Tuesday, July 16, 2024

ඇවන්ගාඩ්හි සේවය කළ දැන් ජනපති උපදේශක ජයනාත් කොළඹගේ ආවන්ගාඩ්ට ලොකු හැන්දකින් බෙදයි.

ඡායාරූපය: ගිනි අවි සමඟ අත් අඩංඟුවට ගත් ඇවන්ගාඩ් නැව.

නීතිපතිවරයාගේ අවසරයක් නැතිව, ටෙන්ඩර් කැඳවීමක් නැතිව, නාවික හුවමාරු ආයතනයක් ලෙස ලියාපදිංචි වී නැතිව ගිනි අවි ළඟ තබා ගැනීමේ අධි චෝදනා සහිත සමාගමක් වන ඇවන්ගාඩ් සමාගම සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ගනුදෙනුවකට එළඹ ඇතැයි වසන්ත සමරසිංහ චෝදනා කරයි. විශ්‍රාම ගැනීමෙන් පසු ඇවන්ගාඩ්හි සේවය කළ දැන් ජනාධිපති රාජපක්ෂගේ උපදේශකයකු වන ජයන්ත කොළඹගේ මෙම ගනුදෙනුවට මැදිහත් වී තිබේ. වසන්ත සමරසිංහ විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජිකයෙකි.

ඔහුට අනුව නාවික කාර්ය මණ්ඩල හුවමාරුව පිළිබඳව පිළිබඳව මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ රහසිගතවය. නාවික කාර්ය මණ්ඩල හුවමාරුව යනු ගුවන්තොටුපොළෙන් නැව්වලටත් නැව්වලින් ගුවන්තොටුපොළටත් හුවමාරු කිරීම සහ ඒ අතරමැද කාලයක් තිබෙනවා නම් ඒ අයට හෝටල් පහසුකම් ලබාදීමත්.

ඔහු තවදුරටත් පෙන්වා දෙන කරුණු මෙසේය:

මෙම හුවමාරුව කිරීම සඳහා ලියා පදංචි වූ නියෝජිත ආයතන 138ක් තිබේ. මේ ආයතන 138 අතර ඇවන්ගාඞ් සමාගම නැත. ඇවන්ගඩ් යනු අධිකරණය හමුවෙහි අධි චෝදනා යටතේ නඩු පැවරී ඇති ආයතනකි. එවැනි ආයතනයක් සමඟ රාජ්‍ය ආයතනයක් ගනුදෙනුවකට යන්නේ කෙසේද?

දැන් මේ කටයුත්ත පවරා තිබෙන්නේ ලෝකයේ නැව් සමාගම්වල අනුමැතිය ඇතිව ඒ සමාගම් සමඟ ලංකාව අත්සන් කළ ගිවිසුමට අදාළව සේවා සැපයීමේ ආයතන 138 අතර නැති ඇවන්ගාඞ් සමාගමට . වාණිජ නැව් කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා යටතේ මේ සඳහා ලියාපදිංචි විය යුතුයි. මේ සේවා සැපයීම සඳහා වරායට ඇතුළු වෙන්න අධ්‍යක්‍ෂ ජනරාල්වරයා යටතේ ලියාපදිංචි වී තිබීම අනිවාර්යය.

ඇවන්ගාඩ් සමාගමට මෙම අයිතිය ලබා දීම ද පුදුමාකාර කතාවකි. මෙයට ආදාළ මුල් ලිපිය වරායේ සභාපති ජෙනරල් දයා රත්නායක විසින් ජනාධිපතිතුමාගේ විදේශ කටයුතු පිළිබඳ අතිරේක ලේකම් වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ යවා ඇත්තේ පහුගිය මැයි මාසයේ 25වැනි සඳුදාට යෙදුණු නිවාඩු දිනයේය. එමගින් අවසර ඉල්ලා ඇත්තේ රක්නා ලංකා සමාගම සහ ඇවන්ගාඩ් සමාගම සමඟ ‘පබ්ලික් ප්‍රයිවට් පාට්නර්ෂිප් ඇග්‍රීමන්ට්’ එකකට නැව් සේවා සපයන්නන් හුවමාරු කරගැනීමේ ගිවිසුමකට ඇතුළත් වීමටය. ජයනාත් කොළඹගේ දින තුනක් ඇතුළත මැයි 28වැනිදා නැවත වරාය සභාපතිවරයාට ඇවන්ගාඩ් සහ රක්නා ලංකා සමාගම් වෙත මේ ව්‍යාපාරික කටයුත්ත පැවරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබුණු බව දන්වා යවා තිබේ.

එමලිපිය එදිනම ඇවන්ගාඩ් සමාගමට ලැබී තිබේ. වරාය සභාපතිවරයාට මේ ලිපිය ලැබී ඇත්තේ ඇවන්ගාඩ් සමාගමට එය ලැබී දිනකට පසු 29වැනිදා. මුලින් ලිපිය ලැබිය යුතු නිලධාරියාට ලිපිය ලැබීමට දිනයක් පසුවේ. ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක 29වැනිදාම අදාළ ආයතන 138 පිටපත් සහිතව එම ලිපිය යවා තිබේ. වහාම ඇවන්ගාඩ් ආයතනය 30වැනිදා ලංකාවේ තිබෙන සියලුම නාවුක නියෝජිතයන්ට ලිපියක් යවන අතර ලියාපදිංචි වී තිබෙන නියෝජිතයන් 138 දෙනාම මේ ලිපියට ඇතුළත් කර තිබේ.

මේ නියෝජිත ආයතන 138හි විශාල කාර්යමණ්ඩලයක් සිිටියද සමාගම් 138ළ කාරිය කරගෙන යාමේ අයිතිය ඇවන්ගාඩ් තනි සමාගමට ලැබෙන්නේ එළෙසය. ඒ සඳහා රක්නා ලංකා සමාගමේ සහයෝගය ලබා ගැනීමට ද ගිවිසුම් ගත වී තිබේ.

වයිස් අද්මිරාල් ( විශ්‍රාමික) ජයන්ත කොළඹගේ

මෙම පවරාදීමෙන් දවස් දෙකකට පසු මේ සේවා සැපයූ නියෝජිත සමාගම් 138ක කටයුතු නතර වී තිබේ. කොවිඩ් වසංගතය යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී තිබෙන නිර්දේශ අනුව මේ නාවුක කාර්යමණ්ඩලයන් හුවමාරු කළ යුතු නමුත් ඇවන්ගාඩ් සමාගමට මේ ව්‍යාපාරය පවරා දී ඇත්තේටෙහි සාමාන්‍ය නීතිරීති ගණනාවක් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නිර්දේශ කඩ කරමිනි.

තවත් වැදගත් කරුණක් නම් මේ ගනුදෙනුවට මුල්වෙන ජයනාත් කොළඹගේ 5 නාවික හමුදාවෙන් විශ්‍රාම යෑමෙන් පසු විශාල වැටුපක් සහිතව ඇවන්ගාඩ් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සේවය කළ කෙනෙක් බවයි. ඇවන්ගාඩ් අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සිටි ඔහ අද ජනාධිපති විදේශ කටයුතු පිළිබඳඅතිරේක ලේකම්. මෙම ගනුදෙනුවේ සිඝ්‍රගාමීත්වය පිළිබඳව පුදුම නොවිය යුත්තේ ඒ නිසාය.

අනෙක් පැත්තෙන් පතරොම් ලක්‍ෂ එක හමාරක් සහිතව සංග්‍රාමික ගිනිඅවි 3,000ක් සහ පාවෙන අවි ගබඩා සම්බන්ධයෙන් නඩු පැවරී ඇති ඇවන්ගාඩ් සමාගම සමඟ රාජ්‍ය ආයතනයක් ටෙන්ඩර් කැඳවීමකින් හා ගිවිසුමකින් තොරව ගනුදෙනුවකට යන්නේ කෙසේද? ජනාධිපතිවරයා ජයනාත් කොළඹගේ මේ අවසරය දෙන්නේ කෙසේද? ජයනාත් කොළඹගේ මේ අවසරය දෙන්නේ තමන් කලින් අධ්‍යක්‍ෂවරයෙක් වී සිටි නිසාද? අධිකරණයේ නඩුවක් තිබෙන සමාගමකට නීතිපති දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ලිපි ගනුදෙනු කිරීම පවා ප්‍රශ්නයක් නොවේද?

අඩුම වශයෙන් ෂිපින් ඒජන්ට් කෙනෙක් ලෙස හෝ ලියාපදිංචි වී නැති ආයතනයකට මේ ව්‍යාපාරික කටයුත්ත පවරා ඇත්තේ විශාල මුදලක් ලබාගත හැකි නිසාය. ප්‍රවාහනයේදී, නවාතැන් පහසුකම් සැපයීමේදී, ආහාර පාන සැපයීමේදී, එක පුද්ගලයෙක් වෙනුවෙන් ඩොලර් 70 සිට ඉහළට අයකැරේ. සාමාන්‍ය කාලයේදී මේ නාවිකයින් හුවමාරු කිරීම මාසිකව 2,000වන නමුත් ලොව වරායවල් වසා ඇති බැවින් දැන් මේ සංඛ්‍යාව 4,000ක් වැනි ප්‍රමාණයට ඉහළ ගොස් තිබේ. එමගින් ලබා ගන්නා ආදායමද ඉහළ ගොස් ඇති බව කීමට තරම් දෙයක් නොවේ.

වැරදිකරුවන්ට දඬුවම්දීම වෙනුවට උසාවිවල අධි චෝදනා ලැබූවන්ට බිස්නස් දෙන තත්වයකට අද රටේ ආණ්ඩුව පත්ව තිබීමෙන් පෙන්නුම් කැරෙන්නේ විනය ගරුක නීත් ගරුක සදාචාරවත් සමාජය යනු හුදු මර්දනයේ මතවාදයක් මිස ඇත්තක් නොවන බවයි.

(ලංකා ට්රුත් වෙබ් අඩවියේ පළ වූ පුවතක් ඇසුරින් සකස් කරන ලදී)

Archive

Latest news

Related news