Monday, May 20, 2024

පින්තූරයක කතාව: සංකේතාත්මක ඇඟවීම දේශපාලනිකද? සංස්කෘතිකද?

මා හිතන විදිහට 2020 මහ මැතිවරණයේ වැදගත්ම සංකේතාත්මක පින්තුරය මෙයයි.‍‍‍‍‍‍ 

ගෝඨාභය මහිනන්ද රාජපක්ෂට දෙකට නැවී වදින්නේ හුදෙක්ම සංස්කෘතිය නිසා යැයි සිතීම දේශපාලනය අමතක කර වෙනත් මානයක් ඉස්මත්තට ගැනීමක් වෙන් පුලුවන්.

මෙහි සංකේතාත්මක වැදගත්කම නම් මහින්ද රාජපක්ෂගේ අනුහස් සහිත දේශපාලන බලය හමුවේ තමන් දෙවැනි තැන ගන්නට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටටම පෙන්වීමයි. ඊටත් වඩා මහින්ද රාජපක්ෂට එය පෙන්වීමයි.

ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදයක නම් විධායක ජනාධිපතිවරයාට ආචාර ළ යුත්තේ අගමැති. නමුත් මෙතැන වෙන්නේ සම්පූර්ණයෙන් වෙනස් දෙයක්. ඇත් දේශපාලන බලය තියෙන මහින්ද රාජපක්ෂට ඔහුගේ පිහිටෙන් ජනාධිපති වූ ගෝඨාභය දෙකට නැවී ආචාර කරනවා.

මගින් පෙන්වන තවත් සංකේතාත්මක දේශපාලනයක් තියෙනවා. ඒ තමයි අනෙක් දේශපාලනඥයින්ද එළෙසම මහින්ද රාජපක්ෂගේ ආධිපත්‍ය පිළිගත යුතුබව. වමස්ගත වාසුදේව පවා මහින්ද රාජපක්ෂ හමුවේ දෙකට නැවී වදින්නේ තමා වයසින් නොව දේශපාලන වශයෙන් අඳබාලයකු බව පෙන්වා ගැත්තාට සමාවුව මැනවි කියන්නයි.

ගෝඨාභය ජනාධිපතිවරණයට ගෙනාවේ ලක්ෂ අටක් විතරක් යැයි කිව්වේ ඔටුන්න හිමි කුමාරයා වන නාමල් රාජපක්ෂ. 19වන සංසෝධනය මගින් ජනාධිපති ධුරකාල දෙකක්ට සීමා නොවුනා නම් 2019 ජනාධිපතිවරණයෙන් ජය ගන්නෙ මහින්ද රාජපක්ෂ. ඊළඟට 2025 නාමල් රාජපක්ෂ. දැන් 2025ත් ගෝඨාභය රාජපක්ෂටම යන්න පුලුවන්.

මේ ඔක්කොම කතා මේ පින්තූරය ඇතුලේ තියෙනවා.

රාජපක්ෂ පවුල කියන්නේ ශ්‍රී ලංකාවේ නූතන රජ පරම්පරාව. බිම වැටී වදින, අත් අල්ලා සිපගන්න, ඇස් වලින් පවා යටහත්පහත් බව පෙන්වන යටත් වැසියන් සහිත රජ පරම්පරාවක්.

ආරංවි විදිහට නිමල් රාජපක්ෂට ක්‍රිඩා ඇමැතිකමත් ශෂීන්ද්‍ර රාජපක්ෂට උප කතානායක ධුරයත් දුන් විට යුව රජ පරම්පරාව නිල වශයෙන්ම පිහිටුවෙනවා.

මහින්ද රාජපක්ෂ හමුවේ පමණක් නොව නාමල් රාජපක්ෂ හමුවෙත් වයස්ගත අතවැසියන් බිම වැටී වන්දනා මාන කරනවා. නාමල් රාජපක්ෂ එම පින්තූර සිය ට්විටර් ගිනුම මගින් දස දසදහස් ගණනාවකට බෙදා හැරිනවා. ඉන් කියැවෙන්නේ තවදුරටත් එම අතවැසි මානසිකත්වය පවත්වා ගන්නා ලෙසයි. මේ වැ වැටීම්වල තියෙන්නේ බාල මහලු සංස්කාතියක් නොවෙයි. අතවැසි සංස්කෘතියක්. ගෝඨාභය ශක්තිමත් කරන්නේ අන්න ඒ සම්ප්‍රදාය.

අනෙත් අතට රජවරුන්ගේ දේශපාලනය බෙලි කැපීම් වලින් පරිපූර්ණයි. යුව රජවරුන්ගේ සිත් කියවීමට කාටවත් බැහැ. නමුත් ඔවුන් සංකේතාත්මකව රජ පවුලට ගරු කරනවා.

බැසිල් රාජපක්ෂ එජාපයට බැදී මහින්ද රාජපක්ෂට විරුද්ධ දේශපාලනයක් පවා කළ බව අමතක කරන්න හොඳ නැහැ. බැසිල් පාර්ලිමේන්තුවට ගැනීම රාජපක්ෂ න්‍යාය පත්‍රයේ ඉදිරියෙන්ම තියෙන්නේ ඒ නිසා.

දකුණතින් අතට අත දීම සංකේතාත්මකව පෙන්වන්නේ තමන් අත කඩුවක් නැති බව යැයි කියනවා. නමුත් අනෙකා ඝාතනය කිරීමට කඩුව වෙනුවට රාජකීයන් විසින් වෙනත් උපක්‍රම පාවිච්චි කිරීම ඒ නිසා නැවතුනේ නැහැ.

දේශපාලනය සහ ආගම‍ දෙකක්. ඒ දෙක එකක් බවට පත් කිරීම සංස්කෘතියට මුල් තැන දීමක් නොවෙයි. සිය බලය පවත්වාගෙන යෑමට ආගම සහ සංස්කෘතිය පාවිච්චියට ගැනීමක්.

රජවරුන්ගේ ජිවන රටාව කිසිසේත්ම ආගමානුකූල වුණේ නැහැ. ඔවුන් පන්සිල් පද පහම සිය ජීවිතය ඇතුලේ කුණු කූඩයට දැම්මා. ත් ජනයාට පෙන්න කහ සිවුරට වැද වැටුනා. නමුත් අවශ්‍ය වෙලාවට කහ සිවුර පවා වළ දැමුවා. එකයි සංස්කෘතික ඇත්ත.

පන්සල් යන දේශපාලනඥයින් ඒ නිසාම බුදුනුවන් වෙන්නේ නැහැ.

අද සිද්ධ වෙන්නෙත් ඒකමයි. බුද්ධාගම ගැන පොතක් ලියපු රනිල් කරපු තරමක් කරේ බෙලී කැපීමේ දේශපාලනය. රනිල් තමන් ඇතුලාන්තයෙන් බෞද්ධයෙක් බව පෙන්වන්න හැදුවා. ජනාධිපති ප්‍රේමදාස හැම පෝයකටම රෑපවාහිනයෙන් බණ දේශනාවක් කරා. නමුත් හක්කේ තිබුණෙ දඩමස්. රාජපක්ෂ ලඟ ඒ බොරු නැහැ. ඔහු පන්සල් පාවිචිචි කරන්නේ දේශපාලන බලයේ මර්මස්ථාන ලෙස. දසරාජ ධර්මය කියන්නේ මෙන්න මේ වැදවැටීම වගේ ව්‍යාජයක්. ඒක රාජපක්ෂවරු හොදින් දන්නවා.

අපි කව්රුත් පන්සල්වල ගත කැරෙන ජීවිත ගැන දන්න නිසා ඒ ගැන මම ලියන්නේ නැහැ. ඒ වගේම අද පන්සල්වල බෞද්ධාගම කියා දෙයක් ඉතිරිව තියෙනවාද කියන එකත් අප දන්නවා. (අයිසීසීආර් පනත යටතේ හිරේ යන්න මට ආසාවක් නැහැ.)

මේ පින්තූරය මතු පිටින් පෙන්වන්නේ යටහත් බව. ඇතුළතින් පෙන්වන්න් ගෝඨාභය සහ මහින්ද අතර තියෙන අභිලාශයන්ගේ වෙනස.

මේ වෙනසේ ව්‍යවස්ථාමය සංකේතය තමයි 19වන ව්‍යවස්ථා සංසෝධනය. දැනටමත් ගෝඨාභය වියත් මඟ පිරිස් එය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවට උද්ඝෝෂනය පටන් අරං. නමුත් ජී. එල්. පීරිස් කියන්නේ එය ප්‍රවේසම්න් කළ යුතු බවයි. ඔහු කියන්නේ 19 වන ව්‍යවස්ථා සංසෝධනය අහෝසි කළ යුතු බව නොව එය සංසෝධනය කළ යුතු බව.

ප දෙන්නා අයියමලෝ නිසා මොන ව්‍යවස්ථා බාධක තිබුණත් බෙදා ගෙන රට පාලනය කරන්න පුලුවන් බව කිව්වේ මහින්ද රාජපක්ෂ. වතුරට වඩා ලේ ඝනකම බව අමතක කරන්නත් හොඳ නැහැ. රාජපක්ෂවරු අතර ගැටුමක් ඇතිවී එමගින් රාජපක්ෂ රජ පවුල ඇඳ වැටෙිව් යැයි සිතා සිටින අයට වෙන්නේ එළුවාගේ මොකක්ද එක බිමට වැටෙන කන් පස්සෙන් ගිය නරියාට වූ දෙයයි.

ඒ නිසා, දේශපාලනයට මුල්තැන දෙන්න.

රාජපක්ෂවරු ආගම සහ සංස්කෘතිය පාවිච්චි කරන්නේ දේශපාලන බලය ලබා ගන්න. තහවුරු කර ගන්න. ඒ මිසක් දේශපාලන බලය මගින් ආගම සහ සංස්කෘතිය නඟා සිටුවන්න නොවෙයි.

ඒ ගැන තේරුම්ගන්න ඇමෙරිකාවේ ජීවත්වන රාජපක්ෂවරුන් ගැන බලන්නම ඕන නැහැ.

සුනන්ද දේශප්‍රිය.

Archive

Latest news

Related news