මැයි 21 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කොත්මලේ ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් චමිල ජයසිංහ අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ ෆේස්බුක් වෙබ් අඩවියෙහි සිංහරාජය සම්බන්ධ පුවත් හුවමාරු කර ගැනීම පිළිබඳ චෝදනා කරමිනි.
එලෙස අත්අඩංගුවට ගැනීමට පෙර එම නිලධාරියාට ෆේස්බුක් අඩවියේ පළ කළ සටහනක් පිළිබඳ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්ද කර තිබුණි. එලෙස කැඳවා තිබුණේ චමිල ජයසිංහ මහතා පළ කරන ලද ෆේස්බුක් සටහනක් පිළිබඳය. එම සටහන මීට පෙර සමාජ මාධ්‍යවල හුවමාරු වූ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නට අදාල පුවතක් පිළිබඳ සටහනකි.
මෙය එම නිලධාරියාගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය නිර්දය ලෙස සීමා කිරීමකි. කොළඹ සිට මහනුවර දිස්ත‍්‍රික්කයට ගමන් කොට හදිසියේ මෙම නිලධාරියා අත්අඩංගුවට ගැනීමට තරම් ඔහු භයානක අපරාධයක් සිදු කොට නොමැත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ තම අමාත්‍යාංශයේ නිලධාරීන්ට අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය ඇති සීමා සඳහන් කරමින් ලිපියක් නිකුත් කර තිබුණි. රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ සහ ආයතන සංග‍්‍රහය උපුටා දක්වමින් අදහස් ප‍්‍රකාශ කරන නිලධාරීන්ට විරුද්ධව විනය පියවර ගන්නා බව එම ලිපියෙන් තර්ජනය කර තිබුණි.
එයින් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වතු හා නාගරික නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චමල් ජයසිංහට එරෙහිව විනය පරීක්ෂණයක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇතැයි පුවත් පළ වී තිබුණි. ඒ ඔහු යූටියුබ් නාළිකාවකට සම්මුඛ සාකච්ඡුාවක් ලබා දීම සම්බන්ධයෙනි.
මෙවැනි පියවර ගැනීමෙන් රාජ්‍ය සේවය තුළ සිටින නිලධාරීන්ගේ ප‍්‍රකාශන අයිතිය සීමා කිරීම මෙන්ම එම සේවයේ සිටින නිලධාරීන් බිය ගැන්වීම ආණ්ඩුවේ අරමුණ බව පෙනේ.
රජයේ නිලධාරීන් සහ වගකිව යුතු පිරිස් අනවශ්‍ය ලෙස මාධ්‍ය හමුවේ පෙනී නොසිට යම් කරුණක් වේ නම් ඒ පිළිබඳව සෘජුවම තමාට දැනුම් දීම වඩා වැදගත් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැයි 21 වැනිදා ප‍්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයක සඳහන් වේ. නිලධාරීන් මාධ්‍ය හරහා ජනතාවට අදහස් ප‍්‍රකාශ කිරීම පිළිබඳ වගකිව යුතු පිරිස් බියට පත්ව ඇති බවත් අදහස් ප‍්‍රකාශ කිරීම සීමා කිරීමට ඔවුන් ඍජුවම මැදිහත් වන බවත් එවැනි ප‍්‍රකාශවලින්ද තහවුරු වේ.
මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් අදහස් ප‍්‍රකාශනය මූලික අයිතියක් බවට පත් කර ඇත. ඊට අමතරව මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ මූලික අයිතියද ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇත.
ඊටත් එහා ගොස් අප සිහිපත් කළ යුතු වැදගත් කාරණයක් ඇත. ආයතන සංග‍්‍රහය ගෙනහැර දක්වමින් නිලධාරීන්ගේ ප‍්‍රකාශනයේ අයිතිය සීමා කිරීමේ හැකියාවක් පාලකයන්ට නැත. ශ‍්‍රී ලංකාවේ මේ සම්බන්ධව ඓතිහාසික ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ඇත.
එම ඓතිහාසික තීන්දුව වන්නේ ගුරුවරියක වන පී.එස්.එම්. පැලකැටිය මහත්මිය ආයතන සංග‍්‍රහය ගෙනහැර දක්වමින් තමන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සීමා කර, මාධ්‍ය වෙත ලබා දුන් ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව පියවර ගැනීමට එරෙහිවගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුවය. 76/2012 අංකය දරණ එම තීන්දුවෙන් රාජ්‍ය නිලධාරීන්ට අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කර ඇත. ආයතන සංග‍්‍රහයට ඉහළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පවතින බව එම තීන්දුවෙන් තහවුරු කර ඇත.
අපේ රටේ නිලධාරීන් මෙන්ම සාමාන්‍ය ජනතාවද මෙවැනි මර්දන උත්සාහයන් ප‍්‍රිය නොකරන බවත්, ඉතිහාසය පුරා මේවාට එරෙහිව නැගී සිටි බවත් අපි සිහිපත් කරන්නෙමු.
රජයේ සේවකයන් බියගන්වා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමේ නින්දිත උත්සාහයන් පිළිබඳ ආණ්ඩුවේ නායකයන්ට අනාගතයේ පසුතැවීමට සිදු වනු ඇති බව වැඩකරන ජන බලය ලෙස අපි උනන්දුවෙන් ප‍්‍රකාශ කර සිටිමු.
පාලකයන් රාජ්‍ය සේවකයන් බියගැන්වීමට ගන්නා උත්සාහයන්ට බිය නොවී නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස පාවිච්චි කරන ලෙස සියලූ රජයේ සේවකයන්ගෙන් ඉල්ලා සිටිමු.
මෙයට,
රවී කුමුදේශ
ජොස්ප් ස්ටාර්ලින්
ජගත් ගුරුසිංහ
චින්තක බන්ඩාර
ප‍්‍රකාශන අයිතිය සීමා කිරීම හා බිය ගැන්වීම මැයෙන් “වැඩ කරන ජන බලය” විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනියකි.