Thursday, May 30, 2024

අයිඑම්එෆ් – රනිල් හවුලේ දූෂණ කොමිසම තොරතුරු අයිතිය පාගන, පැමිණිළිකරුවන් බිය කරන එකක්! -TISL

ඡායාරූපය: බැටලු හම පොරවා ගත් වෘකයා ( lynnecollier.com  වෙතිනි.)
රටේ පාලනය ආදර්ශමත් ලෙස ගෙන යාමට දේශපාලන කැමැත්ත ඇති වන තුරු, සුළු මට්ටමේ පවා දූෂණයට විරුද්ධ වන සමාජ, සංස්කෘතික පෙරළියක් ඇතුළත් ක්‍රම වෙනසක් (System change) ඇති වන තුරු, සහ තොරතුරු හෙළි කරන්නන්ට හිතකර පරිසරයක් ඇති වන තුරු, ප්‍රගතිශීලී විධිවිධාන සහිත මෙම පනත් කෙටුම්පත සම්මත කර ගත් පමණින් ශ්‍රී ලංකාවේ දූෂණ ප්‍රශ්නය ආමන්ත්‍රණය කළ නොහැකි බව නිවේදනයක් නිකුත් කරන ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් (ශ්‍රී ලංකා) ආයතනය TISL පෙන්වා දෙයි.
තවද යෝජිත නීතියේ බරපතල කරුණු දෙකක් පිළිබඳව ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ආයතනය සිය අවධානය යොමු කරන බව එය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

රහස් සහ රහස්

ඉන් පළමුවැන්න නම්, එය තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත ඇතුළු අනෙකුත් සියලුම ලිඛිත නීති අභිබවා යාමට උත්සාහ කිරීමයි. යෝජිත නීතියට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙහි (CIABOC) නිලධාරීන් රහස්‍යභාවය පිළිබඳ දිවුරුම් අත්සන් කළ යුතු අතර, එබැවින් ඉන්පසු කොමිසමේ විශේෂ අවසරයකින් තොරව තොරතුරු අනාවරණය කිරීම කළ නොහැක. මේ අනුව, CIABOC වෙතින් තොරතුරු ලබා ගැනීම වඩාත් දුෂ්කර කරමින් රහස්‍යභාවයේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කරන අතර, එමඟින් පනත් කෙටුම්පතේ සඳහන් පරිදි “පාලනයේ විනිවිදභාවය වැඩි දියුණු කිරීමේ” පරමාර්ථය ඉටු වීම වළක්වයි.

චෞරතන්ත්‍රයක් තුළ විය හැකි දේ

 දෙවැනි කරුණ නම්, ව්‍යාජ චෝදනා ගැන සඳහන් වන පනත් කෙටුම්පතේ 119 වන වගන්තිය මගින් දූෂණ වාර්තා කිරීමට තොරතුරු සපයන්නන් (whistleblowers) ලෙස ඉදිරිපත් වීමට කැමති පුරවැසියන් අධෛර්යමත් වන ආකාරයේ සංඥාවක් යවන බවයි. වත්මන් දූෂණ නීතියේ ඇති මේ හා සමාන විධිවිධාන දූෂණයට එරෙහිව ක්‍රියා කරන්නන් ඉලක්ක කර අනිසි ලෙස භාවිතා කර ඇති බව පෙනී නොගියත්, චෞරතන්ත්‍රයක් තුළ හෝ, දේශපාලන බලපෑම් සහිත රාජ්‍ය යාන්ත්‍රණයක් තුළ හෝ සිවිල් අවකාශය අවහිර වූ පරිසරයක් තුළ, හෝ ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස ක්‍රියාත්මක නොවන දුර්වල පාලනයක් තුළ, මෙම විධිවිධාන බරපතල ලෙස හානිදායක සහ අනතුරුදායක විය හැක.
පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ලෙස ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විශ්වාස කරනුයේ, දූෂිතයන් අධෛර්යමත් කිරීමටත්, බියෙන් තොරව දූෂණ තොරතුරු හෙළි කිරීමට පුරවැසියන් දිරිමත් කිරීමටත්, යෝජිත පනත් කෙටුම්පත වඩාත් ශක්තිමත් සහ ප්‍රගතිශීලී විය යුතු බවයි.
නීතියේ ඵලදායිතාවය මුළුමනින්ම රඳා පවතින්නේ එය ක්‍රියාත්මක වන ආකාරය අනුවයි. එබැවින්, ශ්‍රී ලංකාව වෙලාගෙන ඇති දූෂණයේ වසංගතය විසඳීමට කඩදාසියක් මත වූ නීතියකට පමණක් නොහැකි බව ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ආයතනය තවදුරටත් අවධාරණය කරයි. නිදසුනක් වශයෙන්, මෙම පනත් කෙටුම්පතෙහි ඒකාබද්ධ විමර්ශන සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට විධිවිධාන සලසා ඇති නමුත්, මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන තාක්, මෙම නීතියෙන් කිසිදු බලපෑමක් නොවනු ඇති.

පොලිස් බලතල දුන්නත්

මෙම පනත් කෙටුම්පත යටතේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත අතිවිශාල පොලිස් බලතල ලබා දී ඇති අතර, කොමිසම හට එහි කාර්යයන් ඉටු කිරීමට ප්‍රමාණවත් ඉඩක් ලබා දේ. නමුත් එම කාර්යයන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම කොමිෂන් සභාව වෙත ලබා දෙන ස්වාධීනත්වය මත රඳා පවතින බව TISL ආයතනය අවධාරණය කරයි. කොමිෂන් සභාව සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීමේ සිට, අනවශ්‍ය බලපෑම් සහ බිය ගැන්වීම්වලින් තොරව කොමිෂන් සභාවට සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට ක්‍රියා කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම දක්වා මෙම ස්වාධීනත්වය පැවතිය යුතු අතර, මානව සම්පත් ඇතුළු සම්පත් තිබීම, මූල්‍ය ස්වාධීනත්වය සහ දැනුම සතු වීම ද මේ සඳහා අත්‍යවශ්‍ය වේ.

දේශපාලන සංස්කෘතිය ප්‍රධානයි

රටේ පාලනය ආදර්ශමත් ලෙස ගෙන යාමට දේශපාලන කැමැත්ත ඇති වන තුරු, සුළු මට්ටමේ පවා දූෂණයට විරුද්ධ වන සමාජ, සංස්කෘතික පෙරළියක් ඇතුළත් ක්‍රම වෙනසක් (System change) ඇති වන තුරු, සහ තොරතුරු හෙළි කරන්නන්ට හිතකර පරිසරයක් ඇති වන තුරු, ප්‍රගතිශීලී විධිවිධාන සහිත මෙම පනත් කෙටුම්පත සම්මත කර ගත් පමණින් ශ්‍රී ලංකාවේ දූෂණ ප්‍රශ්නය ආමන්ත්‍රණය කළ නොහැක.
එම ප්‍රකාශය ස දහන ්කරන ” දූෂණ විරෝධී ක්‍රියාකාරීන් වසර කිහිපයක සිට ඉල්ලා සිටි වත්කම් සහ බැරකම් ප්‍රකාශ නීතියේ වෙනස්කම් කිහිපයක් දැන් මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. කෙටුම්පතෙහි යෝජිත වත්කම් සහ බැරකම් ප්‍රකාශන හෙළිදරව් කිරීමේ ක්‍රමය තුළ, සියලු වත්කම්, බැරකම් ප්‍රකාශ “මධ්‍යම අධිකාරියක්” (central authority) එනම්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත ගොනු කෙරේ. ඇතැම් සංවේදී තොරතුරු සංස්කරණය කිරීමකින් පසු එම ප්‍රකාශයන් ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා මහජනතාවට ප්‍රසිද්ධ කරනු ඇත. මෙම ඉලෙක්ට්‍රොනික පද්ධතිය තුළින්, පුද්ගලයින් මගින් නීති විරෝධී ධනය එක්‍ රැස්කිරීම් සම්බන්ධයෙන් අවදානම් සහගත තැන් හඳුනා ගනු ඇත. වත්මන් නීතිය මෙන් නොව, යෝජිත නීතියට අනුව ජනාධිපතිවරයා විසින් ද වත්කම් බැරකම් ප්‍රකාශ ගොනු කළ යුතු වේ.” යන්න නිවරදි නෙවන බව පෙනේ. පනතෙහි පැහැදිළිවම සඳහන් වන්නේ වත්කම ප්‍රකාශයේ සංරාංශයක් ප්‍රසිද්ධ කරන බවත්, එහි සඳහන් දේපල හෝ මුදල් ඇති තැන් පිළිබඳව හෙළි නොකරන බවත්ය. එවිට ධනය රැස්කිරීමේ අවධානම් තැන් හදුනා ගත නොහැක.
වත්කම් ප්‍රකාශය ගැන සදහන් නොකරන කරුණූ
TISL ආයතනය යෝජිත දූෂණ විරෝධී කෙටුම්පත පිළිබඳ සිය ප්‍රසාදය පළ කරන අතරම එහි මූලික ගැටළු දෙකක් පිළිබඳ සිය අවධානය යොමු කරයි.

ප්‍රකාශය මෙසේද දක්වයි:

– පනත් කෙටුම්පත දූෂණයට අදාල නව ක්ෂේත්‍ර ආවරණය කරයි.
– වත්කම් සහ බැරකම් ප්‍රකාශ මහජනයාට විවෘත වේ.
– පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) අභියෝගයට ලක් වේ.
– පැමිණිලිකරුවන් බියගන්වන පරිසරයක් නිර්මාණය නොකළ යුතුය.
– මෙම නීතිය සාර්ථකවීමට නම් එය නිසි ලෙස බලාත්මක කිරීම සහ එයට සුදුසු ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් නිර්මාණය කිරීම අනිවාර්ය වේ.
යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත ගැසට් කර ඇති අතර එය නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එය දැනට පවතින අල්ලස් පනත (පරිච්ඡේද 26), 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සහ 1975 අංක 1 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය යන නීති තුන වෙනුවට ආදේශ වනු ඇත.
මෙම පනත් කෙටුම්පත TISL ආයතනය සහ අනෙකුත් සිවිල් සමාජ සංවිධාන, ක්‍රියාකාරීන් සහ මහජනතාව ඇතුළු විවිධ පාර්ශ්වකරුවන්ගේ නිරීක්ෂණ සඳහා විවෘත වූ අතර, ශ්‍රී ලංකාවේ දැනට පවතින දූෂණ විරෝධී නීතිමය රාමුව වඩාත් වැඩිදියුණු කිරීමට උදව් වන ප්‍රශංසනීය විධිවිධාන කිහිපයක් එහි අඩංගු වේ.
මෙම පනත් කෙටුම්පතෙන් හඳුන්වා දුන් සාධනීය වෙනස්කම් අතර “ලිංගික අල්ලස්” (sexual favours), අල්ලසක් ලබා දීමක් ලෙස විශේෂයෙන් හඳුනා ගැනීමත්, පුද්ගලික අංශයේ සිදුවිය හැකි අල්ලස් සහ ක්‍රීඩා ඉසව්වලට සම්බන්ධ දූෂණ ක්‍රියාද මෙම පනත හරහා ආවරණය කිරීමත් දැක්විය හැක. එමෙන්ම වැරදි සඳහා පැනවිය හැකි දඩ මුදල් ද මෙම පනත් කෙටුම්පත මගින් සැලකිය යුතු ලෙස වැඩි කර ඇත.

සම්පූර්ණ ප්‍රකාශය මෙහි කියවන්න: https://www.tisrilanka.org/tisl-welcomes-anti-corruption-bill-but-flags-two-major-concerns/

Archive

Latest news

Related news