Wednesday, April 24, 2024

මේ සටන මෙතරම්ම ශක්තිමත් ඇයි.…?

මේ සටන කිසිවෙක්, කිසියම් කදවුරක් අයිතිකර නොගන්නා තාක් නොබිදිය හැකි තරම් ශක්තිමත්. කව්රුන් හෝ හිතනවානම් මේ සටන තුල තම පක්ෂය, කණ්ඩායම හෝ නායකයා ප්‍රවර්ධනය කරන්න ඒක තමයි මේ අරගලයට කරන්නා වූ විශාලතම ද්‍රෝහීකම සහ පාවාදීම…

මම ඒක ටිකක් පැහැදිළිකනරන්නම්…

මේ අරගලය හැදිලා තියෙන්නේ යම් කිසියම් කේන්ද්‍රයක් හෝ පක්ෂයක් වටා නොවෙයි. ඒකට ධූරාවලියක්(ධූවාවලියක් කියන්නේ බලය බෙදී යන පිළිවලක්, පක්ෂයක් ගත්තොත්, නායකයා ගේ ඉදලා පහලට නිල තල තියනවා වගේ.. රාජ්‍ය ගත්තොත් ජනාධිති, අගමැති ගේ ඉදලා ජනතාව දක්වා බලය බෙදී තියනවා වගේ)

අරාජකවාදය නැතිනම් anarchism කියන වචනය තමයි ඉතිහාසයේ වඩාත්ම වැරදි ලෙස අර්ථ ගැන් වූ වචනය. මේක ඉංග්‍රීසි සිංහල සහ ගොඩාක් භාශාවලින් සිදු වී ඇති වරදක් කිව්වොත් නිවැරදියි.

ඇත්තටම අරාජිකවාදය කියන්නේ තවත් එක දේශපාලන විද්‍යාවක්. ඇත්තටම ඉතාමත් ප්‍රායෝගික වගේම මාණුශීය කිව්වොත් තමයි නිවැරදිම. ඒ වගේම මේක මාක්ස්වාදයටත් වඩා පැරණිම දේශපාලන විද්‍යාවක්..

අපි දන්නවා ඉතිහාසයේ මාක්ස්වාදය ප්‍රකාශයට පත්කල 1848 සිට මේ දක්වා මාක්ස්වාදය ක්‍රියාවට නංවන්න උත්සහයන් සියල්ලක්ම පරාජයට පත් වූ බව.. ඒකට හේතුව තමයි ඒ තුල ධූරාවලියක් තිබීම. රුසියාව ස්ටාලින් විසින් බිමටම පාත්කරන තත්වයට පත් වුනේ, ඒ තුල තිබ්බ කොමියුනිස් ධූරාවළිය නිසා. ඒක නිසා රුසියාවේ ඇති වූ දැඩි නිළධාරීවාදය අවසානයේ එම අරගලයේම අවසානය සනිටුහන් කලා. ඇත්තටම විප්ලවීය රුසියාව තුල ඇති වූ විප්ලවය අපි තමයි බොල්ශුයික් කියා ලෙනින් අත්පත්කර ගනීමම විශාල අපරාධයක් බවට පත් වුනා. අන්තිමට එය විසින් ජර්මණියේ වමාංශික කදවුර අඩපන කර හිට්ලර්ගේ ජාතිවාදයට බලය ලබාදීමට ඉඩ දෙන මට්ටමටම ගෙන ගියා…

මාක්ස් සහ අරාජිකවාදයේ පියා ලෙස සැලකෙන බකුණින් සමකාලීනයෝ… ඔවුන් දෙදෙනාම එකගවන බොහෝ කාරණා තිබුනත්, මාක්ස්වාදයේ සමාජය සංවාධිනය කරන කොමියුණිස්ට් පක්ෂය සහ ආකෘතිය බකුණින් ප්‍රථික්ශේප කන්නේ, එහි ඇති තද දූරාවලියම නැවතත් ගැටළුවක් ලෙස පෙන්වා දෙමින්, එය සියවස් දෙකකදී සැබෑවක් බව ඔප්පු වී ඇත.
නමුත් අරාජිකවාදී සටන් සෑම විටම අවසන් වූයේ ජයග්‍රහනයන්ගෙන්ය.. එය කළාව තුල වේවා, සමාජයතුල වේවා, දේශපාලනය, සංස්කෘතිය, මතවාද යන සියල්ලගේදීම ජනතාව වෙත ජයග්‍රහනයන් ලබා දී ඇත.

අරාජික වාදය තුලඇත්තේ වගකීම්සහගත නිදහස සහ සමානාත්මතාවයයි. ඔබ ඔබගේත් අනෙකාගේත් නිදහස වෙනුවෙන් සටන්කල යුතුයි.. අනෙකාගේත් ඔබගේත් නිදහස තවකෙක්ගේ නිදහසට බාධාවක් නොවිය යුතුයි. ඔබගේ ජීවිතයට වගකිවයුත්තා ඔබ වන අතර ඔබ සමාජයට වගකිව යුතුයි… එමෙන්ම අරාජික වාදී ආකෘතිය තුල ඔබ අරගල කරුවෙක්නම්, වගකීම් සහගතව සටන්කිරීමේ නිදහසක් ඔබ බුක්ති විදියි. ඔබට ඇත්තේ සහෝදරත්වය සහ සමානාත්මතාවයයි…

අද මේ සටන තුල අපි එය බුක්තිවිදිමින් සිටිමු.

අපි මේ අරාංජිකත්වයට ආදරය කරමු. මෙම අරගලයේ ඔබේ නායකයාගේ හෝ පක්ෂයේ නම සනිටුහන් කරනවා වෙනුවට එය සමාජ ජයග්‍රහනයක් බවට පත්කරමු…

මේ පාලනය වෙනස් කිරීම එවිට අපට මහ දෙයක් නොවනු ඇත…

එතකොට මුන් එලවලා කව්ද ගේන්නේ?

එය සමාජයට අයිති දෙයක්. අපි මුන් එලවූ පසු, එලවීමට, දෙනු ලබන දායකත්වය නිසා මතුවන වගකීම් සහගත නායකයන් ඒ හිස්තැනට පත් කිරීමට නැවතත් සටන්කරමු…
පැරණි සමාජය මිය ගොස් ඇත..

උන්ට මෙය අයිතිකරගෙන විනාශ කිරීමට ඉඩ නොදෙමු…

Kus Sajeewa FB

Archive

Latest news

Related news