විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ:
සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය සඳහා එකතු වෙච්ච මණ්ඩලය කුමක්ද? ඒ තීරණය ගත්තේ කොතනද? කියන එක කිසිසේත්ම පැහැදිලි නෑ. නිල වශයෙන් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරලත් නෑ. කරුණු විමසන කොට අපිට දැනගත්ත ලැබිච්ච දේ තමයි අත්‍යවශ්‍ය නොවන, ශල්‍යකර්ම නැවැත්වීමට ගත් තීරණය පිළිබඳව නිවේදනය නිකුත් කරලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය අංශය විසින් කියලා.
මෙවැනි වැදගත් තීරණයක් විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෘත්තිකයන් එකතුවෙලා ගතයුතු තීරණයක්. ඊළඟ අපට පැහැදිලි නෑ යම් ශල්‍යකර්මයක් අත්‍යවශ්‍ය නොවන හෝ හදිසි නොවන ශල්‍යකර්මයක් ලෙස තීරණය කරන්නේ කෙසේද කියන එක. ශල්‍ය අංශවලට සම්බන්ධ විශේෂඥවරුන්, වෛද්‍යවරුන්ගේ සංගම්, විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සංගම් වැනි කිසිම දෙයක් සම්බන්ධ වෙලා කියලවත් අපට දැනගන්න නෑ. මේය සෞඛ්‍ය අමාත්‍යංශය ඒකපාක්ෂිකව, ගත් තීරණයක් හැටියට තමයි අපිට සඳහන් කරන්න පුළුවන්.
ඖෂධ හිඟය ගැන කතා කළොත් මේ වන විට ඉන්දියානු මුල්‍ය ආධාර ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් කියන එක ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජයිකා ආයතනය වැනි ආයතන රාශියක් විසින් ලංකාවට ප්‍රධානයන් කරලා තියෙනවා. මේ ගැන හරි ගණනය කිරීමක් කරලා නෑ. නමුත් විශාල මුදල් ආධාර ප්‍රමාණයක් ලැබුණට පස්සේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ප්‍රකාශයක් කලා ලැබිලා තියෙන මුදල් ප්‍රමාණය වසර දෙකකට ඖෂධ මිලදී ගැනීමට ඇති කියලා.
එසේනම් කොහොමද ඖෂධ හිඟයක් රජයේ රෝහල්වල පවතින්නේ කියන එක ගැටළුවක්. ඖෂධ නැති තත්වයක් යටතේ දේශපාලන බලධාරීන්ට සහ ඔවුන් සමග හැසිරෙන පිරිස් ලියාපදිංචි නොකල ඖෂධ ලංකාවට ගෙන ආ යුතුය කියන මතයක් ඇති කරන්න උත්සහ කරනවා. ලංකාවේ ඖෂධයක් ලියාපදිංචි කිරීමේ කටයුත්ත ඉතාමත්ම කෙටි කලක් තුල කරන්න පුළුවන්.
අපි 43 සේනාංකය හැටියට ඉල්ලා සිටින්නේ පවතින තත්වය යටතේ සෞඛ්‍ය හදිසි තත්වයක් බවට පත්කර ඉතාමත්ම ඉක්මනින්ම මේ ඖෂධ ලියාපදිංචි කිරීම සිදුකල යුතුයි. ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයෝගය ලබාගත හැකියි. එමෙන්ම මෙවැනි තත්වයක් යටතේ කළ හැකි ශල්‍යකර්ම මොනවාද? කළ නොහැකි ශල්‍යකර්ම මොනවද කියන එක ගැන සාකච්ඡාවක් ආරම්භ කල යුතුයි. විශේෂයෙන්ම සෞඛ්‍ය ඇමතිතුමා යොමුවිය යුතුයි මේ සඳහා. දැන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අනියම් කම්කරු පදවියකට පවා යමෙක් බඳවා ගන්න කොට ඒ පුද්ගලයාට අපොස සාමන්‍ය ය පෙළ, අ පො ස උසස් පෙළ වැනි අධ්‍යාපනික සුදුසුකම් තියෙනවාය කියලා බලනවා.
විශේෂයෙන්ම දැන් මේ අවස්ථාවේ ලංකාවේ සාකච්ඡාවක් මතුවෙලා තියෙනවා දේශපාලඥයන් ගේ අධ්‍යාපනික සුදුසුකම් නිසියාකාරව තියෙන්න ඕනේ කියලා. මෙවැනි ආයතනයකට නායකත්වය දීමට සුදුසු පුද්ගලයෙක් පත්කර ගත යුතුයි. එසේ සුදුසු පුද්ගලයෙක් පත්කර ගැනීමේදී අධ්‍යාපනික සුදුසුකම් ගැන අප විමසිලිමත් විය යුතුයි.
වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ:
දැන් මා අතේ තියෙනවා NHLS එක. ලංකාවේ වැඩිම ජනතාවක් රෝගීන් විදියට ඇතුලත් වෙන විශාල පද්ධති විදියට වැඩ කරන රෝහල්. මේ රෝහල් වල 2016 වර්ෂයේ ඉඳලා ඇතිවුණු යෝජනාවකින් කම්පියුටර් සිස්ටම් වලට එන විදියේ ක්‍රමයක් ඉන්ස්ටෝල් කරලා තියෙනවා. මෙය, කාලයක් තිස්සේ වැඩ කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒකෙන් ඇත්තටම ඒ වාසිය ලැබෙන්නේ රෝගීන්ට. මේක outsource කරලා තියෙන්නේ මැලේසියානු ආයතනයකින්. රෙක් ටෝන්, එම් වී එක්ස් කියන ආයතනය. මා ළඟ තියෙනවා මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මුදල් අමාත්‍යංශයට ලියපු ලියුම්. මොකද වෙලා තියෙන්නේ? කාලයක් තිස්සේ මේකේ ප්‍රතිඵල අපි භුක්ති විඳින අතරේ මේ ආයතනයට ගෙවීම් කරලා නෑ. මේ ආයතනය නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා, සෞඛ්‍ය අමාත්‍යංශයට මේකේ වැඩකටයුතු නවත්තනවා කියලා. මේකේ බරපතලකම තමයි ඔබ දන්නවා ශල්‍යකර්ම, වගේම පරණ රෝගීන්ගේ දත්ත ඔක්කොම තියෙන්නේ එකේ. එතකොට එහි බලය තියෙන්නේ, මැලේසියානු සමාගම අතේ. නිවේදනයෙන් සති දෙකකට පමණ පසු ඔවුන් එය පය 2ක් පමණ සම්පූර්ණයෙන් වහලා දැම්මා. දත්ත නැතිවුණා අපිට. සෞඛ්‍ය අමාත්‍යංශය අඬලා, අඬලා, නැවත ඉල්ලගෙන තිබෙනවා, දැන් හෙට හෙට අනිද්දා මේක නැවත වෙන්න නියමිතයි. මේවා ආණ්ඩුවේ හොරණෑ වලින් හෝ මුදල් ගෙවලා කරන ෆේස්බුක් පේජ් වල යන්නේ නැහැ. රටේ තත්වය, සෞඛ්‍ය තත්වය මෙතනට තමයි වැටිලා තියෙන්නේ.
මේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නායකත්වය විසින් සහ මේ පරිපාලන කණ්ඩායමට මේක කළමනාකරණය කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. අවම සම්පත් යටතේ දශක අටක් තිස්සේ පුරුදු කරපු ඉතා විශිෂ්ට මානව සම්පතක් ඉන්නවා මේ සෞඛ්‍ය සේවයේ. අද අපේ රටේ සෞඛ්‍ය සේවයේ ඉන්න සේවකයින්ගේ කාර්යක්ෂමතාව සහ වැඩපිළිවෙල සම්බන්ධව අපි බලන්න මාධ්‍ය ආයතනවල වල ප්‍රතිඵත්ති වලින්. අඩුපාඩු තිබෙනවා. පන්සලේත් වැරදි මිනිස්සු ඉන්නවා. පල්ලියෙත් ඉන්නවා. ඉස්පිරිතාලෙත් ඉන්නවා. නමුත් අපි ප්‍රතිඵල පෙන්නලා තිබෙනවා. මේ ප්‍රතිඵල පෙන්නගෙන එන සාධනීය එකක් තමයි මේ විදිහට කඩා වැටෙන්න ඉඩ දීලා තිබෙන්නේ. අසල්වැසි ඉන්දියාව ලෝකයේ නැගීගෙනම එන ආර්ථිකය උනත්, අපි දන්නවා ඉන්දියාව කොහොමද සම්පත් බෙදිලා තියෙන්නේ කියලා. අපි එහෙම නෙමෙයි. අපේ රටේ දුප්පත්ම මිනිහෙකුට වුණත් ඉස්පිරිතාලෙකට ගිහිල්ලා මාසයක් ඇතුළත තමන්ගේ අවශ්‍ය ප්‍රතිකාර කරගන්න පුළුවන්. කවුරුත් බැනලා එලවන් නෑනේ. ඒ නිසා මෙන්න මේ එක රැකගන්න මේ පාලකයින්ට වැඩපිළිවෙලක් නැති බව තමයි කියන්න තියෙන්නේ. හෙට දිනයේ මේක තවදුරටත් අර්බුදයෙන් අර්බුදයට ගිහිල්ලා මිනිසුන්ගේ ජීවිත පීඩා විඳින්නේ. නැති බැරි මිනිස්සු 60% විතර මේ රටේ අවිධිමත් ආර්ථිකය තුළ ඉන්න මිනිස්සු තමයි රජයේ රෝහල් වලට යන්නේ. ඒකෙ බෙහෙත් නෑ කියලා කියන්න එපා. අන්න ඒකයි. ඒ අවශ්‍ය ප්‍රතිකර්ම කරන්න තමයි තමුන්නාන්සේලා යානවාහන පාවිච්චි කරන්නේ. අපෙන් මුදල් කපා ගන්නේ.”
මේ මුළු ක්‍රමවේදයම වෙනස් කළ යුතුයි කියන එක තමයි 43 සේනාංකය කියන්නේ. සෞඛ්‍ය අමාත්‍යංශය වගේ තැනක තීරණ ගන්නා මට්ටමේ ඉන්න සියලු පුද්ගලයන් අප හිතන්නේ වෘත්තිකයන් විය යුතුයි. අවම වශයෙන් අවම අධ්‍යාපනික සුදුසුකම් ඇති පුද්ගලයන් විය යුතුයි. දැන් මේ අවස්ථාවේදී ඇතිව තියෙන සැකය තමයි ගරු සෞඛ්‍ය ඇමතිතුමා කටයුතු කරන ආකාරය අනුව එවැනි වෘත්තීය මට්ටමේ සුදුසුකමක් හෝ අධ්‍යාපනික මට්ටමේ සුදුසුකමක් හෝ නැත්තෙ කියන සැකය මතුවෙනවා. ඒක එහෙම නෑ කියලා අපි කියන්නේ නෑ. මම හිතන්නේ අපි නැවත නැවත ඇඟිල්ලෙන් ඇනලා කියන්න ඕන දෙයක් නෙවෙයි මේක. මේ තත්වය ගැන විශේෂයෙන්ම රජයේ ඉහළ බලධාරීන් සැලකිය යුතුයි අවම වශයෙන් අමාත්‍ය මණ්ඩල ලේකම්තුමා මේ කරුණ ගැන සොයා බැලිය යුතුයි. මේ ගැන නීතියක් නෑ ලංකාවේ. නමුත් ඒ නීතිය නැති වුණත් මම හිතන්නේ සදාචාරාත්මක ප්‍රශ්නයක් තියෙනවා. මේ කරුණ ගැන අවධානය යොමු කරන්න.
අපේ රටේ දැන් නිදහසෙන් පස්සේ පළවෙනි දශක දෙක තුනේ දේශපාලනඥයන්ගේ වෘත්තීය ස්වභාවය තිබුණානේ. ඒ කියන්නේ යම්කිසි දැන උගත්කමක් තියෙන අය මහජන ඡන්දයට ඉදිරිපත් වුණා. ඊට පස්සේ ඔවුන් පාර්ලිමේන්තුවට ආවා. අපි දන්නවා ඒ කාලේ අපේ රටේ යම්කිසි විදිහකට ඒ යුගයට සාපේක්ෂව දීප්තිමත් දේවල් වුණා. 80 දශකයේ අවසාන භාගයේ ඉඳලා මෙහාට ගත්තම මොකද උනේ මේ දැන උගත් මිනිස්සු ඔබතුමාට පේනවා ඇති මේ දේශපාලනයෙන් දුරස් වීමක් සිදු වුණු බව. ඒ කියන්නේ මේ පරිභෝජනවාදයට සමාජය යනවත් එක්කම ටික ටික මේ තමන්ගේ පෞද්ගලිකත්වය තුළට කොටු වෙලා එක්තරා සමාජ පන්තියක් විශේෂයෙන්ම ඔය ලුම්පන් පන්තිය, ඒ කියන්නේ දේශපාලඥයන් විසින් හදාවඩා ගත්තු කණ්ඩායමක් දේශපාලනයට එළඹෙන තත්ත්වයක් තමයි මට නම් පේන්න තියෙන්නේ. අපි 43 සේනාංකය විදිහට යෝජනා කරන්නෙත් දේශපාලනයට දැන උගත් මිනිස්සු එන්න ඕනේ. දැන උගත් කියලා හඳුන්වන පරම්පරාව දේශපාලනයෙන් ඈත් වෙලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ ඉන්න අය ඡන්දේ ඉල්ලනවා ඊට පස්සේ. ඉතින් මේකට ඉදිරිපත් වෙන්න ඕන කියන එක අපි යෝජනා කරනවා. දැන් අපේ සංවිධානය නිර්මාණය වුනෙත් වසර දෙකක පමණ කාලයක් තිස්සේ වැඩ කරන් යන්නේ කුසලතා පූර්ණ අය දේශපාලනයට එන්න. එහෙම නැතුව කරන්න බෑ. අපි ඒ වගකීම තමයි ඉෂ්ඨ කරන්න උත්සාහ කරන්නේ දේශපාලන භූමියට එළඹෙන්නේ නැතුව මිනිස්සු කාටද ඡන්දේ දෙන්නේ? දැන් අරගලයක් සිදුවුණා. ලංකාවේ සිවිල් අරගලයක්. දැන් මේ ඔක්කොම කට්ටිය රට වෙනස් කරන්නනේ ඕන කියනවා. එහෙනම් ඒ මහත්තයෝ ඡන්දෙට එන්න ඕන. ඒ කියන්නේ දේශපාලනය කරන්න. වෙන මොකක්වත් නෙමෙයි කියන්නේ. වැඩේට බහින්න ඕන. වැඩේට බහින්නේ නැතුව ගෙවල් වල ඉඳලා මේ කතා කරලා වැඩක් නෑ.
(රජය විසින් අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම නවතා දැමීම සහ සෞඛ්‍ය අර්බුදය පිළිබඳව 43 සේනාංකයේ සෞඛ්‍ය වෘත්තිකයන් විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවක දී දක්වන ලද අදහස් ඇසුරිණි.)