Thursday, March 28, 2024

රාජපක්ෂ මහා ගසාකෑම (නොහොත් මාර්ග සංවර්ධනය) ගැන ඇත්ත

(රාජපක්ෂ මාර්ග සංචාරකයින්ට අව්ව තැපීමට ද?)
සැබෑ මුහුණ ඇත්තේ පෙනෙන මුහුණට යටින් යැයි කියනු ලැබේ.රාජපක්ෂ රෙජිමයේ මාර්ග සංවර්ධන ආශ්චර්යත් එවැනි ය.

රාජපක්ෂ රෙජීමයේ රට සංවර්ධන පම්පෝරියේ ලොකුම පුරාජේරුව මාර්ග සංවර්ධනය යි. එනමුත් මේ සංවරධනයට යටින් ඇත්තේ මහා ගැසාකෑමක දුඟද හමන කතාවකි. නියම වැයට වඩා තුන් හතර ගුණයකට කොන්ත්‍රාත්තු දී එම මුදල යටි මඩි ගසා ගැනිම මෙම ජාවාරමයි.

මේ වනාහි ශ්‍රි ලංකාවේ අසන්නටවත් නොලැබුණ පරිමාණයේ කෝටි ප්‍රෙකෝටි ගණනින් ගසා කැමකි.

රාජපක්ෂ යටතේ මේ මහා ගසාකැම හිනි පෙත්තට ම නැග්ගේ 2014 වසරේදී ය. 2014 වසරෙහි දී නිසි ටෙන්ඩර් පරිපටියකින් තොරව දෙන ලද මාර්ග සංවර්ධන කොන්ත්‍රත්තු වල වටිනාකම රුපියල් බිලියන 333කි. මෙම සමස්ත මුදලම සාමන්‍ය මාර්ග සංවර්ධන වැයට වඩා සියයට 135 ක් ගෙවිමකි.

එනයින් ශ්‍රී ලංකාවට අහිමි වන මුදල රුපියල් බිලියන 200.5කි. පුදුමය නම් මෙම කොන්ත්‍රාත් සියල්ලම චින ණය මත වීන සමාගම් විසින් කරනු ලබන ඒවා වීම ය. මෙම එකදු කොන්තාත්තුවක් හෝ පවරන ලද්දේ තරඟකාරී ටෙන්ඩර් පරිපාටි අනුව නොවේ.

එපමණක් නොවේ. මෙම මහා ගසාකෑම දැන් ශ්‍රී ලංකික සමාගම් සඳහාත් ව්‍යාප්ත කර තිබේ. පසුගිය වසරෙහි දේශීය බැංකු තුනකින් ලබාගත් බිලියන 110ක ණය දේශීය කොන්ත්‍රාත්කරුවන්ට බෙදා දෙන ලද්දේත් ටෙන්ඩර් කැදවීමකින් තොරව පුම්බන ලද මිල ගණන් වලට ය.

රාජපක්ෂ මාර්ග සංවර්ධන ගසා කෑමේ අපූරු නිදර්ශනයක් ජපානය සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් මුල්‍යධාර සැපයූ දකුණු අධිවේගී මාර්ගය සහ චීනය ණය මත චින සමාගට පවරන ලද කොළඹ වටා යන රවුම් පාරට යන වියදම සපයයි
.
දකුණු අධිවේගී මාර්ගයෙහි කිලෝමිටරයකට වැය වූයේ ඇමෙරිකානු ඩොලර් මිලියන හතකි. චින සමාගම ඉදි කරන වටරවුම් පාරෙහි කිලෝ මීටරයක වියදම ඇමෙරිකානු ඩොල්ර් මිලියන 72කි!

මේ වනාහී ශ්‍රී ලංකාව වැනි රටක මාර්ගයක් තැනීම සඳහා ලොව කෙතැනක හෝ දැරෙන ඉහළම වියදමයි. එහි වියදම පිළිගත් සාමාන්‍ය වියදමට වඩා සියයට 545 ගුණයකින් වැඩිය.

මෑත දී චීන සමාගම්වලට ම දෙන ලද මාතර – බෙලිඅත්ත අධිවේගී මාර්ගයත් උතුරු අධිවේගී මාර්ගයත් සඳහා එක්ව යන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 4,328ක් වන අතර ශ්‍රී ලංකාව වැනි ආර්ථිකයක් ඇති රටක් මාර්ග සංවර්ධනය සඳහා ලොව කොතැනක හෝ කරනු ලබන විශාලතම වැය එය විය හැකි යැයි කියනු ලැබේ.

උතුරු අධිවේගී මාර්ගයෙහි වියදම පිළිගත් සාමාන්‍ය වියදමට වඩා සියයට 126 ගුණයකින් වැඩිය.

ශ්‍රි ලංකාව ද ඇතුළුව දියුණු වන රටවල් 65ක තනන ලද මාර්ග 430ක් ඇසුරෙන් ලෝක බැංකුව සහ එවැනිම රටවල් 99ක තනන ලද මාර්ග 3000ක් ඇසුරෙන් ඔක්ස්පර්ඩ් සරසවිය කරන ලද සමීක්ෂනයන්ට අනුව ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන වැය වැඩිම වියදම් සහිත මාර්ගයන්ට වඩා දෙතුන් ගුණයක් වැඩිය.

වැඩිම වියදමක් සහිත මාර්ග යනු බිංගෙවල් සහ දැවැන්ත පාලම් යනාදිය ඇතිව ඉදි කැරෙන ඒවා ය. ශ්‍රී ලංකාවේ කිසිදු මාර්ගයක් එම ගණයට වැටෙන්නේ නැත.

දකුණු අධිවේගී මාර්ගය මෙන් හය හත් ගැණයක වැඩි වියදමක් මාතර – බෙලිඅත්ත කොටස සඳහා වැය වීම අදහා ගත නොහැකි තරමේ ඉහළ යෑමකි.

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග සංවර්ධන වියදම 2013 – 2014 වසරෙහි වියට්නාමයේ මෙන් දෙගුණයක් ද පකිස්ථානයේ මෙන් හතර ගුණයක් ද ඉන්දියාවේ මෙන් පස් ගුණයක සිට දස ගුණයක් දක්වා ද විය.

© SLB

( සන්ඩේ ටයිම්ස් පුවත්පතට මහාචාර්‍ය අමල් කුමාරගේ විසින් සපයන ලද ලිපියක කරුණු ඇසුරිනි. ලිපියේ වගකීම ශ්‍රී ලංකා බ්‍රීප් සතු ය)

Archive

Latest news

Related news