සුනිල් රත්නායකට සමාව දීම ශ්‍රී ලංකාව අන්තර් ජාතික මානව හිමිකම් බැදීම් ඉටු නොකෙරන බවට තවත් උදාහරණයකි. – එක්සත් ජාතීන්

465
Image processed by CodeCarvings Piczard ### FREE Community Edition ### on 2018-01-12 11:33:24Z | |

ඡායාරූපය: රූපට් කොල්විල්.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ ප්‍රකාශ රූපට් කොල්විල් විසින් අද දින (27) නිකුත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ මාධ්‍ය ප්‍රකාශය.

ශ්‍රී ලංකාවේ මිරුසුවිල් මිනිස් සංහාරයේ වැරදිකරුට ජනාධිපති සමාවක් ලැබී මේ සතියේ සිරෙන් නිදහස් වූ බවට වාර්තා වීම නිසා අපි කණස්සල්ලට පත් වෙමු.

දශකයකට වැඩි කාලයක් තිස්සේ පැවති නඩු විභාගයකින් පසු පස් හැවිරිදි දරුවෙකු ඇතුළු සිවිල් වැසියන් අට දෙනෙකු 2000 ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු හමුදා සැරයන් සුනිල් රත්නායකට 2015 දී දඩුවම් නියම විය. විත්තිකරුවන් පස් දෙනෙකු නඩු විභාගයට ඉදිරිපත් කළ නමුත් නමුත් වරදකරු වූයේ සැරයන් රත්නායක පමණි. එම තීන්දුව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2019 මැයි මාසයේදී තහවුරු කරන ලදී.

මේ වනාහී දශක ගණනාවක් තිස්සේ පැවති ගැටුමට අදාළ මානව හිමිකම් නඩුවලින් මෙතාක් දඪුවමක් ලබා දෙමින් අවසානයක් දුටු දුර්ලභ අවස්ථාවකි.

ජනාධිපති සමාව යනු වින්දිතයින්ට කරන අපහාසයක් වන අතර යුද අපරාධ, මානව වර්ගයාට එරෙහි අපරාධ සහ මානව හිමිකම් උල්ලංනය කිරීම් සම්බන්ධයෙන් අර්ථවත් වගවීමක් සැපයීමේ සිය ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් ඉටු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම පිළිබඳ තවත් උදාහරණයකි එවැනි උල්ලංනයන් හා අපරාධවලට ගොදුරු වූවන්ට පිළියමක් ලබාගැනීමට අයිතියක් ඇත. යුක්තිය සහ වන්දි ගෙවීමේ සමාන හා ලදායී ප්‍රවේශයක් වැරදිකරුවන් ඔවුන් විසින් කරන ලද අපරාධයේ බැරෑරුම්කමට සමානුපාතික වන ඩුවමක් ලබා දීමක් ද එම අයිතියට ඇතුළත් වෙයි.

ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධයෙන් අපරාධයකට වැරදිකරුවකු වු එකම පුද්ගලයාට සමාව දීම, මහා පරිමාණ මානව හිමිකම් උල්ලංනය කිරීම් සඳහා ද දුර්විපාක නොලැබීම අවසන් කිරීමහිලා ශ්‍රී ලංකාව ලබා ඇති සීමිත ප්‍රගතිය තවදුරටත් බිඳ දමයි.

OHCHR

සිංහල අනුවාදය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි.