ශ්‍රී ලංකාව ජිනීවා යෝජනාවන්ගෙන් ඉවත්වීම නිසා වගවීම සහතික කරන අන් සියලූ මාර්ග සොයා බලන්නැයි මහ කොමසාරිස්වරිය ඉල්ලයි! 

817
Michelle Bachelet, United Nation High Commissioner for Human Rights, present oral update on the activities of his Office and global human rights developments during 41st Session of the Human Rights Council. 24 june 2019. UN Photo/ Jean Marc Ferré

ශ්‍රී ලංකා ආණ්ඩුව මානව හිමිකම්, ප්‍රතිසන්ධානය සහ වගවීම පිළිබද 30/1, 34/1 සහ 40/1 යන යෝජනාවන්ගෙන් ඉවත්වීම පිළිබඳ තමා කණගාටුවන බව පවසන මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය වන මිෂෙප් බෂලේ ශ්‍රී ලංකාව පත් කරන්නට යන නව පරීක්ෂන කොමිෂන් සභාව ගැන තමාට විශ්වාසයක් නැතැයි අද මානව හිමිකම් කවුන්සිලයේ දී ප්‍රකාශ කළා ය. ඇය කියා සිටියේ මෙයට පෙර පත් කරන ලද එවැනි යාන්ත්‍රණ සියල්ල අසාර්ථ වී ඇති බවයි. මෙම තත්වය යටතේ හ්‍රී ලංකාවේ තත්වය ගැන විමසිල්ලේන් සිටින ලෙස එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලින් ඉල්ලා සිටි ඇය ශ්‍රී ලංකාවෙහි වගවීම ඉදිරියට ගෙන යාම සඳහා හැකි සියලු මාර්ග ගවේෂණය කරන ලෙස  මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටියා ය.

එම මාර්ග අතර අන්තර් ජාතික යුද අපරාධ පරීක්ෂණයක් මෙන්ම කවර හෝ සම්බාධක පැනවීම් ද තිබිය හැකි බව ජිනීවා මානව හිමිකම් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ප්‍රකාශය පහත පළවේ.

මානව හිමිකම් කවුන්සිලයේ  30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී  ශ්‍රි ලංකාව ලබා ඇති ‍ප්‍රගතිය තක්සේරු කරමින් මම ශ්‍රී ලංකාව, HRC / 43/19 පිළිබඳ අපගේ යාවත්කාලීන කිරීම වෙත යොමු වෙමි.

යෝජනාව සම්බන්ධයෙන් දී මීට පෙර සපථ කළ පොරොන්දු වලට වඩා වෙනස් ප්‍රවේශයක් නව රජය විසින් ප්‍රකාශයට පත් කිරීම ගැන මම කනගාටු වෙමි. එය විසින් ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ඉදිරියට ගෙන යාමේ ප්‍රයත්නයන් වලක්වාලීමේ අවදානමක් ඇති කරයි.

රජය සිය සියලු ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතු අතර සියලු ජන කොටස්වල, විශේෂයෙන් සුළුතර ජාතීන්ගේ අවශ්‍යතා පිළිගෙන ඒවාට පිළියම් යෙදිය යුතුය. පසුගිය වසර කිහිපය තුළ ලබා ඇති දිනා ගැනීම් සුරකිමිින් වර්ධනය කරන ලෙස මම ආන්ඩුවෙන් ඉල්ලා සිටිමි. විශේෂයෙන්, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලයට, දේශපාලන හා සම්පත් සහාය ලබා දෙන බවට සහතික වන ලෙස මම ආන්ඩුව දිරිගන්වමි. සියලු ජන කොටස්වල අතුරුදහන් වූවන්ගේ පවුල්වලට යුක්තිය හා විසඳුම ලැබිය යුතුය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ශක්තිමත් කරන ලද ශ්‍රී ලංකාවේ ස්වාධීන ආයතන එහි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ ප්‍රධාන කුළුණකි. සිවිල් සමාජයට සහ ස්වාධීන මාධ්‍යයට ඇති අවකාශය ආරක්ෂා කළ යුතුය. එබැවින් රක්ෂක අමාත්‍යාංශය හෝ විශ්‍රාමික හමුදා නිලධාරීන් යටත සිවිල් ක්‍රියාකාරකම් පත්කිරීම සහ මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන් සහ වින්දිතයින්ට මුහුණ දෙන සෝදිසි කිරීම් සහ හිරිහැර කිරීම් යළි ආරම්භවීම පිළිබඳ වාර්තා මෑත කාලීන ප්‍රවණතාව නිසා මම කනස්සල්ලට පත් වෙමි.

එටමන්ම දෙමළ හා මුස්ලිම් යන සුළු ජාතීන්ට එරෙහිව වෛරී කථන ඉහළ යාමත් ඔවුනට විෂම සහ අසමාන ලෙස සැළකීම කරා යොමු වී ඇති බවක් පෙනෙන්නට තිබෙන හා ආරක්ෂ සහ ප්‍රතිපත්තිමය පියවරයන් වැඩිවෙමින් පවතී.

මූලික ගැටළුව වන්නේ ශ්‍රී ලංකාව තවමත් අතීතයේ සිදු වූ උල්ලංනයන් සම්බන්ධයෙන් දුර්විපාක නොලැබීම පිළිබඳව අවධානය යොමු නොකිරීමත ය. තව ද එම තත්වය දිගටම පවත්වාගෙන යාමට අනුබලදෙන සහ සක්‍රීයකාරක සාධක ආමන්ත්‍රණය කිරීමට අවශ්‍ය ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ සිදු නොකිරීම ය. අපරාධ යුක්ති විනිශ්චය ක්‍රමය තුළ අඛණ්ඩව පවත්නා පද්ධතිමය බාධක සැබෑ යුක්තිය ලබාගැනීමට බාධාවකි. අතීතයේ දී දේශීය යාන්ත්‍රණයන් වගවීම ඉටුකිරීමට අපොහොසත් විය.  තවත් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීම මගින් මෙම ක්‍රියාදාමය ඉදිරියට ගෙන යනු ඇතැයි මට විශ්වාසයක් නැත. . එහි ප්‍රතිලයක් වශයෙන්, වින්දිතයින්ට යුක්තිය අහිමි වනු ඇති අතර, මානව හිමිකම් උල්ලංනය කිරීම් පිළිබඳ අතීත රටාවන් නැවත ඇති නොවන බවට සියලු ප්‍රජාවන්ට අයත් ශ්‍රී ලාංකිකයන්ට සහතිකයක් ද නැතිවනු ඇත.

[මානව හිමිකම් කෙළසීම්] වැළැක්වීම සම්බන්ධයෙන් මෙම තත්වය පිළිබඳව සෝදිසියෙන් සිටින ලෙසත්, වගවීම ඉදිරියට ගෙන යාම සඳහා හැකි සියලු මාර්ග ගවේෂණය කරන ලෙසත් මම කවුන්සිලයෙන් ඉල්ලා සිටිමි.

(ඉංග්‍රිසි බසින්  අද දින කරන ලද ප්‍රකාශයේ සිංහල අනුවාදය ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙතිනි)