Saturday, April 27, 2024

නිමල්කා සහ සුනන්දට එරෙහි වෛර ප්‍රචාරයන් ගැන මානව හිමිකම් සංවිධාන ආණ්ඩුවට ලියති.

පසුගිය මාර්තු 23දා මානව හිමිකම් මණ්ඩ ලය විසින් 34/1 දරණ යෝජනාව සම්මත කරගැනීමෙන් පසු නිමලකි ප්‍රනාන්දු සහ සුනන්ද දේශප්‍රිය යන  මානව හිමිකම් ක්‍රියාධරයින් දෙදෙනා අවඥා සහගත ව්‍යාපාරයක ඉලක්ක බවට පත්ව තිබෙන බව පෙන්වා දෙන ජිනීවාහි ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධාන ගණනාවක් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස ශ්‍රී ලංකාණ්ඩුවෙන් ඉල්ලා සිට තිබේ. එසේ ඉල්ලා සිට ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපති සහ අගමැති වෙත එවන ලද ලිපියක් මගිනි. මානව හිමිකම් මණ්ඩළයේ සැසිවාරයෙන් පසු ප්‍රනාන්දු මහත්මිය සහ දේශප්‍රිය මහතා ද්‍රෝහීන් ලෙස දක්වන ලද ව්‍යාපාරයක් මුහුණු පොතෙහි දියත් වූ බවත්  ඔවුන්ගේ මුහුණු විමුක්ති කොටි සංවිධානයේ ධජය අසලින් ආදේශ කොට ” සුදු කොටි” යන වචන එය මත  ලියා තිබූ බවත්  එවැනි අවලාදයන් විසින් ඔවුන් ප්‍රහාරයන්ට, බිය වැද්දවීම්වලට සහ හිරිහැරයන්ට ලක්වීමේ අනතුර වැඩිවිය හැකි බවත් එම ලිපිය සඳහන් කරයි.

එම ලිපිය පහත දැක්වේ.

ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා, ජනාධිපති, ශ්‍රී ලංකාව
ගරු රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය ශ්‍රී ලංකාව
පිටපත්: ගරු මංගල සමරවීර මහතා, විදේශ කටයුතු බාර අමාත්‍ය, ශ්‍රී ලංකාව
ගරු රවිනාථ ආරියසිංහ මහතා,ශ්‍රී ලංකා තානාපති, එක්සත් ජාතීන්, ජිනීවා
ගරු ජෝකීන් ඇලෙක්සැන්ඩර් මාසා මාතෙල්ලි මහතා, සභාපති, මානව හිමිකම් මණ්ඩළය
ගරු සෙයිද් රාද් අල් හුසේන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්
ඇන්ඩෘ ගිල්මොර් මහතා, මානව හිමිකම් සඳහා උප ලේකම්
මයිකල් ෆොර්ස්ට් මහතා, මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත

අතිගරු මහත්ම මහත්මීනි,

විශය: ශ්‍රී ලංකා මානව හිමිකම් ක්‍රියාධරයින්ට එරෙහි පළිගැනීම් සම්බන්ධ ඒකාබද්ධ සිවිල් සංවිධාන ලිපිය.

ප්‍රථමයෙන් අපි, දීර්ඝ කාලයක් තිස්සේ නොවිසදී පවත්නා මානව හිමිකම්, සංහිදියාව සහ වගවීම පිළිබඳ කාරනා ආමන්ත්‍රණය කිරීම උදෙසා ශ්‍රී ලංකා ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් අප අගය කිරීම ප්‍රකාශ කරමු. මෙම ක්‍රියාවළියෙහිලා ශ්‍රී ලංකා ආණ්ඩුවේ සහභාගිත්වය විසින් වින්දිතයින්ට සමඟ ඔවුන් සමඟ සමීපව කටයුතු කරන ශ්‍රී ලාංකික මානව හිමිකම් ක්‍රියාධාරයිනට බියෙන් සහ තර්ජන ගර්ජනවලින් තොරව නිදහසේ කටයුතු කළ හැකි පරිසරයක් ගොඩ නැගීමට කැපවූ ශක්තිමත් දේශපාලන නායකත්වයක් පිළිබඳ අපේක්ෂාවක් ඇතිව තිබේ.

ඒ අතරම රාජ්‍ය නොවන සංවිධානයන්ට එරෙහිව නැගී එමින් පවත්නා බිය ගැන්වීමේ සහ පළිගැනීමේ සංස්කෘතිය විසින් ශ්‍රී ලංකාවේ උතුරුකරයෙහිද ඇතුළුව මානව හිමිකම් ආරක්ෂකයින් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන්ද තර්ජනයේ සහ බියගැන්වීමේ අනතුරට මුහණ තිබීම සම්බන්ධයෙන් අපේ කණගාටුව ප්‍රකාශ කරමු.

පොදු වශයෙන් රාජ්‍ය නොවන සංවිධානයන්ට සහ විශේෂයෙන් මානව හිමිකම් ක්‍රියාධරයින්ට එරෙහි ප්‍රහාරයන් වර්ධනය වීම කණස්සල්ලට හේතුවෙයි. එම සන්දර්භය තුළ අප මේ ලිපිය මගින් ඔබට ආමණ්ත්‍රණය කරන්නේ මානව හිමිකම් ක්‍රියාධරයන් දෙදෙනෙකුට එරෙහිව එනම් ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මියට සහ සුනන්ද දේශප්‍රිය මහතාට එරෙහිව මෑතදී එල්ල වී ඇති පළිගැනිම් පිළිබඳව අපේ බලවත් සැළකිල්ල ප්‍රකාශ කරනු පිනිස ය.

එම දෙදෙනාම ශ්‍රී ලංකා ආණ්ඩුවේ සම දායකත්වයෙන් යුතුව ” ශ්‍රී ලංකවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” නමින්  මානව හිමිකම් මණ්ඩළය විසින් (A/ARC/34/1) යෝජනාව  ඒකමතිකව සම්මත කරගන්නා ලද මානව හිම්කම් මණ්ඩළයේ 34 වන සැසිවාරයට සහභාගි වූහ. එම යෝජනාව මගින් මීළඟ වසර දෙක තුළ සත්‍ය, වගවීම, සංහිදියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන්  මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ සහ අනෙක් අදාළ ක්‍රියාදාමයන්හි ප්‍රගතිය අගැයීම නොකඩවා කරගෙන යන ලෙස මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කරන ලදී.

මුහුණු පොතෙහි පළ වූ පෝස්ටරයක්

පසුගිය මාර්තු 23දා එම යෝජනාව සම්මත කරගැනීමෙන් පසු ඉහත කී මානව හිමිකම් ක්‍රියාධරයින් දෙදෙනා අවඥා සහගත ව්‍යාපාරයක ඉලක්ක බවට පත්ව තිබේ. මානව හිමිකම් මණ්ඩළයේ සැසිවාරයෙන් පසු ප්‍රනාන්දු මහත්මිය සහ දේශප්‍රිය මහතා ද්‍රෝහීන් ලෙස දක්වන ලද ව්‍යාපාරයක් මුහුණු පොතෙහි දියත් විය. ඔවුන්ගේ මුහුණු විමුක්ති කොටි සංවිධානයේ ධජය අසලින් ආදේශ කොට ” සුදු කොටි” යන වචන එය මත  ලියා තිබුණි. එවැනි අවලාදයන් විසින් ඔවුන් ප්‍රහාරයන්ට, බිය වැද්දවීම්වලට සහ හිරිහැරයන්ට ලක්වීමේ අනතුර වැඩිවෙයි.

පසුගිය මාර්තු 27වන දින ‘යුක්තිය සඳහා කාන්තාවෝ’ නමි සංවිධානයක් විසින් ප්‍රනාන්දු මහත්මියගේ නිවෙස ඉදිරිපිට මාවතෙහි විරෝධතාවයක් සංවිධානය කරන ලදී. (1) විරෝධතාකරුවන් විසින් ඇය එක්සත් ජාතීනගේ සංවිධානයට බොරු කියන බවටත් විදේශ මුදල් සඳහා වැඩ කරන බවටත් චෝදනා කරන ලදී.

ස්වකීය අයිතියක් වන එජා මානව හිමිකම් මණ්ඩලය සමඟ කටයුතු කිරීම නිසා රාජ්‍ය නොවන පිරිස් විසින් මෙළෙස පුද්ගලික ප්‍රහාරයන් දියත් කිරීම මානව හිමිකම් ආරක්ෂකයින්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්ණ මතු කරයි. මාර්තු 30දා සිට ප්‍රනාන්දු මහත්මිය සහ දේශප්‍රිය මහතා ඇතුළු ශ්‍රී ලංකික මානව හිමිකම් ආරක්ෂකයින් ගණනාවක්ම විවිධ පුද්ගලයින් විසින් ශ්‍රී ලංකා මාධ්‍යන්හි පළ කළ  ලිපි මගින් නම් කොට තිබුණි. ඔවුන්ට ‘ රටට එරෙහිව කටයුතු කරන, විදේශ අරමුදල් ලැබෙන රාජ්‍ය නොවන සංවිධාන ලෙස ඔවුන්ව හදුන්වා තිබුණි. (2)

මෙම මානව හිමිකම් ආරක්ෂකයින් දෙදෙනාට එරෙහි පළිගැනීම් ශ්‍රී ලංකාව සම්බන්ධ මානව හිමිකම් මණ්ඩලයේ නව යෝජනාවට දැක්වෙන ප්‍රතිචාරයකි. මෙම ප්‍රහාරකයින් කියා සිටින්නේ මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව නිරීක්ෂණය කළ යුතු බවට මානව හිමිකම් මණ්ඩළය කළ තීරණයට මෙම දෙදෙනා වගකිව යුතු බවයි. නමුත් ඇත්ත වශයෙන්ම නම් මානව හිමිකම් කවුන්සිලයට ‘ශ්‍රී ලංකාණ්ඩුව සමඟ ඇති සිය සමීප ක්‍රියාකාරකම් දිගටම පවත්වා ගෙන යන ලෙසත් රටෙහි වර්ධනයන් නිරීක්ෂනය’ (3) කරන ලෙසත් මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් පැහැදිළිව නිර්දේශ කරන ලදී. ඊට පදනම් වූයේ ඔහුගේ කාර්යාලය විසින් ශ්‍රී ලංකාවෙහි සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමයෙහි ප්‍රගතිය පිළිබඳව  ස්වාධීනව සහ විස්තීර්ණ ලෙස කරන ලද  වාර්තාවය. එම අවස්ථාවෙහිම ඔහු විසින් ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් ක්‍රියාධරයිනට එල්ල වන හිරිහැර පැමිණවීම්, විවිධ කණඩායම් සහ පුද්ගලයින්ට එරෙහිව වෛර භාෂාව සහ ආක්‍රමණශීලී වෛර ව්‍යාපාරයන් ඇති කිරීම   කෙරෙහි ද අවධානය යොමු කරන ලදී. (4)

ඉහත දක්වන ලද මෑත ප්‍රහාරයන් පැහැදිළිවම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පද්දතිය සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීමට එරෙහිව කරනු ලබන පළිගැනීම්වවලට නිදසුනකි. 2015 වසරෙහිදී ශ්‍රී ලංකා ආණ්ඩුව මානව හිමිකම් මණ්ඩළයේ 30/1 දරන යෝජනාවට සම-දායකත්වය ලබා දීම මගින්  මානව හිමිකම් ක්‍රියාධරයිනට එරෙහි සියලු ආකාර ප්‍රහාරයන් ආමණ්ත්‍රණය කිරීමට ද වරදකරුවන් අධිකරණය ඉදිරියට පැමිණවීමට ද ඉදිරියෙහි එවැනි ප්‍රහාරයන් වැළැක්වීමට ද සිය කැපවීම ප්‍රදර්ශණය කළේය. (5)

කෙසේ වෙතත් ආණ්ඩුව මානව හිමිකම් ක්‍රියාධරයිනට එරෙහි අතීත ප්‍රහාරයන් පරීක්ෂා කිරීමෙහිලා අසමත් විය. ඊට 2013 ප්‍රනාන්දු මහත්මිය සම්බන්ධ සිදුවීමක්ද (6) විය. ආණ්ඩුව විසින් දණ්ඩ මුක්තියේ සංස්කෘතිය ආමන්ත්‍රණය නොකළ අතර මෑතදී ප්‍රනාන්දු මහත්මියට සහ දේශප්‍රිය මහතාට එල්ල කරන ලද ප්‍රහාරයන්ට එම අසාර්ථකත්වය විසින් මඟ පෑදීය.

මෙම පසුබිම තුළ පහත අත්සන් කරන මානව හිමිකම් සංවිධාන වන අපි ඔබේ ආණ්ඩුවෙන් මෙසේ ඉල්ලා සිටිමු:  නිමල්කා ප්‍රනාන්දු මහත්මියගේ සහ සුනන්ද දේශප්‍රිය මහතාගේ සහ ඔවුන්ගේ පවුල්හි ආරක්ෂාව තහවුරු කරන්න. මානව හිමිකම් ආරක්ෂකයිනට එරෙහිව කරන ලද සියළු පහරදීම් පරීක්ෂා කර වරදකරුවන් නීතිය ඉදිරියට පමුණුවන්න. මානව හිමිකම් ආරක්ෂකයිනට එරෙහිව කැරෙන කිසිදු පහරදීමක්, බිය වැද්දවීමක් හෝ හිරිහැර පැමිණවීමක් නොඉවසන බවට පැහැදිලි පණිවිඩයක් ප්‍රසිද්ධ කරන්න.

ඔබේ හිතවත්,

CIVICUS: World Alliance for Citizen Participation
Franciscans International
Human Rights Watch
Indonesian NGOs Coalition for International Human Rights Advocacy
(HRWG) International Commission of Jurists (ICJ)
International Movement Against All Forms of Discrimination and Racism (IMADR)
Minority Rights Group International (MRGI) Sri Lanka Advocacy Think Centre

Foot Notes:
1. Daily Mirror (27 March 2017), Say no to anti-SL proposals: WFJ, available at: http://www.dailymirror.lk/article/Say-no-to-anti-SL-proposals-WFJ-126227.html
2. Sri Lanka Guardian (4 April 2017), Sri Lanka: Diplomacy of Accumulated Projects, available at: https://www.slguardian.org/2017/04/sri-lanka-diplomacy-of-accumulated-projects/
3. Human Rights Council (10 February 2017), Report of the Office of the United Nations High Commissioner for Human Rights on Sri Lanka (A/HRC/34/20), paragraph 71 (a)
4. Ibid, paragraphs 53 and 58 5 Human Rights Council (29 September 2015), Promoting reconciliation, accountability and human rights
5. Human Rights Council (29 September 2015), Promoting reconciliation, accountability and human rights in Sri Lanka, paragraph 11
6. United Nations, LKA 5/2013, available at:

Archive

Latest news

Related news