Sunday, April 28, 2024

සංහිදියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ නිරීක්ෂන සහ නිර්දේශ

පින්තුරය: අපේ ‘ගෙය’, ශ්‍රී ලංකාව හොඳටම අබලන් වෙලා. හුණු ගාලා, දූවිලි ගසලා දාලා හරිගස්සගන්න පුළුවන් ගෙයක් නෙවෙයි ඒක – අධිනීතිඥ මනෝරි මුත්තෙට්ටුවේගම.

සංහිදියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාව විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂන සහ නිර්දේශ සම්පූර්නයෙන් පහත දැක්වේ.

‘යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූ බව පැවසෙන යුද අපරාධ චෝදනා ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පරීක්ෂා කෙරෙන අධිකරණ යාන්ත්‍රණයට එක් විදේශීය විනිසුරුවකු හෝ සම්බන්ධ විය යුතු බවට සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය නිර්දේශ කරයි.

එම නිර්දේශය ඇතුලත් වෙන්නේ අඟහරුවාදා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙත භාර දෙනු ලැබූ කාර්ය සාධක බලකායේ නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුලත් පූර්ණ වාර්තාවේයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාව ප්‍රකාර පිහිටවෙන යාන්ත්‍රණයේ සෑම නඩු වාරයකදීම දේශීය විනිසුරුවන් බහුතරයක් සමග ‘අවම වශයෙන් එක් ජාත්‍යන්තර විනිශ්චයකාරවරයෙක් සිටිනා බවට සහතික කළ යුතු’ බව වාර්තාවේ එක් ප්‍රධාන නිර්දේශයකි.

විශේෂ උපදේශක කාර්යාලයේ කාර්ය මණ්ඩලයටත් ජාත්‍යන්තර විශේෂඥයන් සම්බන්ධ විය යුතු බවත් ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය යෝජනා කරයි.

උත්සවය අමතන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
උත්සවය අමතන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

“යුධ අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වැනි ජාත්‍යන්තර අපරාධ මෙන්ම වධ බන්ධනයට ලක් කිරීම, අතුරුදහන් කරවීම හා දූෂණය කිරීම් වැනි බරපතල මානව හිමිකම් අපහරණය යනාදියට සමාව දීම නීති විරෝධී වන අතර පිළිගත නොහැකිද වේ,” යනුවෙන්ද නිර්දේශවලට ඇතුලත්වේ.’ ( බීබීසී සිංහල)

එම වාර්තාව පීඩීෆ් ගොනුවක් ලෙස මෙහි පහත අමුණා ඇත.

0102030405විධායක සංරාංශය ctf-sl-in-sinhala-ex-summary

නිර්දේශ ctf-sl-in-sinhala-recs

Archive

Latest news

Related news