Tuesday, December 3, 2024

බැටළු ඇඳුමින් සැරසුණු වෘක පනත: ගොවීන්ට ගොවිබිම් අහිමි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ

ඡායාරූපය: ඌව වෙල්ලස්ස ඉඩම් රැක ගැනීමේ ව්‍යාපාරයේ පා ගමනක්. (පෙබරවාරි 2022)

ශ්රී ලංකා පාර්ලිමේන්තුව ගොවීන්ට ගොවිබිම් අහිමි කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම අවසන් කරයි.

ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (LDO) පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී දෙවැනිවර කියවීමෙන් සම්මත විය. ගොවීන්ගේ ණයගැතිභාවය පිලිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රදර්ශනය කළ නොදැනුවත්කම සහ උදාසීනත්වය පිළිකුල් සහගත වේ. ඇමති මන්ත්‍රී වරුන්ගේ ප්‍රකාශ වලින් පෙනුනේ ගොවීන්ගේ ඉඩම් බැංකුවලට උකස් කිරීමට හැකිවීම සියලු ගොවීන්ගේ ප්‍රශ්නවලට එකම විසඳුම බව ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාස කරන බවටයි. පනත් කෙටුම්පතේ ඇති තීරණාත්මක වගන්ති ගැන සාකච්ඡා කිරීමට පරිසරයක් නිර්මාණය නොකර කඩිමුඩියේ පනත් කෙටුම්පත සම්මත කරන ලදී.

LDO සංශෝධන පනත් කෙටුම්පත බැටළු ඇඳුමින් සැරසුණු වෘකයෙකි. එය මිනිසුන්ට තමන්ගේ ඉඩම් පිළිබඳ තීරණ ගැනීමට වැඩිපුර නිදහස සහ පාලනයක් ලබා දෙන ‘ප්‍රගතිශීලී පියවරක්’ ලෙස වැරදි ලෙස නිරූපණය කර ඇත. කාන්තාවන්ට ඉඩම් උරුමකර ගැනීමේ අයිතිය ඇතුළත් කිරීමෙන් ඉදිරිගාමී පියවරක් ලෙස පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත. ජනතා විරෝධී නීති ගෙන ඒම සඳහා කාන්තාවන්ගේ ඉල්ලීම් වැරදි ලෙස භාවිතා කළ පළමු අවස්ථාව මෙය  නොවන බව පෙන්වා දීමට අපි කැමැත්තෙමු. වැඩකරන ජනතාවගේ අයිතීන් කප්පාදු කළ නම්‍යශීලී කම්කරු නීති හඳුන්වා දීමට කාන්තාවන් පාවිච්චි කළා මෙන් ආණ්ඩුව ඉඩම් පෞද්ගලීකරණය කිරීමට සහ වෙළඳ භාණ්ඩයක් කිරීමට කාන්තාවන්ගේ ඉල්ලීම් අවභාවිතා කරමින් සිටී.

මෙම සංශෝධනය ඉදිරිපත් වන්නේ ගොවීන් දැනටමත් ණය බරින් මිරිකී සිටින අවස්ථාවකයි. හදිසියේ කාබනික වගාව ඇති කිරීමට උත්සහ කිරීම නිසා අස්වැන්න දැවැන්ත ලෙස කඩා වැටීමේ  කම්පනයෙන් පොරබදමින් සිටින ගොවීන් දැනටමත් ආදායම් අහිමිවීමේ තර්ජනයට මුහුණ පාමින් සිටියි.

ගොවීන්ට ප්‍රදේශයේ දිසාපතිවරයාගේ අවසරයකින් තොරව ඔවුන්ගේ ඉඩම් බැංකුවලට උකස් කිරීමේ හැකියාව LDO සංශෝධන පනත් කෙටුම්පත මඟින් ලැබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ගොවීන්ට තම ඉඩම් උකස් කිරීමට ඇති අයිතිය සඳහා බලගැන්වීමක් ගැන ඉඟි කරමින් මෙම පනත් කෙටුම්පත ‘ප්‍රගතිශීලි’ පියවරක් ලෙස වැරදි ලෙස අර්ථකථනය වෙමින් තිබේ. කෙසේ වෙතත්, බැංකුවලට, මූල්‍ය සමාගම්වලට සහ ප්‍රාදේශීය මුදලාලිලාට ඉඩම් සින්න වූ දහස් ගණනක් ගොවීන් දන්නා පරිදි ඉඩම් උකස් කිරීමට ඇති නිදහස ‘නිදහස් කැමැත්ත’ හෝ ‘විමුක්තිය’ සම්බන්ධ දෙයක් නොවේ. ගොවීන්ට තම ඉඩම් උකස් කිරීමට සිදුවන්නේ එසේ කිරීම හැර වෙනත් කිසිම විකල්පයක් ඔවුන්ට නොමැති නිසයි.

අඩු ආදායම්ලාභී වැඩ කරන ජනතාවගේත් ගොවීන්ගේත් ජීවන අත්දැකීම් කිසිත් නොසලකා, නව LDO සංශෝධන පනත් කෙටුම්පත උත්සහ කරන්නේ දරිද්‍රතාවයෙන් පෙළෙන ගොවීන්ගෙන් ගොවිබිම් උදුරා ගැනීමට සහ ගොවියන්ට ඇති වටිනාම මෙන්ම එකම වත්කම වල ඉඩම සොරකම් කිරීමට බැංකුවලට සහ මූල්‍ය සමාගම්වලට ඇති හැකියාවට වැට බැඳමින් ගෙන ආ ප්‍රගතිශීලී ඉඩම් ප්‍රතිසංස්කරණ නීති හොර රහසේ ආපසු හැරවීමටයි.

මෙම සංශෝධනය ඉදිරිපත් වන්නේ ගොවීන් දැනටමත් ණය බරින් මිරිකී සිටින අවස්ථාවකයි. හදිසියේ කාබනික වගාව ඇති කිරීමට උත්සහ කිරීම නිසා අස්වැන්න දැවැන්ත ලෙස කඩා වැටීමේ  කම්පනයෙන් පොරබදමින් සිටින ගොවීන් දැනටමත් ආදායම් අහිමිවීමේ තර්ජනයට මුහුණ පාමින් සිටියි. පිරිහෙන ආර්ථික තත්ත්වය ගොවීන්ගේ ණයගැතිභාවය තීව්‍ර කරනු ඇත. අතීතයේ ගොවීන් සිය ගණනකට සියදිවි නසා ගැනීමට බල කළ ගොවි ණය මෙන්ම වර්තමානයේ ප්‍රධාන වශයෙන් ගොවිතැන් කරන ප්‍රදේශවල පවතින ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය ද ගොවීන් ජීවත් වන අවිනිශ්චිත, අවධානම් තත්ත්වය පැහැදිලි කරයි. මෙම සන්දර්භය තුළ, නව LDO කෙටුම්පත ක්‍රියාත්මක කිරීම නිසා ගොවි ඉඩම් මහාපරිමාණයෙන් බැංකු සහ මූල්‍ය සමාගම් වෙත පැවරීමකට තුඩු දී ඉඩම් නොමැති ගොවීන් සමූහයක් නිර්මාණය කරනු ඇත.

මේ අර්ථයෙන් ගත් කල, මෙම පනත අතීතයේ මෙන් සමාජයේ කිහිප දෙනෙකුට පමණක් ඉඩම් හිමිව තිබූ ඉඩම්-හිමි යුගය යළි ස්ථාපිත කිරීම අරමුණු කරගත් ප්‍රතිගාමී නීතියකි. එමෙන්ම, මේ පනත ඉදිරිපත් වීමට සමගාමීව ශ්‍රී ලංකාවේ ජනතාව විසින් මුළු හදවතින්ම ප්‍රතික්ෂේප කරන ලද සහශ්‍ර අභියෝගතා සමායතන ගිවිසුම නොහොත් මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (Millennium Challenge Corporation) නැවත සාකච්ඡා කිරීමේ උත්සාහයක් ද ඉදිරියට පැමිණ තිබේ. MCC පනත පරාජය කිරීමේදී ගොවි ඉඩම් අත්පත් කර ගැනීම සඳහා කෘෂිකාර්මික සමාගම් සහ බහු ජාතික සමාගම් බල ගැන්වෙන ඉඩම් පෞද්ගලීකරණය කිරීමට ඇති ජනතා විරෝධය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළේය.

බැංකු, මූල්‍ය සමාගම් සහ බහුජාතික සමාගම්වල ග්‍රහණයෙන් ගොවීන්ගේ ඉඩම් ආරක්ෂා කරන අධීක්ෂණය ඉවත් කිරීමෙන් රජය දිනා ගැනීමට උත්සාහ කරන්නේ කුමක්ද? අපේ ගොවීන්ගෙන් තවත් ඉඩම් අත්පත් කර ගැනීමට බැංකු, මූල්‍ය සහ බහුජාතික සමාගම් වලට උදව් කිරීමට රජයට අවශ්‍යද? අපගේ ගොවීන්ට ඉතිරිව ඇති අවසන් වත්කම ඔවුන්ගෙන් උදුරා බැංකු සහ ආයතනික අංශය පොහොසත් කිරීමට රජය උනන්දු වන්නේ ඇයි?

අපි රජයෙන් ඉල්ලා සිටින්නේ:

    • නව ඉඩම් පනත නීතියක් ලෙස සම්මත වීමට පෙර LDO සංශෝධන පනත් කෙටුම්පතේ 4 සහ 9 වගන්ති ඉල්ලා අස්කර ගන්න.
    • අපේ රටේ සුළු පරිමාණ ගොවීන්ට අවාසිදායක නීති සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ බහුතරය භාවිතා නොකරන්න.
    • අනාගතයේදී ගොවීන්ගේ ඉඩම් බැංකුවලට අහිමි වූ විට ඒ වරද පැටවෙන්නේ ආණ්ඩුවේ කරමත බවත්, ඉඩම් අහිමි ගොවීන්ට ආණ්ඩුව වගකිව යුතු බව මතක තබා ගන්න.

අත්සන් කරන්නේ:

අත්සන් කරන්නන්:
1. සියලුම සේවක තොරතුරු හා විදුලි සංදේශ සංගමය
2. ලංකා වෘත්තීය සමිති සම්මේලනය
3. ලංකා වෙළඳ කාර්මික සහ පොදු සේවක සංගමය (CMU)
4. ලංකා ගුරු සංගමය (CTU)
5. වාණිජ හා කාර්මික සේවක සංගමය (CIWU)
6. ශ්‍ර ලංකාවේ ඩාබිඳු සාමූහිකය
7.ඬාබිඳු ව්‍යාපාරය
8. නැගෙනහිර සමාජ සංවර්ධන පදනම (ESDF)
9. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
10. Hashtag Generation
11. මානව උන්නතාංශ සංවිධානය (HEO), අම්පාර
12. මානව හිමිකම් කාර්යාලය (HRO), මහනුවර
13. සමාජ සංවර්ධන ආයතනය (ISD)
14. විමුක්ති ව්‍යාපාරය
15. ජාතික ඉඩම් සහ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ සඳහා වූ ව්‍යාපාරය (MONLAR)
16. ජාතික ධීවර සහයෝගීතා සංවිධානය (NAFSO)
17. ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය (PARL)
18. සමිිති ආරක්ෂනය
19. මානව සංවර්ධනය සඳහා විප්ලවීය පැවැත්ම (RED)
20. Right to Life (R2L) මානව හිමිකම් මධ්‍යස්ථානය
21. ශ්‍රමාභිමානී කේන්ද්‍රය
22. සහෝදරිත්වයේ මුලපිරීම
23. ශ්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමය
24. Standup Movement Lanka
25. Standup සේවක සංගමය
26. විදුලි සංදේශ ඉංජිනේරු තානාපති සංගමය
27. කම්කරු එක්සත් සම්මේලනය
28. එක්සත් පොදු සේවා සංගමය
29. කාන්තා ආධාර ජාලය
30. කාන්තා ක්‍රියාකාරී ජාලය (WAN), මන්නාරම
31. කාන්තා සංවර්ධන පදනම
32. තරුණ නීතිඥ සංගමය

මාර්තු 17, 2022

Archive

Latest news

Related news