මේ මුස්ලිම් නීතිය කුමක්ද? මෙය ෂරියා නීතියද? ලෙස ප්‍රශ්න රැසක් 2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව දසතින් නැගෙන්නට විය. සරලව කිවහොත් ලංකාවේ සැමට බලපාන පොදු නීතියක් දැක ගත හැක. නමුත් මීට අමතරව අපට ශ්‍රී ලංකාව තුළ දැක ගත හැක්කේ රෝම ලන්දේසි නීතිය, ඉංග්‍රීසි නීතිය, තේසවලාමයි නීතිය, උඩරට නීතිය සහ මුස්ලිම් නීතියයි.
ලංකාවේ මුස්ලිම් නීතිය කුමක්ද?
ආගමික පසුබිම මත පදනම්ව බලපැවැත්වෙන නීති පද්ධතියක් ලෙස මුස්ලිම් නීතිය හඳුනාගත හැක. මෙය කෙසේවත් ෂරියා නීතිය ලෙස වරදා ගත යුතුව නැත. ෂරියා සංකීරණ නීති පද්ධතියක් වන අතර මෙය ලංකාව තුළ ක්‍රියාත්මක නොවේ.
මුස්ලිම් නීතිය ක්‍රියාත්මක වන මූලික මගපෙන්වීම අඩංගු වන්නේ කුරාණයෙහිය. ලංකාවේ මුස්ලිම් නීතිය අංශ තුනක් යටතේ විහිදී පවතී.
1- විවාහ සහ දික්කසාද නීතිය (marriage and divorce)
2- පුණ්‍ය භාර නීතිය (charitable trust)
3- අනුප්‍රාප්තික නීතිය (inter state succession)
මෙය පුද්ගල නීතියක් ලෙස ක්‍රියාත්මක වේ. මුස්ලිම්වරුන්ටම අදාල විවාහ නීතින් පවතී. මෙරට සාමාන්‍ය විවාහ නීතියට අනුව විවාහ වීමට ඇති අවම වයස් සීමාව අවුරුදු 18 ක් වුවද මුස්ලිම් නීතිය යටතේ වයස අවුරුදු 12 සිට ගැහැණු ළමුන් විවාහ කරදීමට හැකියාව ඇත. මුස්ලිම් ජාතිකයකුට විවාහ හතරක් සිදුකරගැනීමට මෙරට මුස්ලිම් නීතියෙන් අවසර දී ඇත. නමුත් එක් විවාහයක් අවසන් නොකර තවත් විවාහයක් කරගැනීමේ කූට චේතනාවෙන් අන්‍යාගමික පුද්ගලයෙක් මුස්ලිම් ආගමිකයකු බවට පත්වන්නේ නම් එවැනි පුද්ගලයින් නීතිය ඉදිරියේ “බහු විවාහය” නැමති වරදට වරදකරුවකු වේ.
අද රටේ පොදු නීතිය කුමක්ද?
රෝම ලන්දේසි නීතිය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය ලෙස හඳුනාගත හැක. අනෙකුත් නීති පද්ධතීන්ගේ අඩුපාඩු සහ හිස්තැන් පුරවනුයේද රෝම ලන්දේසි නීතියයි. නමුත් බොහෝ අධිකරණ තීන්දු වල ආභාශයෙන් සහ විවිධ අණ පනත් හරහා මේ වන විට ඉංග්‍රීසි නීතියද අපගේ සාමාන්‍ය නීතියෙහි කොටසක් බවට පත්ව ඇත.
මුස්ලිම් නීතියේ ප්‍රතිපත්ති සංශෝධන
2018 පෙබරවාරි මාසයේ සංගෘහිත ‘එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ’ කමිටු වාර්තාව තුළ, ලංකාවේ ඇතැම් ප්‍රජාවන් තුළ අධික ළමා විවාහ අනුපාතිකයක් දක්නට ලැබෙන බව අවධාරණය කොට ඇත. බලහත්කාර ළමා විවාහවල වින්දිතයන් බවට පත්වන්නේ මුස්ලිම් දැරියන් පමණක් නොව, වෙනත් ප්‍රජාවන්ට අයත් දැරියෝද ඊට ගොදුරු වෙති.
මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත අගෝස්තු මස ප්‍රතිසංශෝධනය විය. විවාහ වන වයස 18 දක්වා වෙනස් කිරීමට, විවාහ විය යුතු අවම වයස, ලියාපදිංචි වීමේ ක්‍රමවේද සහ ලියාපදිංචි වීමට කැමැත්ත ප්‍රකාශ කිරීමට අයත් විධි විධාන ආදී කරුණු මේ වන විට මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ සංශෝධනයට ලක් වී ඇත. මෙය ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ ජයග්‍රහණයකි. කුරාණය සහ සුන්නා මගින් කාන්තාවන්ට ලබා දී ඇති සාධාරණත්ව පොරොන්දුව ශ්‍රී ලංකා මුස්ලිම් කාන්තාවන් සඳහාත් ඉතාම ඉක්මණින් ලබාගත හැකි වීම මෑත කාලීන ජයග්‍රහණයකි. මේ අද ඊයේ සාකච්චාවට හෝ විවාදයට ගැනුණු කරුණක් නොව 1950 දශකයේ සිට එම්එම්ඩීඒ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් හඬ නැගී ඇත.
මෙය මුස්ලිම් ජනතාව හා මුස්ලිම් කාන්තාවන් තුළින්ම එන ඉල්ලීමක් මෙම නීතිය වෙනස් විය යුතුයි කියලා…අවුරුදු 30 කටත් වැඩි කාලයක් තුළ අපි කියනවා නම් මුස්ලිම් කාන්තාවන්ට හොඳක් වෙලා නෑ.. නමුත් අසාධාරණයක් සහ හානියක් පමණයි වෙලා තියෙන්නේ කියලා එතකොට මේ නීතියෙන් වැඩක් වී නැත. –නීතිඥ එර්මිසා ටෙගාල්
අනාදිමත් කාලයක පටන් තම තමන්ට ආවේණික හර පද්ධතීන්ගෙන් සැදුම් ලත් නීති සහ චාරිත්‍රානුකූල නීතීන් වෙනස් කිරීම කළ නොහැක්කකි. ව්‍යවස්ථදායකයට කළ හැක්කේ සෑම පෞද්ගලික සහ ප්‍රාදේශීය නීති පද්ධතියකම පවතින යහපත් අංගයන් රඳවාගනිමින්, එම නීතීන් සතු අඩුපාඩු මකාලන පරිදි ඒකීය නීතීන් පැනවීමයි. මෙය ජාතියක් පීඩනය කරන අයුරින් භාවිත නොකර පොදුවේ මුහුණ දෙන ප්‍රශ්නයක් ලෙස සළකා ප්‍රතිකර්ම සිදු කළ යුතුයි.
කාන්තාවන් හට ආගම් හෝ සංස්කෘතීන් මඟින් සිදුවන අකටයුතුකම් කොතෙකුත් ඇත. එය මුස්ලිම් ආගමට ජාතියට හෝ සංස්කෘතියට පමණක් සීමා වූවක් නොව. කාන්තාවන් හට නිසි තැන හා නිසි ගෞරවය ලබා දීම සෑම ආගමක් සෑම සංස්කෘතියක් තුළම සිදු විය යුතුයි. මේ සඳහා අප විෂයානුකූලව සංවේදී විය යුතු අතර මෙය මුස්ලිම් අගම සහ ජාතිය පෙලීම සඳහා හෝ පීඩනය පත් කිරීම සඳහා මෙවන් දෑ භාවිත නොකළ යුතුය.