Monday, May 6, 2024

මෝඩ සීයලාගේ රට ‌‌වෙනස් කරන ‌ගෝටා දැක්ම: විදෙස් සරසවිවලට ‌මෙරට නිදහස් අධ්‍යාපන කලාපයක් සහ පුද්ගලික වරලත් විශ්වවිද්‍යාල!

ජායාරූපය: පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී සටනෙහි පෙරමුණේ සිටි දොස්තර සංගමය ගෝටා ආණ්ඩුවේ බලකනුවකි!

නව නිදහස් අධ්‍යාපන කලාපයක් ඇති කර විදේශීය ආයෝජකයන්ට, ඒ කලාපයේ ඇවිත් ලෝකයේ තිබෙන හොඳම විශ්වවිද්‍යාලවල ශාඛා එහි පිහිටුවන්නට අවස්ථාව දෙනවා. ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාල, අධි තාක්ෂණික විශ්වවිද්‍යාල, විශ්වවිද්‍යාල විද්‍යායතන එහි පිහිටුවන්නට ඉඩ දෙනවා. අවශ්‍ය බිම් සහ පහසුකම් සපයනවා. විදෙස් දරුවන්ට පුළුවන් ඇවිත් අධ්‍යාපනය හදාරන්නට. මේ කලාපය මිල්ලෑව ප‍්‍රදේශයේ ඉදි කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. බංගලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින වගේ රටවලට අපේ රටට ඇවිත් උසස් අධ්‍යාපනය අරන් යන එක ගොඩක් ලාභයි. ඒ අයට මේ රට ඉතා ළඟයිඒ අවස්ථාව අපි හදනවා. මැලේසියාවේ පුත‍්‍රජයා කියන විශ්වවිද්‍යාල නගරය එවැනි එකක්. ශ‍්‍රී ලාංකිකයන් ගොඩක් එහේ යනවා. ඒක තියෙන්නෙ විදේශිකයන්ටඒක අලූත් සංකල්පයක්.

විදේශ විනිමය ඉපයුම් මාර්ගයක් විදියට ”නිදහස් වෙළඳ කලාපයක් ජාත්‍යන්තර අධ්‍යාපන වෙළෙඳ කලාපයක්’’ අපි නිර්මාණය කරනවා. ලංකාවේ දක්ෂ ළමයින්ට ඒ කලාපයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලින් ශිෂ්‍යත්ව ලබා දීමට කටයුතු කරන්න පුළුවන්. මුදල් තිබෙන අයට ඒ විශ්වවිද්‍යාලවලින් කැමති නම් ඉගෙන ගන්න පුළුවන්. අපේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය වෙනම නිදහස් අධ්‍යාපනය අනුව ක‍්‍රියාත්මක වෙනවා. ලංකාවේ ආචාර්ය මහාචාර්යවරුන්ට පුළුවන් ඔවුන්ට ලැබෙන අවස්ථා අනුව ඒ විශ්වවිද්‍යාලවල උගන්නලා උපයගන්නත් දැනුම බෙදා දෙන්න මේක තමයි අපේ නව යෝජනාව.

මේ විදේශ විශ්විවද්‍යාලවලින් ඉගෙන ගන්න එන අය තමන්ගේ අධ්‍යාපනය හදාරලා ඒ ඒ රටවලට යනවා. ඒ අය අපේ රටේ සේවය කරන්න එන්නේ නැහැ. අපේ රටේ වෙනම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ක‍්‍රියාත්මක වෙනවා. ඒක ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, සංවර්ධනය කරනවා. දන්නෝ දන්න කාරණය තමයි අපේ රටේ මුදල් තිබෙන, ඉංග‍්‍රීසියෙන් කියවන ලියන පවුල්වල දරුවන්, මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියට එන්නේ නැහැ. මං අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයට වෙනම සාකච්ඡාවක් දීලා ගෞරවයෙන් ආරාධනා කරලා මේ ගැන කිවුවාඅපි මහ පොළොවේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ. අපේ රටේ ඇති හැකි අයගේ ළමයි, ඇඞ්වාන්ස් ලෙවල් කරන්නෙත් නෑමෙහේ උසස් අධ්‍යාපනය හදාරන්නෙත් නැහැදැන් ලෝකයේ තිබෙන තත්ත්වය අනුව උසස් පෙළ එතරම් අදාළ කර ගන්නේ නැහැමේ මධ්‍යම පාන්තික දරුවන් ලන්ඩර් ඕලෙවල්, ඒලෙවල් කරන එක කාටවත් නවත්තන්න බෑ. ඒ අය අවුරුදු 14 දි ලන්ඩන් ඕලෙවල් හරි ඒලෙවල් හරි කරලා ඇමෙරිකාවෙ, ඕස්ටේ‍්‍රලියාවෙ, එංගලන්තෙ, මැලේසියාවෙ වගේ රටක විශ්වවිද්‍යාල විද්‍යායතනයකට ගිහින්, ඩිප්ලෝමා එකක් හරි උසස් ඩිප්ලෝමා එකක් හරි කරනවාඊට පස්සේ රැකියාවක් කරන අතරේ අවුරුද්දකින් පස්සේ උපාධියක් ලබා ගන්නවාඊට අවුරුදු තුනකින් පස්සේ ආචාර්ය උපාධිය ලබා ගන්නවා. අවුරුදු 22, 23 දි විතර ඒ අය ආචාර්ය උපාධිය ලබා ගෙන එහේම නතර වෙනවාකසාද බඳිනවාමෝඩ සීයලගෙ රටට යන්න බෑ කියලා, එහේම පදිංචි වෙනවා.

දේශපාලඥයන්ගේ, ව්‍යාපාරිකයන්ගේ, රජයේ ඉහළ තනතුරු දරන අයගේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ළමයි තමයි එහෙම පිටරට යවන්නේ. එහෙම කරලා තමන්ගේ ප‍්‍රශ්නය විසඳගෙන රටේ මිනිස්සුන්ගේ දරුවන්ගේ ප‍්‍රශ්නය පාරට දාලා තියෙනවා

ඔව් දැන් අපි අධ්‍යාපනයේ රැඩිකල් වෙනසක් කරන්න ඕනේ. ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කරන්නට අපි විශ්වවිද්‍යාල ප‍්‍රමාණය වැඩි කරනවා. ඒකෙන් කියන්නේ බිල්ඩින් වැඩි කරනවා කියන එක නෙමෙයි. අපිට පුළුවන් තියෙන සම්පත් උපරිමයෙන් ප‍්‍රයෝජනයට ගන්න. ඒ අනුව මෙවර අපි 2020 දි සිසුන් ඇතුළත් කරගැනීම 50% කින් වැඩි කරනවා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට.

විවෘත විශ්වවිද්‍යාලය තුළ රැකියාභිමුඛ පාඨමාලා සඳහා ලක්ෂයක සිසුන්ට අවස්ථාව ලබා දෙන්නට වැඩසටහනක් හදනවා. දැනට උපාධි දෙන්න අනුමැතිය ලබා තිබෙන උසස් අධ්‍යාපන ආයතන ‘වරලත් විශ්වවිද්‍යාල’ බවට පත් කරනවා. ඊට අමතරව ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා ලබාදීම සඳහා විශ්විවද්‍යාල විද්‍යායතන 100 ක් පළමු අවුරුද්ද තුළ ඇති කරනවා. අවුරුදු තුනක ඩිප්ලෝමාවෙන් පස්සෙ ඒ අයට රැකියාවක් කරන අතරේ අවුරුදු හතරක් වෙද්දි උපාධිය සම්පූර්ණ කරන්නට අවස්ථාව ලැබෙනවා. උසස් පෙළ සමත්වෙන සියලූ සිසුන්ට උසස් අධ්‍යාපන වරම් ලබා දෙනවා කියන ජනාධිපතිතුමාගේ අභියෝගයේ වගකීම මම භාර අරන් තියෙන්නේ. මම ඒක කරලා පෙන්නනවා. මේවා දිගින් දිගටම මෙහෙම වෙනවා දැකල තමයි ජනාධිපතිතුමා කිවුවේ 30000 ක් විශ්වවිද්‍යාලවලට යනකොට 1,50,000ක් නරාවළට වැටෙනවා. ඒ නිසා ඊට පිළියමක් වශයෙන් උසස් පෙළ සමත්වෙන සියලූ දෙනාට උසස් අධ්‍යාපන වරම් සුරක්ෂිත කරන්නට කටයුතු කරනවා කියලා.

දිවයින පුවත් පතින් උපුටා ගන්නා ලදී.

Archive

Latest news

Related news