Monday, May 20, 2024

දේශපාලන මහෙස්ත්‍රාත් අසංක දිසානායක සේ්වයෙන් පහ කැරේ.

තම මුහුණු පොතේ අතිශයින් දේශපාලනික සටහන් පළ කරමින් දේශපාලන කටයුතු නිරතවූ සහ  ව්‍යාජ ලිපිනයකින් අධිකරණ සේවයේ පත්වීම් ලැබූ ඩී.එම්.ඒ.අයි.දිසානායක ලැබ සිටි මහේස්ත්‍රාත්වරයකු අධිකරණ සේවා කොමිසම විසින් සේවයෙන් පහ කොට තිබේ.

මෙම පරික්ෂණයට අදාළ පැමිනිල්ල කරන ලද්දේ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් විසිනි. ඔහගේ පැමිනිල්ලෙන් දක්වා තිබුණේ එම පැමිණිල්ල මගින් දක්වා තිබුණේ 1. මොහු කොළඹ 10, වතුර ටැංකිය පාර, අංක 73/1 දරණ ස්ථානය ව්‍යාජ ලිපිනයක් ලෙස භාවිත කරමින් අධිකරණ සේවයට අයදුම් කොට ඇති බව,   2. දිගු කලක් ක්‍රියාකාරී දේශපාලයේ සෘජුව නිරතවී සිට ඇති බව   3. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමේ කුප්‍රකට දෝෂාභියෝග ක්‍රියාවලියේ දී එයට පක්ෂපාතී ලෙස දේශපාලන රැස්වීම් සංවිධානය කිරීම, 4. ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ පොදු තීරණයට එරෙහිව ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීම සදහා වන මෙහෙයුමේ ක්‍රියාකාරී ලෙස සහභාගිවීම යන කරුණුය.

ඉහත සඳහන් කරුණු ඇතුළත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය කියා සිටින්නේ  සිවිල් සංවිධානයක් සිදුකළ පැමිණිල්ලක් අනුව මහෙස්ත්‍රාත්වරයෙකු මහෙස්ත්‍රාත් ධූරයෙන් ඉවත් කිරිම ලංකා අධිකරණ කේෂ්ත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවයි.

ඔහුගේ පෙත්සමෙහි තවදුරටත් මෙසේ දැක්වේ:

‘’මෑත  ඉතිහාසයේ අධිකරණ ක්ෂේත්‍රයේ සිදුවූ බඳවාගැනීම් අතරින් සාපේක්ෂව ස්වාධීන හා විනිවිධ භාවයකින්  යුතු බඳවා ගැනීමක් බව පෙනී යයි.
මහේස්ත්‍රාත්වරුන් පත් කිරීමේ ක්‍රියාවලිය සහ සුදුස්සන්  පත් කර  ගැනීම විශාල වැදගත් කමක් උසුලන්නේ පසුගිය සමය තුලදී  නීතියේ ආධිපත්‍ය සහ අධිකරණ පද්ධතිය බරපතල දුෂණය වීමකට ලක්වීමක් සිදුව තිබු නිසා සහ යලි එම තත්වයන් නිවැරදි කර ගැනීම පිලිබඳ විශාල බලාපොරොත්තුවක් අපි හැම දෙනා  තුලම පවතින නිසාය.

විශේෂයෙන් එකී අපේක්ෂාවන් යලිත් වතාවක් උල්ලංගනය වුවහොත් දේශපාලඥයන් පිළිබඳව හෝ ආණ්ඩු පිලිබඳ ජනතාවගේ විශ්වාසයන් පලුදු වීම මෙන් නොව නීතියේ ආධිපත්‍ය සහ අධිකරණ පද්ධතිය පිලිබඳ විශ්වාසය බිඳ වැටීම රටට අතිශයින්ම අහිතකර බව අපි සියලු දෙනා හොඳින්ම දනිමු.  අනික් අතට දේශපාලන ක්‍රියාවලිය තුල අතෘප්තියට පත් වන්නාවූ බහුතරයක් ජනතාවගේ අවසාන බලාපොරොත්තුවත් නීතියේ සමානතාවය හා අධිකරණයේ ස්වාධීනතාවය වන නිසා මෙම තත්වය වඩාත් වැදගත් වේ.

1977 න් පසුව සමාජ ක්‍රියාකාරිකයෙකු ගේ පැමිණිල්ලක් මත මහෙස්ත්‍රාත්වරයෙකු අධිකරණ සේවයෙන් ඉවත් කළ පළමු අවස්ථාව මෙය බවද නිවේදනය සඳහන් කරයි.

Archive

Latest news

Related news