Friday, May 3, 2024

දකුණූ අප්‍රිකානු කලු ජාතික වීරවරිය, විනී මැන්ඩෙලා (1936-2018) – අරගල දිවියක පින්තූර සටහන

ජායාරූපය: 27වසකර පසු නෙල්සන් මැන්ඩෙලා නිදහස් වීමෙන් පසු විනී සහ මැන්ඩෙලා.

විනී මඩිකිසේලා මැන්ඩෙලා, (Winnie Madikizela-Mandela) දකුණු අප්‍රිකානු විමුක්ති අරගලය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ සහ අරගලය මුවහත් කළ ගැහැණිය අද 81වන වියෙහිදී ජීවිතයට සමුදුන්නා ය.

නෙල්සන් මැන්ඩෙලාගේ බිරිඳ වූ ඇය මැන්ඩෙලා සිර ගතව සිටි 27වසර පුරාමත් ඉන් පසුවත් දකුණූ අප්‍රිකානු බහුතර කලු ජනයාගේ අයිතීන් වෙනුවෙන් අතනෑර අරගලයේ යෙදී සිටියා ය. ‍‍‍

1990 සිරගෙදරින් නිදහස් වූ මැන්ඩෙලා සහ විනී මැන්ඩෙලා 1996 දී දික්කසාද විය.

විමුක්ත් අරගලයේ මහජන උද්ඝෝෂනයන්හි ප්‍රධානයකු වූ නමුත් යම්  යම් අවස්ථාවන්හිදී අරගලය තුළම සිය විරුද්ධවාදීන්ට එරෙහිව ප්‍රචන්ඩත්වය පාවිච්චි කිරීම හේතුවෙන් කනගාටුදායක ලෙස අප්‍රසාදයට පත්විය.

අවසානය තෙක්ම දකුණූ අප්‍රිකානු කොන්ග්‍රසය නියෝජනය කරමින් දේශපාලනය තුල රැදී සිටි ඇය ‘ වර්ගවාදයට  එරෙහි අරගලයේ මනෝභාවයේ තීරණාත්මක සළකුනකි’ යැයි එම අරගලයේ නායකයකු වූ බිෂොප් ඩෙස්මනඩ් ටූටූ වරක් ප්‍රකාශ කර තිබුණි.

විමුක්ති අරගලය තුල අයගේ භූමිකාව පෙන්වන මෙම ජායරූප පෙළ බ්‍රිතාන්‍ය ගාර්ඩියන් පුවත් පතෙනි.


1958, Transkei, South Africa – වීනී විවාහ දිනයේදී මැන්ඩෙලා සමඟ බිසානාහිදී
Photograph: Sipa Press/Rex/Shutterstock


1962, Pretoria – විනී මැන්ඩෙලා සිය සැමියාගේ නඩු විභාගයට 1962 ඹක්තෝබර් 22 සම්ප්‍රදායකි අඳුමින් සැරසී සහභාගී වූ අවස්ථාව. මැන්ඩෙලා කමාට එරෙහි චෝදනාවන්ට නිවැරදිකරැ බව ප්‍රකාශ කළේ එදාය. Photograph: AP

1988, South Africa – ෆැන්ක් මක්වේ නම් සටන්කාමියාගේ අවමඟුල් අවස්ථාවෙහි විනී මැන්ඩෙලා එක්සත් පාපන්දු කණ්ඩායම සමඟ Photograph: AP

1988, Soweto – මැන්ඩෙලාගේ 70 වන උපන්දිනය වෙනුවෙන් එළිමහන් සංදර්ශනයක් පවත්වන බව විනී ප්‍රකාශ කරමින්Photograph: John Parkin/AP


1987, Johannesburg – ගොවාන් ම්බෙකි නම් සටන්කාමී නායකයා නිදිහස්වීම වෙනුවෙන් ප්‍රීති ඝෝෂ නඟන විනී. වත්මන් දකුණූ අප්‍රිකානු ජනපති සිරිල් රම්පෝසාද එහි වෙයි. Photograph: Sipa Press/Rex/Shutterstock

1986, Soweto – වීනි මැන්ඩෙලාට මාටින් ලූතර් කිං ගේ බිරිඳ කොරෙට්ටා ස්කොට් කං හමුවීම, ස්වොටා්හිදී 2986.
Photograph: Sipa Press/Rex/Shutterstock

1986, Brandfort- 1986 අප්‍රේල් පස්වනදා විලියම් කොයෝටි නම් සටන්කාමියාගේ දෙණ ඔසවාගෙන යන විනී. සුද ජාතික වර්ගවාදයට එරෙහිව අන්තර් ජාතික තහංචි පැනිවය යුතු බවට ඇය ප්‍රකාශ කළේ එම කතාවෙහිදීය.
Photograph: AP

1986, Johannesburg – කලු ජතික නැගිටීමකදී ඝාතනය කරන ලද 17 දෙනෙකුගේ අවමඟුල අවස්ථාවෙහි සිය මිට ඔසවා ආචාර කරන විනී. Photograph: Anonymous/AP

1986, South Africa – 1986 දී වරගවාදී ආණ්ඩුව ඇයට එරෙහිව නඟන ලද නඩු චෝදනා ඉවත් කර ගැනීමෙන් පසු.
Photograph: Sipa Press/Rex/Shutterstock
1985, Brandford, South Africa – බන්ධනාගාර නියාසකයකු විසින් පිහියෙන් ඇන මරා දමන ලද 19 හැවිරිදි තරුණයකුගේ අවමඟුල් අවස්ථාවෙහි කලු ජාතික ආචාරය පුද කරන විනී. Photograph: Alf Kumalo/AP
1977, Brandford – දකුණු අප්‍රිකාවෙහි බ්‍රැන්ඩ්පෝට් හි ඇය පිටුවහල් ජීවිතය ගත කරන අතරතුර.
Photograph: Peter Magubane/Avusa Archives/Gallo/Getty Images
1971  මාර්තුවෙහිදී දෙවසරකට පසු ප්‍රථස වතාවට නෙල්සන් මැන්ඩෙලා බැහි දැකීමට බන්ධනාගරයට යාමට අවසර ලද විනී.Photograph: Chris Smith for the Observer
1990, Paarl, South Africa -1990 පෙබරවාරි 11දා නිදහස ලැබීමෙන් පසු නෙල්සන් මැන්ඩෙලා සමඟ ප්‍රීතීඝෝෂා පවත්වන ජනයාට මිට මෙළවූ අත ඔසවා ආචාර කරන විනී සහ මැන්ඩෙලා Photograph: Alexander Joe/AFP/Getty Images


1990, Cape Town – මැන්ඩෙලාට නිදහස ලැබී දිනකට පසු කේප් ටවුන්හි රදගුරු ඩෙස්නන්ඩ් ටූටූගේ ගෙවත්තෙහි ඇවිද යන විනී සහ මැන්ඩෙලා Photograph: Walter Dhladhla/AFP/Getty Images

 

Archive

Latest news

Related news