Monday, May 6, 2024

කෝවිඩ් 19: දරුවන් සහ පාසල් ආරක්ෂණය සඳහා මාර්ගෝපදේශ නිකුත් වෙයි.

ඡායාරූපය යුනිසෙප් අනුග්‍රහයෙනි.

මෙම මාර්ගෝපදේශයන්ට පරිපාලකයින්, ගුරුවරුන්, දෙමාපියන් සහ ළමුන් සඳහා ප්‍රායෝගික ක්‍රියා සහ පිරික්සුම් ලැයිස්තුවක් ඇතුළත් වේ.

(ජිනීවා/නිව්යොර්ක්) කෝවිඩ් 19 වෛරසය සම්ප්‍රේෂණය වීමෙන් ළමුන් සහ පාසල් ආරක්ෂා කර ගැනීම සඳහා ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනය (IFRC), එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අද නව මග පෙන්වීමක් නිකුත් කළහ. පාසල් ආරක්ෂිතව තබා ගැනීම සඳහා මඟ පෙන්වීමසළකා බැලිය යුතු තීරණාත්මක කරුණු සහ ප්‍රායෝගික පිරික්සුම් ලැයිස්තුවක් සපයයි. අධ්‍යාපන පහසුකම් සඳහා හදිසි සැලසුම් අනුවර්තනය කර ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව ජාතික හා පළාත් පාලන ආයතනවලට ද එය උපදෙස් දෙයි.

පාසැල් වසා දැමෙන අවස්ථාවන්හි දී, දරුවන්ගේ ඉගෙනීමට සහ යහපැවැත්මට ඇති විය හැකි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා වන නිර්දේශයන් මාර්ගෝපදේශයන්ට ඇතුළත් වේ. මෙයින් අදහස් කරන්නේ දුරස්ථ අධ්‍යාපන උපාය මාර්ගයන් යොදා ගැනීමයි. අධ්‍යයන අන්තර්ගතයන් ගුවන්විදුලි විකාශනයන් සහ අන්තර් ජාලය වැනි දුරස්ථ ඉගෙනුම් විකල්පයන් සරහා ලබා දීම සියලු ළමයින් සඳහා අත්‍යවශ්‍ය සේවාවන් ලෙස සැළකිල්ලට ලක් කිරීම යි. සිසුසිසුවියන්ගේ ඉගෙනීමේ අඛණ්ඩතාව සහතික කිරීම සඳහා ස්ථිර සැලසුම් ක්‍රියාත්මක කිරීම ඉන් පොදු වශයෙන් අදහස් කැරේ. අවසානයේදී පාසැල් නැවත ආරක්ෂිතව විවෘත කිරීම සඳහා අවශ්‍ය පියවරයන් ද මෙම සැලසුම්වලට ඇතුළත් විය යුතුය.

පාසැල් විවෘතව පවතින්නේ නම්, ළමයින් සහ ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව සහ දැනුවත්භාවය සහතික කර ගැනීම සඳහා මෙම මාර්ගෝපදේශ මෙසේ ඉල්ලා සිටියි:

  • තමන් ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු දරුවන්ට ලබා දීම;
  • හොඳින් අත් සේදීම සහ සනීපාරක්ෂක පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම සහ සනීපාරක්ෂක සැපයුම් සැපයීම;
  • පාසල් ගොඩනැගිලි පිරිසිදු කිරීම හා විෂබීජ නාශක කිරීම, විශේෂයෙන් ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම;
  • සහ වායු ගලනය සහ වාතාශ්‍රය වැඩි කිරීම.

කෝවිඩ් 19 සම්ප්‍රේෂණයවී ඇති බවට දැනටමත් සනාථ කර ඇති රටවලට මෙම මඟ පෙන්වීම විශේෂිත වූවත් අනෙක් සියලුම සන්දර්භයන්ට ද අදාළ වේ. නිවසේදී, පාසැලේදී සහ ඔවුන්ගේ ප්‍රජාව තුළ රෝග වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා උපදේශකයින් වීමට අධ්‍යාපනය මගින් ශිෂ්‍ය ශිෂ්‍යවන් දිරිමත් කළ හැකිය. ආරක්ෂිත පාසල් මෙහෙයුම් පවත්වාගෙන යාම හෝ වසා දැමීමෙන් පසු පාසල් නැවත විවෘත කිරීම සඳහා බොහෝ කරුණු සලකා බැලිය යුතු . එනමුුත් එම පියවරයන් හොඳින් සිදු කළ හොත් එමගින් මහජන සෞඛ්‍යය ප්‍රවර්ධනය කළ හැකිය.

නිදසුනක් වශයෙන්, 2014 සිට 2016 දක්වා ඉබෝලා වෛරස් රෝගය පැතිරෙන කාලය තුළ ගිනියාව, ලයිබීරියාව සහ සියරා ලියොන්හි ක්‍රියාත්මක කරන ලද ආරක්ෂිත පාසල් මාර්ගෝපදේශ මත පදනම් වීම මගින් වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීමට උපකාරී විය.

දුරස්ථ ඉගෙනුම් තුළින් සිසුන්ට විවෘත හෝ උපකාර කළත් යුනිසෙෆ් පාසල්වලින් ඉල්ලා සිටින්නේ සිසුන්ට සමෝධානාත්මක සහයෝගය ලබා දෙන ලෙසයි. තමන් සහ ඔවුන්ගේ පවුල් ආරක්ෂා කර ගැනීම සඳහා අත් සේදීම සහ වෙනත් ක්‍රියාමාර්ග පිළිබඳ වැදගත් තොරතුරු පාසල් විසින් දරුවන්ට ලබා දිය යුතුය. මානසික සෞඛ්‍ය සහාය සඳහා පහසුකම් සැපයිය යුතුය. එකිනෙකාට කරුණාවන්ත වීමට සහ වෛරසය ගැන කතා කිරීමේදී ඒකාකෘති වලින් වැළකී සිටීමට ශිෂ්‍යශිෂ්‍යාවන් දිරිමත් කිරීම මගින් අපකීර්තිය සහ වෙනස් කොට සැලකීම වැළැක්වීමට සහාය විය හැකි ය.

නව මගපෙන්වීම මඟින් දෙමාපියන්ට සහ රැකබලා ගන්නන්ට මෙන්ම ළමයින්ට සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද ප්‍රයෝජනවත් උපදෙස් සහ පිරික්සුම් ලැයිස්තු ඉදිරිපත් කරයි. මෙම ක්‍රියාවන්ට ඇතුළත් වන්නේ:

  • දරුවන්ගේ සෞඛ්‍යය අධීක්ෂණය කිරීම සහ ඔවුන් අසනීප නම් ඔවුන් පාසල් නොයවා ගෙදර තබා ගැනීම;
  • ප්‍රශ්න ඇසීමට සහ ඔවුන්ගේ ගැටළු ප්‍රකාශ කිරීමට දරුවන් දිරිමත් කිරීම; සහ
  • පටකයකට හෝ වැලමිටකට කැස්ස හෝ කිවිසීම සහ ඔබේ මුහුණ, ඇස්, මුඛය සහ නාසය ස්පර්ශ කිරීමෙන් වැළකීම.

2020 මාර්තු 10 ඒකාබද්ධ ප්‍රවෘත්ති නිවේදනයෙහි සිංහලානුවාදය ශ්‍රී ලංකා බ්‍රිෆ් මගිනි. 

Archive

Latest news

Related news