Tuesday, April 16, 2024

ඊනියා “ත්‍රස්ත විරෝධී පනත” ගැන විරෝධය පල කරන ලෙස ලාංකික ජන සමූහයක් මානව කොමසාරිස්ට ලියති.

ඡායාරූපය: මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වොල්කර් ටර්ක්

රනිල් රාජපක්ෂ රජය විසින් ඉදිරිපත් කර ඇති ‘ත්‍රස්ත විරෝධී’ පනතෙහි ඇත් භයානක කම පෙන්වා දෙමින් කොළඹ තානාපති ප්‍රජාව,  මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වොල්කර් ටර්ක්, ත්‍රස්තවාදයට එරෙහි වන අතරතුර මානව හිමිකම් සහ මූලික නිදහස ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනිය වන Fionnuala Ní Aoláin  සහ කලාපීය සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ආමන්ත්‍රණය කරමින් ප්‍රකාශයක් නිකුත් කරන  විවිධ ක්ෂේත්‍රයන්හි මූලිකත්වය ගෙන කටයුතු කරන 450ක ජන සමූහයක්, ස්වකීය හේතු දැක්වීම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ලෙස ඉල්ලා සිටී.
එම ප්‍රකාශය පහත පළවේ.
2023 අප්‍රේල් 11
කොළඹ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල වෙත
යෝජිත ශ්‍රී ලංකා ත්‍රස්ත විරෝධී පනත (ATA)
ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කර ඇති ත්‍රස්ත විරෝධී පනත (ATA) සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටින පහත අත්සන් කරන ලද සංවිධාන සහ පුද්ගලයින් වන අපි පහත සඳහන් කරුණු ඔබගේ අවධානයට ලක්කර සිටිමු . යෝජිත ත්‍රස්ත විරෝධී පනත 2023 මාර්තු 17 වැනි දින රජයේ නිල ගැසට් පත්‍රයේ පළ කරන ලද අතර 2023 මාර්තු 22 දින ප්‍රකාශයට පත්කරන ලදී. 2023 අප්‍රේල් මස අගදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බවට ඉඟි පළ වී ඇති අතර පාර්ලිමේන්තුව විසින් අනුමත කළහොත් 2023 මැයි මාසයේ සිට එය නීතියක් ලෙස බලාත්මක කළ හැකිය.
කුරිරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට ආදේශ කිරීමට අදහස් කරන ත්‍රස්ත විරෝධී පනත ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ඊටත් වඩා බරපතල තර්ජනයක් බව අපි තරයේ ප්‍රකාශ කරමු. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ වහා ක්‍රියාත්මක වන පරිදි මෙම යෝජිත ම්ලේච්ඡ නීතිය ඉවත් කරගන්නා ලෙසත් වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසත්ය. මෙම ප්‍රයත්නය සඳහා අපි ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙමු.
ත්‍රස්ත විරෝධී පනත (ATA) හි කෲර හා අමානුෂික ලක්ෂණ
ත්‍රස්ත විරෝධී පනතේ ‘ත්‍රස්තවාදය‘ පිළිබඳ නිර්වචනය ජාත්‍යන්තර මාර්ගෝපදේශවලට අනුකූල නොවන අතර සාමාන්‍ය අපරාධ වැරදි එය විසින් ඇතුලත් කරගනී (3, 8, 9, 10,11, 12 සහ 16 වගන්ති). පහත කාරණාවන් සම්බන්ධයෙන් වූ බලය ඒ යටතේ හිමිවේ.
■          ඕනෑම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට විනිසුරුවරයෙකුගේ අධීක්ෂණයකින් තොරව පුද්ගලයකු රඳවා තබා ගැනීමට (31 වැනි වගන්තිය).
■          ඕනෑම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුට ඇඳිරි නීති තත්ත්වයට සමාන ආකාරයේ නියෝග ලබා ගත හැක. (කිසියම් නිශ්චිත ප්‍රදේශයකට/පරිශ්‍රයකට ඇතුළුවීම වැලැක්වීමට, නිශ්චිත ප්‍රදේශයකින්/පරිශ්‍රයකින් පිටවීම හා නිශ්චිත ප්‍රදේශයක රැඳී සිටීම වැලැක්වීමට, කවරකු හෝ කිසිවක් මාර්ගයක ගමන් කිරීම සහ ප්‍රවාහනය කිරීම වැලැක්වීමට) (61 වගන්තිය).
■          ජනාධිපතිවරයාට සංවිධාන තහනම් කිරීමට (82 වැනි වගන්තිය), විවිධ ආකාරයෙන් පුද්ගලයන් වෙත සීමා නියෝග සඳහා අයදුම් කිරීමට (83 වැනි වගන්තිය), පැය 24 පුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමට (දැනට මහජන ආරක්ෂාව සඳහා භාවිත කෙරෙන මහජන ආරක්ෂක ආඥාපනත යටතේ පාර්ලිමේන්තු අධීක්ෂණය සහිත තත්ත්වයන්හිදී පමණක් ලබා දී ඇති බලයක්.), ‘තහනම් ස්ථාන‘ ප්‍රකාශයට පත් කිරීම (85 වැනි වගන්තිය), සහ පොලිසියට සහ හමුදාවට අදාළ ‘රෙගුලාසි‘ සහ ‘ උපදේශ‘ මුවාවෙන් නීති සම්පාදනය කිරීමට (වගන්ති 98 සහ 99),
■          පොලිසියට චංචල දේපොළ (ඉඩම් නොවේ) දින 3 කට රඳවා තබාගැනීමට සහ දේපළ රඳවා තබා ගැනීම දින 90 කට දීර්ඝ කරන ලෙස මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටීමට (86 වැනි වගන්තිය).
■          සැකකරුවෙකුගේ වරද ඔප්පු කිරීමකින් තොරව, නීතිපතිවරයාට පුනරුත්ථාපනය සහ අනෙකුත් දඬුවම් පිළිගැනීමට ඔවුන් දිරිමත් කිරීමට (100 වගන්තිය).
■          හමුදාවට අත්අඩංගුවට ගැනීමේ බලතල ක්‍රියාත්මක කිරීමට, පුද්ගලයන් සහ ස්ථාන සෝදිසි කිරීම, සහ ලේඛන සහ ලිපි හමුදාව භාරයට ගැනීම (20 සහ 22 වගන්ති) සිවිල් පරිපාලනය හමුදාකරණය කිරීම.
■          1976 සිට පවත්නා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකිරීමේ සම්මතය අභිබවා යමින් මරණීය දණ්ඩනය පැනවීම.
■          සාමාන්‍ය අපරාධ නීතිය යටතේ සැකකරුවන්ට ලබා දී ඇති ආරක්ෂාව රජය විසින් ඉවත් කිරීමට (57, 58, 59, 67, 71 සහ 80 වගන්ති)
ශ්‍රී ලංකා රජයේ වංචනික චේතනාව
ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා තම පුරවැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම සඳහා ඉතා විශාල හැකියාවක් සහිත නීතියක් ව්‍යාජ ලෙස යෝජනා කර ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් සිදු කරන ලද හානිය තීව්‍ර කරමින් ප්‍රජාවන් දැඩි රාජ්‍ය නිරීක්ෂණයට යටත්කරමින් සහ රාජ්‍යය මිලිටරිකරණය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය තුළ ක්‍රියාකාරී සිවිල් සහභාගීත්වය සඳහා ඇති අවකාශය හැකිලෙන ආකාරයෙන් ත්‍රස්ත විරෝධී පනත තුල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන රඳවා තබා ගනිමින් ඒවා තවදුරටත් වැඩි දියුණු කරයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුවූ අපචාර සහ උල්ලංඝනයන් පිළිබඳ ඉතිහාසයට ශ්‍රී ලංකාව ප්‍රතිචාර  දැක්විය යුතුය
 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගණන් කළ නොහැකි තරම් මානව හිමිකම් කඩකිරීම්වලට මග පාදා ඇත. එය යටතේ රඳවාගෙන සිටින බොහෝ දෙමළ ජාතිකයන් වසර 16ක් දක්වා රැඳවුම් භාරයේ ගතකිරීමෙන් අනතුරුව වරදකරුවන් නොවන බවට අධිකරණය විසින් නිදොස් කොට නිදහස්කර ඇත. 2019 සිට බොහෝ මුස්ලිම්වරුන් ද එලෙසම රඳවා තබා ඇත. සියලු ජනවාර්ගික ප්‍රජාවන්ට අයත් නීතිවේදීන්, ආගමික නායකයන්, මාධ්‍යවේදීන්, ශිෂ්‍ය ක්‍රියාකාරීන්, විපක්ෂ දේශපාලනඥයන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් අසාධාරණ ලෙස රඳවා තබා ගැනීමට ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා සිටින රැඳවියන් බොහෝදෙනෙක් කෲර වධ හිංසාවලට ලක්ව ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමට ඇති කැපවීම්, ත්‍රස්ත විරෝධී පනත වැනි ඊටත් වඩා නරක ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති රහසිගතව හඳුන්වා දීමට යොදාගැනීමට ඉඩදිය නොහැක.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා ශ්‍රී ලාංකිකයෝ එකමුතු වී සිටිති
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ශ්‍රී ලාංකිකයෝ වසර ගණනාවක් තිස්සේ ඉල්ලා සිටිති. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම සඳහා එම පනතට ගොදුරු වූවන් සහ ඔවුන්ගේ පවුල්, විපක්ෂ දේශපාලනඥයන්, ආගමික සහ ප්‍රජා නායකයින් සහ නීතීඥයින් ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් ඒකාබද්ධ මහජන උද්ඝෝෂණ පසුගිය වසර දෙක පුරා පැවතුනි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිසංස්කරණය කිරීමට (2022 වැනි) සහ ඒ හා සමාන නීති ප්‍රතිස්ථාපනය කිරීමට (2018 වැනි) මීට පෙර දැරූ උත්සාහයන් දැවැන්ත අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් කිසිදු අවංක චේතනාවකින් තොරව ජාතික හා ජාත්‍යන්තර පීඩනය සමනය කිරීමේ යත්නයන් පමණක් විය.
ත්‍රස්ත විරෝධී පනත යනු ජාත්‍යන්තර කැපවීම්වලට අනනුකූල වීම සමච්චලයට ලක්කිරීමකි
2015 දී, ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර එය වෙනුවට “සමකාලීන ජාත්‍යන්තර යහ පරිචයන්ට අනුකූලව ත්‍රස්ත විරෝධී නීති සම්පාදනය කිරීමට” එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව හරහා ප්‍රතිඥා දුන්නේ වත්මන් විධායක ජනාධිපතිවරයා අගමැතිව සිටියදීය. කෙසේ වෙතත්, ත්‍රස්ත විරෝධී පනත පිළිබඳ සුපරීක්ෂාකාරී විශ්ලේෂණයකින් හෙළි වන්නේ අන්තර්ගතය, ස්වරය සහ සාරය අතින් ජාත්‍යන්තර යහ පරිචයන්ගෙන් එය බොහෝ දුරස් වන බවයි. සාධනීය ලක්ෂණ කිහිපය සාමාන්‍ය අපරාධ නීති පද්ධතියේ කොටසක් විය යුතු ඒවාය. මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන අන්තරායන් සම්බන්ධයෙන් ගත් කළ එහි අන්තර්ගත සෘණාත්මක කරුණු ධනාත්මක කරුණුවලට වඩා බෙහෙවින් වැඩි ය.
ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව නැගී එන දේශීය උද්ඝෝෂණ
ත්‍රස්ත විරෝධී පනත ප්‍රකාශයට පත් වූ දා සිට, සාකච්ඡා, වීදි විරෝධතා සහ මාධ්‍ය මගින් විපක්ෂ දේශපාලනඥයන්, වෘත්තීය සමිති, විද්වතුන්, නීති විශාරදයින්, ආගමික සහ ප්‍රජා නායකයින්, සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විසින් ශ්‍රී ලංකාව තුළ එය පුළුල් ලෙස හෙළා දැක ඇත.[ii] කලාපීය සහ ජාත්‍යන්තර මානව හිමිකම් කණ්ඩායම් ද ත්‍රස්ත විරෝධී පනත හෙළා දැක ඇත.[iii]
අපගේ අවධානයට ලක්වන කරුණු
නීති පද්ධතියේ සීමාවන් සහ ත්‍රස්ත විරෝධී පනත වැනි නීති කෙටුම්පත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කිරීමට පුරවැසියන්ට ඇති දුෂ්කරතා [iv], රජයේ මෙම මුලපිරීමේ පවත්නා දැඩි දේශපාලනමය ස්වභාවය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීමේ උත්සාහයන් අධිකරණමය වශයෙන් අභියෝගයට ලක්කිරීම පිළිබඳ අපගේ අතීත අත්දැකීම් සැලකිල්ලට ගත්කළ, ත්‍රස්ත විරෝධී පනත නීතිගත කිරීම වැළැක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් පමණක් අපට ප්‍රමාණවත් සහනයක් ලැබෙනු ඇතැයි සිතිය නොහැක.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු අතර, අසාමාන්‍ය විධායක බලතල අඩංගු කිසිදු නීති සම්පාදනයකින් එය ප්‍රතිස්ථාපනය නොකළ යුතු බව අපගේ නොවෙනස් ස්ථාවරයයි. අත්‍යවශ්‍ය නම්, විශේෂයෙන් බලපෑමට ලක් වූ පුද්ගලයින් සහ ප්‍රජාවන් සහ අදාළ විශේෂඥයින් සමඟ වූ උපදේශන ක්‍රියාවලියකට යටත්ව, හොඳින් අර්ථ දක්වා ඇති නව වැරදි සාමාන්‍ය අපරාධ නීති ආරක්ෂණයන්ට යටත්ව දණ්ඩ නීති සංග්‍රහයට හඳුන්වා දිය හැකිය.
මේ සියල්ල සැලකිල්ලට ගෙන, වත්මන් ශ්‍රී ලංකා රජය සමඟ ඔබේ ගෞරවනීය කාර්යාල සහ රාජ්‍ය තාන්ත්‍රික, දේශපාලන හා ආර්ථික සබඳතා භාවිත කරමින් සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා වන ප්‍රතිපත්තිමය ස්ථාවරයක් මත පිහිටා කටයුතු කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. ත්‍රස්ත විරෝධී පනතේ සමස්ථ අන්තර්ගතය, ස්වරය සහ සාරය ප්‍රතිසංස්කරණ අර්ථ විරහිත කරනවා පමණක් නොව, මානව හිමිකම් ආරක්ෂාවට අනුකූල ත්‍රස්තවාදයට එරෙහි නීතිමය රාමුවක් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම හෑල්ලුවට ලක් කිරීම සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් ගන්නා ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
විශේෂයෙන්ම, අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ පහත දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙත බල කර සිටින ලෙසයි :
    1. 2023 මාර්තු 17 වැනි දින ගැසට් කරන ලද යෝජිත ත්‍රස්ත විරෝධී පනත වහාම ඉල්ලා අස්කර ගැනීමට.
    2. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය වහාම අත්හිටුවීමට කැපවීම සහ එය අවලංගු කිරීමට කඩිනම් පියවර ගැනීම.
    3. ත්‍රස්තවාදය මැඩලීම සඳහා විස්තීර්ණ නීති සම්පාදනය කිරීමේ ජාත්‍යන්තර බැඳීම්වලට ශ්‍රී ලංකාව අනුකූල වීමේ කොටසක් ලෙස, දණ්ඩ නීති සංග්‍රහයේ ඇති ත්‍රස්තවාදය හා සම්බන්ධ වැරදි ඇතුළුව, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට සම්බන්ධ පුළුල් නීති මාලාවක් පිලිබද සලකාබැලීමට.
    4. අලුතින් හඳුන්වා දිය යුතු රාජ්‍යයට එරෙහිව යම් නිශ්චිත වැරදි හඳුනා ගැනීම සඳහා ත්‍රස්තවාදය මැඩලීම සඳහා පවතින නීතිමය රාමුව සමාලෝචනය කිරීම; අපරාධ නඩු විධාන සංග්‍රහයේ ආරක්ෂාවට යටත් වන දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කිරීම සඳහා මනාව අර්ථ දක්වා ඇති වැරදි කෙටුම්පත් කිරීම; අපරාධ සැකකරුවන්ට ලබා දී ඇති සාමාන්‍ය ආරක්ෂාවන්ගෙන් අපගමනයවීම් සමානුපාතික හා යුක්ති සහගත වියයුතු අතර එවැනි ප්‍රතිපාදන නීතිගත කිරීමට පෙර මහජන අදහස් සඳහා ඉදිරිපත් කළ යුතුය.
 ත්‍රස්ත විරෝධී පනත පිළිබඳ වඩාත් සවිස්තරාත්මක පිටු 6ක විශ්ලේෂණයක් සහ එම පනත් කෙටුම්පතේ පසුබිම් සහ ඒ සම්බන්ධ ප්‍රධාන කරුණු සහිත පිටු දෙකක විශ්ලේෂණයක්ද මෙයට අමුණා ඇත. මේ සම්බන්ධයෙන් ඔබ සමග වැඩිදුරත් සාකච්ඡා කිරීමට අපි ඉතා විවෘතව සිටිමු.
අපි ඔබ වෙතින් ඉක්මන් ප්‍රතිචාරයක් අපේක්ෂා කරමු.
අත්සන් කළේ

Individuals

Academics

  1. Amali Wedagedara
  2. Aruni Samarakoon – University of Ruhuna
  3. Dr. Ajith Jayasekara – Consultant Psychiatrist/Sr. Lecturer, University of Ruhuna
  4. Dr. Farah Mihlar
  5. Dr. Farzana Haniffa – University of Colombo
  6. Dr. Geethika Dharmasinghe – Colgate University
  7. Dr. Kaushalya Ariyarathne
  8. Dr. Kaushalya Perera – University of Colombo
  9. Dr. Mahendran Thiruvarangan – University of Jaffna
  10. Dr. Nilu Anandappa – Educationist, NICE International School
  11. Dr. Ranil D. Guneratne (Retired)
  12. Dr. Ruvan Weerasinghe – University of Colombo
  13. Dr. Sanjana Hattotuwa
  14. Dushyanthi Mendis – University of Colombo
  15. Hasini Lecamwasam – University of Peradeniya
  16. Kanchana N. Ruwanpura
  17. M. Sitralega – Academic / Scholar /Independent Researcher
  18. Maduranga Kalugampitiya – University of Peradeniya
  19. Mario Gomez
  20. Nadeesh de Silva – Open University of Colombo
  21. Nicola Perera – University of Colombo
  22. Pasan Jayasinghe
  23. Pavithra Kailasapathy
  24. Prof. Ajit Abeysekera – Scientist
  25. Prof. Arjuna Parakrama – University of Peradeniya
  26. Prof. Camena Guneratne
  27. Prof. Sivamohan Sumathy – University of Peradeniya
  28. S. Ratnajeevan H. Hoole
  29. Sakuntala Kadirgamar
  30. Shamala Kumar – University of Peradeniya
  31. Sharika Thiranagama – Stanford University
  32. T. Sanathanan
  33. Thiyagaraja Waradas

Activists/Trade Unionists

  1. A. Ajitha
  2. A.M. Nandawathi Hamine
  3. Amalini De Sayrah
  4. Amila Pradeep Kumara Jayathilaka
  5. Amila Sandaruwan
  6. Anberiya Hanifa
  7. Anithra Varia
  8. Anthony Vinoth
  9. Anuratha Rajaretnam
  10. Anuruddha Bandara – Social Activist
  11. Anushaya Collure
  12. Aruna Paul – Social Activist
  13. Asanka Abeyratne
  14. Ashila Dandeniya
  15. Ashoka Weerasinghe
  16. Asma Edris
  17. B. Gowthaman
  18. B. Sukitha
  19. Buhari Mohamed
  20. Buwanaka Perera
  21. C. Tozer – Women’s Rights Activist
  22. Chamila Thushari
  23. Chandra Devanarayana
  24. Chandra Jayarathne
  25. Channaka Jayasinghe
  26. Chathuranga M. Pradeep Kumara
  27. Chintaka Rajapakse
  28. Christine Perera
  29. D.W. Jayasinghe
  30. Dammika Munasinghe
  31. Deekshya Illangasinghe
  32. Devinda Kodagoda
  33. Dhanusha Pathirana
  34. Ekeshawara Kottegoda Vithana
  35. Faizun Zackariya
  36. Fathima Nabeela Iqbal
  37. Francis Raajan
  38. G.M.I.S. Galappaththi
  39. G.R. Gunasena
  40. G.V.D. Tilakasiri
  41. Godfrey Yogarajah
  42. H.M. Chathurika Sewwanadi
  43. H.R.R. Karunarathne
  44. Hari Prasath
  45. Hasanah Cegu Isadeen
  46. Hemamali Abeyrathna
  47. Herman Kumara
  48. I.M.S.M. Munasinghe
  49. Iromi Perera
  50. J.L.R.C. Liyanage – Political Activist
  51. J.M.S. Jayasinghe
  52. J. Thayalini
  53. J. Varayalini
  54. Jananthan Thavarajah
  55. Jansila Majeed
  56. Jayanthi Kuru-Utumpala
  57. Jeana De Zoysa
  58. Jeremy R. Liyanage – Bridging Lanka
  59. Joanne Senn – Counselling Psychologist
  60. Joseph Stalin
  61. Jothiraj Jegan
  62. Juwairiya Mohideen
  63. K. A. Karunarathne
  64. K. Hemalatha
  65. K.J. Brito Fernando
  66. K. Nihal Ahamed
  67. K. Saththiyaseelan
  68. Kalani Subasinghe
  69. Lucille Abeykoon
  70. M.A.A. Bawa
  71. M.A. Wahid
  72. M.K. Jayathissa
  73. M. Nirmalathevi
  74. Madurani Rambukwella
  75. Mahalaxumy Kurushanthan
  76. Malinga Prasad Jayaratna
  77. Malith Indika Jayarathna
  78. Mareen Nilashani
  79. Mario Arulthas
  80. Marisa de Silva
  81. Marisa Fernando
  82. Melani Gunathilaka
  83. Minoli de Almeida – Association for Constructive Engagement
  84. Mirak Raheem
  85. Muthulingam Periyasamy
  86. N. Arththigan
  87. Nadishani Perera
  88. Natasha Vanhoff
  89. Nihal Weeraratne
  90. Nilshan Fonseka
  91. Nishanthini Stalin George – Women’s Rights Activist
  92. P.A.P. Vinitha
  93. P.G. Weerasinghe
  94. P. Morin Rose
  95. P.N. Singham
  96. P. Sampath Gunathilake
  97. Paba Deshapriya
  98. Padma Pushpakanthi
  99. Perumal Saroja
  100. Philip Setunga
  101. Piyathilaka Ranaweera
  102. Prasad Welikumbura
  103. Prasantha Dinesh Kumara
  104. Puni Selvaratnam
  105. Pyara Ratnayake
  106. R. Karunathilake
  107. R. Kounthini
  108. R. Robinson
  109. R. Saththiya
  110. R. Yogeshwari
  111. Rajany Chandrasegaram
  112. Rajkumar Rajeevkanth
  113. Ranjan Senanayake
  114. Ranjithlal Samarawikrama
  115. Ranjith Senarathna
  116. Rebecca David
  117. Renuka Badrakanthi
  118. Rizani Hamin – Women’s Rights Activist
  119. Rosanna Flamer-Caldera
  120. Roshen Sameera
  121. Ruki Fernando
  122. Ruvinda Dilshan
  123. S. Easwary
  124. S. Ethayarani
  125. S.H. Razik
  126. S. Kopika
  127. S. Mariyarosalin
  128. S. Niththika
  129. S. Sendil Sivaganam
  130. S. Sivagurunathan
  131. S. Suganthi
  132. S.T. Ganeshalingam
  133. S. Tharsan
  134. S. Thileepan
  135. Sabrina Symons
  136. Sandunika Nimali Sirisena – Student Activist
  137. Sandun Thudugala
  138. Sandya Ekneligoda
  139. Sankhitha Gunaratne
  140. Sarala Emmanuel
  141. Shafinaz Hassendeen
  142. Sheila Richards
  143. Shenali Perera
  144. Shivantha Rathnayake
  145. Shreen Saroor
  146. Shyamala Gomez
  147. Singarasa Jeevanayagam – Kilinochchi District Citizen Committee
  148. Sirany Thevakumar
  149. Sithara Kularathna
  150. Sriyawathi Menike
  151. Suchith Abeyewickreme – Civic Activist
  152. Sujeewa Priyadarshani
  153. Sujith Kuruwita
  154. Sumana Panditharathne
  155. Suneth Anurakumara
  156. Suresh Duminda
  157. Swarna Amarasinghe
  158. T.G. Jayawikrama
  159. T.M. Bala
  160. T.M. Janoor
  161. Terence Gamini
  162. Thushara Gallessage
  163. Upul Dasanayake
  164. V. Shamini
  165. Vaas Gunawardena
  166. Vanie Simon – Women’s Rights Activist
  167. Vasuki Jeyasankar – Women’s Rights Activist & Artist, Batticaloa
  168. Vidarshana Kannangara
  169. Visakha Tillekeratne
  170. W.B. Samitha Madurangi
  171. W.F. Priyankara Costa
  172. W.K. Mallawaarachchi
  173. W.M. Chathura Nishan
  174. W.M. Nandadewa
  175. Wijepala Weerakoon
  176. Zaharan Mohomed

 

Artists/Writers/Filmmakers

  1. Ajith Kumarasiri
  2. Asanka Senadeera
  3. Ashfaque Mohamed – Film Director
  4. Bennett Rathnayake – Film Director
  5. Chandrika Gadiewasam – Freelance Writer
  6. Dilantha Perera
  7. Dinupa Kodagoda
  8. Dr. Vinoth Ramachandra
  9. Jake Oorloff
  10. Nadika Weligodapola
  11. Namini Panchala De Silva
  12. Ruwanthie de Chickera – Playwright
  13. Sulochana Peiris – Writer/Researcher/Documentary maker

 

Clergy/Activists

  1. Rev. Ajit Perera
  2. Rev. Andrew Devadason – Vicar, St. Paul’s Church, Milagiriya
  3. Rev. Dr. Jayasiri T. Peiris
  4. Rev. Fr. Bennette Mellawa – Director, Caritas Anuradhapura
  5. Rev. Fr. F.C.J. Gnanaraj (Nehru)
  6. Rev. Fr. Jeevantha Peiris
  7. Rev. Fr. Jeyabalan Croos
  8. Rev. Fr. M. Sathivel
  9. Rev. Fr. Nandana Manatunga
  10. Rev. Fr. Sarath Iddamalgoda
  11. Rev. Fr. Terence Fernando
  12. Rev. Sr. Deepa Fernando
  13. Rev. Sr. M.J. Vijaya
  14. Rev. Sr. Nichola Emmanuel
  15. Rev. Sr. Noel Christine Fernando
  16. Rev. Sr. Rasika Pieris
  17. Rev. W.P. Ebenezer Joseph
  18. Tempitiye Sugathananda himi
  19. Thenne Gnanananda himi
  20. Ven. Fr. Samuel J. Ponniah
  21. Wekandawala Rahula himi – Environmentalist, School of Nature

Concerned Citizens

  1. Ahamed Farhan
  2. Aloka Weerasekara
  3. Angeline Ondaatjie
  4. Anil De Silva
  5. Anu Piyasena
  6. Aparna Somachandra
  7. Asela Fernando
  8. Bulathsinhalage Chamila Niroshani
  9. Catherine Mack
  10. Chaamindrie Jayasinghe
  11. Chaminda Dias
  12. Chanaka Karunarathne
  13. Chandima Nilantha Rathnapriya
  14. Christopher Stephen
  15. Damith Kethaka
  16. Dilshan Bulathsinghala
  17. Dinali de Zoysa
  18. Dino De Fonseka
  19. Dr. Mareena Thaha Reffai – Almuslimaath
  20. Feriyal Sherrif
  21. Hashantha Fernando
  22. Hilary N. Wirasinha
  23. Hussain Shamil
  24. Imran Rajabdeen
  25. Indresh Fernando
  26. Ingrid Guruge
  27. Jayasiri Guruge
  28. Jehanki Anandha
  29. Jehan Pieris
  30. Jude Perera
  31. Lal Motha
  32. Leisha Lawrence
  33. Kishan Wanduragala
  34. M.N.A. Fernando
  35. Mal Fernando
  36. Manel Wickramathunge
  37. Manik Rodrigo
  38. Maubrey Ginige
  39. Mohanie Ahangama
  40. N.D. Wickramapala
  41. N.D Chrishanthi
  42. Nadeem Lebbe
  43. Nadhie Perera
  44. Nagulan Nesiah
  45. Niloufer Anverally
  46. Pearly Hannan
  47. Peter Rezel – Chartered Accountant
  48. Pradeep Kodikara
  49. R.M.H.K. Bandara
  50. Raj Senewiratne
  51. Ramyani Ratnayake
  52. Ranjith de Silva
  53. Redley Silva
  54. Reza Lebbe
  55. Reza Sulaiman
  56. Rhuan Rambukwelle
  57. Rochelle Cooray
  58. Rohan Wickramaratne
  59. S.A.U.J. Samarasinghe
  60. Saif Jafferjee
  61. Sanjee Goonetilake
  62. Serena Burgess
  63. Sharmini Wickramaratne
  64. Shehani Claudette Perera
  65. Srilal Ahangama
  66. Steffan De Rosairo
  67. Tassy Dhahlan
  68. Tharindu Damith Madushan Abeyrathna
  69. Thenuka Witharana
  70. Travice Ondaatjie
  71. Udesh Fernando
  72. Veena D. Bakshi
  73. Yasantha Chamara Jayasooriya

 Journalists

  1. Aadhil Ali Sabry
  2. Buddika Gayan Samaraweera
  3. Chamara Sampath
  4. Dilrukshi Handunnetti, AAL
  5. Indunil Usgoda Arachchi
  6. J.A. Jorge
  7. Kumari Fernando
  8. Lakshman Gunasekara
  9. M.F.M. Fazeer
  10. Maneshka Bohram
  11. Melani Manel Perera
  12. P. Nirosh Kumar
  13. Rekha Nilukshi Herath
  14. Ruwan Laknath Jayakody
  15. Sampath Samarakoon – Editor, Vikalpa.org
  16. Sandun Priyankara Vithanage
  17. Saroj Pathirana
  18. Selvaraja Rajasegar – Editor, Maatram.org
  19. Shalika Wimalasena
  20. Sithum Chathuranga⁩
  21. Sunanda Deshapriya
  22. Tharindu Jayawardhana
  23. Tharindu Uduwaragedara
  24. Tisaranee Gunasekara

 

Lawyers

  1. Ameer Faaiz, AAL
  2. Bhavani Fonseka, AAL
  3. Buddhima Padmasiri
  4. C. Ranitha Gnanarajah, AAL
  5. Ermiza Tegal, AAL
  6. Ishara M. Jayasena, AAL
  7. Jayantha Dehiaththage, AAL
  8. M. Mangaleswary Shanker, AAL
  9. Neshan Gunasekera, AAL
  10. Nuwan Bopege, AAL
  11. Prathap Welikumbura, AAL
  12. Ramalingam Ranjan, AAL
  13. Rev. Sr. Ramanie Fernando, AAL
  14. Sabra Zahid, AAL
  15. Safana Gul Begum, AAL
  16. Sarah Arumugam, AAL
  17. Soraya M. Deen
  18. Suren D. Perera, AAL
  19. Swasthika Arulingam, AAL

Medical/Health Professionals

  1. Ananda Galappatti – Medical Anthropologist
  2. Dr. C.S. Jamunanantha
  3. Dr. Dishani Hasanthika
  4. Dr. Neelika Dissanayake – Consultant Paediatrician
  5. Dr. Nilan Fernando
  6. Dr. Rajeewa Matharage
  7. Dr. Vindya Gunasekara – Consultant Paediatric Nephrologist
  8. Evangeline S. Ekanayake – Psychologist
  9. Somasundaram Norman Roshanth – Consultant Paediatrician (Acting)

Organisations/Movements

  1. Affected Women’s Forum, Ampara
  2. Alliance for Minorities
  3. Ampara District Alliance for Land Rights
  4. Bakamoono.lk
  5. Caritas Sri Lanka
  6. Community Welfare and Development Fund
  7. Dabindu Collective
  8. Eastern Social Development Foundation (ESDF)
  9. Ekabadda Prejasanwardana Kantha Mahasangamaya
  10. Endearment Friend Organisation
  11. Estate Peoples Education Center
  12. Families of the Disappeared (FoD)
  13. FEF Sri Lanka Organisation
  14. Free Women
  15. Galakotuwa Farmers Organisation
  16. Gemunu Farmers Organisation
  17. Grassrooted
  18. Hodiyadeniya Farmers Organisation
  19. Human Elevation Organisation (HEO)
  20. Human Rights Office, Kandy
  21. Institute of Social Development (ISD)
  22. International Centre for Ethnic Studies (ICES)
  23. Islamic Women’s Association for Research and Empowerment (IWARE)
  24. Isuru Jivithodaya Foundation
  25. Janothsa Development Foundation
  26. Joint Farmer Organisation – Rajanganaya
  27. Joint Farmers Organisation – Elahera
  28. Journalist and Artist Cooperative Society, Wayamba
  29. Kandanuwara Farmers Organisation
  30. Kurunegala Human Rights Organisation
  31. Law and Society Trust (LST)
  32. Mannar Women’s Development Federation (MWDF)
  33. Mass Movement for Social Justice (MMSJ)
  34. Matale Women’s Foundation
  35. Media LK Network
  36. Movement for Defence of Democratic Rights (MDDR)
  37. Movement for National Land and Agricultural Reform (MONLAR)
  38. Movement for Peoples’ Struggle
  39. Movement for Plantation Peoples’ Land Rights (MPPLR)
  40. Muslim Personal Law Reform Action Group (MPLRAG)
  41. Muslim Women’s Research & Action Forum
  42. Muslim Women’s Development Trust (MWDT), Puttalam
  43. National Christian Evangelical Alliance
  44. National Fisheries Solidarity Movement (NAFSO)
  45. Pathkada Community Organisation
  46. Peoples Collective of Affected for Pahala Yan Oya Dam Project
  47. People’s Alliance for Right to Land (PARL)
  48. Perakum Women Farmer Organisation
  49. Pivithuru Women Organisation
  50. Praja Abhilasha Network
  51. Pregathisheeli Farmers Association
  52. Progressive Women’s Collective
  53. Pubudu Women Farmer Organisation
  54. Rathmalkaduwa Farmers Organisation
  55. Revolutionary Existence for Human Development (RED), Katunayake
  56. Rural Development Foundation
  57. Rural Development Praja Shakthi Women Organisation
  58. Rural Women Farmer Collective
  59. Samagi Farmers Organisation
  60. Sandeshaya by Saro
  61. Satahan Media
  62. Saubagya Women Organisation
  63. Savisthri National Women’s Movement
  64. Search for Common Ground
  65. Self-Help Farmers Collective
  66. Siriliya Women Organisation
  67. Social Institute for Development of Plantation Sector (SIDPS)
  68. Sramabimani Kendraya
  69. Sri Lanka Chapter – South Asian Free Media Association
  70. Standup Movement Lanka
  71. The Methodist Church of Sri Lanka
  72. Transparency International Sri Lanka (TISL)
  73. True Foundation
  74. United Farmers Organisation
  75. Upcountry Civil Society Collective (UCSC)
  76. Vallamai Movement for Social Change
  77. Vimukthi Farmers Organisation
  78. Welioya Farmers Organisation
  79. Women’s Action for Social Justice (WASJ)
  80. Women’s Action Network (WAN)
  81. Women Development Center
  82. Young Journalists’ Association – Sri Lanka
  83. Young Journalists’ Study Center
  84. YOUTH FOR CHEnge
  85. Youth Rights Collective

 

Trade Unions

  1. Ceylon Bank Employees Union (CBEU)
  2. Ceylon Electricity Board Engineers Union
  3. Ceylon Teachers Union (CTU)
  4. Health Workers Centre
  5. Joint Committee of Democratic Trade Unions
  6. Joint Development Officers Centre
  7. Joint Engineering Corporation Employees Union
  8. Joint Health Workers’ Union
  9. Joint Port Workers Union
  10. Joint Railway Employees Union
  11. Joint Teachers Service Union
  12. Joint Unemployed Graduates Association
  13. Joint Water Supply Workers Union
  14. Private Employees Centre
  15. Standup Workers Union
  16. United Federation of Labour (UFL)
  17. Workers Struggle Centre

Archive

Latest news

Related news