Thursday, April 25, 2024

යුක්තිය පතා එකම ගමනක: වික්ටර් හාරා දියණිය සහ ලසන්ත වික්‍රමතුංග දියණිය

අහිම්සා වික්‍රමතුංග සිය පියාගේ මරණයට සාධාරණත්වය ලබා ගැනීම පිනිස ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණය හමුවෙහි පවරණ ලද නඩුව ගැන විවිධ කතා බහ ඇතිව තිබේ. රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමරා වන නාමල් රාජපක්ෂ කියන්නේ මෙවැනි ප්‍රශ්න විදෙස් රටවලට නොගෙන යා යුතු බවය. එය විදෙස් රටකට ගෙන යෑමක් මෙහි සිදුව නැත. නඩුව පවරා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ රටෙහිදීය. ඔහු ශ්‍රී ලංකා පුරවැසිබව අතහැර ඇමෙරිකානු පුරවැසි භාවය ලබාගත් අයෙකි. යළි ශ්‍රී ලංකා පුරවැසිකම ඔහු ලබා ගත්තේ 2005 වසරෙහි දී ය.

එබැවින් වෙනත් රටකදී මෙම නඩුව පවරණ ලද්දේයැයි කියන කතාවෙහි තේරුමක් නැත. ඊටත් වඩා ඉතා වටිනා උදාහරණයක් තිබේ. එනම් ලොව පුරා පරසිදුව සිටි ගායක වික්ටර් හාරා මරා දැමිම සම්බන්ධයෙන් විලී රටෙහි ජෙනරල්වරකුට එරෙහිව ඇමෙරිකාවෙහි දී පවරණ ලද නඩුවයි. වික්ටර් හාරා දුගීබාවය සහ අසාධාරණයට විරුද්ධ ගායකවකු විය. එමෙන්ම චීලී රටෙහි මැතිවරණකින් බලයට පත් සමාජවාදි නායක සැල්වදෝර් ඇලන්ඩේගේ මිතුරකුද සහායකයකු ද විය.

1973 වර්ශයෙහිදී ඇමෙරිකව විසින් සහාය දෙන ලද හමුදා කුමන්ත්‍රණයකින් ඇලන්ඩේ ඝාතනය කර එරට යුද්ධ ආණ්ඩුවක් පිහිටුවන ලදී. යුද්ධ හමුදාව බලය අල්ලා ගැනීමෙන් පසු දහස් ගණන් සමාජවාදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ශ්‍රාස්ත්‍රයින් සිරගත කෙරුණි. ඒ අතර වික්ටර් හාරා ද විය. ඔවුන් එලෙස සිරගත කරන ලද චිලී පාපන්දු ක්‍රීඩා පිටිය දැන් වික්ටර් හාරා ක්‍රීඩාංගනය නම් වේ.

අත්අඩංඟුවට ගන්නා ලද හාරාගේ රයිපල් මිටිවලින් පහර දී ඇඟිලි තලා පොඩි කර දමන ලද්දේ අනෙක් සිරකරුවන් ඉදිරිපිට ඔවුන්ට පාඩමක් වන පරිදි ය. ‘තොට ආයේ ගිටාරය වයන්න ඉඩ තියන්නේ නැහැ’ යැයි හමුදා පෙනරල්වරු උදම් ඇනූහ. දින තුනකට පසු ඔහුගේ සිරුර සොයා ගන්නා විට එහි මැෂින් තුවක්කු මූනිස්සම් 44ක ලකුණු තිබුණි.

විික්ටර් හාරාගේ බිරිඳ ජොන් සහ දියණිය ඔහුට සාධාරණය ලබා ගනු පිනිස දීර්ඝ අරගලයක නිරත විය. 2009 වසරෙහි දී ඔහුගේ සිරුර යළි ගොඩ ගෙන පූර්ණ මරණ පරීක්ෂණයක් ද කරන ලදී. එනමුත් විලි රටෙහි දී සාධාරණය ඉටු නොවිණි.

මේ අතර දශක තුනට පමන පසු වික්ටර් හාරා ඝාතනය කළ බවට පුරසාරම් දොඩා තිබූ හමුදා ජෙනාරාල් පේද්රෝ පබ්ලෝ බරින්දොස් ඇමෙරිකාවට සංක්‍රමණය වී එහි පුරවැසිබව ලබා ගෙන තිබුණි.

වික්ටර් හාරා එළඹෙන මිලිටරි අඥාදායකත්වය ගැන වික්ටර් හාරා ගැයූ අවසන් ගීය –  ඉංග්‍රිසි පරිවර්ථනය ‌ෙජේන් හාරා විසිනි. හඩ ඒ්ඩිරියන් මිවෙල්ගෙනි. From the album Manifiesto [Canciones Póstumas]

විකටර් හාරා ඝාතනය කිරීම සම්බන්දයෙන් වූ හානියට වන්දි ඉල්ලා බරින්දොස් ට විරුද්ධව ජොන් සහ අමන්ඩා විසින් නඩු පවරන ලදී.

එම නඩුව පවරණ ලද්දේ යුක්තිය සහ වගවීම සඳහා වන කේන්ද්‍රය Center for Justice and Accountability නම් එක්සත් ජනපද නීති සංචිධානය විසිනි. දැන් අහිංසා වික්‍රමතුංග විසින් සිය පියාට සාධාරණත්වය ඉල්ලා නඩු පවරා ඇත්තේ ද එම නීති සංවිධානය හරහා ය. මෙම නඩුව මෙන්ම 2013 වසරෙහි දී එම නඩුව පවරණු ලැබූවේ ද the Alien Tort Statute නම් ඇමෙරිකා එක්සත් ජනපද නීතිය යටතේ ය.

වික්ටර් හාරා ට වදහිංසා පැමිණවිම සහ ඔහු ඝාතනය කිරිම සමිබන්ධයෙන් වරදකරු බවට තීරණය කල ෆොලොරිඩනු සිවිල් අධිකරණය ඩෙලර් මිලියන 34ක වන්දියක් ගෙවන සේ ජෙනරල් බරින්දොස්ට නියම කරන ලදී. ඒ ඝාතනය සිදු කර වසර 43කට පසු ය. කාලය අපරාධකරුවන්ට නිවහනක් නොවේ.

සිය සාක්ෂියෙහි දී බර්න්දොස් තමා නිවැරදි බව කියමින් කීවේ හමුදා ක්‍රමන්ත්‍රණය සිදුවීමට පෙර වික්ටර් හාරා නම් අයෙක් තමා නොදැන සිටි බවයි. එය හරියට ‘ලසන්ත කව්ද’ යැයි ගෝඨාභය රාජපක්ෂ ඕස්ට්‍රෙිලියානු රෑපවාහිනී කැමැරාකරැවකුගෙන් ඇසුවා වැන්න. වික්ටර් හාරා චිලියෙහි ජනප්‍රියතම ගායකයකු විය. ඇයගේ පියා ඝාතනය කළ ‌‌දෙදෙනා තමා දන්නා බවට පුරසාරම් දෙඩු ගෝඨාභය රාජපක්ෂට ඒ් කවුරුන්දැයි හෙළි කිරිමට අවස්තාවක් දැන් සමහර විට ඔහුගේ භුමිය වන ඇමෙරිකාවෙහිදීම ලැබෙන්නට දැන් ඉඩ තිබේ.

අද අහිම්සා වික්‍රමතුංග සිය පියා වෙනුවෙන් යුක්තිය ඉල්ලා පවරන ලද නඩුව ගැන විරැද්ධත්වය දක්වන පිරිස් කෙරෙන් අප ඇසිය යුත්තේ එසේ නම් වික්ටර් හාරාගේ දියණිය අමන්ඩා අල්මේදා විසින් 2013 වර්ශයෙහි දී පවරණ ලද මේ ආකාරයේම නඩුව ද වරදක් ද බවයි.

(C) SLB.

( සන්ඩේ ඔබ්සර්වර්හි පළ වූ ලිපියක් ද ඇසුරිණි)

Archive

Latest news

Related news