Friday, April 19, 2024

රට වැසුවාට ප්‍රතිපල නැත්තේ අවිද්‍යාත්මක ප්‍රවිශ්ඨය නිසයි – රවි කුමුදේශ්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැරදි මතවාදය හේතුවෙන් රට වැසීමෙන් ලැබිය හැකි ප්‍රතිඵල වලින් 80% ක් හානි වී ඇත.
️ලොක සෞඛ්‍ය සංවිධානයේ වාර්ථාවලට අනූව ශ්‍රී ලංකාව පරීක්ෂණ මගින් සොයා ගන්නේ අසාධිතයින්ගෙන් 15.8%ක් පමණි.  එනම් අප සොයා ගණු ලබන රෝගීන් මෙන් පස් ගුණයකට වඩා අසාධිතයින් රට තුල සිටින බවය.
මෙම තත්වය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැරදි ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් සිදු වන බව පෙනෙන්නට තිබෙන අතර, පරික්ෂණ ප්‍රමාණය වැඩි කිරීම මගින් හමුවන රෝගීන් ප්‍රමාණය වැඩි වුවහොත් එය රජයට දැරිය නොහැකි බරක් විය හැකි බැවින්, එසේ නොකර සිටීමට හේතුව බව පවසමින් ඇතැම් වසංගත රෝග ප්‍රධානීන් හා දේශපාලකයින් ජනාධිපතිවරයාව නොමග යවමින් සිටුන බව පෙනෙන්නට තිබේ. එමගින් සිදුවන්නේ රෝගීන් රෝගයක් පවතින බව පවා නොදැන මිය යන්නට සැලසවීමක් බැවින් එය අතිශය සාපරාදී තීරණයකි.
අවම වශයෙන් තමන් ආසාදිතයෙකුද, නැත්ද යන්න තහවුරු කර ගැනීම සදහා පහසුකම් සැලසීම රජයක වගකීමවන අතර, එම වගකීම පවා පැහැරහරින සෞඛ්‍ය අමාත්‍යාංශයක් කුමක් සදහාද යන්න පවා ගැටළුවකි. එසේම අසාධිතයින්ගෙන් 80%ක් පමණ රජයට කිසිදු බරක් නොවන සේ කළමනාකරණය  කරගත හැකිව තිබියදී, රෝගීන් නිවැරදිව හදුනා ගැනීම කිසිසේත්ම අමතර බරක් වන්නේ නැත.
රෝගීන් සොයා නොගෙන සිටීමේ ප්‍රතිපත්තිය මගින්, ප්‍රතිකාර අත්‍යවශ්‍ය 5% කටත් වඩා අඩු මහ ජනතාව රෝහලක් සොයාගන්නා විට ජීවිතක්ෂයට පත්වී තිබීමට බොහෝ ඉඩකඩ පවතින බැවින්, මෘතදේහ වලට පරීක්ෂණ කර කොවිඩ් සොයා ගන්නා ප්‍රතිපත්තිය අප වහා වෙනස් කල යුතුය.
ලෝක සෞඛ්‍යය සංවිධානයේ එම වාර්ථාවට අනූවම, ආසියාතික කලාපයේ රට වැසීම් සදහා වැඩිපුරම අව්තීර්ණ වූ රටක් වුවද, එම කාලයන් තුල අවම සංචරන සීමා අනුගමනය කල රටවල් අතරද ශ්‍රී ලංකාව සිටින බවය.
ඒ අනුව ලොක් ඩවුන් කාළය නිවැරදි විද්‍යාත්මක පදනමකින් කළමනාකරණයකර නොගැනීම හේතුවෙන්, එක් ලොක් ඩවුන් කිරීමකින් ලැබිය හැකි ප්‍රතිපල සදහා ලොක් ඩවුන් පහක් පමණ කිරීමට සිදු වී ඇති බව තහවුරු වේ. දැනට පවතින ලොක් ඩවුන් කාලයද එලෙස 80%ක් පමණ අප නාස්තිකොට ඇති බැවින්, තවදුරටත් දැඩි සංචරන සීමාවන් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය පහව ගොස් නැත. නමුත්, පරීක්ෂණ ධාරිතාව සීමා කරමින්, විද්‍යාත්මක භාවිතාවක් නොමැතුව නැවත නැවත ලොක් ඩවුන් කිරීම වෙණුවට, ලොක් ඩවුන් කිරීමට පෙර අවශ්‍යතාවයන් සදහා හොද සූදානමක් සහිතව සංචරණ සීමාවන් පැනවීමක් සැලසුම්.කිරීම වෛරසයේ ශීඝ්‍ර පැතිරීම පාළණය කිරීමට තවදුරටත් අත්‍යාවශ්‍යය.
අද පැවැති පුවත්පත් සාකච්ජාවේදී දක්වන ලද අදහස් ඇසුරිණි. එම වීඩියෝව පහත දැක්වේ.
රවී කුමුදේශ්
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Archive

Latest news

Related news