Friday, April 26, 2024

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල තත්වය පිළිබඳව සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුවෙන් එජා සංවිධානයට හදිසි ආයාචනයක්

ඡායාරූපය: මෙම ආයාචනය යවා ඇත්තේ ජූවාන් මෙන්ඩාස් සහ ඇග්නස් කැලමාඩ් වෙතය.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයන්හි පවතින තත්වය සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස ඉල්ලා සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුව හදිසි අභියාචනයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යවා තිබේ. එම ආයාචනය පසුගිය දා කොලඹ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය වන හනා සිංගර් වෙත බාරදී තිබේ.

මෙම හදිසි ආයාචනය යවා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වධහිංසා පැමිණවීම සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ පහත් සැලකීම් හෝ දඩුවම් පැමිණවීම හෝ පිළිබඳ විශේෂ වාර්තාකරු ජුවාන් මෙන්ඩාස් සහ නීති විරෝධී, හදිසි හෝ අත්තනෝමතික මනුෂ්‍ය ඝාතන පිළිබඳ විශේෂ වාර්තාකාරිය වන ඇග්නස් කැලමාඩ් වෙතය.

කොවිඩ් 19 හමුවෙහි ආරක්ෂාව ඉල්ලා අද මීගමු බන්ධනාගරයේ වහලය මතට නැගි සිරකාරියන් පිරිසක්. (LankaTruth)

තමන් මෙම ආයාචනය ලියන්නේ   ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයක සිරකරුවන් 11 දෙනෙකු ඝාතනය කොට සහ 100 කට වැඩි පිරිසකට තුවාල සිදු කිරීමෙන් පසුව ඒ නිසා බව සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුව ආරම්භයේදීම සටහන් කරයි.

මේ වසරේදී ශ්‍රී ලංකාවේ අවම වශයෙන් තවත් සිරකරුවන් 4 දෙනෙකු මෙම වසරෙහිදී බන්ධනාගාර තුළ ඝාතනය කර ඇති බවත් සටහන් කරන එම ආයාචනය 82 හැවිරිදි රැඳවියෙකු කොවිඩ්-19 නිසා මියගොස් සිරකරුවන් 1000 කට වැඩි සංඛ්‍යාවක් කොවිඩ් අසාදනය වී ඇති බවත් සදහන් කරයි.

එය තවදුරටත් මෙසේ සඳහන් කරයි:

මේ වසරේ සිරගෙවල්වල සියදිවි නසාගැනීම් 12 ක් පමණ වාර්තා වී තිබේ. ඉන් බෙහෝ දෙනෙකු මත්ද්‍රව්‍ය හෝ නීති විරෝධී මත්පැන් භාවිතා කළ බවට හෝ වෙළඳාම් කළ බවට සැක කෙරෙන සැකකරුවන් ලෙස පෙනී යයි.

පෙනෙන අන්දමට  බන්ධනාගාර බලධාරීන් එවැනි පුද්ගලයින් සඳහා වෘත්තීයමය සහාය සහ රැකවරණය ලබා නොදෙන බවත් සියදිවි නසාගැනීම් වැළැක්වීම සඳහා ප්‍රමාණවත් යාන්ත්‍රණයක් සකස් කර නැත. පෝෂ්‍යදායී ආහාර නොමැතිකම, ප්‍රමාණවත් විකල්ප සන්නිවේදන පහසුකම් නොමැතිව පවුලේ සාමාජිකයින්ගේ පැමිණීම සීමා කිරීම සහ සන්නද්ධ ගැටුම් සඳහා පුහුණු කරන ලද විශේෂ කමාන්ඩෝ භටයන් බන්ධනාගාර වෙත යෙදවීම පිළිබඳව උත්සුකයන්ද පවතී.

කොවිඩ්-19 සන්දර්භය තුළ සිරකරුවන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස අපි මේ වසරේ මාර්තු මාසයේ සිට ජනාධිපතිවරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියෙමු. දැවැන්ත තදබදය හේතුවෙන් රැඳවියන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට ඇති නොහැකියාව එමගින් පෙන්වා දුන් අපි, පවතින නීතිමය හා ව්‍යවස්ථාමය විධිවිධාන මගින් සිරකරුවන් නිදහස් කිරීමට සහ තදබදය අඩු කිරීමට ගත හැකි ප්‍රායෝගික පියවර යෝජනා කළෙමු.

අපගේ ලිපිය යැවීමෙන් පසු සමහර සිරකරුවන් නිදහස් කරනු ලැබුවද, පසුව නව රැඳවියන් විශාල සංඛ්‍යාවක් බන්ධනාගාරවලට ඇතුළත් කරනු ලැබීය. පසුගිය මාසයේ සිරගෙවල්වල කොවිඩ්-19 පුපුරා යන තෙක් සිරකරුවන් නිදහස් කිරීම සහ බන්ධනාගාරවල කොවිඩ් පැතිරීම වැළැක්වීම අමතක කර දමා තිබු බවක් පෙනේ. සිරකරුවන් නිදහස් කිරීම සඳහා ඉදිරි දිනවලදී යම් යම් ක්‍රියාමාර්ග ගත හැකි බව මාධ්‍ය වාර්තා කළේ මෑත ඝාතනයන්ට ඔන්න මෙන්න කියා තිබියදීය.

මෑත සිරකරු ඝාතනයන් ගැන සොයා බලවන ලෙසත් බන්ධනාගාරවල ඇති වන ආතතීන්ට ප්‍රතිචාර දැක්වීමේදී ජාතික හා ජාත්‍යන්තර නීති රීති පිළිපදින ලෙස ආණ්ඩුවවෙන් ඉල්ලා සිටින ලෙසත් අපි ඔබෙන් ඉල්ලා සිටිමු. මහර බන්ධනාගාරයේදී ඝාතනයට ලක්වූවන්ගෙන් 8 දෙනෙකු කොවිඩ්-19 අසාදනය වී ඇති මරණයන්ගෙන් පසු කරන ලද පරීක්ශාවන්ගෙන් සනාථ වී ඇති අතර ඔවුන්ගේ දේහයන් ආදාහනය කරනු ලැබුවහොත් ඝාතනයන්ට වගකිවයුතු පිරිස් සෙවීමේ  අපරාධ පරීක්ෂණවලට බාධා ඇතිවිය හැකි යැයි අපි බිය වෙමු. දෙසැම්බර් 02 දින අපි මෙය වැලිසර මහේස්ත්‍රාත්වරයාගේ අවධානයට යොමු කර ඇත්තෙමු.

සිරකරුවන්ට පැන යාමට හා විරෝධය දැක්වීමට හේතු වන හේතු ආමන්ත්‍රණය කිරීමේ, විශේෂයෙන් සිරකරුවන්ගේ අයිතිවාසිකම් සහතික කිරීම සදහා හදිසි පියවර ගැනීමේ සහ ඔවුන් සහ බන්ධනාගාර කාර්ය මණ්ඩලය කොවිඩ්-19 වෙතින් ආරක්ෂා කිරීමෙහි වැදගත්කම ද අපි අවධාරණය කරමු.

විශ්වාසී,

සේනක පෙරේරා, නීතිඥ,
සභාපති
සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුව.

2020 දෙසැම්බර් 2වැනිදාය.

 

Archive

Latest news

Related news