රජ පවුලයි මාවවුලොයි එල්ලීගෙන රටම හපයි.
මමයි ලොකු අයියා.
මට ඕන ඉඩම්. පොලිසියේ කොස්තාපල් කෙනෙක් වෙලා ඉන්න කාලේ ඉඳන්ම මට තිබච්ච හීනයක් ඒක. නමුත් කරගන්න බැරි වුණා. මල්ලි ජනාධිපති වුන එක වාසනාවට හිටියා දැන් ඕන තරම් ඉඩම් තියෙනවා, සල්ලිත් කියෙනවා. මිනිහෙකුට කවදහරි චාන්ස් එකක් වදිනවා කියලා මට කිව්වේ අපේ තාත්තා. මං බලාපොරොත්තු වෙනව ලොකු වතු ටිකකුයි මුදු වෙරළ අයිනෙන් හෝටල් පේලියකුයි පටන් ගන්න. අපේ දියුණුව රටේ දියුණුව කියලයි අපි ඉගෙන ගත්තේ. මල්ලි මේපාර දිණුවොත් තමයි ඉතිරි ටික කරගන්න වෙන්නේ. දන්නවනේ ඔන්න කොහොම හරි මල්ලි දිනවන්න.
රාජාගේ ලොකු මල්ලි මමයි.
මම අයියා ගේ ලොකු මල්ලි. රස්සාවක් නැති හින්දයි හමුදාවට ගියේ. ඒ වුණාට පළවෙනි ඔපරේෂන් එකේදිම බය හිතුණ. ඒකයි බලූ දුක් වින්දත් කමත් නෑ කියලා මල්ලිගෙ පිහිටෙන් ඇමරිකාවට පැන ගත්තේ. ඒකෙන් යන්තම් මේ කාලකණ්නි රටෙන් බේරිලා ළමයින් ට උගන්නව ගත්ත. එහෙදි මල්ලිගෙ ගැරේජ් එකේ මළකඩ හූරලා එපා වුණා. හවසට උරහිස් කැක්කුමයි. මං ඔෆිස්, එක්සෙල්, පවර් පොයින්ටට්, කෝස් ටිකක් ඉගෙන ගත්තා. ඒත් අපි වයස හින්දා වේගෙ මදි කියල හොඳ පඩියකට වැඩක් හම්බ වුණේ නෑ. වැලේ වැල් නැතිව ඉන්නකොට, අයියා ජනාධ්පති වෙච්ච එකෙන්, බැසිල් මල්ලිට වාත වෙවී, උගෙ ගෑනිගෙන් වචන අහන්නෙ නැතිව, හම්බකරගන්න රස්සාවක් හම්බ වුණා. කල දුටු කල වල ඉහගන් කියලා කියා දුන්නේ ගමේ හාමුදුරුවෝ. ඉතිං මං බල බලා ඉන්නෙ නැතිව දුන්නා පාර. වානේ සංස්ථාව ගත්තේ ඒ සල්ලි වලින්. ඉස්සර මට කොළඹ ගෙවල් තිබුණෙ නෑ. ඒක හින්දා ගෙවල් දෙකක් ගත්ත. අනිත් සල්ලි සේරම ආරක්‍ෂාවට කැරිබියන් බැංකුවෙ දැම්මා. අපේ අතේ මිටේ සල්ලි නැතුව කොහොමද අපි රටේ ජනතාව බලා ගන්නේ? අයියා දිණුවොත් තමයි ඔය ගොල්ලන්ට මගෙ සිරියාවන්ත මුණ බලන්න ලැබෙන්නේ. ඔය ගොල්ලො අයියට ඡන්දයක් දෙනවනේ. තෑන්ක්ස්.
යුවරජු මමයි.
සල්ලි කියන්නෙ දෙයියන්ගෙ මල්ලි. මම තමයි ලොක්කගෙ බාලම මල්ල. සල්ලි තමයි මගෙ පන. කොමිස් තමයි මගේ හුස්ම. හුස්ම වැටුණොත් තමයි පණ රැුකෙන්නේ. ඉතිං කොමිස් නැතුව මං කොහොමද හුස්ම ගන්නේ? මගේ සාක්කුවකින් තවත් සාක්කුවකට සල්ලි මාරු කරන්නේ නෑ කොමිස් නැතුව. මගෙ හුස්ම හිරවෙනවා දැකල ගාමිණි දිසානායක උදව් කළා. මං මහවැලියම හරවා ගත්තා මැදමූලනට. ගාමිණී වලට ගියා මං ගොඩ ආවා. පව්, මෑන් හොඳ මිනිහ. ඇමරිකාවට ගිහිල්ල පරණ කාර් රෙපෙයාර් කරලා ජීවත්වෙන්න සිද්ධ වුණේ ඊට පස්සේ. හොඳ වෙලාවට ඔය ගොල්ල අපේ අයිය ජනාධිපති කළේ. දැන් ප‍්‍රශ්නයක් නැහැ. කොමිස් කියලා මම ගන්නේ සීයට දහයක් විතරයි. ඉතිං ඒකටත් සමහරු බණිනව. මම මැඩගස්කරයෙන් මැණික් ඉඩම් විතරක් අක්කර 2000 ක් ම ගත්ත. මාතර ලලිත හෝටලෙත් ගත්ත. තව හෝටල් ගොඩාරියකුත් ගත්ත. පස්සේ කියන්නම්කෝ. නුවර ටවුන් එක මැද්දේ අර උසට උසේ හදපු බිල්ඩිමක් ගත්ත. එයාටෙල් කොම්පැනියත් ගත්ත. මයික්‍රෝ කොම්පැණියත් ගත්ත. සෙලින්කෝ එකත් ගත්ත. ඉතිං කාටද ආඩම්බර.
රන්දෝලිය මමයි.
රූප රාජිනියකුත් වුණා. ඉස්සර, මම නං ඔය නැකැත් අරව මේව දන්නෙත් නෑ. ඕව මට විශ්වාසත් නෑ. ඔය බුද්ධාගම් කාරයන්ගෙ මළ විකාර අපේ ආගමේ නෑ නෙ. අපි බැන්දට එච්චර සරුවක් තිබුණෙ නෑ. මං හරි අමාරුවෙන් කරගෙන ගිය මොන්ටිසෝරියෙන් තමයි ජීවත් වුණේ. මහත්තයා පෙරකදෝරු රස්සාව කළාට එයාට හරියට නඩුවක් කතාකරගන්න බෑනේ. ඉතින් ආදායමක් නෑ. ඒ කාලේ හිතුණ අනේ කවදද මේ දුකෙන් මිදෙන්නෙ කියල. එහෙම ඉන්නකොට තමයි මහත්තය ට චාන්ස් එක වැදුණෙ. ජනාධිපති තරගේ ඔහොම දිනනව කියලා දන්නවනම් මහත්තය කවදාවත් සුනාමි සල්ලි හොරකම් කරන්නෙ නෑ. කොහොම වුනත් මට දැන් ලොකු ලොරි සීයක් තියෙනව. ඒව ඔක්කොම හම්බන්තොට වරායෙ වැඩට දාලයි තියෙන්නෙ. ඔය මහත්තයගෙ පවුලෙ අනිත් අය වගේ නෙමයි මම නම් මලෙන් රොන් ගන්නව වගේ තමයි කීයක් හරි හොයා ගත්තෙ. ගෑනු අපිටත් ඉතින් වියදමටත් කීයක් හරි ඕනනෙ. මිනිහගෙන්ම ඉල්ල ඉල්ල ඉන්න බෑනෙ. මහත්තය නිසා තමයි මේ ඔක්කොම ලැබුණෙ. ඉතිං මං ගැන හිතල මහත්තයට ඡන්දය දේ න්න. ප්ලීස්.
මමත් නියම පුතෙක්.
මට හොඳට කන්න ඕන. බොන්න ඕන. ඒත් මං ඒ වගේ ආතල් එකක් ගන්නෙ යාළුවොත් එක්ක ක්ලබ් ගියාම විතරයි. මට විභාගෙ පාස්වෙන්න බැරිවුණාට මට මොළේ තියෙනව. තාත්ත මට එයාටෙල් එකෙයි, මයික්‍රෝ එකෙයි ෂෙයාස් අරන් දුන්නෙත් මට වැඩ බෑ කියල හිතල වෙන්නැති. නමුත් මට වැඩ පුළුවන්. දඬුවම් මුදලාලිට මං දුන්න වැඬේ කොහොමද? තාත්ත මිනිස්සුන්ට මතට තිත පෙන්නද්දි අම්පාරෙ බාර් වල ගලන්නෙ මගේ අරක්කු. ඒත් තාත්ත කියන්නෙ මගෙම කියල දේශපාලන වැඩක් පටන් ගන්න කියල. ඉතින් නිලියො ටිකක් අල්ලගෙන ඒකත් හදා ගත්ත. ඇත්තටම හෙටක් තියා අදකුත් නෑ. හැබැයි මරු සැප. කොළම ටවුන් එකේ ගහන දැන්වීම පුවරුවකිනුත් සියේට දහයක් ගන්න හැටි කියල දුන්නෙනම් බාප්ප. කඩවලින්, කොම්පැනි වලිනුයි කප්පම් ගන්න කියා දුන්නේ අංකල්. තාත්තා ගානේ බිලියන දෙකක් දුන්න. ඒත් ඉතිං මගේ කොල්ලන්ටයි, කෙල්ලන්ටයි ඔය තුට්ටු දෙක මදි. මට නියම වයස එනකං දෙතුන් පාරක්වත් තාත්තම ජනාධිපති වෙන්න ඕන. එතකොට මගේ වයස හරි. ඒක හින්ද තාත්තට ඡන්දෙ දෙන්න. පුළුවන්නම් බෝධි පූජාවක්, ආශිර්වාද පූජාවක් එහෙම තියන්න හොඳේ.
ඇයි මම පුතෙක් නොවෙයිද?.
මම කතාවට එන්න ටිකක් පරක්කු වුණේ කතරගම ඉඳන් එනකොට දෙය්යන්ට ගහපු පොල් බෑ ගෝනි ටික කොප්පරා වලට වේලන්න කියල, ගෙදර දාන්න ගිහින් ටිකක් පරක්කු වුණා. ඒකයි පරක්කු වුණේ. මොකද ඕව මම ම කරන්න ඕන. කපුවට කිව්වොත් ඌ ඉස්සර කලා වගේ පොල් ටික උගේ හොර ගෑනුන්ට දෙනව. දේවාලෙ සල්ලිත් එහෙමයි. මම දැන් ඒ සල්ලි පරිස්සමට ගෙදර ගිහින් තියනව. කාටවත් අල්ලන්න දෙන්නෙ නෑ. දෙයියන්ගේ දේ දෙයියන්ට දීල අනිත් ටික මම පරිස්සමට මගෙ එකවුන්ට් එකේ දානව. මං ළගවත් තියාගන්නෙ නෑ. ඒ වුණාට සමහර අදුර්මිෂ්ටයො මට දේවාල පුල්ලියා කියල කියනව. බලන්නකො මට අපහාස කරන්න ගිහිල්ල උන්ට වෙන දේ. දෙයියො නිකම් ඉන්නෑ. රන්මිණිතැන්නෙ උන්ට වෙච්ච දේ උන්ටත් වෙයි. මේ කතරගම දේවාල හරිම හාස්කම් තියෙනව. දැන් බලන්න කුඩු ලාල් අයිය, පොට්ට නවුෆර් මහත්තය එහෙම ඔය කුඩු ගේන්න එල්. සී. එක අරිනකොට මෙහෙට බාරයක් වෙනව. කොළඹ කස්ටම් එකේදි කරදරයක් නැතිව ඔන්න බඩු එළියට එනව. එදා ම ලාල් අයිය ඇවිත් පහුවදා පාන්දරම මැණික් ගගේන් නාලා, පේ වෙලා, බාරෙ ඔප්පු කරනව. මටත් ලොකු පඬුරක් දෙනව. කිසිම කිසි දවසක බඩු මාට්ටු වුණේ නෑ. ඇත්තට දෙහියංගෙ හාස්කම් ගැන මර්වින් අංකල් කියල දෙනකම් කවුරුවත් දැනගෙන හිටියෙ නෑ.
මම කඬේ යන ටීම් එකේ ලොක්කක්.
මට සීගිරිය බලන්න වත් යන්න බැරිවුණේ, ඉගෙන ගන්න බැරිවුණේ, ජේ.වී.පී එකේ ෆුල් ටයිම් කරන්න ගිය හින්දා නොවෙයි. අපි දුප්පත් හින්ද, ජේ.වී.පී. එකේ ෆුල් ටයිම් කරන්න ගියායින් පස්සෙ තමයි හරියට කන්නවත් ලැබුණෙ. කොහොම වුණත් මට ප‍්‍රසිද්ධිය ලැබිල වාසනාව පෑදුනේ ජේ.වී.පී. එක නිසාම තමයි. පස්සේ තමයි අපට නැගිටින්න මාර්ග පෑදුනේ වාරායෙ පොල් තෙල් ටැංකි බෝකර් වැඩෙන් පස්සේ හැම දේම ලැබෙන්න පටන් ගත්ත. සල්ලි වතුර වගේ ගලන්න පටන් ගත්ත. ඉඩම් ගෙවල් දොරවල්, යාන වාහන ඔක්කොම ලැබුණ. මගේ වයිෆ් එයාටෙල් එකේ අධ්‍යක්‍ෂ කෙනෙක් වුණේ ඊට පස්සෙ. මං පස්සෙ ලොක්කන්ට කිව්ව අපි බැසිල් සර්ල එක්ක දිගටම ඉම්මු කියල. ශෂී කිව්ව විදියටම මං මෝඩයන්ගෙන් අයින් වුනා. නව විප්ලවීය මාවත මං විවර කළා. මීයෙකුට සිංහයෙක් වෙන්න පුලූවන් බව මම ඔප්පු කළා. ලංකාවෙ ඉන්න සිංහල මිනිස්සු හරි මෝඩයි. උං රවට්ටන්න හරිම ලේසියි. අපේ ගුණදාස අමරසේකර ලෝක්ක තමයි මට ඕක කිව්වෙ. නැතිනම් මිනිස්සු මං කියන දේ අහයිද? ජේ.වී.පී. එකත් කවදහරි ඕක තේරුම් ගනීවි. ලංකාවේ දේශහිතෛශී තරුණ තරුණියන්ට මං කියනනෙ, එන්න මා හා එක්වන්න. මගේ හඬ අහන්න. ඔබේ හඬ අවදි කරන්න. සංවේදී නායකායට ඡන්දය දෙන්න. ඔබට මං දිනවන්න ඕනනම් ජනා දිනවන්න.
මට තියෙන්නෙ ලස්සන නමක්.
නිමල් කියන්නෙ කොච්චර ලස්සන නමක් ද? ඒ වුණාට වැදගත් මිනිහෙක්ගෙ වටිනාකම දන්නැති කඩප්පුලි හැත්ත මට කියන්නෙ ඇනිමල් කියල මං පොඩි තැනකින් ආව කෙනෙක් හින්ද තමයි ඔය සේරම. නමුත් මම ඉන්නේ කවදත් පොඞ්ඩන්ගෙ පැත්තෙ. ඒක නෙ මං ගමන් බිමන් යද්දි පොඩි ගෑනු ළමයි එක්කම යන්නෙ. අපේ ගමේ කතාවක් තියෙනව කොලේ යන හරක කොලෙන්ම කන්න ඕනෙ කියල. ඉතිං මං ඔය පොඩි ගතම් එකක් ගන්නව බෙහෙත් වලින්. ඒකට දොස්තරලට තමයි පීනසේ හැදිල තියෙන්නෙ. රටේ ජනතාවට කිසිම ප‍්‍රශ්නයක් නෑ. මට ඉස්සර හිටපු ඇමතිල, ඇමති නෝනල වගේ මම බේත් විකුනගන්නෙ නැති බව ඒ අය දන්නව. මම කොමිස් ගන්නෙ නියම මාත‍්‍රාවට අනුව බෙහෙත් කොම්පැනි කාරයින්ගෙන් විතරයි. ඒකේ වරදක් නෑ. අපේ රටට පාඩුවක් නෑ. ගාන කැපෙන්නෙත් පිට රටින්. ගාන තැන්පත් කරනනෙත් පිට රටමයි. දැන් බලන්න මං ඩෙංගු සම්පූර්ණයෙන් ම නැවැත්තුව. කුරුළු උණ, මී උණ, ඌරු උණ, චිකන් උණ සේරම කොහේ ගියාද නෑ. මම මදුරුවන් වඳ ම කරල දාන්න මැෂින් එකක් මගෙ ගෙදර වත්තේ හයි කරල තියෙනව. ඇමති හැටියට මං දෙන්නෙ අවවාද වලට වඩා ආදර්ශයක්. ඒක ගේන්න මං අමාත්‍යංශයෙ සල්ලි වලින් ලක්‍ෂ තුනක් වියදම් කළා. දැන් අවට ගෙවල්වලත් මදුරුවො නෑ. කොහොමද මගෙ වැඩ. රටේ ජනතාවත් මං වගේ ඒ ජාතියෙ මැෂින් හයි කරගන්න ඕන. ජීවිතේ මල් ලොක්ක ඉන්න කල්. ඒක හින්ද ලොක්ක දිනවන්න.
රාජාගේ අතිජාත මිත‍්‍රයා මමයි.
මම විමල් අඳුරන්නෙ බොරැුල්ලේ මැස්සො මාර්කට් එකේ පත්තර ගහන කාලෙ ඉඳල. තව තවත් අය හිටියට මට දැන් ඕකුන් මතක නෑ. පෙරේත හැත්ත. මමත් හරි අමාරුවෙන් තමයි ජීවත් වුණේ. සුදුසුකම් නැති නිසා රස්සාවල් හෙව්වට හම්බ වුණේ නෑ. උස මදි හින්දා පොලීසියටවත් ගත්තෙ නෑ. හුගක් අය වගේ මමත් බැරිම තැන තමයි පත්තර රස්සාවට ගියේ. ලියනව කිව්වට මං ලියන්නෙ හරියට බොරැල්ලෙ මිහිරි බත් කඬේ මැල්ලූම් ලියනව වගේ කියල. දවසක් එකෙක් මට කීව ඒ බත් කඬේ මැල්ලූම් ලියන්න පලයන් කියල. හැබැයි මං ඒවෙනකොටත් ඉගෙන ගෙනයි තිබුනෙ තණකොල මැල්ලූම් ලිව්වත් කන පාටකයො ජාතියක් රටේ ඉන්න බව. එහෙම නැත්නම් බොලේ මම ඡන්දෙකින් දිනයිද? වාසනාව තියෙන්නෙ කුණු මුල්ලෙ නොවෙයි වලස්මුල්ල කියල මමයි ඔප්පු කළේ. පත්තරෙන් පාර්ලිමේන්තුවටත්, පාර්ලිමේන්තුවෙන් ඇමරිකාවටත්, ඇමරිකාවෙන් ආපහු ලංකාවට ඇවිත්, නිකම් නිල නො ළත් අගමැතිකමටත් ගිය එකම දස්සයා මමයි. දියුණු වෙනවනම් දියුණු වෙන්න නියම ආදර්ශයක් මම තරුණයන්ට පෙන්නල තියෙනව. බලන්න රේල්ලූවේ එහෙ මහෙ තිබිච්ච යකඩ කඳන් මේ තිබුණ. මේ නෑ. අන්න ඒ වගේ විශ්මය දනවන දේ තරුණයො කළ යුතුයි. අද රේල්ලූවෙවත්, සී.ටී.බී. යෙ වත් ප‍්‍රශ්ණ තියෙනවද? නෑ. සේරම විසඳුව. බස් ගාස්තු අඩු කළේ නැද්ද? අඩු කළා. ඉදිරි කාලෙදි මගේ වෙනම වැඩ සටහනක් තියනව, බස් වෙනුවට පාරවල් ඒ. සී. කරන්න. පයින්, බයිසිකලෙන් යන අයටත් නියම සැපක් දෙන්න. මට ඔය අයිඩියා එක ආවේ ප‍්‍රදීපත් එක්ක හැරී පොටර් පිචර් එක බලද්දි. පාරවල් ඒ.සී. කරන්න ඕන නම් ලොක්ක ජනාධිපති කරල මාව අගමැති කරන්න. බොහොම ස්තූතියි.
හැම කරුමෙටම කරගහන්නෙ මමයි.
අලින්ට උදව් කරන්න ගියහම තමන්ගෙ බූල් ෂූට් එක තමයි සවුත්තුවෙන්නෙ කියල වඳුර කිව්වලූ. මට වෙච්ච දේවල් ගැන බලනකොට ඒ කතාව ඇත්ත කියලයි මට හිතෙන්නෙ. මම උපන්නෙ කුරුණෑගල පිරිසර ගමක. යන්තම් පේරාදෙනියෙ විශ්ව විiාලයට යන්න වාසනාව තිබුණ. මම රස්සාව කළේ අවංකවමයි. ඒත් ඉතින් ඕනම රස්සාවක ඉහළටම යනකොට බෙල්ල බේරගන්න අමාරුයි. බුදුහාමුදුරුවො කියල තියෙනව ගින්නෙන්, ගංවතුරෙන්, හොරුන්ගෙන් වාගෙම රජුන්ගෙනුත් තමන්ගෙ වස්තුව රැක ගන්න කියල. ඒ ඒකාලෙ. ගංවතුර, ගින්දර දැන් කිසිම ප‍්‍රශ්ණයක් නොවෙයි. නමුත් රජුන්ගෙන් කොහොමද මේ සල්ලි පරිස්සම් කරගන්නෙ. ඔයගොල්ලන්ට තේරෙනවනෙ මං මොන තරම් අමාරු රස්සාවක්ද කරන්නෙ කියල. ලොක්කයි, ලොක්කගෙ අයියල, මල්ලිලයි, පුතාලයි, අර කොට ඩලසයයි, සචින් කාරයයි, පියදාස කාරයගෙ කොල්ලොයි කොච්චරවත් සල්ලි ඉල්ලනව. ටිකක් නොවෙයි බිලියන ගණන්. දුනනෙ නැත්නම් බණිනව. දුන්නම රටේ මිනිස්සු බණිනව. මට එතකොට මතක් වෙන්නෙ රජකාලේ යිටපු සමරජීව මුදලිගෙ කවි. භාණ්ඩාගාරෙට හොර පොතක් තියෙනව. ඒකට කියන්නෙ අවිනිශ්චිත ගිණුම කියල. කවුරුවත් වැඩිය ඒක දන්නෙ නැ. උං ඉල්ලන ඉල්ලන වෙලාවට සල්ලි දීල, ඒකෙන් තමයි මං ජාම බේරගෙන හිටියෙ. ඒත් ඒක මාට්ටු වුණා. හිරේ යන්නෙ නැතිව නූලෙන් බේරුණේ. යන්තම් සරත් කාරයා චුතවුනායින් ආයෙත් හුසුමක් කටක් ගත්ත විතරයි, තවත් සරතෙක් ආපි. අනේ මං වැරදි කාරයෙක් නෙවෙයි. ඔය සරත පරද්දන්න ලොක්කට ඡන්දෙ දෙන්න.
මම මොකාද කියල මමවත් දන්නෙ නෑ.
මට ගණන් බෑ. කොපි කරලයි හැමදාම ගොඩ ගියේ. නුගේගොඩ සෙන් ජෝන්ස් ඉස්කොලෙ, ඒ කාලේ මගෙ පන්තියෙ හිටපු ළමයි කවුරුත් ඒක දන්නව. මගේ ළමයින්ටත් මට වාගෙම ගණං බෑ. අනිත් විෂයනුත් එහෙමයි. නමුත් අධ්‍යාපන ඇමති වෙච්ච එකෙන් යන්තම් ලකුණු ලෙවෙල් වෙනස් කරල ළමය ගොඩ දා ගත්ත. මම නෙවෙයි. ඕන තාත්තෙක් ඒක කරනව. මගෙ ළමය විතරක්යැ, ඒකෙන් අනික් ළමයින්ටත් වාසියක් වුණේ නැද්ද? ජේ.වී.පී. කාරයො ඒ ගැන කතා කරන්නෙ නෑ. උන්ට මං කරපු උදව් මතක නෑ. මගෙ කුණු විතරයි උන්ටත් පේන්නෙ. අධ්‍යාපන ඇමති වෙලත් තමුන්ගෙ ළමය විශ්ව විiාලෙට දා ගන්න බැරි නම් මොකටද ඒ අධ්‍යාපන ඇමතිකම. දැන් බලන්න මේ ප‍්‍රශ්න පත්තර ප‍්‍රශ්නයක් අල්ලගෙන මට බණිනව. ඕව මං හදපු ප‍්‍රශ්නපත්තර නොවෙයිනෙ. මමත් ඕව දැක්කෙ ඔයගොල්ලන්ගෙම මාධ්‍යයෙන් ම තමයි. සමහර ප‍්‍රශ්න පත්තරවල උත්තර අච්චු ගහල තිබුණලූ. ඉතින් ඒකෙන් ළමයින්ට ලේසි නැද්ද මං අහන්නෙ. ආයෙ කියනව ප‍්‍රශ්න පත්තරේක ලෝක සිතියම කණපිටට අච්චු ගහල තිබුණ කියල. අධ්‍යාපන ඇමති හැටියට මං අන්තිමේට මේව හොයල බැලූව. එතකොට තමයි දැන ගත්තේ ඒක එහෙම අච්චු ගහල තිබුණෙ හරි පැත්තට හරවගන්න ළමයින්ය දැනුම තියෙනවද කියල බලන්න. ඒකත් පරීක්‍ෂණයක්. මේ දැන් ප‍්‍රශ්න පත්තරවල වැරැදි කියල කියන ඒව ඔක්කොම මහින්ද චින්තනයට අනුව හදපු අලූත් අධ්‍යාපන ක‍්‍රමයයි, ඒක නවීන ක‍්‍රමයක්. ඉස්සර වාගේ පොතටම සීමාවෙලා නෑ ශිෂ්‍යයො මහන්සි වෙලා වැරදි ප‍්‍රශ්න නිවැරදිව හදා ගන්න ඕන. මං ඔයගොල්ලන්නට කියන්නම් රහසක්. මේ පාර අධ්‍යාපනය ගැන නොබෙල් සම්මානය හම්බවෙන්නේ මහින්ද චින්තන අධ්‍යාපන ක‍්‍රමයටයි. ඒක ගන්න යන්න තව කල් තියෙනවා. ඔය ගොල්ල අතිගරු ජසාධිපති තුමාට මේ පාරත් ජනාධිපති වෙන්න ඡන්දය දුනනොත් අපට අර කොබෙල් සම්මානයත් ගන්න පුළුවන්.
අනේ මාව බේරගන්න.
ඇත්තම කියනවනම් මම බොරු කියන්නෙ නෑ. කිව්වට පස්සේ ඒව බොරු වෙනව. සැකකරයගෙ පුතා වයිමටවත් ඒක නවත්වන්න බෑ. ඉතින් ඒක මගෙ වරදක් යෑ? ඒ කාලේ බඩු මිල ඉහළ යෑම නවත්වන්න පුළුවන් කියල මං කිව්වෙ ඇත්තටම යි. ලොක්කයි, පවුලෙ කට්ටියයි රටම ගිලිනව කියල මගෙ පොතේ තිබුණෙ නෑ. ඒකයි වැරදුණේ උද්දමනය නවත්වන්න බෑ බඩු මිල ඉහළ යන එක නවත්වන්න බෑ. ඉතින් ඒකට මං මක්කොරන්නද? ඒ වුනත් ලොක්ක බේරුණොත් තමයි මමත් බේරෙනනෙ. මගේ මිහිරි කටහඬ අහන්න ඔය ගොල්ල කැමති නම් ඍන ධන කරගන්න ඕන නම් මාව බේරගන්න. ඒක හින්ද ලොක්ක දිනවන්න ටටා බායි.
මමයි රජා
මම කනව බොනව කියල කිව්වට කවදාවත් මගෙ සාක්කුවෙන් වියදම් කරල බීල නෑ. දැනුත් බොන්නෙ රජාගේ සංග‍්‍රහ වියදම් සල්ලි වලින්. බුදුහාමුදුරුවො සුරාවත්, ස්ත‍්‍රී ඇසුරත් අත්හරින්න කිව්වෙ තමන්ගෙ ධනය විනාශ වෙන හින්ද. මම ඕවට ධනය වියදම් කරන්නේ නෑ. ඒ නිසා මම බුදුන්ගෙ ධර්මයට විරුද්ධව වැඩ කරල නැ. මම දේශපාලනය කළාට කවදාවත් ජනාධිපති වෙනව තියා ඇමති කෙනෙක්වත් වෙයි කියල හිතුවෙ නෑ. ඒකයි ඉස්සර ඇමති කෙනෙක් හැටියට ටෙලියක රගපෑවෙ. ඔය කලා කාරයෝ වැඩිහරියක් ම යාලූ වුණෙත් ඒකාලේ තමයි. මට ඇත්තටම කණා චාන්ස්මයි දිගටම වැදුනෙ. අර කාලේ ගමේ හිටිය ජේ.වී.පී. කාරයො ටික උඩුගම්පොලට කියල සුද්ද කරගත්ත. පව් ටික යූ.එන්.පි. යට දාලා පින් ටික මං අරන් ජිනීව ගිහිල්ල විකුණ ගත්ත. කුසල් ඇවිත් පාද යාත‍්‍රාවද මොකක්ද එක හදල මට ගොඩ යන්න පාර කැපුව. පස්සෙ කම්කරු ප‍්‍රඥප්තියද තවත් මොකක්ද එකක් කුසලූයි, වාසුයි එකතු වෙලා හදල දුන්නත් චන්ද්‍රිකා මට හරස් වුණා. එයාට වරදිනකම් මමත් හිටිය. එයාට වැරදුනා. මගෙ පිහිටට ජේ.වී.පී. එක ආවා. වෙලාවටම එල්.ටී.ටී.ඊ එකත් අමර පිස්සුවක් කෙලිය. මට නිකම්ම ජනාධිපති වෙන්න පාර කැපුන. මට ඇදුනෙ සුයිප් එකක්. තෑගි බෙදාගන්න ජේ.වී.පී. කාරයොයි, අපේ පක්ෂෙ ශ‍්‍රී ලංකා කාරයොයි පොර කන්න ගත්ත. කල්පනා කරල බලන්න හරිද වැඬේ කියල. ඔය ගොල්ල වුණත් ස්විප් එකක් ඇදුනම දිනුම වෙන කාටවත් දීල නිකම් ඉන්නවද? නෑනෙ. ඉතින් මේ දෙමළෙනෙ මුන්ට තේරෙන්නෙ නැත්තේ. මං නෑදෑයින්ට සලකනවලූ. ඉතින් මගෙ දිනුම මගෙ නෑයන් එක්ක බෙදාගත්තට ඒකෙ ඇති වැරැුද්ද මොකක්ද? මම තනියම කෑවනම් තමයි ජරා වැඬේ. මං එහෙම කළේ නෑ. නියම බෞද්ධයෙක් හැටියට ඥාතීන්ට සංග‍්‍රහ කළා. මේ පාර මං දිනුවොත් රටේම ජනතාවට සංග‍්‍රහ කරනව. දැනටමත් අරලියගහ මන්දිරෙන් දන් සැලක් පටන්ගෙනයි තියෙන්නෙ. මට මේ පාරත් ඔබේ වටිනා ඡන්දය ලැබෙන බව මං දන්නව. ස්තූතියි. පළමුව මව් බිම. දෙවනුව පියා බිම. තුන්වෙනුව රටේ හැමෝම බිම. මම විතරක් කෙලින්.
ප්‍රගීත් එක්නැලිගොඩ
අතුරුදන් වූ මධ්‍යවීදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ගිරිතලේ හමුදා කදවුරේ රදවාගෙන ඔහු ලියු “පවුල් ගස” පොත පිලිබදව ප්‍රශ්න කළ බව පරීක්ෂනයෙදී දැන් හෙළිදරවු වී ඇත . ඔහුගේ එම ලිපියේ තෝරාගත් ප්‍රදාන කොටසක් “හංස සංදේශය ” මැතිවරණ පුවත්පතෙහි පලකරනු ලැබීය .මෙලෙස යලි පළකරන්නේ දෙදහස් දහයේ ජනවාරි මාසයේ ප්‍රගීත් පැහැරගෙන යන්නට දින කිහිපයකට පෙර ප්‍රකාශිත එම ලිපියයි .
– Yukthya.lk