Monday, May 6, 2024

ජනපති මාධ්‍ය අංශය ඉංග්‍රිසියෙන් කියා සිංහලෙන් නොකියන කතා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකයට ජනාධිපතිවරයාගේ ප්‍රකාශ අවශය පරිදි වරණය කිරිමට බලය ලැබි තිබෙන බව පෙනේ.

පසුගිය 30දා ජනපතති සිරසේන පුවත්පත් කතුවරුන් සහ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග පැවති  සාකච්ජාව සහ එහිදී අසන ලද ප්‍රශ්ණවලට පිළිතුරු වාර්තා කරන ජනාධිපති මාධ්‍ය ඒකකය ඉංග්‍රිසි බසින් වාර්තා කරන ලද පහත සඳහන් කොටස  එම වෙබ් අඩවියේම සිංහල බසින් පළ කරන ලද වාර්තාවේ නැත.

එසේ වාරණය කරන ලද කොටස මේසේය:

‘පිලිපීනයේ  මාර්කොස්ට සහ බ්‍රසීලයේ ලුලි ඩි සිල්වාට එරෙහිව  එරෙහිව නීතිමය පියවර ගැනීමට දිගු කාලයක් ගත වූ බව ඔහු පෙන්වා දුන්නේය‍. කෙසේ වෙතත් දකුණු කොරියාවේ ජනාධිපතිනියට එරෙහිව ඉක්මන් පියවර ගනු ලදව ඇයට සි දඩුවමක් නියම විය. පකිස්ථාන ශ්‍රේෂඨාධිකරණය අගමැති නවාස් ශෙරීෆ්ට එරෙහිව තීන්දුවක් දුන් අතර ඔහුට ඉල්ලා අස්වීමට සිදුවිය. මේ උදාහරණ විසින් පෙන්නුම් කරන්නේ සමහර රටවලදී ඉක්මන් ක්‍රියාකාරිත්වයත් සමහර රටවලදී පමාවීම් ද සිදුවන බවය. අප අධ්‍යනය කොට යෝග්‍ය ක්‍රමයක් සකස් කර ගත යුතුය‍.’

සිංහල බසින් වාර්තා කරන ලද ප්‍රවෘත්තියෙහි අත්හැර දමන ලද වැදගත් කොටස මෙයයි:

‘ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුනසිලයේ වාර්තාව ගැන විමසන ලදුව ජනාධිපති සිරිසේන කියා සිටියේ එකඟවු කරුණු ඉටු කිරීම දිගටම කරගෙන යන බවයි. ‍‍‘‘ එය සෙමින් යන ක්‍රියාවලියක්. අපට ඉක්මන් විසඳුම් දෙන්න බැහැ. කෙසේ වෙතත් අප ස්ථිරවම කියා තිබෙනවා සෛවරීයත්වය සහ ස්වාධිනත්වය ආරක්ෂා කර ගනිමින් එම ගිවිසුම් ඉටු කරන බවට. රටට ගැලපෙන ඒවා පමනයි ක්‍රියාත්මක කරන්නේ’’

තවද 2020 වනතරු පවත්නා සභාග ආණ්ඩුව ගෙන යෑමට තමා අපේක්ෂා කරන බවට ජනාපතිවරයා ප්‍රකාශ කළ බවට ඉංග්‍රිසි වාර්තාවෙහි එන කොටසද සිංහල වාර්තාවෙහි නැත.

මේ වාරණය විසින් පෙන්නුම් කරන්නේ ඉංග්‍රිසි භාෂව දන්නා අයට කියන දේ සිංහල ජනයාට නොකිය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය කල්පනා කැන බවයි. ඉංග්‍රිසි බසින් අන්තර් ජාතික ප්‍රජාවට කියන දේ සිංහල ජනයා දැන ගත යුතු නැතැයි ජනාධිපතිවරයා විසින්ම පත් කරගෙන ඇති ඔහුගේ මාධ්‍ය අංශය කල්පනා කරන්නේද?

විශේෂයෙන්ම මතභේදයට තුඩු දී ඇති මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙහි එන ගිවිසුම් ඉටු කිරීම සම්බන්ධයෙන් ජනපති කරන ලද ප්‍රකාශ සිංහල බසින් නොදක්වා ඇත්තේ කුමන හේතුවක් නිසාද?

 

Archive

Latest news

Related news