Thursday, March 28, 2024

ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ට

සහශ්‍ර සංවර්ධන ඉලක්ක පිළිබඳව ප්‍රගතිය දැක්වෙන එක්සත් ජාතීන්ගේ වාර්තාවක් නිකුත් විය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එම වාර්තාවේ දැක්වෙන කරුණු පහක්.

දරිද්‍රතා ඉමට පහලින් ජීවත් වන ජනතාව:

පළමු සහශ්‍ර සංවර්ධන ඉලක්කය වූයේ 1990 සිට 2015 කාලය තුළදී දිනකට ඩොලරයකට වඩා අඩු ආදායමක් ලබන ජනතාව අර්ධයකින් අඩු කිරීමයි. 2015 එළැඹීමට වසර හතකට කලින් ශ්‍රී ලංකාව එම ඉලක්කය සපුරා ඇත.

Image copyright un

ආදායම් අසමානතාව සැලකිය යුතු කරුණකි. ජාතික ආදායමෙන් 38%ක් රටේ ධනවත්ම ජනතාවගෙන් 10%ක් අතර බෙදී යයි. දිළිඳු ජනතාවගෙන් 10%ක් අතර බෙදී යන්නේ ජාතික ආදායමෙන් 1.5%ක් පමණි.

Image copyright un

දරිද්‍රතා මට්ටම අවම දිස්ත්‍රික්කය කොළඹ (1.4%) වන අතර මුලතිව් (28.8%) සහ මොනරාගල (20.8%) දරිද්‍රතාව වැඩිම දිස්ත්‍රික්ක ලෙස දැක්වේ.

සැමට ප්‍රථමික අධ්‍යාපනය ලබා දීම:

දෙවන සහශ්‍ර සංවර්ධන ඉලක්කය මෙය වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රථමික ශ්‍රේණිවල දරුවෝ සෑම කෙනෙකුම පාහේ පාසැල් යති.

Image copyright un
Image copyright un

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව:

පාසැල් යන ගැහැණු සහ පිරිමි ළමයි සංඛ්‍යාව සමාන වේ.

Image copyright un

ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සැමට සමානව අධ්‍යාපනය ලබා දීම තවත් සහශ්‍ර සංවර්ධන ඉලක්කයකි.

Image copyright un

රැකියා ලබා දීමේදී සැමට සමාන අවස්ථා ලබා දීම සහ පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

Image copyright un

බිළිඳු මරණ අවම කිරීම:

Image copyright un

මාතෘ මරණ ඉහළ නැංවීම:

Image copyright un

Archive

Latest news

Related news