Thursday, March 28, 2024

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත කිරීමට මෙම පනත් කෙටුම්පත යෝජනා කරන බවත් යෝජිත වෙනස්කම් විසින් නිදහසට පෙර සිටම ශ්‍රී ලංකා රාජ්‍යයේ සහ දේශපාලන ක්‍රමයේ මුල්ගල වූ ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය විනාශ කනර බවත් ජනාධිපතිවරයා වෙත ලියා යවන පාර්ලිමේන්තු මංත්‍රී හරිනි අමරසූරිය එබැවින් මෙම කෙටුම්පත ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටී.
එම ලිපිය පහත පළවේ.
හිතවත් ජනාධිපතිතුමනි,
කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්යාල පනත් කෙටුම්පත පිළිබඳ නිරීක්ෂණ
පෙර පැවති රජය විසින් 2018 අප්රේල් 11 වන දින නිකුත් කරන ලද ඉහත පනත් කෙටුම්පත ඔබේ රජය විසින් නැවත වරක් පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත. පැවති රජය විසින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළ විට, එය විශ්වවිද්යාල ප්රජාවේ සහ පොදු මහජනතාවගේ දැඩි විවේචනයට ලක් වූ අතර පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලදී. ඔබගේ රජය විසින් කිසිඳු සංශෝධනයකින් තොරව මෙම පනත් කෙටුම්පත නැවත ඉදිරිපත් කිරීම කලකිරීමට කරුණකි.
මෙම පනත් කෙටුම්පතට අදාළ කරුණු ගණනාවක් මම ඔබේ අවදානයට යොමු කරමි.
1. දැනට පවතින, විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්යාධාර ලබන විශ්වවිද්යාල පද්ධතියක් ආරක්ෂක අමාත්යංශය යටතේ ස්ථාපිත කිරීමට මෙම පනත් කෙටුම්පත යෝජනා කරයි. මෙය පෙර පැවැති රජයන් අනුගමනය කළ නිදහස් අධ්යාපන ප්රතිපත්තියෙන් පැහැදිලි ලෙස වෙනතකට හැරවුමකි.
2. මෙම ආයතනය සිවිල් වැසියන් වෙත විවෘත කිරීමෙන් සහ ආරක්ෂාවට සම්බන්ධ නොවන විෂයන් හැදෑරීමට අවස්තාව දීමෙන් කොතලාවල ආරක්ෂක ඇකඩමියේ (වර්තමානයේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලය ලෙස හඳුන්වන) මුල් දැක්ම උල්ලංඝනය වේ. ඔබ දන්නා පරිදි, මෙම ආයතනයේ මුල් අභිප්රාය වන්නේ හමුදා සාමාජිකයන් සඳහා ආරක්ෂාවට අදාළ විෂයයන් සම්බන්ධයෙන් උසස් අධ්යාපනයක් ලබා දීමයි.
3. කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්යාලය සඳහා පනත් කෙටුම්පතේ යෝජිත කළමනාකරණ සහ නියාමන ව්යුහය මුලික වශයෙන් රඳා පවතින්නේ ආරක්ෂක කාර්ය මණ්ඩලය මත වන අතර එමඟින් බාහිර වගවීමට සහ අධීක්ෂණයට ලැබෙන්නේ අවම ඉඩකි. මෙය විශ්වවිද්යාල පද්ධතියක් සඳහා කිසිසේත්ම යෝග්ය නොවන අතර උසස් අධ්යාපනයේ ගෝලීය මූලධර්ම එයින් උල්ලංඝනය වේ.
අප රට තුළ උසස් අධ්යාපන අවස්ථා ව්යාප්ත කිරීම සඳහා ඇති අවශ්යතාවයට ප්රතිචාරයක් ලෙස කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ පාඨමාලා ව්යාප්ත කිරීම සහ සිවිල් සිසුන් බඳවා ගැනීමට යම් දුරකට බල කෙරුනු බව මම පිළිගනිමි.මෙම ක්රියාමාර්ග ගෙන ඇත්තේ සංකූලතා ගණනාවක් සහ මතභේදවලට තුඩුදිය හැකි අත්තනෝමතික අයුරකිනි. අපට අවශ්ය වන්නේ හිතුමතේ කරනා මැදිහත්වීම් නොව, පිළිගත් ගෝලීය අධ්යාපනය මූලධර්ම හෝ අප රටේ අධ්යාපන ප්රතිපත්තිය උල්ලංඝනය නොවන ක්රමවත් සහ හොඳින් සිතා බලා ගන්නා ක්රියාමාර්ගයි.
එම නිසා ඔබේ අවධානය පිණිස පහත යෝජනා ඔබට ඉදිරිපත් කරමි :
1. කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්යාලය දැනට පවතින 1978 විශ්වවිද්යාල පනත යටතේ පාලනය වන සහ විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව මඟින් නියාමනය වන විශ්වවිද්යාලයක් බවට පරිවර්තනය කිරීම.
2. අවශ්ය නම්, ලෝකයේ වෙනත් රටවල කරන්නාක් මෙන් හමුදාව සඳහා පමණක් අදාළ සේවය සපයන ආරක්ෂක අධ්යයනය විෂය විශේෂවේදී හැදෑරීමක් කළ හැකි ආරක්ෂක විශ්වවිද්යාලයක් ස්ථාපිත කිරීම. මෙය ආරක්ෂක අමාත්යංශය මඟින් කළමනාකරණය කළ හැක.
3. වර්තමාන පනත් කෙටුම්පත වහාම ඉවත් කර ගැනීම.
ඉහත කරුණු හොඳින් සලකා බලා දැනට ක්රියාත්මක වන උසස් අධ්යාපන පද්ධතිය අවුල්සහගත තත්වයකට ඇද නොදැමීමට අවශ්යය පියවර ඔබ විසින් ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
පවතින උසස් අධ්යාපන පද්ධතියේ, විශේෂයෙන්ම විශ්වවිද්යාල පද්ධතියේ, වෙනස්කම් සිදුවීම අවශ්ය බවට කිසිඳු සැකයක් නැත; මේ වෙනස්කම් සිදුවිය යුත්තේ විශ්වීය වශයෙන් පිළිගත් උසස් අධ්යාපන මුලධර්මවලට අනුකූලවය.
එසේම, යෝජිත වෙනස්කම් විසින් නිදහසට පෙර සිටම ශ්රී ලංකා රාජ්යයේ සහ දේශපාලන ක්රමයේ මුල්ගල වූ ශ්රී ලංකාවේ නිදහස් අධ්යාපන ප්රතිපත්තිය විනාශ නොකළ යුතුය.
ස්තූතියි.

Archive

Latest news

Related news