Saturday, May 18, 2024

ලංකාවේ කොරෝනා දෙවැනි රැල්ල සහ ලෝක තත්වය: පූර්ව-වසංගත තත්වයට ආපසු යෑම දුරස් වෙයි!

ඡායාරූපය: වසංගතය සමඟ පෙරමුනේ සටන් කරන හෙද සේවක පිරිස්  තමන්ට හිමි දීමනා ලබා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂනයක යෙදුණි.

ස්වාධීන වෛද්‍ය විශේෂඥයින් සහ විද්වතුන් විසින් පූරෝකතනය කර තිබූ පරිදි ශ්‍රි ලංකාවෙහි වසංගතයේ දෙවැනි වටය පසුගිය සතියෙහි පුපුරා ගියේ එක් දිනක වාර්තා වූ වැඩ්ම රෝගීන් ගණන වාර්තා කරමිනි. කන්දකාඩු පොකුර දැන් රටෙහි ස්ථාන ගණනාවකින්ම මතුව තිබේ. කන්දකාඩ් පොකුර පෙන්නුම් කරන්නේ සමාජයෙහි වයිරසය තිබී එය ඔවුනට අසාදනය වී ඇති බවයි. මෙම පොකුර පුපුරා යන තුරුම වයිරසයේ අසාදිත සම්බන්ධතා සොයා ගැනීම් කිසිවකට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය සළකුණු වී තිබී නැත

ශ්‍රී ලංකාණ්ඩුව සහ එහි ස්තෝත්‍ර ගායක ජනමාධ්‍ය කියමින් සිටියේ කොරොනා පරදා අවසන් බවය. පාසල් විවෘත කිරීමටත් සංචාරකයින් ගෙන්වා ගැනීම පිනිස ගුවන් තොටුපළ විවෘත කිරීමටත් දින නියම කරන ලදී, සෑම වර්ණයකම දේශපාලනඥයින් සාමාන්‍ය කාලයක මෙන් මහා ජනයා ප්‍රසිද්ධ රැස්වීම්වලට කැඳවන්නට වූහ. එම රුස්වීම්වලට එන ජනයා පැළද සිටින රෙදි මුහුණු ආවරණයන් මගින් වයිරසය නතර කළ හැක්කේ සියයට 10ක් පමණි. එහ මුහුණු ආවරණ හුදෙක් තමන් රවටවා ගැනීමකි.

[title]බොරු සංඛ්‍යා ලේඛන[/title]

මේ අතර අනාවරණය වූයේ ආණ්ඩුව වසංගත මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් කරන ප්‍රකාශ පිළිගත නොහැකි බවයි. ජයවර්ධනපුර සරසවිය විසින් කළ පරීක්ෂන අනුව කොවිඩ් 19 වැළද ඇති බවට තහවුරු වූ රෝගියකු මිය ගිය පසු ආණ්ඩුව ඔහුට වයිරසය අසාදනය වී තිබුණේ නැතැයි ප්‍රකාශ කළේය. මෙම ජින්තුපිටියේ රෝගියාට වයිරසය අසාදනය වූයේ කෙසේදැයි දැනගන්නටත් නැත.

අනෙක් අතට කන්දකාඩු පොකුර නිසා සමාජමය අසාදනයක් නැතැයි හිසේ අත්ගසා දිවුරන රාජපක්ෂවරු සිය දේශපාලන රැස්වීම් දින තුනකට නතර කළෝය. පාසැල් පටන් ගැනීම කල් දමන ලදී. ගුවන් තොටුපොළ විවෘත කරන දිනයක් නැත. ප්‍රදේශ දෙකක් වසා දමන ලදී.

මේ සියලු කාරනා මගින් පෙන්නුම් කරන්නේ රාජපක්ෂවරුන්ට අවශ්‍ය වී තිබුණේ වසංගතය පාලනය කිරීමට වඩා වසංගතය අවසන් යැයි පෙන්වා සිය ඡන්ද ව්‍යාපාරයට ළකුණු ගැනීම බවයි. මේ අතර වසංගතය සමඟ පෙරමුණේ සටන් කරන සෙෘඛ්‍ය සේවක සේවිකාවන්ගේ නිසි දීමනා ලබාදීමටවත් ආණ්ඩුවට නොහැකි වී තිබේ.

රටවල් විවෘත කළ යුත්තේ ක්‍රමාණුකූලව බවත් දෙවැනි වටයේ වසංගතය වඩා භයානක විය හැකි බවටත් ලෝක සෙෘඛ්‍ය සංවිධානය කළ අනතුරු ඇඟවීම් ආණ්ඩුව පිළිගත්තේ නම් මෙවැනි තත්වයක් ඇති නොවන්නට තිබුණි. සියල්ලටමත් වඩා අවශ්‍ය තරම් පරීක්ෂාවන් නොකිරීම නිසාද තත්වය පාලනයෙන් ගිලිහී යන්නට ඉඩ තිබේ.

[title]අතුරු ආබාධ[/title]

තවද නව වෛද්‍ය සමීක්ෂන ගණනාවක් මගින් පෙන්වා දී ඇත්තේ වරක් වයිරසය අසාදනය වූ පුද්ගලයින්ට යළි වැළදිය හැකි බවත් අතුරු ආබාධ වශයෙන් හෘද රෝග සහ වකුගඩු රෝග ඇතිවිය හැකි බවත්ය. නව කෙරෝන වයිරසය ගැන තවමත් හරිහැටි නොදන්නා බවද වෛද්‍ය විශේෂඥයෝ ප්‍රකාශ කර තිබේ.

අනෙක් අතට රාජපක්ෂවරුන් තේරුම්ගත යුත්තේ ලොව පුරා වසංගතය තවමත් දරුණු ලෙස පැතිර යමින් ඇති බවයි. නව කොරෝන වෛරස් ආසාදන සංඛ්‍යාව ජූලි 13 වන සදුඳා වනවිට මිලියන 13 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. දින පහක් තුළදී අසාදිත සංඛ්‍යාව මිලියනයකින් ඉහළ ගියේය. ලංකාවට මෙම තත්වයෙන් හුදකලාවී සිටීමට හැකියාවක් නැත.

[title]යළි නොපැමිනෙ “පූර්ව-කෝවිඩ් තත්වය”[/title]

කොවිඩ් වසංගතය ගොදුරුව මේ වන විට මාස හයහමාරකදී ලක්ෂ පහකට අධික පිරිසක් මියගොස් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ගෙබ්‍රෙයෙසස් පවසන්නේ පෙනෙනමානයේ ඉදිරිය සඳහා, විශේෂයෙන්ම රෝගය වැළැක්වීමේ පියවර නොසලකා හරින්නේ නම් “පැරණි සාමාන්‍ය” තත්වය නැවත නොපැමිණෙනු ඇති බවයි.

බොහෝ රටවල් වසංගතය පාලනය කිීරීම සම්බන්ධයෙන් ගමන් කරමින් සිටින්නේ වැරදි දිශාවකට වන නමුත් තවමත් නව කොරෝන වයිරසය අංක එකේ මහජන සතුරා ලෙස සැළකිය යුතුබව ඔහු වැඩි දුරටත් කියා තිබේ.

මූලික සෞඛ්‍ය ආරක්ෂිත කරුණු අනුගමනය නොකෙරේ නම්, මෙම වසංගතය නතර නොවනු ඇති අතර වඩාත් නරක අතට හැරෙනු තැයි” කියන ඔහු පවසන්නේ එය මේ ආකාරයෙන් විය යුතු නැතිබවය.

ගෝලීය වශයෙන්  ලතින් ඇමරිකාවෙහි වසංගතය වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබේ.

ලෝකයේ මේ තාක් සිදුව ඇති ආසාදනවලින් අඩකටත් මරණ වලින් අඩකටත් වඩා වාර්තා වන්නේ මෙරිකා එක්සත් ජනපදයෙනි.

එක්සත් ජනපදයේ මිලියන 3.3 කට වඩා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා ළුි ඇති අතර, එරට තවමත් පවතින්නේ පළමු රැල්ල. ජුලි 10 වන දින පමණක් එක්සත් ජනපදයෙහි නව ආසාදන 69,070 ක් වාර්තා විය. එක්සත් ජනපදයෙහි ෆ්ලොරිඩා ප්‍රාන්තයෙහි පමණක් පසුගිය ඉරිදා පැය 24 ක් තුළ නව රෝගීන් 15,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වු අතර අතර එය දකුණු කොරියාවේ මුළු රෝගීන් ප්‍රමාණයට වඩා වැඩි ය. සඳුදා එහි නව අසාදන 12,624ක් වාර්තා විය. එක්සත් ජනපදයෙහි ප්‍රාන්ත 40 ක පමණ වයිරස් ආසාදන ඉහළ යමින් පවතී.

දෙවන රැල්ල නිසා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ එංගලන්තයේ ලීස්ටර් නගර වසා දමා තිබේ.

බ්‍රසීලයේ ජනාධිපති බොල්සොනාරෝ ද ඇතුළුව මිලියන 1.86 ක ජනතාවකට වයිරසය අසාදනය වී ඇති අතර 72,000 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

[title]පාසල් ඇරීම දේශපාලන පාපන්දුවක්ද?[/title]

පාසල් යළි විවෘත කිරීම “දේශපාලන පාපන්දුවක්” බවට පත් කර නොගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා ප්‍රධානී මයික් රයන් රටවල්වලින් ඉල්ලා සිටි තිබේ.

තෙවන වැඩිම ආසාදන සංඛ්‍යාවක් ඇති රට වන ඉන්දියාව, ජූලි මස ආරම්භයේ සිට සෑම දිනකම සාමාන්‍යයෙන් නව ආසාදන 23,000 ක් සමඟ පොරබදමින් සිටී.

සීමිත පරීක්ෂණ ධාරිතාවක් ඇති රටවල, වාර්තා වන්නේ මුළු ආසාදනවලින් කුඩා ප්‍රමාණයක් පමණි. විශේෂයන් පවසන්නේ නිල දත්ත බොහෝ විට ආසාදන හා මරණ යන දෙකම නිවරදිව නියෝජනය නොකරන බවයි.

(අන්තර් ජාතික තත්වය පිළිබඳ රොයිටර් වාර්තාවක කරුණු ඇසුරැ කෙරිණ.)

 

Archive

Latest news

Related news