විදේශ ඇමැති මංගල සමරවීර මහතා පෙබරවාරි 20 දින පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.
“ගරු කතානායක තුමනි,
පසුගිය රජයේ ප‍්‍රජාතන්තවාදී විරෝධී කි‍්‍රයාවලිය නිසාත් අවුල් සහගත වූ විදේශ ප‍්‍රතිපත්තිය නිසාත් රජය විසින්ම එකග වන ලද ජාත්‍යන්තර වගකීම් ඉටු කිරීමට අපොහොසත් වූ නිසාත් අප රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අවශ්‍ය දොරටු රාජපක්‍ෂ රජය විසින් ජාත්‍යන්තරයට වීවෘත කර දෙන ලදී. එපමණක් නොව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ද 2009 මැයි මාසයේදී ජාත්‍යන්තර ප‍්‍රමිතීන් අනුව යුධ අපරාධ පරීක්‍ෂණයක් කිරීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන්කි මූන් මහතා සමග එකඟත්වය පළ කරන ලදී.
එවකට විපක්‍ෂයේ සිටි අපි දිගින් දිගටම කියා සිටියේ අප රටට එරෙහිව මානව අයිතීන් කඩකිරීම් චෝදනා හෝ යුධ අපරාධ චෝදනා ඇත්නම් ඒවා පරික්‍ෂා කළ යුත්තේ දේශීය අධිකරණ පද්ධතිය තුළ බවටය. එපමණක් නොව මෙවැනි චෝදනාවලට වරදකරුවන් ඇත්නම් ඒ අයට දඩුවම් කළ හැකි නීති පද්ධතියක් අප සතු බවද ඒ අවස්ථාවේදී ප‍්‍රකාශ කරන ලදී.
එදා අප සිටි ස්ථාවරය අද ද වෙනස් වී නැත.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධව එල්ල වී ඇති චෝදනා පිළිබද සොයා බැලීමට විශ්වාසවන්ත දේශීය පරීක්ෂණයක් සිදු කළ යුතුය යන ස්ථාවරයේ අපි ඉන්නවා. පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් අපි ඉදිරිපත් කළ ‘‘වෙනසකට එක් වෙමු. සිය දිනකින් අළුත් රටක්” ලියවිල්ලේ දින සියයක් ඇතුලත ක්‍රියාවට නංවන ක්ෂණික සහන වැඩ සටහනේ 93 වනි වගන්තියේ අපි මෙසේ කියලා තියෙනවා.
‘‘ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය ස්ථාපිත කළ රෝම ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන් තබා නැති නිසා එවැනි චෝදනා වෙතොත් යුක්තිය පසදලීමේ කාර්යය දේශයේ ස්වාධීන අධිකරණයක් යටතේ සිදු කිරීම.”
අපේ අගමැතිතුමාගේ දූරදර්ශී නුවණට පින්සිදු වෙන්න ජාත්‍යන්තර යුද අපරාද අධිකරණය ස්ථාපිත කළ රෝම ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන් නොකළ නිසා එවැනි චෝදනා වෙතොත් ඒ පිලිබඳ යුක්තිය පසිදලීමේ කාර්යය දේශීය ස්වාධීන අධිකරණයක් යටතේ සිදු කරන බව අපි එහි කියලා තියෙනවා.
ඒ අනුව අපි මෙවැනි දේශීය යාන්ත‍්‍රණයක් පිහිටුවීමට කටයුතු කරන්නේ ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දුවක් අනුව නොව අප රටේ ජනතාව පසුගිය ජනාධිපතිවරණයේදී ලබා දුන් ජනවරම ඉෂ්ඨ කිරීමක් වශයෙනි. අප සැම විටම වග කියන්නේ ජාත්‍යන්තර ප‍්‍රජාවට නොව මේ රටේ ජනතාවටයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර ප‍්‍රජාව සමග යළි සුහදශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් ලබාගත හැකි වාසි සියල්ල අප රටේ ජනතාව වෙත ලබාදීමත් අපගේ අරමුණයි.
මේ වන විට එවැනි පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය ස්වාධීනතාවයෙන් අපේ අධිකරණ පද්ධතිය පොහොසත් ව සිටිනවා. දක්ෂ ලෝකය පිළිගන්නා විනිසුරුවරුන් අපිට ඉන්නවා. නීති විරෝධි ලෙස ධුරයේ රැදී සිටි අග විනිසුරුවරයාව ඉවත් කරල එම ගරු තනතුර දැරීමට අවශ්‍ය සියළු සුදුසුකම් සහිත ගෞරවනීය පුද්ගලයෙක්ව රටේ අධිකරණ පද්ධතියේ ප්‍රධානියා හැටියට මේ වන විට පත් කර තියෙනවා. මේ නිසාම ‘කැන්ගරු උසාවියක’ තත්ත්වයකට පත් වි ඇති අප අධිකරණ පද්ධතිය නැවතත් දේශීය වශයෙනුත්, ජාත්‍යන්තර වශයෙනුත්, එහි කෙරෙහි ඇති විශ්වාසය යළි තහවුරු කර තිබෙනවා. දේශීය ස්වාධීන අධිකරණයක් මේ සඳහා පිහිටුවීමේදී අවශ්‍ය ජාත්‍යන්තර තාක්‍ෂණික සහයෝගය ලබාගන්නත් අපි සූදානම්. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග විතරක් නොවෙයි, එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් කවුන්සිලය සමග පමණක් නොව සෙසු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සමග සහයෝගයෙන් ගණුදෙනු කරන්න අපි ලැහැස්තියි.
මානව හිමිකම් කඩවීම් පිලිබදව සොයා බැලීමට හා ඒ පිලිබඳව විශ්වාසවන්ත දේශීය පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය ස්ථාපිත කිරීම දැනටමත් අපි සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සඳහා අපට තව සුළු කාලයක් අවශ්‍යයි. පසුගිය රජය ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ පොරොන්දු වූ ආකාරයට මෙවැන්නක් සදහා උනන්දුවක් දැක්වුවා නම් ඇත්තටම මේ ප්‍රශ්නය මෙතරම් දුර ගමන් කරන්නේ නැහැ. මෙතැනදි අපිට ජාත්‍යන්තරය අමතක කර කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. කුඩා රටක් හැටියට හුදකලා ගමනක් අපිට නැහැ. බැහැර කිරීම වෙනුවට ලෝකය වැළදගැනිම අපේ ප්‍රතිපත්තියයි. ඒ නිසා ජාත්‍යන්තරයත් සමග ගණුදෙනු කරන්න අපි සූදානම්. ජාත්‍යන්තරයත් එක්ක ගණුදෙනු කිරීමෙන් ප්‍රතිලාභ හිමිවෙන්නේ මේ රටටයි. ශ්‍රී ලංකාවට පිටතින් දියණු ලෝකයක් ඇති බව අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ රට දියුණු කිරීමට, ඒ දියුණු ලෝකයේ සහයෝගය අවශ්‍යයි කියන කාරණයත් අපි රජයක් හැටියට පිළිගන්නවා. අපේ විදේශ ප්‍රතිපත්තිය තීරණය වන්නේ දෘෂ්ටිවාදයන් මත පදනම් ව නෙමෙයි. පැහැදිලිවම ඒක තීරණය වෙන්නේ මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් මතයි. අපේ විදේශ ප්‍රතිපත්තිය ඒ තරම් සරල එකක්.
විශ්වාසනීය දේශීය පරීක්ෂණයක් සිදු කිරීම මගින් අපේ ආරක්ෂක අංශවලටල හමුදාවන්ට අහිමිව තිබූ පිළිගැනීම, ගෞරවය යළි ලබා ගත හැකියි. ලෝකයේ ඕනෑම හමුදාවක වැරදි කරන අය ඉන්න පුළුවන්. සියයට සියක් සම්පූර්ණ මිනිස්සු කිසිම තැනක කිසිම ආයතනයක නැහැ. ඒ නිසා වැරැද්දක් වෙලා තියෙනවා නම් ඒ පිලිබද සොයා බැලීම ලජ්ජාවට කරුණක් නෙමෙයි. බය වෙන්න කාරණයක් නෙමෙයි. ඒක පාවා දීමක් නෙමෙයි. ප්‍රේමවතී මනම්පේරි ඝාතනය, ක්‍රිශාන්ති කුමාරස්වාමි ඝාතනය සම්බන්ධව සිදු කළ පරීක්ෂණය වැනි ඒ විදියේ අතීත උදාහරණ මේ රටේ තියෙනවා. ඒ නිසා එක අතකින් මේක අළුත් දෙයක් නෙමෙයි. ඒ නිසා අපේ වීරෝධාර හමුදාවගේ කීර්ති නාමය කෙලෙසන, එමෙන්ම කීර්ති නාමය කෙලෙසීමට අණ දුන් අය කවුදැයි හෙළි කිරීම තුළින් අප ති‍්‍රවිධ හමුදාවේ සහ පොලිසියේ කීර්ති නාමය යළි යථා තත්ත්වයට පත් කර ගැනීමට පුළුවන් වනවා.
මීට පෙර සිටි පාලකයන් එක් පවුලක බල අවශ්‍යතාව වෙනුවෙන් සමස්ත ආරක්ෂක අංශවල කීර්තිනාමය, ගෞරවය බොහොම නිර්ලජ්ජිත විදියට පාවා දුන්නා. ඒ තුල ලෝකය අපේ ආරක්ෂක අංශල හමුදාවන් දිහා බැලුවේ බොහොම පසුගාමී විදියටයි. රාජ්‍යපක්‍ෂ රෙජිමයේ අවසන් කාලයේදී අපේ රණවිරුවන් එළවළු විකුණනල පාරවල් අතුගානල ටුවරිස් හෝටල් පවත්වාගෙන යන වහල් සේවයක් බවට පත් වුණි. අපි උත්සාහ කරමින් සිටින්නේ ඒ අහිමි වුණු බිද වැටුණු කීර්ති නාමය යළි ගොඩනැංවීමටයි.
එක්සත් ජාතීන්ගේ සාම හමුදාවන් සඳහා බඳවා ගැනීම් සිදු කරත් දී නැවත වතාවක් අපේ හමුදා නිලධාරීන්ට, සෙබළුන්, ඒ අවස්ථාව ලබා ගැනීම සදහා සාකච්ඡාවන් අප මේ වන විටත් පවත්වාගෙන යනවා. කොළඹ පේමන්ට් හද හදල තණකොල ගලව ගලවල එළවළු විකුණ විකුණ හිටපු අපේ වීරෝධාර රණවිරුවන්ට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාදීමට අපි කටයුතු කරමින් සිටිනවා. මේ හරහා ලෝකයේ ඕනෑම තැනකට ගිහින් තම හැකියාවන් පෙන්වීමේ අවස්ථාව අපේ හමුදා සාමාජිකයන්ට ලැබෙනවා.
අප ති‍්‍රවිධ හමුදාවේ නැති වූ කීර්ති නාමය යළි ලබාදීම මෙන්ම, අප රජයේ ඒකායන අධිෂ්ඨානය වී ඇත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට එමෙන්ම, බෞද්ධ, හින්ද, කි‍්‍රස්තියානි හා ඉස්ලාමි ආගම අදහන සියලූ ජනතාවට ශී‍්‍ර ලාංකිකයන් හැටියට අභිමානවත්ව ජීවත් විය හැකි අලූත් ශී‍්‍ර ලංකාවක් නිර්මාණය කිරීමයි. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා පත් වී ඇත්තේ ද එක ජන කොටසගේ ඡන්දයෙන් පමණක් නොව, සමස්ථ ශී‍්‍ර ලාංකිකයන්ගේ ඡන්දයෙන්ය. දශක ගණනාවකට පසුව අද අපට ශී‍්‍ර ලාංකිකයන්ගේ ජනාධිපතිවරයෙක් සිටින බවට ආඩම්බරයෙන් ප‍්‍රකාශ කළ හැක.
මෙවැනි පසුබිමක් යටතේ හිටපු ජනාධිපතිතුමා කියපු කතාවක් පසුගියදා පුවත්පත්වල දුටු විට මා පුදුම වුණා.
‘‘උතුරු නැගෙනහිර ජනතාවගේ ඡන්ද අයිතිය ලබා දුන්නේ තමන් බවත් එහෙම නැත්නම් දිනන්නේ තමන් බවත්, මහින්ද රාජපක්ෂ මහත්තයා පසුගිය 17 වැනිදා තංගල්ල නගර සභා ශාලාවේ තිබුණු වෘත්තිය සමිති සම්මන්ත්‍රණයක දි කියලා තිබුණා.”
මෙයින් හිටපු ජනාධිපතිවරයා කියා සිටින්නේ ඔහුට ජයගත හැක්කේ ඊළමක් ලබාදුන් රටක පමණක් බව නේද? සැබෑ ඊළාම්වදීන් කවුදැයි කියා මේ කතාවෙන් හොඳට තේරුම් ගත හැකිය.
හිටපු ජනාධිපතිවරයා ඇතුළු මේ රට අනතුරේ හෙලීමට මාන බලන සිංහල දේශපේ‍්‍රමිත්වයෙන් තම නිරුවත වසා ගන්නා ඊලාම්වාදීන් පරාජය කරල සංහිදියාවක් මේ රට තුල ඇති කිරීමට අපි මේ හිමිව ඇති අවස්ථාව උපරිම ලෙස ප්‍රයෝජනයට ගත යුතුයි. පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලයත් සමග ජාතිවාදයට ආගම්වාදයට තව දුරටත් ඉඩක් නොමැති බවට ජනතාව පාඩමක් ලබා දුන්නා. ඒ සංඥාව හිටපු ජනාධිපතිතුමා වගේම විපක්ෂයත් තේරුම් ගත යුතුයි. අන්තවාදයන්ට තවදුරටත් අපි ඉඩ දිය යුතු නැහැ. ශිෂ්ට ලෝකය ඒවා බැහැර කරනවා. ඒවායින් වින්ද දුක් පීඩා දැන් හොදටම ඇති. ඒ නිසා සිංහල අන්තවාදය මෙන්ම දෙමළ මුස්ලිම් අන්තවාදයත් අපි බැහැර කළ යුතුයි.
විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් හැටියට මේ රටේ අනාගතය හා දියුණුව වෙනුවෙන් අපි සියළු දෙනාටම ඉතා ධනාත්මක මැදිහත්වීමක් මේ මොහොතේ සිදු කළ හැකියි. ඒ සදහා ස්වර්ණමය අවස්ථාවක් අද එළඹ තියෙනවා. නිදහසින් පසුව තවමත් අපට බිහි කර ගත නොහැකි වූ ශ්‍රී ලාංකික අනන්‍යතාව නිර්මාණය කරගැනීමට සුදුසු ම මොහොත අද එළඹ තියෙනවා ය කියලා මා විශ්වාස කරනවා. දශක ගණනාවකට පස්සේ රටේ සියළු කොටස් නියෝජනය කරන ජනාධිපතිවරයෙක් රටට ලැබී තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ලබා ගැනීම වැදගත්.
ජනවාරි 08 වැනි දින සිදූ වූ දේදුනු විප්ලවය තවත් අර්ථ ගන්වමින් එයට තවත් වටිනාකම් එක් කරමින් යහ පාලනය, සමාජ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ශිෂ්ට රටක් බිහි කිරීම උදෙසා මේ රටේ සියළු ජන කොටස්හි සහාය සමගින් ඉදිරියට යන්න අප සූදානම්.
අවසාන වශයෙන් පසුගිය 18 වනදා ස්ථාවර නියෝග 22/2 අනුව ගරු විපක්‍ෂනායකතුමා තම ප‍්‍රකාශයෙන් ඉදිරිපත් කළ ප‍්‍රශ්නවල පිළිතුරු මෙසේය.
01. ඔව්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමාසාරිස්වරයා වෙත මා විසින් යවන ලද ලිපිය මේ අවස්ථාවේදී මම සභාගත කරමි. එහි සිංහල සහ දෙමළ පරිවර්ථන ද සභාගත කරමි.
02. ‘‘දින සියයේ වැඩ සටහනේ 93 වැන්නේ මෙසේ සදහන් වෙයි. ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය ස්ථාපිත කළ රෝම ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන් තබා නැති නිසා එවැනි චෝදනා වෙතොත් යුක්තිය පසදලීමේ කාර්යය දේශයේ ස්වාධීන අධිකරණයක් යටතේ සිදු කිරීම.” ඒ අනුව අප රජය දේශීය ස්වාධීන යාන්ත‍්‍රණයක් සකස් කිරිමට බලාපොරොත්තු වෙන්නේ ජනතාවට ලබා දුන් තවත් පෙරොන්දුවක් ඉටු කිරීමට මිසල ජාත්‍යන්තර ලබාදුන් පොරොන්දුවක් ඉටු කිරීමට නොවන බවට ප‍්‍රකාශ කර සිටිනවා.
03. ලිපිය සභාගත කර ඇත.
04. විශ්වාසනීය ස්වාධීන යාන්ත‍්‍රණයක් දේශීය වශයෙන් ස්ථාපිත කිරීම තුළින් යම් යම් පුද්ගලයන් කණ්ඩායම් තුළ ඇති අවිශ්වාසය තුරන් කිරීමට හැකි වෙනු ඇතැයි මම විශ්වාස කරමි. මේ සම්බන්ධයෙන් අප රජය කෙරෙහි විශ්වාසය තබමින් කටයුතු කරන ලෙස සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිමි.
05. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ජනාධිපතිවරණ අවස්ථාවේ දී ප්‍රකාශයට පත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වූ ආකාරයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත. ඒ අනුව රටේ ප්‍රජාතන්ත්‍රීය ආයතන ශක්තිමත් කිරීම, ප්‍රකාශනයේ නිදහස තහවුරු කිරීම, නීතියේ පාලනය ශක්තිමත් කිරීම, යහපාලන භාවිතාව, ජාතික මානව හිමිකම් කොමිසම ශක්තිමත් කිරිමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මෙන්ම මානව හිමිකම් මහ කොමසාරිස්වරයාට ආමන්ත්‍රණය කරන ලද ලිපියේ සදහන් කාරණා සම්බන්ධයෙන් කි‍්‍රයා කරනවා ඇත.
ස්තූතියි…