Saturday, April 27, 2024

කුඩා පක්ෂ අහොසිකර ගෝඨාභයට විධායක බලතල පැවරීමට ව්‍යවස්ථා සංසෝධනයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනා යටතේ ව්‍යවස්ථා සංසෝධන පනත් කෙටුම්පත් ඉදිරිපත් කර තිබේ.

මෙම යෝජනා දැන් විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස නම්කර රජයේ ගැසට් පත්‍රයේ පළකර තිබේ.

එම 21 වැනි සංශෝධනයෙන් මැතිවරණයකදී දේශපාලන පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් අපේක්ෂකයන් තෝරාපත්වීම සඳහා දැනට තිබෙන මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 5 ක ප්‍රතිශතයක් ලබාගත යුතුය යන නියමය සියයට 12.5 දක්වා වැඩි කිරීම යෝජනා කරයි.

මෙම සංසෝධනය සම්මත වුවහොත් ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තු නියෝජනායක් ලබා ගැනීමට ඇති අවස්ථාව අහෝසි වෙයි. ජවිපෙ පමණක් නොව මනෝ ගනේෂන් නායකත්වය දරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානයට ද ආසන කදුරට දී හැර පාර්ලිමේන්තුවට තේරී පත්වීමේ අවස්ථාව නැතිව යයි. එමෙන්ම මුස්ලිම් දේශපාලන පක්ෂයද උතුරු නැගෙනහිරදී හැර එම ප්‍රශ්ණයටම මුහුණ දෙනු ඇත.

ඊටත් වඩා භයානක වන්නේ යෝජිත 22වන සංසෝධනයයි. එමගින් 19 වන සංසෝධනය යටතේ පිහිටුවන ලද ව්‍යවස්ථා සභාව ඉක්මවා යමින් කටයුතු කිරීමේ බලය ගෝඨාභය රාජපක්ෂට ලැබේ.

මෙම සංසෝධනයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සහ අභියාචනා අධිකරණ විනිසුරන් පත් කිරීම, නිතිපති සහ විගණාකාධිපති පත් කිරීම ඇතුලු ඉතා තීරණාත්මක පත් කීරීම් ගෝඨාභය රාජපක්ෂට ලැබේ.
මෙම සංසෝධනය සම්මත කර ගැනීමට නම් 2/3 පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය වේ. මහා මැතිවරණයෙන් පසු කොක්කෙන් හෝ කෙක්කෙන් මෙම සංසෝධන සම්මත කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරනු ඇතැයි විචාරකයෝ පවසති.

එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය වෙනුවට රාජපක්ෂ පාලනයක් ඇතිවනු ඇතැයි ද විචාරක පිරිස් පවසති.

Archive

Latest news

Related news