Tuesday, July 16, 2024

2019-nCoV පැතිරයාමේදී ආතතියට මුහුණ දීමට WHO උපදෙස්.

අර්බුදයකදී දුක, ආතතිය, ව්‍යාකූලත්වය, බිය හෝ කෝපය දැනීම සාමාන්‍ය දෙයකි. එවැනි තත්වයක දී ඔබ විශ්වාස කරන පුද්ගලයින් සමඟ කතා කිරීම උපකාරි වේ. ඔබේ මිතුරන් හා පවුලේ අය අමතා කතා කරන්න.

ඔබ නිවසේ සිටිය යුතු නම්, නිසි ආහාර, නින්ද, ව්‍යායාම ඇතුළත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගන්න. . නිවසේ සිටින ආදරණීයයන් සමඟ සමාජ සම්බන්ධතා පවත්වන්න. වෙනත් පවුලේ අය සහ මිතුරන් සමඟ විද්‍යුත් තැපෑලෙන් සහ දුරකථනයෙන් සම්බන්ධ වන්න.

ඔබේ ංවේදනයන් පාලනය කිරීමට දුම්පානය, මත්පැන් හෝ වෙනත් අන්තරායකාරී ෂධ භාවිතා නොකරන්න. ඔබට ඩවසා ගැනීමට බැරි මානසික වෙහෙසක් දැනේ නම්, සෞඛ්‍ය සේවකයෙකු හෝ උපදේශකයෙකු සමඟ කතා කරන්න. අවශ්‍ය නම් ශාරීරික හා මානසික සෞඛ්‍ය අවශ්‍යතා සඳහා කොතැනට යා යුතුද සහ කෙසේද යන්න පිළිබඳ සැලසුමක් තබා ගන්න.

කරුණු ලබා ගන්න. ඔබේ අවදානම නිවැරදිව තීරණය කිරීමට උපකාරී වන තොරතුරු එක්රැස් කරන්න. එවිට ඔබට තර්කාණුකූල පූර්වෝපායන් ගත හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය හෝ ප්‍රාදේශීය හෝ රාජ්‍ය මහජන සෞඛ්‍ය ආයතනයක් වැනි විශ්වාස කළ හැකි විශ්වාසදායක මුලාශ්‍රයක් සොයා ගන්න.

ඔබ සහ ඔබේ පවුලේ අය කලබල වන බව ඔබට තේරුම් යන මාධ්‍ය ආවරණය නැරඹීමට හෝ සවන් දීමට ගත කරන කාලය අඩු කිරීමෙන් කරදරවීම සහ කළබලයට පත්වීම අඩු කරන්න.

මෙයට පෙර ඔබ මුහුණ දුන් විපත් කළමනාකරණය කරගැනීමට අතීතයේ දී ඔබ භාවිතා කළ කුසලතා මත ශක්තිය ලබා ගන්න. සහ මෙම වෛරසය පැතිරයාමේ අභියෝගාත්මක කාලය තුළ ඔබේ ංවේදනයන් කළමනාකරණය කර ගැනීමට එම කුසලතා භාවිතා කරන්න.

(ශ්‍රි ලංකා බ්‍රිෆ් විසින් කරන ලද ‌මෙය නිල WHO පරිවර්ථනයක් නොවේ)

Archive

Latest news

Related news