Friday, April 26, 2024

රාජපක්ෂගේ විදෙස් උපදේශකයින් කෝටි ගණන් සල්ලි කාපු හැටි

( යාපනය: අතුරුදහන් කොමිසමට සාක්ෂි දීමට බලා සිටින පිරිස්)

එතෙර කටයුතු මෙසේ සිදුවෙද්දී මෙතෙරද ජගත් මානව හිමිකම් කවුන්සිලය, ශී‍්‍ර ලංකාවට එරෙහිව සිදුවූ අන්තර්ජාතික පරීක්ෂණය ආදිය ගැන ගැන අලූත් කතාබහක් ආරම්භ විය. එයට හේතුව වී තිබුණේ හිටපු ජනපති රාජපක්ෂ මහතාගේ සමයේ දියත් කර තිබුණු දේශීය පරීක්ෂණයක් සම්බන්ධ තොරතුරු කරළියට පැමිණීමය.2013 අගෝස්තු මාසයේදී විශේෂ කොමිසමක් පත්කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යුධ සමයේ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේ වගකීම ඊට පැවරීය.එම කටයුතු සිදුවෙමින් පැවතෙද්දී පසුගිය වසරේ ජූලි 17 වැනිදා එයට තවත් රාජකාරියක් පැවැරිනි.2009 වසරේ මැයි මස 19 වැනිදා අවසානය දුටු යුද්ධයට තම ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවූ සිවිල් වැසියන් පිළිඹද තොරතුරු එක්රැස් කිරීමටත්,එම වැසියන් එසේ යුද්ධයේ ගොදුරු බවට පත්වීමට හේතු කාරණා සෙවීමටත් නව රාජකාරියට අනුව කොමිසමට සිදුවිය.

මේ සඳහා රාජපක්ෂ නියමයෙන් අන්තර්ජාතික උපදේශකයන් කණ්ඩායමක් තෝරා ගැනින.මුල් සාමාජිකයින් වූයේ එක්සත් රාජධානියේ පුරවැසියන් වන සර් ඩෙස්මන්ඞ් ද සිල්වා,ජෙෆ්රි නයිස්,රොඞ්නි ඩික්සන්, යන තිදෙන හා ඇමරිකාවේ ඩේවිඩ්.එම්.ක්‍රෙන්ය.

සන්ඬේ ටයිම්ස් වෙත ලැබී තිබෙන වාර්තා අනුව මේ සිව්දෙනාට හා ඔවුන්ගේ වෙනත් පාර්ශවකරුවන්ට 2014 ජූලි මස 7 වැනිදා සිට 2015 පෙබරවාරි මස 7 වැනිදා දක්වා ගෙවුනු මාස 7 කාලයට රුපියල් ලක්ෂ 1350 ක මුදලක් ගෙවා ඇත.මෙම ගෙවීම් සෘජුවම මහ බැංකුවෙන් සිදුකර තිබෙන අතර නීතිප‍්‍රකාරව සිදුවිය යුතු ආකාරයට ඒවාට කැබිනට් අමාත්‍යවරුන්ගේ අනුමැතිය ලබාගැනීමක් සිදුව නොමැත.මෙම පුද්ගලයින් හා ඔවුන්ගේ සහචරයින් දිවයිනට පැමිණ ඇත්තේ අවස්ථා 3 කදී පමණි.කොමිසමේ ප‍්‍රධානී මැක්ස්වෙල් පරණගමට අනුව පත්කෙරුණායැයි කියූ අලූත් සාමාජික කමිටුවේ සාමාජිකයින් ලෙස ඔහුට මුණගැසී තිබෙන්නේද මේ සිව්දෙනා පමණකි.ඔවුන් කොමිසමේ රැුස්වීමකටවත් සහභාගීවුනේ නැහැ.ඔහු සන්ඬේ ටයිම්ස් හා පැවසීය.

මෙම සිව්දෙන ඔවුන්ගේම තනි කැමැත්තට කිලිනොච්චි හා මුලතිව් ප‍්‍රදේශයන්ගේ සංචාරය කර ඇතැයිද ඔහු වැඩිදුරටත් කීය.පරණගම මහතාට අනුව කොමිසමේ ආයු කාලය මෙම වසරේ අගෝස්තු 15 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.සන්ඬේ ටයිම්ස් වෙත ලැබී ඇති තොරතුරු අනුව මෙම සිව්දෙනගේ කිලිනොච්චි හා මුලතිව් සංචාරයන්ට වැයව ඇති මුදල රුපියල් ලක්ෂ 6 කට ආසන්නය.ආහාර හා වෙනත් පහසුකම් සදහා ඒ මුලද වැයවීයැයි එම තොරතුරු වල දැක්වේ.දින දෙකකට පමණක් සීමාවූ මෙම සංචාරය සිදුවූයේ පසුගිය වසරේ දෙසැම්බර් මස 8 වැනිදා හා 9 වැනිදාය.එළැඹෙන 29 වැනිදා ඔවුන් ති‍්‍රකුණාමලයේ සංචාරයක නියැළීමට නියමිත බවද සදහන්ය.

ශී‍්‍රමත් ඩෙස්මන්ඞ් ද සිල්වාට පසුගිය මාස 7 ක කාලයට ගෙවා ඇති මුදල පවුම් 357336 කි.එය ශී‍්‍ර ලංකා රුපියල් වලින් ලක්ෂ 790 කට ආසන්නය.මෙසේ මාස 7 ක කාලයට අනෙක් පුද්ගලයින්ටද ගෙවා ඇති මුදල් ප‍්‍රමාණයන් මෙසේය.

රොඩ්නි ඩික්සන් – ස්ටර්ලිං පවුම් 27000.රුපියල් ලක්ෂ 57 කට අධික මුදලක්.

ඩේවිඩ්.එම්.කේ‍්‍රන් – ඇමරිකා ඩොලර් 60000.රුපියල් ලක්ෂ 78 කට අධික මුදලක්.

මෙම ගෙවීම් වලට අමතරව විදේශ විනිමය වියදම් ලෙස තවත් ඩොලර් 22500 ක් (රුපියල් ලක්ෂ 98 කට අධික මුදල් ප‍්‍රමාණයක්) ද දේශීය විනිමය වියදම් රුපියල් ලක්ෂ 44 කට අධික මුදලක්ද මෙම සිව්දෙනාට ගෙවා ඇත.

වියදම් පිළිබඳ තවත් විස්තර පහත වේ.

උපදේශක කමිටුවේ සාමාජිකයෙකුද නොවන පී.පී.මල්වගනම් නම් පුද්ගලයෙකුට ස්ටර්ලිං පවුම් 100000 ක්,රුපියල් ලක්ෂ 207 කට අධික මුදලක් ගෙවා ඇත.ජේ.ටී.හොම්ස් නම් මේජර් ජෙනරාල්වරයෙකුට ස්ටර්ලිං පවුම් 21500ලරුපියල් ලක්ෂ 43 කට අධික මුදලක්ද,අධිකරණ කටයුතු,අපරාධ විමර්ෂණ කටයුතු පිළිඹද විශේෂඥයෙකු බව කියන මයිකල්.ඒ.නිව්ටන් නම් පුද්ගලයෙකුට ඩොලර් 5000ලරුපියල් ලක්ෂ 6 කට අධික මුදලක් ආදී ලෙස මුදල් ගෙවීම් සිදුකර තිබේ.

මේවාට අමතරව රාජ්‍ය නොවන සංවිධාන වල සකී‍්‍රය සාමාජියෙකු වන ජීවන් ත්‍යාගරාජා යටතේ වූ රාජ්‍ය නොවන මානවවාදී සංවිධාන එකමුතුවකට රුපියල් ලක්ෂ 37 කට අධික මුදලක්ද,කාර්යාල කටයුතු සදහා රුපියල් ලක්ෂයකට අධික මුදලක්ද ලබාදී ඇත.

ගෙවීම් මෙතැනින් නවතින්නේද නැත.නියමිත මාස 7 ගෙවී අවසන්වූ පසුවද නොයෙකුත් ගෙවීම් සිදුව ඇත.මේ දැක්වෙන්නේ මාස 7 ක කාලය ගෙවී අවසන්වුනු මෙම මස 7 වැනිදා සිට පසුගිය 12 වැනිදා දක්වා සිදුකර තිබෙන ගෙවීම් ගැන විස්තරය.

ශී‍්‍රමත් ඩෙස්මන්ඞ් ද සිල්වා – ස්ටර්ලිං පවුම් ලක්ෂ 4 කට අධික මුදලක්.ඒ අනුව ඔහුට ගෙවා ඇති මුලූ මුදල පෙර සදහන් කළ අගයට එකතු කළ විය පවුම් ලක්ෂ 8 කට ආසන්න වේ.රුපියල් වලින් ලක්ෂ 1640 කට අධික මුදලකි.

ශී‍්‍රමත් ජෙෆ්රි නයිස් හා ඔහුගේ ආර්යාව – ස්ටර්ලිං පවුම් 86538 යි.මෙම මුදලද එකතු කළ විට දෙපළට ගෙවා ඇති මුලූ මුදල ස්ටර්ලිං පවුම් 122358 කි.රුපියල් වලින් ලක්ෂ 257 කට ආසන්න මුදලකි.

ඩේවිඩ්.එම්.කේ‍්‍රන් – ඩොලර් 67500 කි.ඒ අනුව ගෙවා ඇති මුලූ මුදල ඩොලර් 127500 ක් වේ.රුපියල් වලින් ලක්ෂ 17 කට ආසන්නය.

මෙම උපදේශක කමිටුවට සිදුකර ඇති ගෙවීම් ගැන මේ කෙටි සදහනක් පමණකි.සන්ඬේ ටයිම්ස් වෙත වාර්තා වන ආකාරයට දැනට කි‍්‍රයාත්මක පරීක්ෂණ වලින් හෙළිවීමට නියමිත ඉදිරි විස්තර වලට අනුව සිය ගණනක් දෙනාට නොමිලයේ නිවාස ඉදිකර දීමට,දුෂ්කර ගම්මාන වල විදුලි බල ව්‍යාපෘතීන් කි‍්‍රයාත්මක කිරීමට,උතුරට සෞඛ්‍ය පහසුකම් ලබාදීමට,නව පාසැල් පිහිටුවීමට ආදිය සිදුකිරීමට හැකිවන තරමේ විශාල මුදල් ප‍්‍රමාණයක් කමිටුවට ගෙවා ඇත.කමිටුවේ කි‍්‍රයාකාරම් ගැන ගැටලූ රැුසක්ද මතුව තිබේ.සාමාජිකයින් විදේශිකයින් වීමද ඔවුන්ට තමන්ට වුවමනා හැටියට කටයුතු කරන්නට ඉඩ සළසාදී තිබීමද සැක උපුදවයි.ඔවුන් ප‍්‍රධාන කොමිසමේ රැස්වීම් වලට සහභාගීව නැත. නමුත් තමන්ගේම

තනි මතයට යුද්ධය දරුණුවට සිදුවූ ප‍්‍රදේශ නිරීක්ෂණයේ යෙදී ඇත.ඔවුන් කරන්නට ඇත්තේ කුමක්ද? මාර්තු මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශී‍්‍රලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාවට අභියෝග කළ හැකි වාර්තාවක් පිළියෙල කිරීමේ කටයුත්තකවත් ඔවුන් නිරතව සිටියාද?

සැබෑවටම එවැනි දෙයක් සිදුව ඇත්නම් ඒ සදහා රුපියල් ලක්ෂ 4000 කට ආසන්න මුදලක් වියදම් කළ යුතුව තිබුණාද?.ඉදිරි හෙළිදරව් වලින් මෙම මුදලේ අගය මිීට වඩා ඉහළ යනු ඇත.මෙවන් ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කෙරුණේ එයින් අවසානයේ ලැබෙන වාර්තාව අන්තර්ජාතික ප‍්‍රජාව කොපමණ දුරකට පිළිගනීදැයි ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සිදුකෙරුණු විමර්ෂණයකට පසුවද?.පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය මෙවන් මුදලක් වියදම් කළේ ශී‍්‍රලංකාවේ බහුතර ජනතාව ජීවන වියදම් බරින් මිරිකෙමින් සිටි සමයක බව මෙහිදී විශේෂයෙන් සදහන් කළ යුතුය.

ප‍්‍රධානම ගැටලූව වන්නේ වත්මන් රජය අන්තර්ජාතික ප‍්‍රජාව දිනා ගැනීමට දරන උත්සාහයට මෙම උපදේශක කමිටුව ඉදිරිපත් කරනු ඇති වාර්තාවක් ප‍්‍රයෝජනයට ගනීද? යන්නයි.විශේෂයෙන් මෙවන් කමිටුවක් නව රජයේ විශ්වාසය තැබිය හැකි දේශීය යාන්ත‍්‍රණයක් සකස් කිරීමේ වැඩපිළිවෙලට ගැලපෙන්නක් වීම නිසාය.නමුත් මෙම කමිටුවට පසුගිය රජය මුදල් පොම්ප කර ඇති බවක් පෙනෙන්නට තිබීම නිසා එවැනි පියවරක් ගැනීම ගැන රජය දෙවරක් නොව සියවරක්ම සිතා බැලිය යුතුය.තමන්ගේ දැළි මකා ගැනීමටත්,තමන්ට පක්ෂපාතී වාර්තාවක් සකස් කර ගැනීමටත් පසුගිය රජය මෙම කමිටුව පත්කර ඇති බවක් පෙනේ.සාමාන්‍ය බුද්ධියක් ඇති තැනැත්තෙකුට පවා හොදින් පෙනෙන එය අන්තර්ජාතික ප‍්‍රජාව නියත වශයෙන්ම හදුනාගනු ඇත.එනිසා එවන් කමිටුවකින් ලැබෙන වාර්තාවක් භාවිතයට ගැනීම ගැන නව රජය සැළකිලිමත් විය යුතුය.
-උපුටා ගැනීම ලංකාදීපයෙනි

Archive

Latest news

Related news