Thursday, March 28, 2024

වීරවංසගේ සිට රාජපක්ෂ දක්වා උප්පැන්න සහතිකය ගැන අඥාන කතා.

1864 දී යටත් විජිත රජය විසින් පිහිටුවන ලද රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව එතරම් කැපී පෙනෙන එකක් නොවේ. නමුත් එය මෑත දිනවල මතභේදයකට තුඩු දුන්නේය. උප්පැන්න සහතිකයේ ආකෘතියේ වෙනස්කම් ප්‍රකාශයට පත් කළ විට කොළඹ දිස්ත්‍රික් පොදු පෙරමුණු අපේක්ෂක විමල් වීරවංස උප්පැන්න සහතිකයෙන් ජාතිය සහ ආගම ඉවත් කිරීම පිළිබඳව දැඩි ලෙස විරෝධය පෑවේය. ඒ අතර පොදු පෙරමුණේ ප්‍රබල අධාරකාරියක වන ජෙහාන් හමීඩ්, උප්පැන්න සහතිකයෙක් ආගම ඉවත් කිරීමට විරෝධය දක්වා තිබුණි.

මෙම වෙනස්කම් අනපේක්ෂිත ලෙස ජනවාර්ගික යුක්ති ක්‍රියාකාරීන්ගේ ප්‍රහාරයට ලක්විය. ඔවුන් කියා සිටියේ සංඛ්‍යාත්මක සුලුතර කණ්ඩායම්වලට ස්වකීය වාර්ගික අනන්‍යතාවය පවත්වා ගැනීම අවශ්‍ය බවත් මහජාතික වර්ගවාදය ඊට ඉඩ නොදෙන බවත්ය.

ඇත්ත වශයෙන්ම නම් මෙම වෙනස්කම් සිදු කරන ලද්දේ වීරවංසද මංත්‍රීවරයකු වූ අටවන පාර්ලිමේන්තුව විසිනි. එම නව ආකෘතිය 2019 මාර්තු 14 දින 2114/27 ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලදී.

2019 මාර්තු මාසයෙහි ගැසට් කරන ලද උප්පැන්න සහතිකයේ ආකෘතිය

 

උප්පැන්න සහතිකවල අන්තර්ගතය වැනි වැදගත් කාරණා රෙජිස්ට්‍රාර් ජෙනරාල්ගේ අභිමතය පරිදි තීරණය කැරෙන්නේ නැත. එය 2000 වසරේහි සිට පාර්ලිමේන්තු මංත්‍රීවරයකු වන වීරවංස නොදැන සිටියේ නම් එය ඔහුගේ නොදැනුවත්කමය. අඩ සියවසකට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ සිටි අග්‍රාමාත්‍යවරයා ද එය දැන සිටිය යුතුව තිබුණි. නමුත් මාධය වාර්කා කරන ලද පරිදි ඔහු ඔහු දුරකථනය හරහා එම වෙනස්කම් සහිත නව ආකෘතිය නතර නියෝග කළේය. නීතිගරුක අගමැතිවරයකු නම් ඔහු විසින් නියෝග කළ යුතුව තිබුණේ පවත්නා රෙගුලාසි සංශෝධනයක් කෙටුම්පත් කිරීමටය. මන්ද යත් එසේ නොමැතිව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද සංශෝධනයක් ඉවත් කළ නොහැකි නිසාය.

උප්පැන්න සහතිකයේ ආගම තිබිය යුතු බවට මොර ගෑ විරවංස හෝ හමිඩ් මුලින්ම කළ යුතුව තිබුෙණේ සිය නිවසෙහි අල්මාරි ලාච්චුවක ඇති ලාච්චුවක සිය උප්පැන්න සහතිකය ( වීරවංසට නම් දෙකක්ම තිබිය හැකිය.) ගෙන පරීක්ෂා කර බැලීමයි.

ටික වේලාවක් ගෙන සිය උප්පැන්න සහතිකය කියවා බැලුුුුුවේ නම් ආගම කිසි විටෙකත් එහි වාර්තා වී නොමැති බව (අලුත උපන් දරුවෙකුට ආගමක් තිබේද?) සහ ඔවුන්ගේ නම් වලට ඉදිරියෙන් ජාති ලැයිස්තුගත කර ඇත්තේ දෙමව්පියන් පමණක් බව අකුරු දන්නා ඕනැම අයකුට දැකගත විය හැකිව තිබුණි.

නව ආකෘතියෙහි ඉතා වැදගත් හා ප්‍රගතිශීලී වෙනස්කම් කිහිපයක් ද දැක ගත හැකිය. පැරණි ආකෘතිය සඳහන් කළේ පියාගේ වෘත්තිය හෝ නිලය පමණකි. මවට එනම් ස්ත්‍රියකට වෟත්තියක් හෝ නිලයක් ඇතැයි පරණ ආකෟතිය සැළකුවේ නැත. එය වෟත්තිය/නිලය පිලිබඳ කොටස දැන් මකා දමා ඇත. එමෙන්ම “දෙමව්පියන් විවාහකද?” යන්නද ඉවත් කර තිබේ.

අවජාතකයකු (අවිවාහක දෙමව්පියන්ගේ දරුවෙකු සඳහා වන තාක්ෂණික පදය a bastard ) ලෙස නිල ලේඛනයක් මගින් අහිංසක දරුවෙකුට අපකීර්තියක් ඇති කරන්නේ මන්ද? බොහෝ කලකට පෙර බ්‍රිතාන්‍යයන් විසින් පවා අතහැර දමා ඇති වික්ටෝරියානු සදාචාරයට අප පවත්වාගන්නේ ඇයි? දෙමව්පියන්ගේ ක්‍රියාවන්ට කිසිදු වගකීමක් දරුවාට නොමැති බව අප පිළිගත යුතුය. මෙම ප්‍රතිසංස්කරණයේ ගෞරවය බොහෝ දුරටම වෛද්‍ය තුසිතා විජේමාන්ගේ නායකත්වයෙන් යුත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවට පැවරිය යුතුය.

මෙමගින් ජනගහනයේ ජනවාර්ගික සංයුතිය අපට තවදුරටත් දැනගත නොහැකි වනු ඇතැයි අයෙක් චෝදනා කරති.

ජනවාර්ගික සංයුතිය මනිනු ලබන්නේ සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මිස රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව විසින් නොවේ. එය සිදු කැරෙන්නේ තනි තනි උප්පැන්න සහතික හරහා ගොස් වෙහෙස මහන්සි වී ජාතික අනන්‍යතාවය එකතු කිරීමෙන් නොවේ.

තමන් සුලුතර ජාතිය නිසා හෝ බහතරය ජාතිය නිසා හෝ ජාතිකත්වය උප්පැන්න සහතිකය අවශ්‍ය බව කී අය කුලය වාර්තා කිරීම සඳහා තර්ක නොකරන්නේ මන්ද? සංඛ්‍යාත්මක කුඩා කණ්ඩායමකට ජාතිකත්වය උප්පැන්න සහතිකයෙහි තිබිය යුතු නම් එවැනිම කුල කණ්ඩායමක් එම ඉල්ලීම ඉදිරිපත් කලහොත් කුමක් සිදුවනු ඇත්ද? කුලය දැක්වීම ශ්‍රී ලංකාවෙහි තහනම් කාරණයක් නොවේ. දෙමළ සමාජයෙහි සහ සංහල සමාජයෙහි කුලය තකන පිරිස් එමටය.

විස්තීර්ණ හා නිවැරදි ජනගහන ලේඛනයක් යනු ඉආන්ඩුකරෙණයේ අත්‍යවශ්‍ය කොටසකි. විද්‍යුත් ගනුදෙනු පනත යටතේ උප්පැන්න සහතිකය පිළබඳ රෙගුලාසි ප්‍රකාශයට පත් කඑන ලද්දේ මේ නිසා ය. 2019 වර්ෂයේ සිදු කරන ලද ප්‍රධාන ප්‍රතිසංස්කරණවලට ජාතික හැඳුනුම්පත් අංකය 2019 සිට නිකුත් කරන ලද උප්පැන්න සහතිකවලට ඇතුළත් කළ යුතු අතර එමඟින් කාලයත් සමඟ ශිෂ්‍ය අංක, උප්පැන්න සහතික අංක වැනි බහුවිධ සංඛ්‍යා ඉවත් කළ හැකිය. නව ආකෘතිය මඟින් ව්‍යාජ උප්පැන්න සහතික සකස් කිරීම වඩාත් අපහසු කිරීම සහ ලේඛන දුරස්ථව සත්‍යාපනය කිරීම සඳහා ආරක්ෂක පියවරයන් ද හඳුන්වා දෙන ලදී.

2019 මාර්තු මාසයේදී  ප්‍රකාශයට පත් කරන ලද මෙකී වෙනස්කම් වලට විරෝධය පෑමට වීරවංස මෙන්ම රාජපක්ෂ ද 2020 ජූලි මාසය වනතුරු සිටියේ මන්ද? කණගාටුවට කරුණ වනු ඇත්තේ මෙම නොදැනුවත්කමේ දේශපාලනය විසින් උප්පැන්න සහතිකය සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රගතිශීලි වෙනස්කම් අහෝසි කරනු ලැබීමයි.

න්ඩුවේ මතවාදී නායකයකු වන නලින්ද සිල්වා කියා සිටින්නේ ශ්‍රී ලංකාක යන්න වෙනුවට වාර්ගිකත්වය උප්පැන්න සහතිකයේ සදහන් විය යුත්තේ මෙරට දෙමළ මුස්ලිම් ජනයාට ලාකික කියා විඥානයක් නැති නිසාය. ඔහුට අනුව ලාංකිකත්වය යනු බයිලාවකි.

(මෙම ලිපිය සදහා මහාචාර්ය රොහාන් සමරජීව විසින් ඩේලි එෆ්ටී පුවත් පතට ලියන ලද ලිපියක් උපයෝගී කර ගන්නා ලදී.)

Archive

Latest news

Related news