Tuesday, May 7, 2024

යුරෝපය පුරා කොවිඩ්-19 බෝවීමේ අවදානම ඉතා ඉහළ යි – රෝග වැළැක්වීම සහ නිවරණය සඳහා යුරෝපා ම්‍යස්ථානය

යුරෝපා සංගමයේ / යුරෝපා ආර්ථික කළාපයේ සහ එක්සත් රාජධානියේ කොවිඩ්-19 බෝවීමේ අවදානම දැනට ඉතා ඉහළ මට්ටමක පවතන බවත් ඉදිරි සතිවලදී  කොවිඩ්-19 පුළුල් ලෙස ජාතික ප්‍රජාවන්ට බෝවීමේ වීමේ අවදානම ඉහළ යා හැකි බවත් එමෙන්ම සෞඛ්‍ය සේවා ධාරිතාව ඉක්මවා යාමේ අවදානම ඉහළ මට්ටමක ඇති බවත් රෝග වැළැක්වීම සහ නිවරණය සඳහා යුරෝපා ම්‍යස්ථානය ප්‍රකාශ කරයි.

කොවිඩ් 19 රෝගය නිසා ලොවපුරා 5,838 දෙනෙකු මේ වන විට මියගොස් ඇති අතර ඉන් 2,539 ක් මිය ගොස් ඇත්තේ චීනයෙන් පිටත දීය.

යුරෝපා සංගමයේ / යුරෝපා ආර්ථික කළාපයේ සහ එක්සත් රාජධානියේ පුද්ගලයින් කොවිඩ්-19 ආසාදනය හා සම්බන්ධ දරුණු රෝග ඇතිවීමේ අවදානම දැනට සාමාන්‍ය ජනතාව සඳහා මධ්‍යස්ථ ලෙස සලකනු ලබයි.

එසේ නමුත් වැඩිහිටියන්ට සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ට එය ඉහළ මට්ටමක පවතී. ඊට අමතරව, මෘදු රෝග ඇතිවීමේ අවදානම සහ එහි ප්‍රතිලයක් ලෙස සමාජ හා සේවා ආශ්‍රිත ක්‍රියාකාරකම් කෙරෙහි ඇති වන බලපෑම ඉහළ මට්ටමක පවතී.

අවදානමට ලක්විය හැකි පිරිස් විශාල වශයෙන් සිටින සත්කාර සහ සෞඛ්‍ය ආයතනවල කොවිඩ්-19 බෝවීමේ වීමේ අවදානම ඉහළ යැයි සැලකේ.

යුරෝපා සංගම් / යුරෝපා ආර්ථික කළාපයේසහ එක්සත් රාජධානියේ වාර්තා වූ කොවිඩ්-19 රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය දින 10 තුළ ඉහළ ගොස් තිබේ. මෙම කලාපයෙහි රටවල් කිහිපයක ඉතා වේගයෙන් ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර ප්‍රාදේශී ප්‍රදේශ ස්ථානගතව බෝවීම වැඩි වීමේ සම්භාවිතාව ඉහළ යැයි සැලකේ. සමහර දිගු කාලීන සත්කාර පහසුකම් සපයන ස්ථාන ඇතුළුව සෞඛ්‍ය සේවා ස්ථානයන්හි තුළ බෝවීම් වාර්තා වී ඇත.

සෞඛ්‍යාරක්ෂාව අවශ්‍ය නොකරන මෘදු රෝග ලක්ෂණ ඇති පුද්ගලයින්ගෙන් මෙබෝවීම් වලින් යම් ප්‍රමාණයක් සිදුවන බව පිළිගත හැකි ය.මන්ද යත් රොගය කැපී නොපෙනන මෘදු ආසාධිතයින්ගෙන් වෛරසය බෝවිය හැකි නිසා ය. සෞඛ්‍ය හා සමාජ ආයතන, මෘදු ආසාදන ඇති සෞඛ්‍ය සේවකයින් හෝ එවැනි පවුල සාමාජිකයන් මගින් සෞඛ්‍ය හා සමාජ ආයතන වෛරසයට නිරාවරණය වුවහොත්, ඉතා ඉක්මණින් හා හඳුනා ගැනීමපෙර වෛරසය ඉක්මනින් පැතිර යා හැකිය. එවැනි තත්වයක් වැළැක්විය හැක්කේ සමාජ පරතරය පවත්වා ගැනීම සහ අනෙක් මඟ පෙන්වීම් ක්‍රියාත්මක කිරීම මගිනි.

මෙම වෛරසය නිසා වඩාත්ම දරුණු රෝගාබාධ හා මරණ වලින් වැඩි ප්‍රමාණයක් සිදුවී ඇත්තේ වැඩිහිටියන් හා වෙනත් නිදන්ගත රෝගී තත්වයන් ඇති අය අතර ය. මේ අනුව, රෝහල්වල හෝ සත්කාරක පහසුකම් සපයන ආයතනයන්හි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් කෙරෙහි විශේෂයෙන් වැඩිහිටියන් සඳහා වෛරසයෙන් දැඩි බලපෑමක් ඇතිවනු ඇත. සෞඛ්‍ය සේවා සහ සමාජ සත්කාර සේවකයින් විශාල සංඛ්‍යාවක් හුදෙකලා කිරීමට සිදුවන පරිදි වෛරසය ඔවුන්ට අසාදනය වුවහොත් එහි බලපෑම විශේෂයෙන් නරක් වනු ඇත.

මේ අතර අද එනම් 16දා “ද ගාර්ඩියන්” පුවත්පත අනාවරණය කර තිබෙන පරිදි එක්සත් රාජධානියේ කෙරෝනා වෛරස් වසංගතය ඊළඟ වසන්තය දක්වා පවතිනු ඇති අතර මිලියන 7.9 ක ජනතාවක් රෝහල් ගත කිරීමට ඉඩ ඇති බව බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවෙහි ජ්‍යෙෂ් නිලධාරීන් සඳහා සකස් කරන ලද රහසිගත වාර්තාවක දැක්වේ.

එම කාලය තුළ බ්‍රිතාන්‍යයන්ගෙන් 80% ක් පමණ කෙරෝනා වෛරසය ආසාදනය වී විය හැකි බව ද එය ප්‍රකාශ කරයි. ජනගහනයෙන් පස් දෙනෙකුගෙන් සෑම හතර දෙනෙකුටම වෛරසය වැළඳෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ඉතාලියෙහි 15වන ඉරිදා කොරො වෛරස් රෝගයෙන් මියගිය සංඛ්‍යාව 368 ක් විය. රටේ මරණ සංඛ්‍යාව 1,809 ක් වේ. තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 24,747 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගෝලීය වශයෙන් 153,000 කට අධික පුද්ගලයින් සංඛ්‍යාවකට කෙරෝනා වෛරසය අසාදනය වී 5,800 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.

ප්‍රංශයේ විශාලතම මරණ සංඛ්‍යාව වූ 29 ඊයේ වාර්තා වූ අතර දැන් එරට මුලු මරණ සංඛ්‍යාව 120 කි. ඊයෙන් අවසන් වූ පැය 24 තුළ තවත් ආසාදන 900 ක් පමණ වාර්තා වී තිබේ.

ඔස්ට්‍රියාවෙහි ඉතාලියට යාබද ප්‍රන්තය වන ටිරෝල්හි පැය 24 පුරා පවතින ඇදිරි නීතියක් ප්‍රකාශ කළ අතර පස් දෙනෙකුට වඩා එක් රුස්වීම් තහනම් කර න ලදී. එරට තහවුරු කරන ලද අසාදනයන් 860ක් වන අතර ඉන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ටිරෝල් ප්‍රාන්තයෙනි.

තහවුරු වූ අසාදනයන් 2,000 ක් වාර්තා වී මරණ සංඛ්‍යාව දෙගුණ වීමෙන් පසු රටපුරා පැය 24ඇදිරි නීතිය පැනවූ දෙවන යුරෝපීය රට බවට ස්පාඥය පත්විය.

ජර්මනියේ කොරෝනා වෛරස් රෝගීන් 5,426 ක් වාර්තා වී ඇති අතර මරණ 11 ක් වාර්තා වී තිබේ. ඊයේ එරට රටවල් පහක් සමඟ ඇති දේශසීමා මගී ගමනාගමනය සදහා වසා දමන ලදී.

ස්විස්ටර්ලන්තයෙහි තහවුරු වූ අසාදනයන් ගනන 1563ක් ද මරණ 13ක් ද වාර්තා වී තිබේ.

(අන්තර් ජාතික වාර්තා ඇසුරෙනි)

Archive

Latest news

Related news