Saturday, April 20, 2024

ජනපති සිරිසේන, ව්‍යවස්ථා සභාවට සහ මානව හිමිකම් කොමිසමට ගැරහීම පිළිකුල් කරමු- පුරවැසි සං‌දේශයක්

2019, පෙබරවාරි 19 වන දින.

අතිගරු සිරිසේන ජනාධිපතිතුමනි,

පහත අත්සන් කොට ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියන් සහ සිවිල් සමාජ සංවිධාන වන අපි, ව්‍යවස්ථාදායක සභාව (CC) සහ මානව හිමිකම් කොමිසමට (HRCSL) අදාළව පාර්ලිමේන්තුවේදී ( 2019, පෙබරවාරි 6 වන දින) මෑතකදී ඔබ විසින් සිදු කළ ප්‍රකාශ හේතුවෙන් කණස්සල්ලට හා විමතියට පත් ව ඇත්තෙමු.ව්‍යවස්ථාදායක සභාව සහ මානව හිමිකම් කොමිසම, 2015 වර්ෂයේදී සිවිල් සමාජයේ ප්‍රධාන ඉල්ලීම් වූ නිදහස ශක්තිමත් කිරීමේ හා සුරැකීමෙහිලා කටයුතු කළ ආයතන අතරින් දෙකකි. මෙම ආයතන සුරැකීමට ඔබ සතු ව්‍යවස්ථාදායක යුතුකමට අමතරව, 2015 දී ඔබ බලයට පත් වීමත් සමඟ, මෙම වගකීම අවධාරණය කළ ජනතාවගෙන් පැහැදිලි වරමක් ඔබට ලැබුණි. ඔබ ජනපති බවට පත් වූ මුල් වකවානුව අතරතුර, ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ඔස්සේ මෙම පොරොන්දු ඉටු කිරීමට ක්‍රියා කිරීම, තවමත් ඔබගේ ප්‍රධානතම ජයග්‍රහණය ලෙස රඳා පවතියි.මෙමඟින් ඔබගේ වත්මන් ප්‍රකාශ වඩාත් පිළිකුල සහගත තත්වයකට පත් කෙරේ.

ස්වාධීන කොමිසම් ඇතුළුව, ඕනෑම ආයතනයක සමඟ ඇති කර ගන්නා ඉතා වැදගත් සහ ඵලදායී ගිවිසුමක් ඵලදායීතාව හා පාලනය ඉහළ නැංවීමට අවශ්‍ය කොටසක් වන අතර, ඒවා අභිමත වේ.නමුත් ඔබගේ මෑතක ප්‍රකාශයේ ඇතැම් කොටස් පදනම් විරහිත වන අතර, ද්වේෂ සහගත බවක් දනවන හෙයින් යහපතට වඩා අයහපතක් ඉන් සිදු වේ. මානව හිමිකම් කොමිසම වැනි ස්වාධීන කොමිසම් මඟින් රජයේ අත්තනෝමතික ක්‍රියාවලින් රටවැසියන් රැක ගැනීමෙහිලා ඉතා වැදගත් භූමිකාවක් සිදු කෙරේ. සංක්ෂිප්තව ලෙසින් පැවසුවහොත්, ඒවා ඉදි කොට ඇත්තේ එබැවිනි. ඔබ පාර්ලිමේන්තුවේදී මෑතක සිදු කළ කතාවෙහි වක්‍රොක්තියෙන් පැවසුවාක් මෙන් රජයේ භාරකරුවන් ලෙස ක්‍රියා කිරීමට නොවේ. රජයෙන් ඔවුනට තිබෙන ස්වාධීනත්වයට ගරු කළ යුතුය. විශේෂයෙන්ම, වඩාත් නොවැදගත් සේ සලකන ලද සහ අවදානමට ලක් විය හැකි පුරවැසියන්ගේ අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කිරීමට හැකි පරිසරයක් සපයා දෙමින්ඔවුනට සහයෝගය දැක්විය යුුතුය. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය අංගයකි. මෙම පරිසරයේදී, වගකිව යුතු සහ බලවත් තනතුරක් වන, විධායකයේ ප්‍රධානියා ලෙස, මානව හිමිකම් කොමිසම එහි කාර්යභාරය ඉටු කිරීම විවේචනයට ලක් කරමින් මෑතකදී ඔබ සිදු කළ ප්‍රකාශ ඔස්සේ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිදු කළ යහපත් කාර්යයන් පීඩාවට පත් කිරීමට පමණක් හේතු වන බැව් අපි විශ්වාස කරන්නෙමු.ඉන් වරදවා විස්තර කරනුයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අත්‍යාවශ්‍ය ලක්ෂණයක් වන එහි ස්වාධීනත්වයයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, ශ්‍රී ලාංකිකයන් වන අපට ආඩම්බර විය හැකි ආයතනයක් බවට පත් ව ඇත. එය 2015 වසරෙහි තිබූ ආයතනය මෙන් නොව, මේ වන විට බෙහෙවින් දියුණුවට හා සාර්ථකත්වයට පත් ව ඇත. වඩාත් ප්‍රවේශ විය හැකි ආයතනයක් බවට පත් ව ඇති මෙය, සමාජයේ විවිධ අංශවලින් විශ්වාසය දිනා ඇත. කුලියාපිටියේ සහ කැකිරාවේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය, ආබාධිත දරුවන්ගේ අධ්‍යාපන අයිතියආබාධිත පුද්ගලයන් සඳහා පොදු ප්‍රවේශය ලැබීමට අයවැයන්, අක්‍රමික අංශයේ කාන්තා අයිතීන්, සාලාව ගින්නෙන් විපතට පත් ප්‍රජාව සඳහා සහන සැලසීමට, සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අනන්‍යතාව, පොලිස් ප්‍රහාරයන්ට ලක් වූ විට ශිෂ්‍ය උද්ඝෝෂණකරුවන්ට සහන සැලසීමට සහ මහ ඇමතිවරයා විසින් හිරිහැරවලට ලක් කෙරුණු බදුල්ල බාලිකා පාසලක විදුහල්පතිවරයා වෙනුවෙන් නඩු විභාග කිරීම යනාදියට මැදිහත් වීම, නිදසුන් කිහිපයක් පමණි. පොලිස් වධහිංසන ගැටළුවේදී, අත්තනෝමතික ලෙස සිරභාරයට ගැනීම්, යුද්ධයෙන් මරණයට පත් අයවලුන් සිහි කිරීමට ඇති අයිතිය, ආගමික ද්වේෂකයන් විසින් ප්‍රචණ්ඩත්වය දිරිගැන්වීම, ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතීන් (ESCR ) ව්‍යවස්ථාවේ ඇතුළත් කිරීම, 16 වන පරිච්ඡේදය විමර්ශනය කිරීම යනාදියෙහි ද ඔවුහු ශක්තිමත් හඬක් නැඟූහ. නීති ප්‍රතිසංසකරණයන්හි, නිතීඥවරුන් සහ සාපරාධ ක්‍රියාවලියට ප්‍රවේශය මෙන්ම ගබ්සාව සහ මරණ දණ්ඩනය මත අයිතීන් පදනම් වූ මැදිහත්වීම් ඔවුන් සිදු කොට ඇත. ඔවුන්ගේ ශක්තිමත් ක්‍රියාවන් සහ මැදිහත්වීම්වල ප්‍රතිලාභ, එය සිදු විය යුතු අයුරින්, සමාජයේ අඩු අවධානයකට ලක් වූ බොහෝ පිරිස් හට දැනී ගොස් ඇතඑමෙන්ම, මුස්ලිම් කාන්තාවන් වැනි, වෙනස් කොට සලකන පෞද්ගලික නීතිවලට භාජනය වී ඇති, නිදසුනක් ලෙස ඔවුන්ගේ අයිතිවාසිකම් පදනම් වූ මැදිහත්වීමක් සඳහා බලා සිටින, වෙනත් පුද්ගලයන් ද සිටී.

ජාතික මානව හිමිකම් ආයතනයන්හි ගෝලීය සන්ධානය මඟින් පසු ගිය වර්ෂයේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ‘A’ තත්වය ලබා දී ඇත්තේ, වත්මන් මානව හිමිකම් කොමසාරිස්වරුන් පිරිසගේ කාර්යයන් හඳුනා ගැනීමක් වශයෙනි. මෙම උසස් කිරීම මඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාවේ ප්‍රතිරූපය ද ඉහළට ඔසවන ලදී.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වැනි ස්වාධීන කොමිසම්වලට ඔවුන්ගේ යුතුකම් ඉටු කළ හැකි පරිසරයක් සහ අවශ්‍ය සහයෝගය ලබා දෙන මෙන් අපි දැඩිව ඉල්ලා සිටින්නෙමු. ජනපතිතුමන් යුතුකමින් බැඳී සිටින්නේ එවැනි ආයතනවල ස්වාධීනත්වයට සහයෝගය දැක්වීමට සහ ගරු කිරීමට විනා, ඔවුන් පීඩාවට පත් කිරීමට නොවන බැව් අපි විශ්වාස කරන්නෙමු.

Signed by;

Individuals

  1. Abdul Ramees
  2. Anberiya Hanifa
  3. Anithra Varia
  4. Anuratha Rajaretnam
  5. Ashoka Bandula Weerawardhana – Member, Sub-Committee on Disability, Human Rights Commission of Sri Lanka
  6. B. Gowthaman
  7. Bhavani Fonseka
  8. Bishop Kumara Illangasinghe
  9. Chandrika De Silva – Writer
  10. Channaka Jayasinghe
  11. Christopher M. Stubbs
  12. Deanne Uyangoda
  13. Deekshya Illangasinghe
  14. Dilan Ramanayake
  15. Dinesh Rajawasan
  16. Dinushika Dissanayake
  17. Dorin Rajani
  18. Dr. Malathi de Alwis
  19. Dr. Paikiasothy Saravanamuttu
  20. Dr. Sepali Kottegoda, D.Phil (Sussex)
  21. Dr. Vickramabahu Karunaratne
  22. Emil van der Poorten – In defence of civil and civic rights
  23. Ermiza Tegal – Attorney-at-Law
  24. Faaiz Ameer
  25. Farah Mihlar
  26. Gayathri Gamage
  27. Godfrey Yogarajah
  28. Herman Kumara
  29. Ishan Jalill
  30. Jansila Majeed – Activist, Mullaitivu
  31. Jeanne Samuel
  32. Jiffry Packeer Mohideen
  33. Joanne Senn
  34. Juwairiya Mohideen
  35. K. Hemalatha
  36. K.T. Rohini
  37. Kalani Subasinghe
  38. Kasunjith Satanarachchi – Member, Third Youth Parliament, Representative of the disability community
  39. Kaushalya Ariyarathne – Attorney-at-Law
  40. Keshini D. Sumanasekera
  41. Kurushanthan Mahaluxmy
  42. Lakshman Gunasekara – Journalist
  43. Lal Wijenayake – Co-Convenor, Lawyers for Democracy
  44. Luwie Ganeshathasan
  45. M.S. Jaleel
  46. Mala Liyanage – Human Rights Activist
  47. Marina Daniel
  48. Mario Gomez
  49. Marisa de Silva
  50. Minoli de Soysa
  51. Nagulan Nesiah
  52. Nilshan Fonseka
  53. P. Muthulingam
  54. P. Selvaratnam
  55. P.M. Mujeebur Rahman (LLB)
  56. P.N. Singham
  57. Prabodha Rathnayaka – Attorney-at-Law
  58. Priyantha Peiris
  59. Prof. Ajit Abeysekera
  60. Prof. Chandraguptha Thenuwara
  61. Rev. Fr. Jeyabalan Croos
  62. Rev. Fr. Nandana Manatunga
  63. Rev. Fr. Reid Shelton Fernando, (Retired)
  64. Rev. Fr. Sarath Iddamalgoda
  65. Rev. Fr. Terence Fernando
  66. Riza Yehiya
  67. Rohini Hensman – Writer and Researcher
  68. Ruki Fernando
  69. Ruvan Weerasinghe – University of Colombo
  70. Ruvini Jayaratne
  71. S. Easwary
  72. S. Nirmaladevi
  73. S. Niventhini
  74. S. Ratnajeevan H. Hoole – Member, Elections Commission
  75. S. Sameer
  76. S. Suthanthini
  77. S. Tharshan
  78. S.L.A. Azeez
  79. S.M. Anifa
  80. Sabra Zahid
  81. Sampath Samarakoon
  82. Sandun Thudugala – Activist
  83. Santhush Fernando – Attorney-at-Law
  84. Sarah Arumugam – Attorney-at-Law
  85. Selvaraja Rajasegar
  86. Setunga Mudalige Philip
  87. Shenali De Silva
  88. Shreen Saroor
  89. Sivasuthan
  90. Srinath Perera – Attorney-at-Law & General Secretary, Free Trade Union Centre
  91. Sudarshana Gunawardene – Attorney-at-Law
  92. Sunanda Deshapriya
  93. T. Rajendran
  94. T. Thayaparan
  95. Thiyagaraja Waradas – Univeristy of Colomobo
  96. Thyagi Ruwanpathirana
  97. Udaya Kalupathirana
  98. V. Shamini
  99. V. Sinthuka
  100. V. Subramaniam – Member, Sub-Committee on Disability, Human Rights
    Commission of Sri Lanka
  101. V. Thayalini
  102. Vanie Simon
  103. Zahabia Adamaly – Member, Sub-Committee on Disability, Human Rights
    Commission of Sri Lanka

Organisations

  1. Affected Women’s Forum (AWF), Akkaraipattu
  2. Alliance Development Trust (ADT)
  3. Centre for Policy Alternatives (CPA)
  4. DAISY Lanka Foundation
  5. Disability Organisations Joint Front
  6. Human Rights Office (HRO), Kandy
  7. INFORM – Human Rights Documentation Centre
  8. Institute of Social Development (ISD), Kandy
  9. International Centre for Ethnic Studies (ICES)
  10. Mannar Women’s Development Federation (MWDF)
  11. Mentally Handicapped Children and Families Education Project
    (MENCAFEP), Nuwara Eliya
  12. Muslim Women’s Development Trust (MWDT), Puttalam
  13. National Fisheries Solidarity Organization (NAFSO)
  14. Rights Now – Collective for Democracy
  15. Rural Development Foundation
  16. Sri Lanka Council for the Blind
  17. Vallamai Travelers, Jaffna
  18. Women for Justice and Peace in Sri Lanka
  19. Women’s Action Network (WAN)

Archive

Latest news

Related news