Friday, April 26, 2024

විලාසිතාවක් නොවන කළක් නැති ලෝහිත භාෂණය: ලිංගිකත්වය, කෝපය, රාගය, අනතුර

1. රතු යනු කරදරයක්.

සමහර විට එය ඕනෑවට වඩා කරදරකි. එය කෙළවරක් නැති වරදෙහි බැදීමක් වැන්න: රුධිරය, ආශාව, අන්තරාය, කෝපය, ආදරය, වාසනාව, අසාර්ථකත්වය, අපේක්ෂා භංගත්වය, සටන, පියසැරිය, දෝෂය. මේ බැදීම් කෙළවර කරන්නැයි අපට අයැද සිටිය හැකිය. නමුත් රතු නැතිවංනිවේදනය කරන්නේ කෙසේද? එයට බැදෙන්න හරිමු. බලන්න එහි ප්‍රභේද: තද රතු, රතු, වයින් රතු, කාර්මයින්. එවිට අප කතා කරන්නේ අපේ සංස්කෘතික යෙදවුම් ගැන. නමුත් එය අපට පාලනය කළ නොහැකියි. මුහුදු ගොළුබෙල්ලන්ගෙන් දම් පාට සොරකම් කරගෙන තමයි අධිරාජ්‍ය බලයට එය කේතනය කර ගත්තේ. උද්‍යාන විද්‍යාව හරිත වර්ණය ගෘහස්ථ කර ගත්ත.‍ තැඹිලි කියන්නේ පරාජය වූ අරමුණු සහ තම්බ ගත්ත රසකැවිලිවල අභූත වර්ණය. නමුත් ලෝහිත වර්ණය දමනය කරන්න බැහැ. ප්‍රසාදී පූජාවෙදි එය අපව අවදි කරවා. අපගේ උණුසුම් හා නින්දිත තිරිසන් මොළ එක්ක  එය වැඩ කරන්න ගන්නවා.

2. තරුණ ස්ත්‍රියක සහ ඇගේ කුඩා පුත්‍රයාබ්‍රොන්සිනෝ c.1540

මෙම පිරිමි ළමයා ඔහු සියවස් ගණනාවකට පෙර ඡායාරූපයක් ඉදිරිපිටට පැමිණ එය කැත කිරීම එතැන සොයාගත්තාක් වැනිය. නමුත් එයට හේතුව ළමයා, චිත්‍ර ශිල්පි රොන්සිනෝගේ පසු සිතිවිල්ලක් වී පින්තූරයට පසුව ඇතුළත් කිරීමයි. ළමයා නිසා සිත් වෙනතක නොයවා කැන්වසය ගැන සිතන්න. එවිට එය ඇතුළත කොතැනක හෝ තැන්පත් කර ඇති වංශාධිපති ඇඳුමක චිත්‍රයක් බවට පත්වෙයි. රතු පැහැය ඇගේ ස්වරූපය ගිනිගන්වයි. මේ 1540 ගනනන්වල යුරෝපය. රෝස් මලින් නිස්සාරණය කරගත් දියාරු රතු වයින් වර්ණයට වඩාත් කැපී  පෙනෙන තරඟකාරී කොචීනියල් නම් රත, මෙසෝඇමරිකන් කුරුමිනි කුඩු වලින්බා ගත් කාලයයි. එය සායමක් ලෙසද භාවිතා වුණා. එමෙන්ම මෙම පිරිමි ළමයා මෙන් එම වර්ණයද එකතු කර ඇත්තේ අන්තිමටමය.

3. නිදහසේ තොප්පිය bonnet de liberté

හැඩය පුරාණ ය. රෝමයෙන් නිදහස් වූ වහලුන් නිදහසේ දේවතාවියට ගෞරව කිරීම සඳහා හිස මුඩු කොට කේතුකාකාර තොප්පිවලින් ඔටුනු පැළඳ සිටී. නමුත් සන් කිලොත්තුවන් (සාමාන්‍ය ජනයා) ලෝහිත වර්ණය තෝරාගෙන බැස්ටිලයට පහර දීමට ඒවා පැළද ගත්තා. සියලු සිත්ගන්නා පැරිස් විලාසිතාවන් මෙන්, මෙම තොප්පි ලොව පුරා ගමන් කළා. ඇමරිකානු රිපබ්ලිකානුවන් සහ වහල් භාවය අහෝසිකරන්නන් එම තොප්පි පැළද ගත්තා. හිරාම් පවර්ස් නම් මූර්ති ශිල්පියා වැන්නක් ලිබර්ටි ප්‍රතිමාවට පැළදවීමට උත්සාහ කළා. එනමුත් අද ප්‍රංශ කැරලිකරුවන් කැමති කහ පැහැති ඇදුම්වලටයි (yellow vests).

4. සොන්ග් රාජවංශයේ ෂෙන්සොං අධිරාජ්‍යයා රජකම් කළ යුගය 1067-85.

රතු නූල් චීනයේ සංස්කෘතික ඉතිහාසය හරහා දිවෙනවා. එය තාඕවාදයේ සංකේතවාදය තුළ ගින්නෙහි මූලද්‍රව්‍යය සංකේතවත් කරයි. උපන්දින වාරිත්‍රයනිහිදී එය කැපී පෙනෙනවා. ළමා සාදවලදී රතු බිත්තර ලබා දෙනවා. එමෙන්ම කොමියුනිස්ට් පක්ෂයේ ද්‍රෟඩ ස්ථාවර වර්ණ ංයෝජනයද එයමයි. ළඟඑන ම්ලේච්ඡ වැටලීමක් සංකේතවත් කිරීම සඳහා, 1101 දී සිදු වූවාක් මෙන්,එය අහසේ පෙනෙන අද්භූත වාෂ්පයක් නොවන විට නම් ලෝහිත වර්ණය වාසනාව හා නපුර පළවා හැරීම ංකේතවත් කරනවා. සොන්ග් රාජවංශයේ හයවන අධිරාජ්‍යයා වන ෂෙන්සොං අධිරාජ්‍යයාගේ රතු මකර ගවුම ඔහු වාසනාවේ ආලෝකයක් බවට පත් කළා. (අවවාදය: ඔහුගේ ඝාතකයා ද ලෝහිත වර්ණය පැළද සිටියේය.)

5. XIV වන ලුවීගේ ආලේඛ්‍ය චිත්‍රය, යසින්ත් රිගෝ, 1701.

අද රතු අඩි උස සපත්තු පැළඳ සිටින්නේ කවුද? (ගූගල් පිංතූරවලට ඒ ගැන අදහස් කිහිපයක් තිබෙන්නට පුල්වන්.) පූර්ව විප්ලවවාදී ප්‍රංශයේ රතු උස සපත්තු පැළඳ සිටියේ කවුද දන්නවාද? රදළ පැලැන්තිය සමනය කිරීමේ සිය ව්‍යාපාරයේ කොටසක් ලෙස XIV ලුවී රජු රතු අඩි උස සපත්තු පැළදීම වංශාපති පෙළෙැන්තියට පමණක් සීමා කළා. අඩි උස රතු සපත්තුවල සංකේතත්වය අවිවාදිත වුණා. සපත්තු මිල ඉහළටම ගියා. ඒත් එක්කම ඒවා පැළඳ සිටි අයව උසස් තත්වයට පත්වුණා. ඒ වගේම ඔවුන්ගේ සපත්තු අඩිය පවා රතුපාටයි.

6. රතු සපත්තු

අපට මේ කතාව කාන්තාවන් තිදෙනෙකු ඇති මැජික් ක්‍රම තුනක් එක්ක පැවසිය හැකි. ඕස් පොත්වල (Oz books: ඕස් නම් පුදුමාකර මැජික්කරුවා ගැන 1900 දී ලියැවුණූ) පොත් පෙළ  ඩොරතිගේ සෙරෙප්පු සුදු පාටය. දුෂ්ට මායාකාරියකගේ මළ සිරුර සඳහා ගැලපෙන වටිනාකමින් යුත් පාවහන් සඳහා වඩා ශක්තිමත් හා වඩාත් වර්ණයක් අවශ්‍ය වුණා. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ කැරන් ඇගේම දුෂ්ටකම ගෙන ආවේය: ඇය පල්ලියට රතු සපත්තු පළඳී.  පසුව එය වධහිංසා පැමිණවීමේ මෙවලමක් බවට පත්වෙයි. මයිකල් පවෙල් එම කතාව බැලේ ස්වරූපයෙන් තිරය මතට ගෙන ආ විට එය කලාවේ භූත බලය පිළිබඳ ප්‍රබන්ධයක් බවට පත්වුණා. “ඇයි ඔබට නටන්න ඕන?” සූත්‍රධාරියා අසයි. “ඔබට ජීවත් වීමට අවශ්‍ය ඇයි?” නර්තන ශිල්පිනිය පිළිතුරු දෙයි.

7. ආගමික රතු

රෝමය සහ නැගෙනහිර රෝම අධිරාජ්බ‍යවූ බයියිසැන්තියම දම් පාට අධිරාජ්‍ය බලයේ එකම වර්ණය බවට තීන්දු කළා. 1453 දී රෝම අධිරාජ්‍යයේ අගනුවර වූ  කොන්ස්ටන්ටිනෝපල තුර්කියට යටත් වුණා. දම් පාට සායම්වල ප්‍රධාන ප්‍රභවය වුණේ තුර්කි ග්‍රෝත්‍රිකයින් ගොඩ නැගූ ඔටෝමාන් අධිරාජ්‍යය. සතුරා පොහොසත් කිරීම මගින් සිය අධිකාරයේ ලාංචය පවත්වා ගැනීමට ආත්ම ගරුත්වයක් ඇති රෝමය මූලික කරගත් කිසිම පාප්වරයකු සූදානම් වූයේ නැහැ. ඒ නිසා දම්පාට වෙනුවට මධ්‍යධරණී ඕක් ගස් ගොදුරුකරගත් පරපෝෂිතයෙකුගෙන් ලබාගත් තද රතු පාටකින් සියලු කාර්දිනල්වරුන් සැරසිය යුතු බවට 1467 දී දෙවන වන පාවුල් පාප්තුමා නියෝගයක් නිකුත් කළා. එය ආර්ථික යුද්ධක් වගේ. යුරෝපීය රජවරු ඇන්දේත් රතු පැහැය. අද දක්වාම කාර්දිවල්වරු අදින්නේත් රතුය.

8. රතු තොප්පිකාරී

රතු තොප්පිකාරීය යැයි පටබැදීමට පෙර ඇය හැඳින්වූ නම කුමක්ද? රතු තොප්පිකාරී ළදැරිය සහ නපුරු වළසා ගැන කතාව යුරෝපීය ජනප්‍රවාදයකි. ඇය ගවේෂණාත්මක දැරියක්. රතු පැහැය කන්‍යාභාවය කෙළෙසීමේ වර්ණය ද වෙනවා. ඇය නැවත ඉපදීමක් සංකේතවත් කරනවා. ඇය වනාන්තරයට ගොස් දිවි ගලවා ගත් මරා දැමිය නොහැකි කාන්තාවක්. නපුරු ළසාට ඇය මරා දැමීමට අවස්ථාවක් නොලැබුණේ නැහැ. හැරත් මේ වනාහී ප්‍රශ්න නොකළ යුතු සුරංගනා කතාවක් බව මතක තියා ගන්න.

9. මෙර්ලින් මොන්රෝ සහ ජේන් රසල් 1953

මහත්වරු කැමති රතු මිශ්‍ර ලා කහ පැහැති හිසකේ ඇති බොලන්ඩ් කෙල්ලන්ටය. නමුත් ඔවුන් හිසකේ ගොතනවාට කැමතිද?  පොට්ස්ඩෑම් විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයක් කියන්නේ (2010), ස්ත්‍රී ස්වේච්ඡා සේවකයන් විද්‍යාගාරයට ගෙනැවිත්, කරන ලද පර්යේෂණයකදී, පර්යේෂකයාගේ ගිනියම් බව නැත්නම් ලිංගික ආකර්ශණය පිළිබඳ ඔවුන්ගේ අපේක්ෂාවන් ගැලපුනේ රතට බවය. බොහෝ වානර විශේෂ වල ගැහැණු සතුන් ඩිම්බනිහරණය ආසන්න වන විට රතු පැහැය පෙන්වනවා. තද රතට දිලිසෙන සායවල් සහ කෙටි රතු සාද ඇඳුම් පෙන්වන්නේත් එම ලිංගික ආකර්ශණයමද? මහත්වරුන්ගේ ගැන ඉහත කී කතාව මෙන්ම මෙයද උපකල්පනයක් පමනක් බව සළකන්න. මෙහි රතු හැද සිටින්නේ   මෙර්ලින් මොන්රෝ සහ ජේන් රසල් ය.

10. රතු බැලූනය 1956

සෝවියට් සිනමාකරුවකු වූ අයිශෙන්ස්ටයින් “පොටෙම්කින් යුද නැව චිත්‍රපටය සඳහා රතු ධජය ඔසවන විට චිත්‍රපටයේ රාමු 108 ක් හරහා එහි සිදුවන හැටි පින්තාරු කිරීමට සිදුවුණා. පසුව රතු වර්ණය සිනමාවේ සිරිත බවට පත් වුණාට පස්සේ, චිත්‍රපට නිෂ්පාදකයින්ට සිත් බදින රත මගින් අපගේ අවධානය ගසාකෑමට ලෙහෙසි වුණා. ඇල්බට් ලැමොරිස්ගේ French fantasy නම් සිනමා පටයෙහි යුද්ධයෙන් හානියට පත් පැරිසිය බලා සුභවාදී රතු බැලූනයක් මුදා හරිනවා. දීප්තිමත්රතු කබා වලින් සැරසුණු කුඩා රූප “Don’t Look Now” සහ “Schindler’s List” යන  චිත්‍රපට රාමු  හරහා ගමන් කරනවා. නමුත් “Marnie” හි හිච්කොක් මුළු තිරයම රතු පැහැයට හරවා ලෝකයම වියහැකි තුවාලයක් ලෙස ප්‍රතිනිර්මාණය කරා.

11.රූශ් බිසූ රෙනේ ගුවා, 1927

ආදරය සැමවිටම නොනැසී නොපවතින දෙයක්. ලිප්ස්ටික් ද එළෙසමයි. එයට කරපටි මත රතු හෝඩුවාවක් වගේම වෙනත් කෙනෙකුගේ මුව මත රතු සුවඳක් ආලේප කරන්න පුලුවන්. එතකොට ඒවා වෙලාවකට ලැජ්ජාවේ හා කනගාටුවේ සලකුණු බවට පත්වෙනවා. 1927 දී වාණිජ චිත්‍ර ශිල්පියෙකු වූ රෙනේ ගුවා, පෝල් බෝඩෙක්ක්‍රොක්ස් නම් රසායන විද්‍යායෙකු විසින් සකස් කරන ලද තොත්තු ඔරොත්තු දෙන තද රතු පාට ලිප්ස්ටික් වර්ගයකින් රූශ් බිසූ (රතු තොත්තු” Rouge Baiser යනු ප්‍රංශ ලිප්ස්ටික් සන්නාමයකි) සඳහා සෙඩියානු (සදාචාරයට සීමා නොවී ලිංගිකත්වය සාකච්ජා කළ ප්‍රංශ දාර්ශනිකයා සහ කතාකරු Marquis de Sade අනුව යමින්) නවීනත්වයෙන් මෙම රූපය නිර්මාණය කළා. ප්‍රොපිලීන් ග්ලයිකෝල් එම ලිප්ස්ටික්හි ක්‍රියාකාරී සංටකය. එය ඕනෑවට වඩා ක්‍රියාකාරී වෙනවා. එහි මුල් පරිශීලකයින්ට එය සිය දෙතොලින් ඉවත් කරන්න බැරි බව තේරුම් ගියා. ඉන්පසු වට්ටෝරුව සංශෝධනය කරත් මෙකී රූපය නොනැසී පැවතුනා. එය  තීව්‍ර වන තදබල ආශාව සංකේතයක්.  එම හැඟීම දෙස බැලි තරම්.

Sex, anger, lust, danger: the semiology of scarlet; A streak of red never goes out of fashion නමින් MATTHEW SWEET විසින් දි ඉකොනොමිස්ට් හි පළ කරන ලද ලිපියක දළ සිංහල අනුවාදය ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙතිනි.

පින්තූර: ජාතික කලාභවන, බ්‍රිජ්මන්, ආර්එම්එන්ග්‍රෑන්ඩ් පැලයිස් (මියුසි ඩු ලුවර්) / ජෙරාඩ් බ්ලොට්, මැග්නම් ඡායාරූප, කැමරා මුද්‍රණ යන්ත්‍ර, රෙක්ස්, ෂටර්ස්ටොක්

 

 

Archive

Latest news

Related news