Tuesday, July 16, 2024

පොරොන්දු ඉටු නොකරන ගෝඨාභය රජය කරන්නේ පළිගැනීම් ඉදිරියට ගෙන යාමයි – කරු ජයසූරිය

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පක්වීමට පෙර දුන් පොරොන්දු ඉටු නෙකෙර ටද්ශපාලන විරුද්ධවාදීන්ගෙන් දිගටම පළි ගැනිමින් සිටිව බව සමාජ සාධාරණත්වය සඳහා ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය ප්‍රකාශ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරය මෙසේ සඳහන් කරයි:

“නව රජය බලයට පත්වූ පසු දුන් බොහෝ පොරොන්දු ඉටු වී නැහැ. ඉන් සමහරක් නම්,
1.      අවුරුද්දක් ඇතුළත නව ව්‍යවස්ථා යෝජනාවලියක් ගෙන ඒම හා රාජ්‍ය කරණයේදී ද්විත්ව පුරවැසිභාවය ඉවත් කිරීම
2.      ජාතික ආගමික සංහිඳියාව ශක්තිමත් කිරීම හා සිවිල් සමාජය සමග සමග සහයෝගයෙන් කටයුතු කිරීම.
3.      ප්‍රජාතන්ත්‍රවාදය හා භාෂණයේ නිදහස රැකදීම.
4.      දේශපාලන පලිගැනීම් නැවැත්වීම හා පූර්ණ නිදහස
5.      ජීවන වියදම අඩුකිරීම
ඉහත සඳහන් කරුණු කිසිවක් ඉටු වී නැහැ. ව්‍යවස්ථා යෝජනා සූදානම් කළ යුත්තේ රජයට හිතවත් නීතීඥ කණ්ඩායමකින් නොව පාර්ලිමේන්තුවෙන් හා ජනතාවගෙනි. මෙය විශාල අඩුපාඩුවක් මෙන්ම වරදක්.
විරුද්ධ දේශපාලන මතධාරීන්ගෙන් උපාලි අබේරත්න කොමිසම හරහා තවමත් පලිගනිමින් සිටිනවා. චූදිතයින් නිදහස් වෙනවා.
විපක්ෂයේ ප්‍රධාන දේශපාලන චරිත BMICH සම්මන්ත්‍රණ ශාලාවේ දී පරීක්ෂණ වලට මුහුණ දෙනවා. ඒ ඔවුන්ගේ දේශපාලන දිවිය විනාශ කිරීමටයි. විපක්ෂනායකවරයා හා ජාතික ජන බලවේගයේ නායකවරයාගේ රැස්වීම් කඩාකප්පල් කිරීමටකටයුතු සිදුවනවා. එක් රටක් එක් නීතියක් සංකල්පය විහිළුවක් වී තිබේ. ඒ ගැන කතාකිරීමත් ඵල රහිතයි.
බුවනෙකහු රජතුමාගේ මාලිගය කඩා දැමූ අයත්, හිරගෙදරට ගොස් සිරකරුවන්ට මරණ තර්ජන කළ ඇමතිවරයාත්, කිසිම පරීක්ෂණයකට භාජනය නොවී සතුටින් කල් ගෙවයි. රටේ ජනතාව මේ ගැන විවේචනාත්මකව කතා කරනවා. සීනි වංචාව ගැන විගනකාධිපතිවරයා පරීක්ෂණයක් කළ අතර පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ ද වංචාවක් ඇති බවට සඳහන් වුණා. මේ වාර්තා හමස් පෙට්ටියේ. සීනි වංචාව මහ බැංකු වංචාවට ද වඩා විශාලයි. මහබැංකු මුදල රජය සතු කරගෙන ඇත. සීනි අපයෝජනයේ මුදල් ජාවාරම්කරුවන් අතේ.”

නිවේදනය සම්පූර්ණයෙන්:

2022.03.10 දින සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසුරිය මැතිතුමා විසින් පවත්වන ලද පුවත්පත් සාකච්ඡාව

ලෝකයම අවුල් වී ඇති අවධියක  අද පුවත්පත් සාකච්ඡාව පවත්වන මේ අවස්ථාවේදී Covid වසංගතය පැතිරීමේ අඩුවක් දැකීම එක් අතකින් සැනසීමට කරුණක්.
ඒ ගෞරවය රජයටත්, සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ සෑම තරාතිරමකම නිලධාරින්ටත්, යුධ හමුදාව, පොලීසිය ඇතුළු සියලුම සේවා වලටත් අප පුද කරනවා.
එසේ වුවද එදිනෙදා ජීවිතයේ සෑම අංගයක්ම විකෘති වී රටත්, ජනතාවත් අති මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන ආකාරය දකින විට අපට විශාල කනගාටුවක් හා වේදනාවක් දැනෙනවා.
ඉන්ධන නොමැතිව, සිමෙන්ති නොමැතිව, ගෑස් නොමැතිව, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර හිඟයෙන් බැට කන ජනතාවගේ අඳෝනාව අපට ඇහෙනවා. දැනෙනවා. මේ නිසා පවුල් සංයුතිය පෝලිම් වල සිටීම නිසා බිඳ වැටී තියෙනවා. මෙය විශාල ඛේදවාචකයක්.
රජය විද්වත් උපදෙස් පිළි ගත්තේ නම්, ඥානාන්විතව නිසි වේලාවට නිසි පියවර ගත්තේ නම්, මේ අවාසනාවන්ත තත්වය ඇති වන්නේ නැහැ. දැඩි විදේශ සම්පත් අඩු වූ විට රටේ බහුතර මතය වූයේ ඩොලර් මිලියන පන්සීයක ණය මුදල එකවර නොගෙවා පොලිය පමණක් ලබාදී ණය මුදල ගෙවීම සඳහා අන්තර්ජාතික අරමුදල හෝ වෙනත් ආයතනයකින් උපදෙස්  ලබාගන්නා ලෙසයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින්ද මේ මතය දන්වා සිටියා.
සත්භාවයෙන් ඉදිරිපත් වුණු මේ යෝජනා වලට රජයෙන් පිළිගැනීමක් ලැබුණේ නැහැ. රුපියල පාවීමට ඉඩ දීම තුළින් විදේශ රැකියා වල නියුතු අයට සාධාරණයක් වල බවත්, අපනයනයට දිරිගැන්වීමක් වන බවත්, ආනයන ක්‍රියාදාමයේ දී “මුන්ඩේල්” ක්‍රමය වෙනුවට යථාර්ථවාදී මිල පිළිබිඹු වනු ඇති බවත් , අපි සඳහන් කළා. එවිට අනවශ්‍ය ආනයනය නිතැතින්ම අඩු වෙනවා. ප්‍රමාද වී හෝ රජයට මේ කරුණ වැටහීම වැදගත්.

ආර්ථිකයේ බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් වශයෙන් අපි දකින්නේ රජය එක් මතයක් තුළ ක්‍රියා නොකිරීමයි. එය පාලනයේ විශාල දුර්වලතාවයක්. 20 වැනි සංශෝධනයෙන් රාජ්‍ය කරණයේ පූර්ණ බලතල පැවරුණේ එක් පුද්ගලයකුටයි. පාර්ලිමේන්තුවට නොවෙයි. එහෙයින් ජනතාවට වග කිව යුත්තේ 3/2 විධායක බලයක් ඇති ජනාධිපතිවරයායි.

එමෙන්ම නව රජය බලයට පත්වූ පසු දුන් බොහෝ පොරොන්දු ඉටු වී නැහැ. ඉන් සමහරක් නම්,
1.      අවුරුද්දක් ඇතුළත නව ව්‍යවස්ථා යෝජනාවලියක් ගෙන ඒම හා රාජ්‍ය කරණයේදී ද්විත්ව පුරවැසිභාවය ඉවත් කිරීම
2.      ජාතික ආගමික සංහිඳියාව ශක්තිමත් කිරීම හා සිවිල් සමාජය සමග සමග සහයෝගයෙන් කටයුතු කිරීම.
3.      ප්‍රජාතන්ත්‍රවාදය හා භාෂණයේ නිදහස රැකදීම.
4.      දේශපාලන පලිගැනීම් නැවැත්වීම හා පූර්ණ නිදහස
5.      ජීවන වියදම අඩුකිරීම

ඉහත සඳහන් කරුණු කිසිවක් ඉටු වී නැහැ. ව්‍යවස්ථා යෝජනා සූදානම් කළ යුත්තේ රජයට හිතවත් නීතීඥ කණ්ඩායමකින් නොව පාර්ලිමේන්තුවෙන් හා ජනතාවගෙනි. මෙය විශාල අඩුපාඩුවක් මෙන්ම වරදක්.
විරුද්ධ දේශපාලන මතධාරීන්ගෙන් උපාලි අබේරත්න කොමිසම හරහා තවමත් පලිගනිමින් සිටිනවා. චූදිතයින් නිදහස් වෙනවා.

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන චරිත BMICH සම්මන්ත්‍රණ ශාලාවේ දී පරීක්ෂණ වලට මුහුණ දෙනවා. ඒ ඔවුන්ගේ දේශපාලන දිවිය විනාශ කිරීමටයි. විපක්ෂනායකවරයා හා ජාතික ජන බලවේගයේ නායකවරයාගේ රැස්වීම් කඩාකප්පල් කිරීමටකටයුතු සිදුවනවා. එක් රටක් එක් නීතියක් සංකල්පය විහිළුවක් වී තිබේ. ඒ ගැන කතාකිරීමත් ඵල රහිතයි.
බුවනෙකහු රජතුමාගේ මාලිගය කඩා දැමූ අයත්, හිරගෙදරට ගොස් සිරකරුවන්ට මරණ තර්ජන කළ ඇමතිවරයාත්, කිසිම පරීක්ෂණයකට භාජනය නොවී සතුටින් කල් ගෙවයි. රටේ ජනතාව මේ ගැන විවේචනාත්මකව කතා කරනවා. සීනි වංචාව ගැන විගනකාධිපතිවරයා පරීක්ෂණයක් කළ අතර පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ ද වංචාවක් ඇති බවට සඳහන් වුණා. මේ වාර්තා හමස් පෙට්ටියේ. සීනි වංචාව මහ බැංකු වංචාවට ද වඩා විශාලයි. මහබැංකු මුදල රජය සතු කරගෙන ඇත. සීනි අපයෝජනයේ මුදල් ජාවාරම්කරුවන් අතේ.

පසුගිය දා ගරු ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා, ඇතුළු මැති ඇමතිවරුන් ඇතුළු ප්‍රසිද්ධියේ මාර්තු 5 වන දායින් පසු විදුලි කප්පාදුවක් නොවන බවට ප්‍රතිඥාවක් ජනතාවට ලබා දුන්නා. එම පොරොන්දුව බලපෑවේ පැය කිහිපයකට පමණි. දැන් පැය 7 ක විදුලි කප්පාදුවක් බල පැවැත්වේ.

යහපත් චේතනාවෙන් මෙම කරුණු අප සඳහන් කළේ 20 වැනි සංශෝධනය ප්‍රකාරව ජනතාව පිළිබඳ ජාතික වගකීම ඇත්තේ ජනාධිපතිතුමාට නිසයි.

රාජ්‍ය නායකයා පොරොන්දු කඩ කළ විට ජනතා විශ්වාසය පිරිහී නායකවරයාගේ කීර්තිනාමයට හානි වෙනවා. එමෙන්ම ඉදිරි පොරොන්දු කෙරෙහි විශ්වාසය ද නැති වීම වැළැක්විය නොහැකියි. ඉදිරියේදීවත්, පොරොන්දු දෙන විට ස්ථිර ඉටුකළ හැකි කරුණු ගැන කතා කිරීම යෝග්‍ය බව අපගේ විශ්වාසයයි.

අපිට මේ ව්‍යසනයෙන් ගොඩ ඒමට පුළුවන්. ලෝක යුද්ධයෙන් අළු බවට පත් වූ රටවල්, බලවත් රාජ්‍යයන් බවට පත්වූයේ ජාතික එකඟත්වයකින් කටයුතු කළ නිසයි. ජර්මනිය හා ජපානය ආදර්ශයට ගන්න.

1991 දී ඉන්දියාවද විශාල ආර්ථික අහේනියකට මුහුණ දුන්නා. දැඩි ආනයන සීමාවක් ඇති වුණා. ආනයන කටයුතු සඳහා විදේශ මුදල් තිබුණේ දින පහළොවකට පමණයි.

අග්‍රාමාත්‍ය නරසිංහ රාඕ ලෝක බැංකුවේ අත්දැකීම් සහිත ආචාර්ය මන්මෝහන් සිං පූර්ණ බලතල ඇති මුදල් අමාත්‍යවරයා ලෙස පත් කළා. මහ බැංකුවට බුද්ධිමත් ස්වාධීන ආර්ථික විද්වතුන් පත් කළා. දේශපාලකයින්ට එම වැඩපිළිවෙල අවුල් කරන්න ඉඩ දුන්නේ නැහැ  රාඕ අගමැතිතුමා දේශපාලන පක්ෂ පහළොවක් සමඟ “අර්බුදයට මුහුණ දීමට පොදු වැඩපිළිවෙලක්” නමින් සම්මුතියකට පැමිණියා. මෙයින් ඉන්දියාවේ ක්ෂණික ආර්ථික පිබිදීමක් ඇති වුණා. දින 15 කට සීමා වූ විදේශ විනිමය සංචිතය වෙනුවට 2004 දී එය ඩොලර් බිලියන 100 දක්වා ඉහළ ගියා.

වර්තමානයේ එම සංචිතය ඩොලර් බිලියන 650 ආසන්නට පැමිණ තිබෙනවා. කෝවිඩ් වසංගතය පැමිණියද ඉන්දියානු ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙනවා. දැන් ඉන්දියාව ලෝකයේ ආර්ථික බලවතෙක්.

චීනයේ ද ආර්ථිකය මෙහෙය වන්නේ ලෝක පූජිත ආර්ථික විද්වතුන් විසින්. 80 දශකයේ දී මෙන්ග් සියෝ පින්ග් නායකවරයා පසුව ජනාධිපති පදවියට පත් ජියන් සමන්ග් මහතා ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා ඇතිකළ Public Private Partnership (රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාවය) ගැන හැදෑරීමට ලංකාවට එවුවා. එතුමා පැමිණියේ ලංකාව හා සිංගප්පූරුවට පමණයි. එම හවුල් ව්‍යාපාරයේ එකල සභාපතිවරයා වශයෙන් විශේෂ නියෝජිතවරයා හමුවීමට අපටත් අවස්ථාවක් ලැබුණා. අපේ බොහෝ අය මේ කරුණ ගැන නොදැන සිටියත් චීනයේ මේ වාර්තා සනිටුහන් වී තිබෙනවා.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මඟින් ද “රට ගොඩ නැගීමට අවම පොදු වැඩපිළිවෙලක්” නමින් යෝජනාවලියක් රජයටත්, ජනතාවටත් ඉදිරිපත් වී තිබෙනවා. මේ කරුණු බලවතුන්ගේත්, ජනතාවගේත්, අවධානයට යොමු වේවායි අපි ජාත්‍යාලයෙන් යුතුව පතනවා.

පටු චේතනාවෙන් කටයුතු නොකර දැන්වත් මිත්‍රත්වයේ හස්තය ජනතාවට දිගු කරන ලෙස රජයට කියා සිටිනවා. ජනාධිපතිතුමාට 69 ලක්ෂයක් ඡන්දය දෙන විට 62 ලක්ෂයක් පුරවැසියන් එතුමාව අනුමත කළේ නැහැ. එහෙත් එතුමා දැන් සෑම දෙනාගේම රාජ්‍ය නායකයා. එම කරුණ සිත්හි තබාගෙන කටයුතු කළහොත් රටේ සංහිඳියාව ඇති කළ හැකියි.
රටේ ජාතික නායකයන්ට හා සියළුම පුරවැසියන්ට අපගේ ආයාචනය වනුයේ පටු වාද බේද අතහැර රට වෙනුවෙන් හා නූපන් පරපුර වෙනුවෙන් දැන්වත් එක් වන ලෙසයි.

Archive

Latest news

Related news