Tuesday, April 23, 2024

වැළිඅමුන වාර්තාව, එයාර් බස් ‌අල්ලස සහ කපිල වන්ද්‍රසේන භූමිකාව – සුනන්ද ‌දේශප්‍රිය

2015 ජනවාරියේ දී රාජපක්ෂ ආණ්ඩුව පරාජය නොවී නම් කපිල චන්ද්‍රසේන දූෂිත කල්ලිය එයාර් බස් සමාගමෙන් තවත් ගුවන් යානා හතරක් මිලයට ගැනීමටත් එමගින් ගිවිසගෙන තිබූ ඩොලර් මිලියන 16.8ක සම්පූර්ණ අලල්සම ලබා ගන්නටත් ඉඩ තිබූ බව දැන් හෙළිවෙමින් තිබේ. කපිල චන්දුසේන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත් කරන ලද්දේ රාජපක්ෂ පරාජයවීමෙන්  පසු ය. 2018 කු‍රමන්ත්‍රණ ආන්ඩුවෙහි අගමැති වූ මහින්ද රාජපක්ෂ විසින් යළි මෙම පුද්ගලයාට එම තනතුරම ලබා දෙන ලදී.

2015 සිරිසේන-රනිල්  ආන්ඩුව බලයට පත්වන විට ජනාධිපති රාජපක්ෂ විසින් ඔහුගේ මස්සිනා වූ නිශාන්ත වික්‍රමසිංහට බාර දෙන ලද ශ්‍රීලංකන් ගුවන් සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරියා වූයේ කපිල චන්ද්‍රසේන . ඒ වන විට එය දූෂණ ගුහාවක් බවට පත්ව තිබුණි. මෙම දෙදෙනාම 2011 වසරෙහි සිට එකී තනතුරු දැරූහ.

2015 බලයට පැමිණි මසක් ගත වූ පෙබරවාරි 16වනදා සිරිසේන=රනිල් ආන්ඩුව ශ්‍රී ලංකන් සමාගමෙහි ගුවන් යානා ප්‍රසම්පාදනය හා බද්දට ගැනීමේ අක්‍රමිකතා සොයා බැලීමට විමර්ශන කමිටුවක් පත් කරන ලදී. ඊට ජේ.සී.වැළිඅමුන (නීතිඥ සහ සමාජ ක්‍රියාකාරීයකයෙකි), යූ.එච්. පලහක්කාර (වරලත් ගණකාධිකාරී, හිටපු මුදල් කොමිෂන් සභාවේ සභාපති), බී..ඩබ්ලිව්.අබේවර්ධන (ගණකාධිකාරී, ප්‍රසම්පාදන හා රාජ්‍ය සේවා විනය පිළිබඳ විශේෂඥයෙකි) සහ එම්. බණ්ඩාර (සමාගම් පීළිබද හසළ දැනුමැති අයෙකි) ඇතුළත් විය. එහි වාර්තාව 2015 මාර්තු 30 දිනට හෝ ඊට පෙර ලබා දිය යුතුව තිබුණි. පරීක්ෂණයේ සංකීර්ණ අංශවලට සහාය වීම සඳහා තවත් බාහිර විශේෂඥයින් කිහිප දෙනෙකුට ආරාධනා කරන ලදී. මෙම විමර්ශන මණ්ඩලයේ මුළු පිරිවැය රුපියල් මිලියන 4 ක් පමණ විය.  කමිටුවෙහි සාමාජිකයින් වූ ඉහළ පෙළේ වෘත්තීයවේදීන් සිව්දෙනා සඳහා එක් අයෙකුට රු.900,000 ක වෘත්තීය ගෙවීමක් ලැබුණි. මිලියන හතරක් වැය වූයේ සමස්ත විමර්ශනය සඳහා ය.

කපිල චන්ද්‍රසේන ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා අවශ්‍ය මූලික දැනුමවත් නැති පුද්ගලයකු බව විමර්ශන කමිටුව ඉක්මනින්ම සොයා දැන ගත්තේ ය. නමුත් ඔහුගේ මාසික වැටුප රු. 1,500,000 ක් විය. ඊට අමතරව ඔහු ඊට පෙර අත්සන් කර තිබූ ස්ථාවර කාලීන කොන්ත්‍රාත්තුවක තිබූ අනෙකුත් දීමනා සහ ප්‍රතිලාභ ද ඔහුට ලැබුණි. එපමණක් නොව (ඔහු 2013 ජුනි සිට 2014 ජුනි දක්වා මොබිටෙල් (පුද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක (වැඩ බලන) නිලධාරියා ද 2014 ජූලි සිට 2015 ජනවාරි දක්වා මොබිටෙල් (පුද්ගලික) සමාගමේ උපදේශක ලෙස ද කටයුතු කරමින් වැටුප් ලබා ගත්තේ ය.

[title]චන්ද්‍රසේනගේ සේවය අත්හිටුවීම[/title]

නියමිත කාල සීමාව තුළ විමර්ශනය අවසන් කර, දැන් වැළිඅමුණ වාර්තාව යැයි පොදු වශයෙන් සදහන් කැරෙන, කමිටුවෙහි අවසන් වාර්තාව මාර්තු 30 දින රජයට බාර දෙන ලදී. 2015 මාර්තු 15 වන දින අතුරු වාර්තාවක් ද දී තිබූ අතර, එමගින් විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ සේවය අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි තිබුණි. එම අවස්ථාවේදී ඔහු සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළේය. කෙසේ වෙතත්, විමර්ශනයෙහි දී කපිල චන්ද්‍රසේන කියා සිටියේ නව ගුවන් යානා මිලදී ගැනීම ලංකාන්ඩුවේ තීරණයක් බවයි. නමුත් කමිටුව හමුවෙහි සාක්ෂි දුන් නිශාන්ත වික්‍රමසිංහ කියා සිටියේ මෙම මිලදී ගැනීම් ගැන තමා නොදැන සිටි බවයි.

අලුතින් ගුවන් යානා මිලදී ගැනීම පිළිබඳව ඉහළ මට්ටමේ අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා ප්‍රමාණවත් දූෂණ පිළිබඳ මූලික සාක්ෂි ඇති බව එම කමිටුව ආන්ඩුවට බාරදුන් වාර්තාවෙහි 8 වන පරිච්ඡේදයේහි සදහන් කර තිබුණි.

එම පරිච්චේදයේ සදහන් වන අන්දමට ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක දැවැන්ත මුදලක් [දළ වශයෙන් රු. බිලියන 290 ක්] ශ්‍රී ලංකා ගුවන් සේවය සඳහා නව ගුවන් යානා ලබා ගැනීමේ ගිවිසුම අනුව ගෙවිය යුතු විය. මෙම ගෙවීම 2010 – 2013 කාලය තුළ අවසන් කළ යුතු ද විය. අඩුම වශයෙන් පාඩු නොලැබීමේ තත්වයක් කරා හෝ යාමට නිශ්චිත වැඩ පිළිවෙලක් නොමැතිව දැවැන්ත පාඩු ලබමින් සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මේසා විශාල මුදලක් වැය කර නව ගුවන් යානා ලබා ගැනීම පිටුපස වෙනත් ගුප්ත හේතුවක් තිබුනේ ද යන ප්‍රශ්ණ කමිටුව හමුවෙහි මතු විය. දැන් හෙළිදරව් වී ඇති පරිදි එම හේතුව හේතුව ඩොලර් මිලියන 16ක තරම් දැවැන්ත කොමිස් මුදලක් ලබා ගැනීම යි.

මිටුවෙහි අවසාන වාර්තාව ආන්ඩුව විසින් පොලිස්පති ඉලංගකෝන්, අල්ලස් කොමිෂන් සභාව සහ නීතිපති වෙත ඉදිරිපත් කරන ලදී. 2015 මැයි මාසයේදී පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂන දෙපාර්ථමේන්තුවට සහ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට වැඩ්දුර විමර්ශනය සදහා එම වාර්තාව බාර දුන්නේ ය.

[title]ඒකාබද්ධ විමර්ශනය[/title]

ඒ අනුව රහස් පොලීසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ පියසේන අම්පාවිල හා සහකාර පොලිස් අධිකාරී පී.කේ.ඩී. ප්‍රියන්ත සහ නියෝජ්‍ය නීතිපති තුසිත මුදලිගේ සෘජු අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි නව ගුවන් යානා මිලදී ගැනීම ගැන ඒකාබද්ධ විමර්ශනයක් ආරම්භ කරන ලදී. මෙම විමර්ශනය කරගෙන යෑම බර කරන ලද්දේ පොලිස් පරික්ෂක නිහාල් ප්‍රැන්සිස්ට ය.

ඒ් අනුව මෙම එයාර් බස් ශ්‍රී ලංකන් වංචාව පිළිබඳ විමර්ශනය ආරම්භ වූයේ වැළිඅමුණ වාර්තාව විසින් කරන ලද නිර්දේශ උඩ බව පෙනේ.

නව ගුවන් යානා මිලදී ගැනීම පිළිබඳ විමර්ශනයට විදේශීය අධිකරණ වසම් අටක් සම්බන්ධ වී තිබුණි. තවද රට තුල එවැනි විමර්ශනයක් සඳහා විශේෂ කුසලතා තිබුණේ ද නැත. එම හේතු නිසා මෙය ශ්‍රී ලංකාවේ මෙතෙක් කරන ලද වඩාත්ම සංකීර්ණ අපරාධ විමර්ශනයක් බවට පත් විය.

මෙම පසුබිම තුළ 2015 මාර්තු 18වනදා ජනාධිපති සිරිසේනගේ යෝජනාවක් මත අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදුව රාජ්‍ය වත්කම් ආපසු ලබා ගැනීම පිළිබඳ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවන ලද. ඉහළ පෙළේ පුද්ගලයින්ගෙන් සමන්විත වූ මෙම කාර්ය සාධක බලකායට අද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු බවට පත්ව සිටින යසන්ත කොදාගොඩ සහ එවකට අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂිකාව වූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ද ඇතුලත් විය. එම අවස්ථාවෙහි ජනාධිපති සිරිසේන, රාපක්ෂවරුන් විසින් කරන ලද දූෂණ විමර්ශනය සඳහා උපරිම සහාය දෙමින් සිටියේ ය.

එම කාර්ය සාධක බලකාය පිහිටුවන ලද්දේ ශ්‍රී ලාංකිකයන් හා වෙනත් තැනැත්තන් විසින් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ක්‍රියා කරමින් හෝ අන්‍යාකාරයකින් නීතිවිරෝධී ලෙස හෝ අනීතික ලෙස අත්කර ගෙන හෝ ලබා ගෙන, ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් පිටපත සඟවා තිබෙන හෝ තබා ගෙන සිටින සහ ශ්‍රී ලංකා රජයට ලැබිය යුතු වත්කම් සහ ආදායම් පිළිබඳව විමර්ශනය කර ඒවා හඳුනාගැනීම, සෙවීම හා ඒවා තහනමට ගැනීමට ඵලදායී පියවර ගැනීම මෙන්ම එම වත්කම් මහා භාණ්ඩාගාරය සතු කිරීම සඳහා ශ්‍රී ලංකාවට පවරා ගැනීම සඳහා .

පොලිස් විමර්ශනයට අවශ්‍ය ජාත්‍යන්තර සහාය ලබා ගැනීම සඳහා එම බලකාය විශාල සහායක් ලබා දුන්නේ ය. තොරතුරු ලබා ගැනීම සඳහා එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, සිංගප්පූරුව සහ බෲනායි ඇතුළු බොහෝ රටවලට අපරාධ පරීක්ෂන දෙපාර්ථමේන්තුව සහ සහ මුල්‍ය අපරාධ පරීක්ෂන කොට්ඨාශය විසින් අන්‍යෝන්‍ය නීති ආධාර සහ තොරතුරු ඉල්ලීම් 14 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කරන ලදී. විමර්ශවය ‌‌මෙහෙය වූ ‌නියෝජ්‍ය ‌පොලිස්පති අම්පාවිලට විදෙස් පුහුණුුුුුවක් ද ලා ගැනීමට හැකි විය.

එනයින් එක්සත් රාජධානියෙහි බරපතල වංචා කාර්යාලය (SFO) එයාර් බස් ගනුදෙනු පිළිබඳ විමර්ශනය ආරම්භ කරන විට, එම තොරතුරු වෙනත් බොහෝ විමර්ශන ආයතන සොයා ගෙන තිබුණි. ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් අධිකරණ වසම් කිහිපයක්මේ වන විට ඒ හා සම්බන්ධ අපරාධ විමර්ශනය සෑහෙන දුරකට කරගෙන ගොස් තිබුණි.

මෙය ශ්‍රී ලංකාවේ රහස් පොලිසිය විසින් මෙහෙයවන ලද වඩාත්ම සාර්ථක විමර්ශනයකි. ඉදිරිපත් වූ සාක්ෂි අනුව ඒ අනුව කපිල චන්ද්‍රසේන සහ බිරිඳ ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් සැළකිල්ලෙන් සිටි අපරාධ පරීක්ෂන දෙපාර්ථමේන්තුව ඔවුන් පැමිණි පසු පසුව දෙදෙනාටම එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගත්තේ ය. ඒ වන විටත් මැතිවරණ ව්‍යාපාරයේ දේශපාලන උණුසුම ඉහළ යමින් තිබූ නිසා එම අවස්ථාවෙහි ඔවුන් අත්අඩංගුවට නොගැනීමට රහස් පොලීසිය තීරණය කළේ ය.

[title]අනපේක්ෂිත ‌බෝම්බය[/title]

ශ්‍රී ලංකාව ලද ජාත්‍යන්තර සහයෝගීතාවයේ හොඳම අවස්ථාවක් මෙම විමර්ශනය පෙන්නුම් කරයි. ශ්‍රී ලංකා ගුවන් සේවය විසින් ගිවිස ගත් මිලදී ගැනීම සඳහා ගෙවන ලද අල්ලස ඩොලර් මිලියන දෙකක් නොව දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 16.8 ක් යැයි ජාත්‍යන්තර විමර්ශකයින් තවමත් සැක කරයි.

මෙම වංචාව අන්තර් ජාතික එකක් බැවින් කපිල චන්ද්‍රසේන ඇතුළු පිරිසට එරෙහිව අපරාධ විමර්ශන වෙනත් රටවල අධිකරණයන්හි ද දිගටම පැවැතීමට ඉඩ තිබේ. ඇත. එක්සත් රාජධානියේහි බරපතල වංචා කාර්යාලයේ විමර්ශනය පිළිබඳ අවබෝධයක් ප්‍රසිද්ධියට පත් කර ඇති ලේඛන වලින්ම ලෙහෙසියෙන්ම ලබා ගත හැක.

එම ලේඛන වලට අනුව එක්සත් රාජධානියෙහි බරපතල වංචා පිළිබඳ කාර්යාලය ට එයාර් බස් සමාගම සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම අතර වූ ගුප්ත ගනුදෙනු සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ එහිලා රඟපෑ භූමිකාව පිළිබඳව එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය සමාගම විසින් දන්වන ලද්දේ් 2016 වසරෙහි අප්‍රේල් මාසයේ දී ය.

කපිල චන්ද්‍රසේන චීනයෙන් M70 ගුවන් යානා දෙකක් මිලදී ගත් අවස්ථාවක් ද විමර්ශනයට හසු විය. එය තවත් දූෂිත ගනුදෙනුවකි. එම විමර්ශනය ද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ සහ අල්ලස් කොමිෂන් සභාව ඉදිරියේ තවමත් විභාග වෙමින් පවතී. කපිල වන්ද්‍රසේන මිහින් ලංකා සමාගමෙහි ද ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත්වීමට හේතුව මෙය විය හැකි යැයි විශ්වාස කැරේ.

ශ්‍රී ලංකා ගුවන් සේවයේ දූෂන සෙවීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති සිරිසේන විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළේය. මුල්‍යමය කරුණු සහ නව ගුවන් යානා මිලදී ගැනීම ඇතුළු බොහෝ අංශ කෙරෙහි එය අවධානය යොමු කළේය. එහි අවසාන වාර්තාව ප්‍රසිද්ධ නොකරන ලදී. මේ වන විට සිරිසේන රාජපක්ෂ සරණ ගොස් තිබූ නිසා ය. එම වාර්තාව ප්‍රසිද්ධ වුවහොත් තවත් බොහෝ දූෂිත කරුණු අනාවරණය විය හැකි බව විශ්වාස කැරේ.

කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂගේ නියෝගයක් මත යැයි කීම බොරුවකි. ඔහු අත් අඩංඟුවට ගත යුතු බවට පොලීසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට පෙර නියත වශයෙන්ම තීරය කර තිබුණි.

මෙම දැවැන්ත වංචාව රාජපක්ෂවරුන් වෙත එල්ල වූ අනපේක්ෂිත දේශපාලන බෝම්යකි. එය ‌කොතැනින් ‌කෙළවර‌වේදැයි තවම කිව ‌නොහැක. අල්ලස් මුදල් ලබා ගත් රහස් ‌පොලීසිය නම් ‌නෙකරන සහෝදරයින් ‌දෙදෙනා අද ‌හෙටම ‌හෙළි වනු ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් දක්වනු ලබන අධිකරණ ස්වාධීනත්වය නොවන්නට මෙම වංචාව යට ගැසී කපිල චන්ද්‍රසේනට ඇප ලැබෙන්නටත් ඉඩ තිබුණි.

පසුගියදා රාගල පැවැති රැස්වීමක දී ජනාධිපති ගෝඨාභ්‍ය රාජපක්ෂ විසින් කරන ලදැයි කියන පහත සඳහන් ප්‍රකාශය මෙම තත්වයට රාජපක්ෂවරැන් දක්වන වක්‍ර ප්‍රතිචාරයක් විය හැකි ය.

ංකා නිව්ස් වෙබ් විසින් වාර්තා කර ඇති පරිදි එම ප්‍රකාශය මෙසේ ය: “අධිකරණයේ ස්වාධීනත්වය නිසි අයුරින් ජනතාවගේ යහපත උදෙසා ක්‍රියාත්මක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ..එසේම ඔවුන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලබාදී තිබීම රජයේ දුර්වලතාවක් වශයෙන් නොසිතිය යුතු බවත් ජනාධිපති රාජපක්ෂ අවධාරණය කළේ ය.” (ශ්‍රී ලංකා බ්‍රිෆ්)

Archive

Latest news

Related news