කොිකොිඩ්මුව කිව යුත්තේ ලේකම්වරයාගේ මවිතයට පත්වීම පිලිබඳවය. ලේකම්වරයා මවිතයට පත්වීමෙන් යොජනා කරන්නේ කොමිසමේ යම් වංක සහයෝගීත්වයක් පිලිබඳව ලේකම් වරයා අනුමිතියක් යෝජනා කරන බවකි. නමුත් මාගේ දැනීමේ මට්ටමට විපක්ෂයට කොමිසම සමග හෝ එහි සභාපතිවරයාගේ තීන්දු තීරණ සඳහා බලපෑමක් එල්ල කිරීමට කිසිදු විභවයක් නොපවතී. එසේම ජනාධිපතිවරයාට ලිපිය ලැබෙන්නට මත්තෙන් ජනමාධ්‍ය වෙත එම තොරතුරු මුදාහැරීමෙන් ද විපක්ෂයට කිසිදු වාසියක් අත් නොවන බව කිවයුතුව තිබේ. යම් හෙයකින් ලේකම්වරයා ගෙන එනු ලබන චෝදනාව සත්‍යක් නම් ඒ තුල ගම්‍යවන්නේ වෙනත් බරපතල තත්වයක් කොතැනක හෝ උද්ගතවී ඇති බවකි. එසේම ජනාධිපතිවරයා අමතන කොමිසමේ ලිපියක් තවත් කවරකුට හෝ පිටපත් කර ඇති බවක් ලේකම්වරයාගේ ලිපියෙන් ගම්‍යමාන වන අතර එසේ පිටපත් කරන ලද්දේ කවරකුටදැයි අප නොදන්නා නමුත් ලේකම් වරයා එ පිලිබඳව අප්‍රසාදයෙන් පෙලෙන බවක් ගම්‍යමාන වන්නේය. (සැබැවින්ම එසේ කර ඇත්නම් එය නොකළ යුතු දෙයකි)
අප විශ්වාස කරන අන්දමට ලේකම් වරයා පලකරන මෙම අප්‍රසාදය හා ජනාධිපතිවරයා එලඹ ඇති ස්ථාවරය නිසා ඇතිවිය හැකි සමාජ බලපෑම අතර හරයාත්මක සබඳතාවයක් පවතී. ලේකම් වරයා අප්‍රසාදය එල්ල කරන කුමන්ත්‍රනය ජනාධිපතිවරයා බලාපොරොත්තු වන අරමුණු වලට පටහැනි බවක් එමගින් යෝජනා කරයි. එසේ නමි වැදගත් වන්නේ ජනාධිපතිවරයාගේ අරමුණු කුමක්ද යන්නත් එම අරමුණු වලට රැහැනිවන්නේ කව්ද යන්නත්ය. ඒ පිලිබඳව අදහසක් ගැනීමට ලිපියේ හරය පිලිබඳව විමසීම වටී.
ජනාධිපති ලේකම් වරයාගේ ලිපියේ අන්තර්ගතය සහ එ මගින් යෝජනා කරන කරුනු මත අප සමාජය මත ඇති කල හැකි බලපෑම අතිශ්‍ය බරපතල බව අපගේ හැඟීම වන්නේය.
එම ලිපිය මගින් සැකවින් නියෝග කරන්නේ,
1. කොමිසම යෝජනාකරන ආකරයට උද්ගතවී ඇති අරබුයක් පිලිබඳව ව්‍යවස්ථාමය උපදේශයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා ගැනීමට තරම් වු අවශ්‍යතාවයක් ජනාධිපතිවරයාට උදාව් වී නැති බවය.
2. ජනාධිපතිවරයා තමන් සතු බලතල මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් ඡන්දය පවත්වන දිනය නියම කර ඇති පසුබිමක කොමිසම මැතිවරණ පනතේ 24(3) යටතේ ක්‍රියා කරමින් ඡන්දය කල් දැමු පසුබිමක නැවත ඡන්දය පවත්වන දිනය තීරණය කිරීම කොමිසමේ වගකීමක් මිස එය ජනාධිපතිවරයා සතු වගකීමක් නොවන බවය.
3. කොමිසම විසින් ගැසට් නිවේදනයක් මගින් ඡන්දය පැවැත්වීම කල්දමනු ලැබුවද එළෙසට නැවත පවත්වන දිනය ප්‍රකාශ කිරීමට අතපසු කර ඇති බවත් එය බරපතල අතපසුකිරීමක් බවය.
4. කෙසේ නමුත් කල් දැමුවාට පසුව කොමිසමට අවශ්‍ය නම් කල් දැමු දින 14 ට පසුව ඉන් ඉක්බිතිව එලඹෙන 15 දිනයේදී වුවත් පැවැත්වීම හැකි බවත් එ සඳහා ජනාධිපතිවරයාගේ අකමැත්තක් හෝ බාධාවක් නොමැති බවත් ව්‍යංගයෙන් දක්වා තිබේ.
කෙසේ නමුත් මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්තය පිලිබඳව විමසීමේ දී අපට වැටහෙන්නේ එය ඉංග්‍රීසි භාෂාවේ පිරුලකින් එනම් tongue–in–cheek පදනමින් ලියු ලිපියක් වන බවයි. එනම් තමන් ගේ සැබෑ අවශ්‍යතාවය සඟවා ගෙන එය අනුන් ලවා කරවා ගන්නා නමුත් එහි චොදනාව අනෙකාට පවරාලීම අරමුනුකොට ගෙන ලියු ලිපියක් බව අපගේ හැඟීමයි.
දැන් අප එකී හැඟීම පිලිබඳව විමසන්නේ නම් පලමුව කිව යුත්තේ කොමිසම ඡන්දය කල් දමන්නේ වසංගතය හේතු කොට ගෙන බවය. චන්දය නැවත පැවැත්විය හැකි පසුබිම තීරණය වන්නේ වසංගතය පාලනය වු තත්වයක තුලදීය. එ සඳහා කොමිසමට තිබු එකම නීතිමය පිලිසරණ පනතේ 24(3) වගන්තියයි. නමුත් ජනාධිපතිවරයාට පනතේ 113 වගන්තියේ පිහිට පැතිය හැකි නමුත් ලේකම් වරයා එ පිලිබඳව කෙළබිඳක් හෝ නොසැලීමට ප්‍රවේසම් වන්නේය. කෙසේ නමුත් ලේකම් වරයා වගකීම කොමිසමට පවරා කෝඳුරු තෙල් හත් පට්ටයම කොමිසමට ලබා දීමට යුහුසුලු වී තිබේ.
අඩුම වශයෙන් මෙවැනි පසුබිමකදී ( act of god) ශ්‍රේෂ්ඨාධිකරණය විමසමින් ඇතිවී ඇති ව්‍යාකූල තත්වයෙන් ගොඩඒමට මඟක් හෝ යෝජනා කිරීමට ලේකම්වරයා කෟතහස්ත නොවේ.
සැබවින්ම මේ වනවිට වසංගතය විසින් මැතිවරණයට අදාල වන අපේ නීති ක්‍රමය හ ආ.ක්‍ර.ව්‍ය. මත ඇති කර ඇත්තේ constitutional and legal quagmire (ව්‍යවස්ථාමය ව්‍යර්තභාවයකි (frustration). එය අප පහදා ගත යුතුවන්නේ මෙලෙසය:
1. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හා ඡන්දය පැවැත්වීමට දින නියම කරන විට එකී මැතිවරණය නියෝගයේ සිට මාස 3 කින් පවත්වා හමාර කල යුතුය. වසංගතය නිසා කල් දැමු ඡන්දය නියෝගයේ සිට මාස 3 කින් හමාර කල නොහැකි බවක් මෙවනවිට පෙනී යන අතර එවැනි තත්වයකදී අනුගමනය කල යුතු ප්‍රතිපාදන පිලිබඳව නිශ්චිත නීතියක් නොමැත්තේය.
2. පනත කියන්නේ 24(3) ට අනුව දින 14 කට පසුව හා ඉන් ඉක්බිතිව ඡන්දය පැවැත්වීම කල යුතු බව වුවත් පවතින වසංගත තත්වය එවැනි දින 14 කාලවකවානු කොපමණක් අවසානයේ එය කල හැකි වන්නේ ද යන්න අදට දන්නේ දෙවියෝ පමනකි. එම නිසා චන්දය පැවැත්වීම සාධාරන මනුෂ්‍යයකු ගේ පුර්වේක්ෂනයෙන් ඔබ්බට ගිය කරුණක් වී තිබේ.එවැනි පසුබිමක මැතිවරණ පනත අසරණවී තිබේ.
3. එසේම මේ ආකාරයයට නිශ්චිත දිනයක් නොමැතිව ඡන්දය කල් යන තත්වයක් තුල ජනාධිපතිවරයා පනතේ 10(2) යටතේ දින නියම කොට එ මත කොමිසම විසින් භාරගෙන ඇති නාම යෝජනා යටතේ කවදා හෝ පවත්වන්නට යෙදෙන ඡන්දයකදී එසේ පිළිගත් නාම යෝජනා යටතේ ඡන්දය පැවැත්විය හැකිද යන්න පිලිබඳව නෛතික සැකයක්ද මතුවී තිබේ. (එනම් නාම යෝජනා භරගත්තේ ජනාධිපතිවරයා ගේ 10(2) නියෝගය යටතේ බැවින් එම නියෝගය ශූන්‍ය වු කල එම නියෝගය යටතේ භාරගත් නාම යෝජනාද ශූන්‍ය වන පදනමිනි)
4. ඡන්දය වසංගතය නිසා කල් දැමීමේ නිශ්චිත කාල වකවානුවක් පිලිබඳව අදහසක් ලබා ගත නොහැකි පදනමින් යම් හෙයකින් එම කාලය විසුරුවා ඇති පාර්ලිමේන්තුවේ පුර්ණ ආයු කාලය වන වසර 5 ඉක්මවා යන කල ආ.ක්‍ර.ව්‍ය. 62 වගන්තියට අනුව ගතයුතු ක්‍රියාමාර්ග අවිනිශචි තිබේ.
මේ සියලු කරුනු එක්ව ගත් කල ජනාධිපතිවරයා ඇතිවී තිබෙන බරපතල ව්‍යවස්ථාමය ව්‍යර්තාවය හමුවේ ආ.ක්‍ර.ව්‍ය. 129 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමට තරම් පදනමක් නැතයි පැවසීම හාස්‍යට කරුනක් වන්නා සේම එවැනි ස්ථාවරයක් ගැනීම තුල යම් සැඟවුන අර්ථයක් නැතැයි කීමට ද නොහැකි වන්නේය.
අනෙක් අතට කොමිසමට මෙවැනි අවස්ථාවකදී එවැනි මත විමසුමක් කල නොහැකි වනවා පමනක් නොව කල හැකි එකම දෙය ජනාධිපතිවරයාගේ නියෝගය පදනම් කරගෙන මානව හිමිකම් නඩුවක් හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට කරුනු ඉදිරිපත් කිරීම වන්නේය. එය කොමිසමට තරම් නොවන ක්‍රියාවකැයි අපට සිතේ.
එසේ නම් රටේ භාරකරු ලෙස හඳුන්වනු ලබන ජනාධිපතිවරයකු රට මුහුණ දී ඇති මෙවන් වු බරපතල අරබුදකාරී තත්වයක දී එයට මුහුණ දීම සඳහා ඇති සරල විසඳුම් පවතින පසුබිමක තත්වය තවතවත් සංකීර්න කිරීමට කටයුතු කරමින් සිටින්නේ කුමන අරමුනක් ජයගැනීමටදැයි අප විමසා බැලිය යුතුව තිබේ.
ඉන් එක් අරමුණුගත මඟක් විය හැක්කේ ඔනැම මිනිසකු මෙන්ම ප්‍රශ්නය පිලිබඳව උඩඟුව කරුනු විමසීමයි.
එය එසේ නොවේ නම් දෙවැනි අරමුණුගත මඟවිය හැක්කේ තමන්ටම අවැසි දේශපාලනික ගමන් මාර්ගයක් තමන් සතු වීමයි. එය එසේ නම් දැනට ගොඩනැගෙමින් පවතින ව්‍යවස්ථාමය ව්‍යර්තභාවය එයට මනා පිටුවහලක් වනු ඇතයි ඔවුන් විශ්වාස කරනවා නොඅනුමානය. ජනාධිපති ලේකම්ගේ ලිපිය පිලිබඳ මගේ අනුමානය එයයි.
රටේ ජනතාව කියා සිටින්නේ පාර්ලිමේන්තුවක් අවැසි නොවන බවකි. එය මගඩියක් බවය.
(මුහුණු පොතෙනි)