Wednesday, May 8, 2024

විවේචනය සහ විරෝධය පෑම ත්‍රස්තවාදය කළ හැකි රනිල් රාජපක්ෂ අලුත් ත්‍රස්ත පනත මෙන්න

රනිල් රාජපක්ෂ ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත යනුවෙන්, නව පනතක් ගැසට් කර තිබේ. එහි මතුපිට අරමුණ ලෝක අපවාදයට ලක්ව ඇති දැනට පවත්නා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට මෙම පනත ආදේශ කිරීමය.

එනමුත් මෙම පනතදරාජයට විරෝධ්‍ය දක්වන  මහජන ක්‍රියාකාරකම් සහ විවේචනාත්මක මාධ්‍ය පවා ත්‍රස්තවාදය ලෙස හැදින්වීමට ඉඩ ලබා දෙයි.

රනිල් රාජපක්ෂට අනුව වසන්ත මුදලිගේ පවා ත්‍රස්තවාදී සැකකරුවෙකි. ඒ ඔහුගේ නිර්වචනය මෙම පනතටද අදාළ කළ හැකිය.

මේ පනත 2023 අංක දරන ත්‍රස්ත විරෝධී පනත යනුවෙන් හඳුන්වනු ලැබේ

එහි අරමුණ නිල වශයෙන් මෙසේ දක්වා තිබේ.

ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත දී සිදුකරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාවලින්, ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනත් වැරදිවලින් සහ ත්‍රස්තවාදය පිළිබඳ වරද සංස්ථාපනය වන ඇතැම් නිශ්චිත ක්‍රියාවලින් ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා දත ශ්‍රී ලංකාවෙන් පිටත ත්‍රස්තවාදය සඳහා සූදානම් විමට ශ්‍රී ලංකාවේ භූමිය සහ එහි ජනතාව භාවිත කිරීම වැළැක්වීම සඳහා දත ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනත් යම් වරදක් සිදුකර ඇත්තා වූ යම් තැනැත්තකු හඳුනාගැනීම, ග්‍රහණය කර ගැනීම, සිරභාරයට ගැනීම, රඳවා තබා ගැනීම, පරීක්ෂණ පැවැත්වීම, නඩු පැවරීම සහ දඬුවම් ලබාදීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස දත 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ඉවත් කිරීම සඳහා දත ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන
සැලැස්වීම පිණිස ද වූ පනතකි.

2. (1) මේ පනතේ විධිවිධාන, පහත දැක්වෙන තැනැත්තන් ඇතුළුව, ශ්‍රී ලංකාවේ දේශ සීමාව තුළ දී හෝ ඉන් පිටත දී මේ පනත යටතේ වරදක් සිදු කරනු ලබන යම් තැනැත්තකුට අදාළ විය යුතු ය.

(අ) ශ්‍රී ලංකා ජනරජයේ දේශය තුළ දී හෝ ඉන් පිටත දී මේ පනත යටතේ වරදක් සිදු කරනු ලබන ශ්‍රී ලංකාවේ
පුරවැසියකු
(ආ) මේ පනත යටතේ වරදක්

(i) ශ්‍රී ලංකාව තුළ දී සම්පූර්ණයෙන් ම හෝ කොටසක් හෝ සිදු කරනු ලබන යම් තැනැත්තකු වරදකරු කළ හැකිය.

ත්‍රස්තවාදයට දෙනු ලබන නිර්වචනය පනත අනුව මෙසේය:

(අ) මහජනතාව හෝ එහි යම් කොටසක් බිය ගැන්වීමේ අරමුණින් යුතු ව
(ආ) යම් ක්‍රියාවක් සිදු කිරීමට හෝ සිදු කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හෝ වෙනත් යම් ආණ්ඩුවක් හෝ
ජාත්‍යන්තර සංවිධානයක් සාවද්‍ය ලෙස හෝ නීති විරෝධී ලෙස බලහත්කාරයෙන් යොමු කිරීමේ අරමුණින් යුතුවත
(ඇ) එවැනි යම් ආණ්ඩුවක් විසින් කටයුතු ඉටු කිරීම නිතිවිරෝධී ලෙස වැළැක්වීමේ අරමුණින් යුතුව හෝ
(ඈ) ශ්‍රී ලංකාවේ හෝ වෙනත් යම් ස්වෛරී රටක භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීම හෝ එහි ස්වෛරීබව
කඩ කිරීමේ අරමුණින් යුතු ව හෝ
(ඉ) යුද්ධයක් සම්ප්‍රචාරය කිරීමේ හෝ වෙනස්කොට සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩත්වයට
පෙළඹවීමක් සංස්ථාපනය වන ජාතික, ජනවාර්ගික හෝ ආගමික වෛරීභාවය අධිවාචනය කිරීමේ අරමුණින් යුතුව,
සිදුකරනු ලබන යම් තැනැත්තකු ත්‍රස්තවාදය පිළිබඳ වරද සිදු කරනු ලබන්නේ ය.

එම ක්‍රියා සිදු කළ හැකි ආකාරය පනත මෙසේ දක්වයි:

(ඊ) යම් අත්‍යවශ්‍ය සේවාවකට හෝ සැපයීම්වලට හෝ යම් අත්‍යවශ්‍ය සේවා හෝ සැපයීම් සමඟ සම්බන්ධ යම්
තීරණාත්මක යටිතල පහසුකමකට හෝ ප්‍රවාහන පහසුකමකට බරපතල බාධා ඇති කිරීම හෝ අලාභ හානි
සිදු කිරීම හෝ ඒ සඳහා මැදිහත්වීම
(උ) රාජ්‍ය හෝ පෞද්ගලික දේපළ සම්බන්ධයෙන් කොල්ලකෑමේ, ත්‍රාසද්ග්‍රහණය කිරීමේ හෝ සොරකම්
කිරීමේ වරද සිදු කිරීම
(ඌ) මහජනතාවගේ හෝ එහි යම් කොටසක සෞඛ්‍යය සහ ආරක්ෂාවට බරපතල අවදානමක් ඇති කිරීම
(එ) ශ්‍රී ලංකාවට පවරා දී ඇති යම් ඉලෙක්ට්‍රොනික හෝ ස්වයංක්‍රීය පරිගණක පද්ධතියකට හෝ ජාලයකට හෝ
සයිබර් අවකාශයකට හෝ එවැනි බලවර්තනයකට හෝ එවැනි බලවර්තනයක ලියාපදිංචි වී සිටින වෙබ්අඩවිවලට
බරපතල බාධා ඇති කිරීම හෝ අලාභ හානි සිදු කිරීම හෝ එවැන්නකට මැදිහත්වීම
(ඒ) යම් ආගමික හෝ සංස්කෘතික දේපළක් විනාශ කිරීම හෝ එවැනි දේපළකට බරපතල අලාභහානි සිදුකිරීම

((ඔ) සංඥා සම්ප්‍රේෂණයක් සහ වෙනත් යම් සංඛ්‍යාත පදනම් වූ සම්ප්‍රේෂණ පද්ධතියක් ඇතුළුව යම් ඉලෙක්ට්‍රොනික,
ඇනලොග්, ඩිජිටල් හෝ වෙනත් රැහැන් සහිත හෝ රැහැන් රහිත සම්ප්‍රේෂණ පද්ධතියකට බරපතල බාධා ඇති
කිරීම හෝ අලාභහානි සිදු කිරීම හෝ ඒ සඳහා මැදිහත් වීම
(ඕ) (අ) ඡේදයේ සිට (ඔ) ඡේදය දක්වා වන ඡේදවල දක්වා ඇති යම් ක්‍රියාවක් හෝ නීතිවිරෝධී නොකර හැරීමක් සිදු
කිරීම සඳහා වන අයුතු ජන රාශියක සාමාජිකයකු වීම

මෙම වැරදි සඳහා දිය හැකි දඩුවම් මෙසේ දක්වා තිබේ.

2) යම් තැනැත්තකු 3 වන වගන්තිය හෝ 5 වන වගන්තිය යටතේ වන යම් වරදකට යම් අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබූ විට,
(අ) ඒ වරදකරු කරනු ලැබීම ප්‍රකාරව, එම වරද සඳහා එම අධිකරණය විසින් පනවනු ලැබිය යුතු යම් දණ්ඩනයට අමතරව, අධිකරණය විසින් ඒ තැනැත්තාගේ සියලු චංචල හෝ නිශ්චල දේපළ රාජසන්තක කරනු ලැබිය හැකි යත
සහ
(ආ) එසේ වරදකරු කරනු ලැබීමෙන් පසු එම තැනැත්තා විසින් සිදු කරන ලද යම් දේපළ අන්සතු කිරීමක් හෝ වෙනත්
බැහැර කිරීමක් ශූන්‍යව සහ බලරහිතව ඇති ලෙස සලකනු ලැබිය යුතු ය ත ශූන්‍ය සහ බලරහිත වූ ලෙස සලකනු
ලැබිය යුතු ය.
5. (1) 3 වන වගන්තිය යටතේ වරදක් සිදු කිරීමට තැත් කරනු ලබන, අනුබල දෙනු ලබන හෝ කුමන්ත්‍රණය කරනු ලබන හෝ 3 වන වගන්තිය යටතේ වරදක් සිදු කිරීමට සූදානමින් යම් ක්‍රියාවක් සිදු කරනු ලබන යම් තැනැත්තකු මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට, අවුරුදු පහළොවක් නොඉක්මවනු ලබන කාලසීමාවක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධානාගාරගත කිරීමකට සහ රුපියල් මිලියන එකක් නොඉක්මවනු ලබන දඩයකට
යටත් විය යුතු ය.
(2) එම තැනැත්තා විසින්, (1) වන උපවගන්තිය යටතේ වු වරදක් සිදුකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ත්‍රස්තවාදය පිළිබඳ වරද සිදු කර ඇත්නම්, එම තැනැත්තා ත්‍රස්තවාදය පිළිබඳ වරද සිදු කර ඇති ලෙස සලකමින්, එම තැනැත්තා ත්‍රස්තවාදය පිළිබඳ වරද සඳහා පනවනු ලබන දණ්ඩනයට යටත් කරනු ලැබිය යුතු ය

සම්පූර්ණ පනත:Anti Terrorism Bill 304-2023_S

Archive

Latest news

Related news