Friday, May 3, 2024

දුර කතන උදුරා ගත් පාර්ලිම්න්තු චන්ඩි : කතානායකගේ අවනීතිය සහ ගෝටාගේ අගමැති!

ඡායාරූපය: බලහත්කාරයට ලක් කල මාධ්‍යවේදීන් දෙදෙනා ප්‍රගීත් සහ කසුන් (බීබීසී සිංහල)

ගෝටා – රනිල් ආණ්ඩුවේ මංත්‍රීවරුන් තිදෙනෙකු විසින් පාර්ලිමේන්තු වාර්තාකරුවන් දෙදෙනෙකුගේ දුරකතන උදුරා ගැනීම සම්බන්ධයෙන් කතානායක දී ඇති තීන්දුව අද ශ්‍රී ලංකාවේ ක්‍රියත්මක වන අවනීතියේ තරම විදහා පායි.

මේ කතානායක වනාහී තමන්ගේ මුලු පවුලටම සිය කාර්යාලයේ මහජන මුදලින් රැකියා ලබා දී ඇති දුෂිතයෙකි.

ඔහුගේ තීරණයේ මෙසේ සඳහන් වේ:

“දිවයින තුළ උද්ගත වත්මන් තත්වය යටතේ තමන් නොහඳුනන පුද්ගලයන් විසින් එවැනි ස්ථානයක සිට,  මෙවැනි කාර්යයක් සිදු කිරීමේ දී, ගරු මන්ත්‍රීවරුන් විශේෂ සංවේදීත්වයක් දැක්වීම නොවැළැක්විය හැකි කරුණකි.”

මේ තීරණය අනුව ස්වර්ණවාහිනියේ පාර්ලිමේන්තු වාර්තාකරු ලෙස වසර 20ක පමණ කාලයක් ක්‍රියා කරන, පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රගීත් පෙරේරා සහ වසර හතක් සිරස මාධ්‍ය ජාලයේ පාර්ලිමේන්තු වාර්තාකරුවෙකු ලෙස ක්‍රියා කරන කසුන් සමරවීර නොහදුණ පුද්ගලයින්ය. ප්‍රගීත් පෙරේරා නොහදුණ මංත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ නැත!

පාර්ලිමේන්තුවේ සෑම දෙරටුවකම පොලිස් නිලධාරියකු සිටී. එසේ සිටියදීත් “ සංවේදීවීම” පුදුමයකි. වරප්‍රසාද සහිත මංත්‍රීවරු මෙතරම් බය වී සංවේදි වන්නේ නම්  රටේ ජනයා අද පවතින තත්වය තුළ කොතරම් සංවේදී විය යුතුද? සංවේදී වී මැති ඇමැතිවරුන්ට දුටු තැන පහර දිය යුතුද?

පාර්ලිමේන්තුව තුල හෝ වෙන ඕනෑම තැනක කිසිවකුට අන් අයකුට එරෙහිය බලය පාවිච්චි කළ නොහැකිය. එසේ නමුත් සිදු වුයේ මෙයයි:

”පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ ඇවිත් මාව තල්ලුකරගෙන ගිහින් බිත්තියට හේත්තු කරලා, මට තර්ජනය කරලා ඇහුවා මොකක්ද අපිව ගන්න තියෙන වුවමනාව කියලා. ඊට පස්සේ මගේ ෆෝන් එක උදුර ගත්තා. ඒ වෙලාවේ මම දැක්කා ඩී. වීරසිංහ මන්ත්‍රීවරයා අසභ්‍ය වචනයෙන් බැන වදිමින් කසුන්ගේ ෆෝන් එකත් උදුරා ගත්තා.” ( ප්‍රගීත් පෙරේරා බීබීසි සිංහල සේවයට)

”මගේ ෆෝන් එක උදුර ගත්ත වෙලාවේ මම ඩී.වීරසිංහ මන්ත්‍රීතුමාට කිවුවා කරුණා කරලා මගේ ෆෝන් එක දෙන්න කියලා. මම කරන්නේ අපේ රාජකාරිය කියලා. මන්ත්‍රීතුමාගේ අතේ තිබුණු මගේ ෆෝන් එක මම නැවත ගන්න උත්සහ කළා. ඒ වෙලාවේ එතන හිටපු මහාචාර්ය චන්න ජයසුමන මන්ත්‍රීතුමා කිවුවා ‘අඩෝ..අඩෝ උඹල අපිටත් ගහලා මන්ත්‍රීවරුන්ගේ ඇඟටත් අත තියන්න හදන්න එපා. අපිට මන්ත්‍රී වරප්‍රසාද තියෙනවා කීවේය.” (කසුන් සමරවීර බීබීසි සිංහල සේවයට)

මෙම ජනමාධ්‍යවේදීන් දෙදෙනාට එකී මංත්‍රීවරුන් විසින් බලහත්කාරකම් කරන ලද්දේ හඳුණා නොගත් නිසා යැයි කියන කතානායක වාර්තාව පිළිගත නොහැකිය. ජයසුමන ගේ කතාවෙන් ඒ බව ඉතා පැහැදිලි වෙයි.

තමන්ට එල්ල වූ තර්ජන සහ වෘත්තීය කටයුතුවලට බාධා කිරීම් ගැන ප්‍රගීත් පෙරේරා සහ කසුන් සමරවීර මැයි 17 වැනිදා වැලිකඩ පොලීසියට කරන ලද පැමිණිල්ල ගැන මේ දක්වා කිසිදු දැනුම් දීමක් කර නැත.

එපමණක් නොව එම පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙස ඔවුන් දෙදෙනාට තර්ජන ගර්ජනද එල්ල වෙමින් තිබේ.

මෙම මංත්‍රීවරුන් කළ යුතුව තිබුණේ මෙම වීඩියෝ ගත කිරීම වරදක් නම් ඒ ගැන එහි සිටින පොලිස් නිලධාරියකුට පැමිණිලි කිරීමයි. ඒ වෙනුවට රාජපක්ෂ දේශපාලනය අනුව යමින් එම තිදෙනාම නීතිය තමන් අතට ගත්තේය.

ඒ කෙසේ වෙතත් බලහත්කාරයෙන් මෙම ජනමාධ්‍යවේදීන්ගේ දුරකථන උදුරා ගැනීම නීතිමය වැරදි තුනක් යටතේ නඩු පැවරිය හැකි සිදුවීමකි.

එනම් නම් සාපරාධී බලහත්කාරය, බැණ තර්ජනය කිරීම සහ වටිනා ජංගම දුරකතන දෙකක් මංකොල්ල කෑමය.

එම වැරදි යටතේ පියවර ගනු වෙනුවට කතානායක එම වීඩියෝ මකා ආපසු දුරකතන ලබා දී තිබේ. දුරකතනයක ඡයාරූප හෝ වීඩියෝ මැකීමට තීරණය කළෙ කව්ද? ඊට ඇති නීතිමය ආවරණය කුමක්ද?

මේ ගැන ගෝටාගේ අගමැති වික්‍රමසිංහ කටක් ඇර නැත. කට ඇරිය හොත් කුඩු කෑ කතා එළියට එන නිසාය.

Archive

Latest news

Related news