Friday, April 26, 2024

අයිඑම්ඩීබී වංචාවට මළයාසියානු හිටපු අගමැති නජීබ් රසාක් 12 වසරකට හිරේ! මහින්ද රාජපක්ෂට නඩු දැමීමට දූෂණ කොමිසම කළ, යට ගැසූ නිර්දේශ මෙන්න!

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම නිසා වසර 12 ක සිර දඬුවම ක්‍රියාත්මක කරන ලදී.

69 හැවිරිදි ඔහුට ඇති චෝදනා වන්නේ රජය සතු අරමුදලක් වන ‘1Malaysia Development Berhad (1MDB)’ සම්බන්ධ දූෂණ අපචාර වංචා චෝදනාවන්ය.

මෙම සිදුවීම මහන්ද රාජපක්ෂ විසින් සුනාමි මුදල් වංචා කිරීම වැනි දූෂනයකි. මහින්ද රාජපක්ෂ එම දූෂන නඩුවෙන් බේරා ගන්නා ලද්දේ තමා විසින් අනීතික ලෙස බව හිටපු අගවිනිසුරුවරයකු වන සරත් සිල්වා නොකියා කිවේය.

එසේ නමුත් මළයාසියානු අධිකරණය හිටපු අගමැතිවරයා බේරා ගත්තේ නැත. 2020 ජූලි මාසයේදී වරදකරු වූ නමුත් අභියාචනය නිසා ඇප මත නිදහස්ව සිටියේය.

තම දඬුවම ප්‍රමාද කරන ලෙස නජීබ් කළ ඉල්ලීම ද අධිකරණය ප්‍රතික්ෂේප කළේය. ඔහු දිගින් දිගටම තමාට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

2020 දී, උසාවියක් ඔහුව චෝදනා හතකට වරදකරු කර ඇත. ඊට පදනම්ව ඇත්තේ SRC ඉන්ටර්නැෂනල් වෙතින් රිංගිට් මිලියන 42ක් (ඩොලර් මිලියන 9.4ක්) ඔහුගේ පුද්ගලික ගිණුම් වෙත මාරු කර ගැනීමයි.

ඔහුට වසර 12 ක සිරදඬුවමක් සහ රිංගිට් මිලියන 210 ක (ඩොලර් මිලියන 46.8ක) දඩයක් නියම විය.

එසේ නමුත් මෙරට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂට දූෂන චෝදනා සම්බන්දයෙන් නඩු පැවරිය යුතු බවට බරපතල දූෂණ, වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම (2015) නිර්දේශ කරන ලද නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට රනිල්- සිරිසේන රජය කටයුතු කලේ නැත.

රාජපක්ෂ පවුල බේරා ගැනීමේ ගනුදෙනුව රනිල් සහ සිරිසේන හවුලේ කර ගෙන ගියහ. අවසානයේදී රනිල් රාජපක්ෂ බවට බෞතීස්ම කරන ලද්දේද ඒ අනුවය.

යහ පාලන රජය පත් කළ දූෂන කොමිසමේ සාමාජිකයින් වූයේ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි, මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග සමඟ හිටපු විගණකාධිපති පී පේමතිලක යන අයයි.

ඒ ජනාධිපතිවරණ මැතිවරණ සමයේ සිය ප්‍රචාරක කටයුතු සඳහා මුදල් නොගෙවා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN) යොදාගැනීම සම්බන්ධයෙනි.

ඒ අනුව දූෂණය, දූෂණයට කුමන්ත්‍රණය කිරීම සහ දූෂණයට අනුබල දීම යන චෝදනා යටතේ හිටපු ජනාධිපතිවරයාට ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව සංශෝධිත අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය යටතේ අධිචෝදනා ඉදිරිපත් කර අධිකරණයේ නඩු පැවරිය යුතු යයි ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබුණි.

නමුත් කිසිදු නඩුවක් නොපවරන ලදී.

අයිටීඑන් මාධ්‍ය ජාලයේ හිටපු සභාපති/ප්‍රධාන විධායක නිලධාරී අනුර සිරිවර්ධන, එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) ජයසිංහ ආරච්චිගේ උපාලි රංජිත් සහ එහි සහකාර කළමනාකරු (අලෙවි) දිලීප් වික්‍රමසිංහ එසේ නඩු පැවරීම සඳහා කොමිසම විසින් නිර්දේශ කරනු ලැබ තිබෙන සෙසු තිදෙනාය.

ඔවුන් තිදෙනා තවදුරටත් රාජ්‍ය ආයතනයක සේවය කිරීමට නුසුදුසු බව ද කොමිසම නිගමනය කර තිබේ.

කොමිසමේ වාර්තාව

ඡායාරූප මූලාශ්‍රය,PRESIDENT’S OFFICE

මහින්ද රාජපක්ෂ පාලනය සමයේ රාජ්‍ය ආයතන 17ක සිදු වූ බව පැවසෙන මහා පරිමාණ වංචා, දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා 2015 මාර්තු 03 වෙනි දින පත්කරන ලද බරපතල දූෂණ, වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම සිය පරීක්ෂණවල ප්‍රතිඵල සහ නිර්දේශ ඇතුළත් පිටු 1135කින් සමන්විත අවසාන වාර්තාව 2018 ජනවාරි 02 වෙනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දෙන ලදි.

බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාව සහ බරපතළ වංචා, දූෂණ විමර්ශන කොමිසමේ වාර්තා 2018 ජනවාරි 23දා පාර්ලිමේන්තුවේ දී සභා ගත කරන ලදී.

“දූෂණයට අනුබල දීම” සහ “දූෂණයට කුමන්ත්‍රණය කිරීම” විවිධ අවස්ථා යටතේ සිදු කර ඇති බව පෙනී යන්නේ යයි පවසන බරපතල දූෂණ, වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම, එවැනි වැරදි සිදු කළ පුද්ගලයන් “රට වෙනුවෙන් සහ රටේ ජනතාව වෙනුවෙන් සේවයක් සිදු කෙරෙතැයි අපේක්ෂා කළ නොහැකි,” බව ද සඳහන් කර තිබුණි.

විශේෂයෙන්ම “දූෂණයට” වැරදිකරුවන් කෙරුණු දේශපාලනඥයකු සත් වසරකින් පසුව හෝ මහජන නියෝජිතයෙකු වශයෙන් තේරී පත්වීම නුසුදුසු බව කොමිෂන් සභාවේ අදහස ලෙස ද දක්වා තිබුණි.

මළයාසියාවේ නඩු හිටපු අගමැති නජීබ්ගේ නීතීඥයා විසින් අගවිනිසුරු ටෙන්කු මයිමුන් තුවාන් මැට් විනිසුරු මඬුල්ලෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිය. එය අවසාන තීන්දුවක් ලබාදීම වළක්වාලීමේ උත්සාහයක්  විය.

අගවිනිසුරුවරියගේ සැමියා නජීබ් විවේචනය කරමින් 2018 දී ෆේස්බුක් සටහනක් තබා ඇති බැවින් ඇය පක්ෂග්‍රාහී විය හැකැයි ඔවුහු කියා සිටියහ. කෙසේ වෙතත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණේ එම සටහන නජීබ්ට එරෙහිව චෝදනා එල්ල කිරීමට පෙර තැබූවක් බැවිනි.

සිය තීන්දුවේදී අගවිනිසුරුවරිය පැවසුවේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කර ඇත්තේ නජීබ් චෝදනා හතටම වරදකරු බවත්, අභියාචනය “කිසිදු සත්‍යතාවයකින් තොර” බවත්ය.

නජීබ්ගේ බිරිඳ වන රොස්මා මන්සෝර් ද මුදල් විශුද්ධිකරණය සහ බදු පැහැර හැරීමේ චෝදනාවලට ලක්ව සිටී.

ශ්‍රී ලංකාවේ සිරිලිය ගිනුම වැනි ඍජු වංචාවන් සම්බන්ධයෙන් පවා කිසිදු නීතිමය ප්‍රශ්ණයකට මුහුණ දීමට ශිරන්ති රාජපක්ෂට සිදු වූයේ නැත. රගර් ක්‍රිඩක වසීම් තාජුඩීන් ඝාතනය නඩුව ද කාලයේ වැලි තලාවෙන් වැසී ගියේය.

 එසේ නමුත් නජීබ්ගේ බිරිඳ වන රොස්මා මන්සෝර් සූර්ය හයිබ්‍රිඩ් ව්‍යාපෘතියකට සම්බන්ධ දූෂණ චෝදනාවලට ඇය වෙනම මුහුණ දෙන අතර, මෙම නඩුවේ තීන්දුව මහාධිකරණය විසින් සැප්තැම්බර් 1 වැනිදා ප්‍රකාශයට පත් කරනු ඇත.

ශ්‍රී ලංකාවේ බැදුම්කර දූෂනයේ මහ මොළකරු ජනාධිපති වී සිටින අතර දූෂිත රාජපක්ෂ පවුල රනිල් රාජපක්ෂ පිටුපස සිට ඩීල් දේශපාලනයම කරගෙන යති.

(මෙම ලිපිය සඳහා බීබීසී සිංහල සේවයේ ලිපිද ඇසුරු කරන ලද නමුත් මෙහි සඳහන් අදහස්වට එම අඩවිය සම්බන්ධ නැත.)

Archive

Latest news

Related news