සාධාරණ උත්සාහයන් ගත යුතුය.

සිවිල් වැසියන් විසින් කරනු ලබන උද්ඝෝෂණ සම්බන්ධව ක්‍රියාත්මක වීකම්දී රාජ්‍ය සහ නීති ක්‍රියාත්මක කරනු ලබන නිලධාරින් විසින් අනුගමනය කල යුතු ක්‍රියා පටිපාටීන් පිළිබද නිර්දේශිත මාර්ගෝපදේශ සකසනු ලැබ  ඇත්තේ 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතෙහි 10 (ඈ) වගන්තිය ප්‍රකාරව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසිනි.

සභාපතිනියගේ පණිවිඩය

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ වයවස්ථාවෙහි 14(1)(අ) ව්‍යවස්ථාව මගින් සහතික කර, එහි ඇති ව්‍යතිරේකයන්ට යටත්ව, සුරක්ෂා කොට ඇති සාමකාමීව උදයඝෝෂණය කිරීමට ඇති අයිතිය  කොමිසමට මෙන්ම   මා හට ද පෞද්ගලිකවද පරම වැදගත්කමකින්ත්‍ යුතු කාරණයකි . එය ශ්‍රී ලංකාවෙහි ප්‍රජාතන්ත්‍රවාදය බලගැන්වීමේ ඉතාමත් වැදගත් සාධකයක් වන බව මා විශ්වාස කරන අතර මානව හිමිකම් සුරක්ෂිත කිරීමෙහි ලා එය දිරිගැන්වීමක් ද වේ. ඒ මන්ත්‍ද යත්, ප්‍රජාතාන්ත්‍රවාදය සහ මානව හිමිකම් ස්වභාවයෙන්ම එකිනෙක හා බැදී පවතින නිසාවෙනි.
සිවිල් වැසියන් විසින් සිදු කරනු ලැබූ උද්ඝෝෂණයන්, විශේෂයෙන්ම 2022 වර්ශයේ සිදු කරනු ලැබුවන් කොමිසම මගින් සුපරික්ෂාකාරී ලෙස අධික්ෂණය කරනු ලැබීය. යම් සම්බන්ධව, කොමිසම හට උදයඝෝෂණය කරන්නවුන්ගෙන්  පැමිණිළි අසන්ත්‍නට ලැබුණු අතර උද්ඝෝෂණයන්ත්‍හිදී උද්ගතවූ මානව හිමිකම් උල්ලංඝනයන්ත්‍ පිලිබදව පරීක්ෂණ සිදු කිරිමද සිදුවිය.
මෙවැනි අවස්ථාවන්හිදී නෛතික පිළියම් ලබා දීමට අමතරව කොමසම උද්ඝෝෂණකරුවන්ගේ සාමකාමීව උදයඝෝෂණය කිරීමට ඇති අයිතිය සුරක්ෂා කරනු වස් ප්‍රගාමි පියවරයන්ත්‍ අනුගමනය කිරීමට තීරණය කල අතර එමගින් අනාගතයේ උද්ඝෝෂණයන්ත්‍හිදී විය හැකි ව්‍යවස්ථාපිතව පවතින මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වැලක්වීමට පියවර ගන්නා ලදී. ඒ හේතුවෙන්, මා සාඩම්බරයයන්ත්‍ යුතුව “සිවිල් වැසියන්ත්‍ විසින් කරනු ලබන උදයඝෝෂණ සම්බන්ධ ක්‍රියාත්මක  වීමේදී රාජය සහ නීති ක්‍රියාත්මක කරනු ලබන නිලධාරින් විසින් අනුගමනය කල යුතු ක්‍රියා පටිපාටීන් පිළිබද නිර්දේශිත මාර්ගෝපදේශ” ඉදිරිපත් කර සිටින අතර ශ්‍රී.ල.මා.හි. කො.ස විසින් නීති ක්‍රියාත්මක කරනු ලබන නිලිධාරින් හට මෙකී නිර්දේශික උපදේශණ මාලාව පිළිප ැදීමට උනන්ත්‍දු වන ලෙස ඉල්ලා සිටිනවා මෙන්ම ඒ සදහා මාර්ගෝපදේශණය ලබා දිමට සැදීපැහැදී සිටින බවද ප්‍රකාශ කර සිටීමට කැමැත්යතමි.
මෙම නිර්දේශිත මාර්ගෝපදේශයන් දේශීය නීති සහ ශ්‍රී ලංකාව අනුගමනය කිරීමට බැදී සිටින්ත්‍නාවූ මානව හිමිකම්, එනම් රජයක් වශයෙන් ක්‍රියාවෙහි යෙදීමට වගකීමෙන් බැදී ඉන්නා වූ නියමයන් මත දනම්ව සකස් කර ඇති අතර පවතින නීති භාවිතය සහ ක්‍රියාත්මක කිරීම ඇතුළුව ඊට සමගාමීව මෙකී  නිර්දේශිත මාරගෝපදේශයන් ක්‍රියාවට නැංවීම තුලින් ඉහත සදහන් අරමුණු උපරිම යලස සාක්ෂාත් කර ගැනීමට හැකි වන බව මා තරයේ විශ්වාස කරමි.
මාර්ගෝපදේශ පීඩීඑෆ් ගොනුවක් ලෙස:Recommended-Guidelines-to-the-State-and-Law-Enforcement-Officials-on-Dealing-with-Civilian-Protests-by-HRCSL-_Sinhala

Archive

Latest news

Related news