Monday, May 20, 2024

ප්‍රචණ්ඩත්වය පරම්පරා ගත වීමේ ප්‍රභා- මධුෂ් චක්‍රය හා තරුණ පරපුරේ ඛේද වාචකය

මදුෂ් මරා දැම්මේ අධිකරණයෙන් පරිභාහිර ක්‍රමයකටය. නාට්‍ය පිටපත ඉතාම බොළඳ හා පිළිගත නොහැකි වන්නේ තිරගත වීමට පෙර රටේ හා විදේශයන්හි මානව හිමිකම් හා දේශපාලන ක්‍රියාකාරීන් ඒ නාට්‍ය පිටපත පැය ගණන් වලින් සිදු වූ දේ සමග දැනගෙන තිබු නිසාය.

මධුශ යනු මේ රටේ තරුණ පරපුරේ සාමාන්‍ය පවුලක ඉපදුණ තරුණයකුගේ ජිවන කතාවේ සම්පුර්ණ තාරුණ්‍යයේ සාරාංශයයි.

මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ විසින් මදුෂ්ගේ ජීවිතය ගැන ලියු සටහනක් හා එයට ප්‍රතිචාර වශයෙන් ලියවුණ කොමෙන්ටු කියෙව්වෙමි.මධුෂ්ගේ නෙත් එෆ් එම වීඩියෝවක හඬ පට ඇසුවෙමි.කියෙව්වෙමි.මේ සියල්ල එකට කැටි කොට ගත් මට මේ සටහනට පාදක වන්නේ ශ්‍රී ලංකාවේ දැන් වසර 40 ක් පමණ පරම් පරා ගත වන රාජ්‍ය ප්‍රචණ්ඩත්වය හා ඉතිහාසයේ පටන් පවත් එන ආගමික,සංස්කෘතික සමාජමය වාචික හා ආකල්පමය ප්‍රචණ්ඩත්වය ගැන යමක් කීමය.

මධුෂ්ගේ අම්මා විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත් බව ඔහු හඬ පටයක කියයි.ගයාන්ගේ සටහනින් අම්මා මිය යන්නේ ජවිපයේ රැස්වීමකදී හමුදාව විසින් කරනු ලබන වෙඩි තැබිමකදීය. ඒ එදා බලපෑම කණ්ඩායම් හා ආණ්ඩු වේ බලහත් කාර ප්‍රචණ්ඩත්වය ය.එයින් පසු මධුෂ් ඉගෙන ගන්නේ සාමාන්‍ය පෙළට පමණි.උපධිධාරී අම්මා මියගිය පසු මේ කතාවේ පියෙක් ගැන කියවෙනු මට නොඇසේ..පුංචි අම්මා අම්මා නොවන අතර මල්ලිද සමග මධුෂ් ගෙවන්නට ඇත්තේ රෝසමල් යහනාවක පැවති ජිවිතයක් නොවේ.එවකට පැවතී සමාජ බාවිතාවය තුල මදුෂ්ට අම්මා ජවිපයට සමබන්ධව මියගිය නිසා නිවසේ පටන් පාසල් සමාජය යන තැන් වලදී දහසකුත් සමාජ කොන්වීම් තාඩන පීඩන හා වෙනස් කම් කෙණෙහිලි කම් විඳින්නට වන්නට ඇත.අම්මා මියගියේ උඹලා දෙන්නන්ගේ කරුමය නිසා යයි පුංචි අම්මාද කේන්තිගත් විට දෙස් දෙවොල් තියන්නට ඇත.සාමාන්‍ය පෙළ සමත් වී රැකියාවල් සොයන විට අම්මා ජවිපෙ වීම නිසා අඩුම තරමේ හමුදාවේ සාමාන්‍ය සෙබළකු වීමට වත් ඒ සමාජ ක්‍රමය තුළ ඉඩක් නැත.පොලිසියේ වාර්තාවේ ජවිපයට අයත් පවුලක් යයි සටහන් වී තනතුර ප්‍රතික්ෂේප වනු ඇත.මේවා මා ලාංකීය සමාජයේ පරිසරයේ ඉතා සමීපව ඇසුරු කල මිනිසුන්ගේ ජිවිත කතාවල ඇත විඳි දේවල්ය. මදුශ්ද ඒවා විඳි බව මට නම් සහතිකය.

බිරිඳක් සොයාගෙන දර විකුණාගෙන උත්සාහයෙන් දියුණු වන විට ලැබුණු දේශපාලන ලොක්කාගේ තරහව පාසල් යමින් සිටි බාල සහෝදරයා ගේ මළ කඳ ත්‍යාගයක් ලෙස ලැබීමට හේතුවිය.(මුලාශ්‍රය මදුෂ්ගේ හඬ පට).ඉන්පසු මධුශ්ලා ප්‍රචණ්ඩත්වයට පෙළඹෙයි.මවගේ පටන් සමාජය මේ වනව්ට දුන් ප්‍රචණ්ඩත්වය ආපසු දෙන්නට පටන් ගනී.මදුෂ් කරන අපරාධ ගණන වැඩි වන්නට වන්නට ඔහුට ඇති ඉල්ලීම වැඩි වෙයි.මිල ඉහල යයි.මදුශ්ලට කතා කරපු දේශපාලනඥයන් මදුෂ්ට රැකියාවක් දෙන්නම් කරන අපරාධ නවත්තාපන් යැයි කිවේ නැත. ඉතින් මධුශ් අපරාධ වලට ඉහලටම ගියේ ඒ අයගේම ආශිර්වාදයෙනි.දැන් මධුෂ් මරා දමා ඇත.මේ සටහන ලියන අතරතුරේ පැමිණි ඇමතුමක දී මිතුරකු ඇසුවේ ඔයාට මධුෂ්මද මැරුණේ කියලා විශ්වාසදයන්නය. .ඒ ප්‍රශ්නයට මට තව හිතා බලා පිළිතුරු දෙන්නට ඉඩ දෙන්න යයි මගේ මිතුරාට කිමි.ඒ තරමටම මධුෂ්ලා මේ රටේ ප්‍රභල දේශපාලඥයන්ගේ කළු සුරතළුන් වී සිටි නිසාය.

මගේ දිගු කාලින අවධානය යොමුවන සමාජමය කරුණක් නම් අපේ ලාංකීය සමාජය වෙලාගත් වාචික,ආකල්පමය හා සංස්කෘතිකමය ප්‍රචණ්ඩත්ව යය.මධුෂ් ගේ කතාවෙන් අපේ රටේ දේශපාලන හා විධායකයේ හා එහි පහළම නියෝජිතයන්ගේ ප්‍රචණ්ඩත්වය ගැන හොඳ විවරණයක් ලබා දෙන බව මගේ හැඟීමයි.එසේම ඒ ප්‍රචණ්ඩත්වය පරම්පරා ගත වන අකාරය හා පසුගිය වසර 40 තුළ එහි චක්රගත වීම මදුෂ්ගේ ජීවිතය විශ්ලේෂණයේදී සමාජ විද්‍යාඥයින් හඳුනා ගනු ඇත.මේ තුල ඇති රටේ දේශපාලන බාවිතාවය අප වටහා ගත යුතුය.ත්‍රස්තවාදී සංවිධාන යයි නම් කෙරුනාවූ එල් ටි ටි යේ මුලික හයදෙනා ගේ කණ්ඩායම බෙදී ගොස් අවි ගත් පක්ෂ ලෙස උතරු නැගෙනහිර සමාජය තුල දෙඟා නැටුවේ මධුෂ් ලාගේ අනිත් වර්ෂන් එකෙනි.ප්‍රභාකරන්,ඇතුළු පිරිසද මධුෂ් ලා මෙන්ම මේ රාජ්‍ය හා සමාජීය හා සංස්කෘතික කුලවාදී ප්‍රචණ්ඩත්වයේ ඇරියස් කාරයන් ය.ඔවුන් දේශප්‍රේමය නමැති ඇඳුම් අන්දවා මධුෂ්ලා මෙන්ම අබාවිතයට ගත්තේ දෙස් විදෙස් දේශපාලන චරිතය.මධුෂ්ට පාතාල කොන්ත්‍රාත්තු දෙන අයම ප්‍රබාලාට මිලියන සිය ගණන් දී බලයට එන්නේ ඒ නිසාය.අන්තිමේ මධුශ්ලට ප්‍රභාලට අත්වන්නේ එකම ඉරණමය.ප්‍රභාලා වෙනුවෙන් කරුණලා ඒ තැන හිමි කරගන්නා විට මදුශ්ලා වෙනුවෙන් තවත් මධුෂ් ලා පෝලිම් ගස්සවා ඇත.ඇත්තේ දක්ෂයා හෝ සුදුස්සා තෝරාගැනීම පමණි.

මේ ක්‍රියාදාමයට මා ඉහත කි සමාජ ,සංස්කෘතික ආකල්පමය හා ආගමික වාචික ප්‍රචණ්ඩත්වය සපයන්නේ මහඟු රුකුලකි.අනෙක් අතින් ලංකාවේ මුලික නිතිය සපයන්නේ ද එවැනිම රුකුලකි.මධුෂ් ලා තව තවත් බිහි වීම වැලක්වීමට අප විසින් මේ සමාජමය හා ක්‍රමවේදයේ ඇති පිළිකාවට ප්‍රතිකාර කළ යුතුය.ප්‍රතිකාර කිරීමට පෙර රෝගය නිවැරදිව වටහා ගත හැකි විය යුතුය.රෝග විශ්ලේෂණය නිවැරදිව නොකර මධුෂ් ලා මැරීමෙන් ප්‍රශ්නය විසඳි රට යහපත් වේයැයි සිතන බහුතර පිරිස එක්වී ඒවාට හුමිටි තබමින් මිනීමැරුම් වලට දායක වී ඒවායේ පාපයන් ගොඩ ගසා ගනු දකින විට ඇත්තේ කණගාටුවකි.අපට අවශ්‍ය ගැම්ම ඇති පොරවල් නොව අපේ සමාජයේ අඩුපාඩු විශ්ලේෂණය කොට විසඳුම් සෙවිය හැකි නායකයන්ය. අඩුපාඩු සකසා නොගන්නා ජාතියක් කිසි දිනක ඉදරියට ගොස් ඇති බව අප දැක නැත.

මධුෂ්ගේ පහත ජායාරුපය මා රාජකාරියේදී හමුවන මනෝ උපදේශකයකුට ඊයේ පෙන්වීමි.ඒ ඔහුගේ ශාරීරික භාෂාව ගැන අදහසක් ගන්නටය.

මේ පුද්ගලයාගේ ආත්මය හඬන බව ඔහුගේ ඇස් වලින් කියවේ.” මගේ උපදේශකයාගේ මතයයි.මේ පින්තුරය මෙහි එල්ලමි.ඒ මේ රටේ බහුතරයක් තරුණ පරපුර මා ඉහත කි සංස්කෘතික,සමාජමය ආගමික හා දේශපාලන ප්‍රචණ්ඩත්වයේ වින්දිතයන් වී ඔවුනගේ ආත්මය හඬමින් සිටින බවට සංකේතවත් කිරීමට ය.මේ හඬන ආත්මයන් සුවපත් කිරීමට අපට හැකි නම්..අප ලබන ජය එයයි.

අවසන් වශයෙන් අනුරාධපුරයේදී මරා දැමු ලොක්කා හෙවත් ලොකු මල්ලිද මධුෂ් ගණයේ කෙනෙකි.එවිට ඔහුට ලැබුණේ අනුකම්පාවකි.සුදු හුණු ගෑමකි.බ්ලැක් ලයිව් මැටර් හි ජෝර්ග් ප්ලොයිඩ් ද මධුෂ් ගණයේ මිනිසෙකි.ඔහුට දුන් අවධානය අපේ තරුණ පරපුර මධුෂ්ගේ මරණයෙන් කියවෙන පණිවිඩයට දෙන්නේ නැත. ජෝර්ග් ප්ලොයිඩ් මරා දමන්නේද extra judicial killing හෙවත් අධිකරණයට පරිබාහිර මිනිමරුමකිනි. ප්ලෝයෙඩ් වෙනුවෙන් නිතිය ඉල්ලු මිනිසුන් මධුෂ් වෙනුවෙන් නිතිය ඉල්ලන්නේ නැත. අපේ තරුණ පරපුර නිසි මගට මෙහෙයවන්නේ නැතුව අපිට අනාගතයක් නැත.

මධුශ්- Tikiri Subhashini Wipfler FB.

Archive

Latest news

Related news