ජායාරූපය: එම ලිපියට ලක්බිම පුවත්පත පළ කර තිබූ ජායාරූපය ද සිය දිවි තොරකරගත හැකි ක්‍රමයක් පෙන්වාදීමකි.
අසෝක ජයවර්ධන විසිනි.
දිවි නසා ගැනීම විලාසිතාවක් වේවිද? යන මැයෙන් මීට සති කිහිපයකට පෙර ලක්බිම පුවත්පත විචාරාත්මක ලිපියක් පළ කර තිබුණි. එය යම් දුරකට සිද දිවි තොරකර ගැනීම සමාජ විද්‍යාත්මකව විමසා බැලීමට කරන ලද උත්සාහයකි.
එය ආරම්භයේම ප්‍රෙඩ්රික් නීශ්ටේගේ උදෘතයක් දක්වා තිබේ. ඒ මෙසේය:
‘සියදිවි නසා ගැනීමට එන සිතුවිල්ලමත් ලොකු සැනසීමක්. කෙනෙකුට ගත කරන්නට නියමිත භයානක රාත්‍රීන් නිදහසක් ඉන් ලැබෙන නිසා’
මෙම උදෘතය විසින් සිය දිවි නසා ගැනීම උත්කර්ශයට නංවන අතර ලිපිය පුරාම හුයක් මෙන් දිව යන්නේද එම අදහසමය. නීශ්ටේ කී නිසා සියල්ල නිවරදි හෝ අනුගමනය කළ යුතු යැයි අප කල්පනා කරන්නේ නම් එය වරදකි.
මෙරට සමාජ ව්‍යසනයක් වන සිය දිවි තොරකර ගැනීම සමාජ විද්‍යාත්මකව සාකච්ජා කළ යුතු වන්නේ එකී ව්‍යසනයට පිළියම් සොයා ගැනීමට මිස හුදෙක් බුද්ධිමය අභ්‍යාසයක් ලෙස නොවේ. සිය දිවි තොර කර ගැනීමට දැරෙන අති විශාල ප්‍රමාණයක් වන උත්සාහයන්ද සළකා බලන කල මෙකී සමාජ ව්‍යසනය අවම කර ගැනීමට සහාය වන වාර්තාකරණයක යෙදීම ජනමාධ්‍යයෙහි වගකීම වේ.
ඉහත කී ලිපිය දිගින් දිගටම වර්ණනාත්මක සාකච්ජා කරන්නේ මාස ගණනාවකට පෙර දිවි තොරකර ගත් ප්‍රදීප් වසන්ත ගැනය. ඒ මෙසේය:
’එප්පාවල වසන්ත ප්‍රදීප් ගේ ඇතුලෙ එල්ලිලා මැරුණ. ලංකාවෙ තමන්ම වීඩියෝ කරපු මුල්ම සිය දිවි නසා ගැනීම ඒක. තමන්ගේ අතින් තමන්ගේ මරණය පටිගත කිරීම ඒක සාමාන්‍ය සිය දිවි නසා ගැනීමකට එහා ගිය අැඟේ හිරිගඩු පිපපෙන වැඩක්. දිවි නහඟන්න කලින් ලියන ලියුම් ගැන කතන්දර ඉස්සර ඉදන් තිබුණ’
ඒ ගැන සිය විග්‍රහය ලිපිෙයහි මෙසේ කියැවේ:
‘දවසක මෝඩයෙක් දිවි නසා ගන්නේ නෑ කියළ කතාවක් තියෙනවා. දැන උගත් නැති කම දිවි නසා ගැනීමට හේතුවක් කියල හිත හදාගත්ත අයට මුලින් කියපු වසන්ත උත්තරයක් දෙනවා. එයා සේවය කරන්නේ පරිගණක ආයතනයක. මොබයිල් එකෙන් තමන්ගේ මරණය වීඩියෝ තරන තරමට එයා මොඩර්න්. තමන්ගේ මරණ්‍ය වීඩියෝ කරල මැරෙන්න තීරණය කරන එක කෘමිනාශක බීලා මැරෙන ගොවියෙක් ගැන සිද්ධ්යට වඩා වෙනස්.මේ විදිහට වීඩියෝ කරල මැරෙන එක රැල්ලක් වෙන්න ඉඩ තියෙනවා.’
ලිපියෙන් ඇත්ත වශයෙන්ම සිදු කැරෙන්නේ එම අවසාන වැකියෙන් ඉගි කැරෙන දෙයයි. එනම් වසන්තගේ මරණය පූර්වාදර්ශයක් කිරීමට උත්සාහ දැරීමයි.
මේ වනාහී අනුගමනය නොකළ යුතු නිශේධාත්මක ජීවිත අත්දැකීමක් බව ලිපියෙහි කිසිම තැනක කියන්නේ නැත.
උක්ත ලිපිය ඊළගට සිය දිවි තොර කර ගැනීමේ විලාසිතාව ගැන උපදෙස් දෙයි. ඒ මෙසේය:
‘අර්නස්ට් හෙමිං වේ ඩබල් බැරල් කුවක්කුවෙන් ඔලුකෑලී බිත්තියෙ හිටින්න වෙඩි තියා ගනිත්දි එතන තිබුණා ස්ටයිල් එකක්.
ලේඛකයා අනතුරුව අර්නස්ට් හෙමිවේ ගේ ඊනියා ස්ටයිල් ශ්‍රී ලිකික සිය දිවි තොර කර ගැනීම් වලට ආදේශ කරයි. ඒ මෙසේය:
‘එල්ලිලා මැරණ ගොඩක් සිද්ධිවලදිත් මේ ස්ටයිල් එක තිබුණා. තුන් කොන් ප්‍රේමයක අයිතිය වෙනුවෙන් රූස්ස ගසක් මුදුණේ තුන් දෙනෙක් ගෙලවැල ලී ගැනීමේ සිද්ධියේදි ඒ ගොල්ලො කතා වෙනවා ‘ අපි පත්තරේ වැටෙන විදිහට මැරෙමු‘ කියල. වසන්තත් වීඩියෝවෙන් සහ බිම ලියන ඉංග්‍රිසි අකුරු වලින් ලොකු මාධ්‍ය ප්‍රචාරණයක් ඉල්ලනවා. එක් ළඟ නෑයන්ට විතරක් කියන පණිවිඩයක් නොමෙයි. පුද්ගලික සීමාවෙන් එළියට ගිහින් මේ මරණ සමාජ ගනුදෙනුවක් ප්‍රතිචාරයක් ඉල්ලා සිටිනවා.’
මෙරට සිය දිවි නසා ගැනීම් පිළිබඳ ආචාර ධර්මානුකූල මාධ්‍ය වේදයක් තහවුරු කිරීමට කටයුතු කරන සියලු දෙනාම විසින් කියවා බැලිය යුතු නිශේධාත්මක වාර්තා කරණයක් වශයෙන් ලක්බිම පුවත්පතෙහි පළ කරන ලද මෙම ලිපිය වැදගත්ය. එමෙන්ම ලක්බිම කතුවරයා විසින් මෙැවැනි ලිපියක් පළ කළ යුතුද යන්න දෙවරක් කල්පනා කර බැලීම යෝග්‍ය වේ.