Friday, March 29, 2024

විධායකයේ ශාපය: දූෂණයේ ආශ්චර්ය කියවා බලන්න

කියවිය යුතුමයි. ඔබට අවශ්‍ය නම් දෙවරක් කියවන්න. සෑම පේලියක්ම සෑම වචනයක්ම කියවන්න. ”ආසියාවේ ආශ්චර්ය” වෙනුවෙන් කියැවෙන්නේ මේවායි.

විධායකයේ ශාපය

2009 දී එල්ටීටි ය ඉවත් කිරීමෙන් ලාංකිකයෝ ඉමහත් අස්වැසිල්ලකටත් උද්දාමයටත් පත්වූවා පමණක් නොව අති මහත් අභිවෘර්ධියක් සහ යහ පාලනයක් බලාපොරොත්තු විය. ව්රුද්ධ පක්‍ෂයේ දූෂිත දේශපාලඥයින් මිලදී ගැනීමෙන් පසුව වුවද පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයක් තුළින් ලංකාවට යහපතක් කිරීමට අවශ්‍ය පූර්ණ බලය සහ සහාය මහින්දගේ රජයට තිබුණි. නමුත් අවාසනාවකට එම බලය යොදා ගනු ලැබුවේ සියලූම ශිෂ්ට සම්මතයන් සහ යහපාලනය බිඳිමින් බලය වර්ධනය කර ගැනීමටයි.

පාලනයේ සෑම අංශයක්ම අගාධයට ගොසිනිි.

පොදු රාජ්‍ය මණ්ඩලය තුළ දෝශාරෝපණය ලැබෙන ලෙස අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා දහ හතරක් ගෙනාවේ යුක්තියේ සියලූ සම්මන්තයන් ට පටහැනිවය. පිටු 1000 ක ලේඛනයක් එක් රැුයකින් කියවා, තේරුම් ගෙන තීරණයක් දෙනුු ලැබී ය. මෙතෙක් නීති ඉතිහාසයේ අසා නැති ආකාරයට නූගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ලවා හිස් ලේඛනයකට අත්සන් ගන්නා ලදී.

අගවනිසුරුවරියට මිනිමරුවකුට ලැබෙන  අවස්තාවවත් රාජපක්ෂ දුන්නේ නැත
අගවනිසුරුවරියට මිනිමරුවකුට ලැබෙන අවස්තාවවත් රාජපක්ෂ දුන්නේ නැත

අපගේ අගවිනිසුරුවරියට වඩා මිනිමරුවෙකුට තම අයිතීන් වෙනුවෙන් පෙනි සිටීමට පහසු කම් ලැබෙනු ඇත. තම අරමුණු සරලව ඉටු කර ගැනීමට විධායකය විසින් මේ සියලූ දේ ඉවත් කරන ලදී. රජයේ නිල දරන මහා පරිමාණ වංචනිකයන් රජය තුළ සිටින බව අඛන්ඩව නොසලකා හරින ලද අතර අගවිනිසුරුට එරෙහිව නින්දිත ලෙස චෝදනා එල්ල කරන ලදී.

නමුත්, සමහර අංශ වලින් රට දියුණු වී ඇති බව සත්‍යයකි. යුද්ධය අවසාන්වීමෙන් පසු මෙය බලාපොරොත්තු විය හැකි ස්වාභාවික දෙයක් වන අතර මෙවැනි බොහෝ දේවල් ඕනෑම රජයක් යටතේ සිදුවිය හැකිය.

බිලියන ගණනක් නාස්ති කළ අනවශ්‍ය යුද්දයෙන් පසුවද, දේශපාලඥයින්ගේ සාක්කු පුරවමින් රට අගාධයට ඇද දමන මැඩ පැවැත්විය නොහැකි කොල්ලකෑම් ඉහිලූම් නොදෙන තරම් වර්ධනය විය.

පාලන තන්ත‍්‍රයේ අවශ්‍යතාවය වූයේ රට විනාශයට ගියත්, තම පක්‍ෂයේ ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් කෝටිපතියන් වනු දැක්මය. තමන් හට පහසුවෙන් ප‍්‍රකෝටිපතියෙකු විය හැක්කේ තම අනුගාමිකයින් හට කෝටිපතියන් වීමට ඉඩ දීමෙනි.

රාජ්‍ය ණය රුපියල් ටි‍්‍රලියන එකක් දක්වා ඉහළ ගියේය. 2005 වන විට රුපියල් බිලියන 32.3 ක ලාභ පෙන්වූ රාජ්‍ය ආයතන 55 ක්, 100 කට වැඩි ඇමති මණ්ඩලයක් තිබියදී රුපියල් බිලියන 107 ක පාඩුවක් කරා ගමන් කර ඇත.

තිස් වසරක යුද්ධය සහ 60 වසරක නිදහසට පසුව කළ සංවර්ධන කටයුතු හේතු කොට ගෙන, 2009 දක්වා ගෙන තිබූ විදේශීය ණය ප‍්‍රමාණය වන රුපියල් බිලියන 3589, වසර තුනක සුළු කාලයකදී එනම් 2012 වනවිට දෙගුණයක් බවට පත් වී රු: බිලියන 6791 දක්වා වැඩි වී ඇත.

අහංකාර පාලන කල්ලියේ තෘප්තිය පිණිස මහා පරිමාණ සුදු අලි ව්‍යාපෘති සඳහා හම්බන්තොට ට මුදල් පොම්ප කරන ලදී. වරායේ ගල් බිඳීමට රුපියල් බිලියන 9 ක්, ටෙලි සිනමා උද්‍යානය රුපියල් බිලියන 2 ක් හා කි‍්‍රකට් විනාශයට පත් කළ කි‍්‍රඩාංගනය සෑදීම රුපියල් මිලියන් 700 ක් ඉන් සමහරකි.

විශාලතම ව්‍යසනය වන මත්තල ගුවන් තොටුපල තැනීමට වැය කළ පිරිවැය රුපියල් බිලියන 39.6 කි. ඕනෑම මොඩයකුට වුව එය ගොන්කමක් බව වැටහුන ද කිසිවෙකු විධායකයෙන් මේ ගැන ප‍්‍රශ්න කිරීමට ඉදිරිපත් නොවූහ. 2013 අපේ‍්‍රල් වන විට මගීන් 40 ක් පමණ මත්තලට පැමිණි බව වාර්තා වන අතර ගුවන් තොටුපලට වඩා බුලත් විකුණන්නෙකු මුදල් උපයන බව හාස්‍යජනකව පැවසේ.

චීන රජය මගින් පිරිවැය සැපයූ කඩවත සිට කෙරවළපිටිය දක්වා ඇති පිට රවුම් අධිවේගි මාර්ගය ඉදිකිරීමේදී කිලෝමීටරයට වැය වී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 56 ක් (රුපියල් බිලයන 7.3*කි. මෙය දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව කඩුවෙල දිගුව ඉදිකිරීමට ජපන් රජය වැය කළ මුදල මෙන් තුන් ගුණයකි. එනම්, රුපියල් බිලියන 2.4 කි.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටරයක් ඉදි කිරීමට වැය වී ඇත්තේ රුපියල් මිලියන 975 ක් පමණක් වන අතර එම අධිවේගී මාර්ගයේම මත්තල සිට හම්බන්තොට දක්වා දිගුවේ කිලෝමීටරයක් ඉදිකිරිමට වැය වන මුදල රුපියල් බිලියන 2.14 කි.

ඒ පන්තියේ මාර්ගයක් ඉදිකිරීමට දෙපාර්තමේන්තු ඇස්තමේන්තු මුදල කිලෝමීටරයට රුපියල් මිලියන 20 කි. එහෙත් ඒ 9 මාර්ගය ඉදිකිරීමේ ලංසු මිල කිලෝමීටරයට රුපියල් මිිලියන 140 ක් විය.

2005 දි එවකට තිබූ රජය විසින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඉදිකිරීම් සුප‍්‍රසිද්ධ චීන සමාගමකට ඇමරිකානු ඩොලර් මිලියන 280 ක ට කොන්ත‍්‍රාත් දෙන ලදී. නමුත්, මේ රජය බලයට පැමිණි වහාම එම කොන්ත‍්‍රාත්තුව අවලංගු කර අත්දැකීම් අඩු චීන සමාගමකට ඩොලර් මිලියන 520 කට කොන්ත‍්‍රාත් දෙන ලදී. එය පෙර පිරිවැය මෙන් දෙගුණයක මුදලකි.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් සහ ඇසට් මැරිටයිම් (පුද්)සමාගම අතර ඇතිවූ ආරවුලක් සමතයට පත්කිරීමට පිණිස බේරුම්කරු ලෙස – ඉහළ උසාවියේ විශ්‍රාමික විනිසුරුවරයෙකු පත් කරන ලද අතර බේරුම්කරු හානිපූර්ණ වශයෙන් සමාගමට රුපියල් 600,000 ගෙවීමට නියෝග කරන ලදී.

එහෙත් ප‍්‍රථම කාන්තාවගේ මැදහත්වීමෙන් පත් කරන ලද ජනාධිපති කමිටුවක් මගින් හානිපූර්ණ වශයෙන් රුපියල් මිලියන 180 ක් සමාගම වෙත ලබා දීමට නටයුතු කරන ලදී. එම සමාගම අයත් වන්නේ ධම්මික පෙරේරා සහ නිශාන්ත වික‍්‍රමසිංහ යන අයටයි.

ඉන් දෙවැන්නා ප‍්‍රථම ආර්යාවගේ සහෝදරයාය.

2007 දී අසන්තා ද මැල් (දේශපාලන සම්බන්ධතම් ඇති) විසින් ව්‍යාජ ලෙස ඇති කර ගත්තාවු ”හෙජින්(ග්)” ගනුදෙනුවෙන් ‘සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන්‘ආයතනයට රුපියල් බිලියන 280 ක පාඩුවක් සිදු විය. මෙතරම් විශාල මහජන මුදල් විනාශයට කිසිවෙකු වගකීම් දරා නැත.

සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ (ප‍්‍රථම කාන්තාවගේ සහෝදර) ගේ අවපාලනය නිසා ශ‍්‍රී ලංකන් එයාලයින් සමාගම රුපියල් බිලියන 70 ක පමණ පාඩුවක් ලබා ඇත.

2011, 2012 වර්ෂ වලදී සජින් වාස් ගුණවර්ධන සභාපතිත්වය දැරු මිහින් එයාර් සමාගම රුපියල් බිලියන 1,455 ක පාඩුවක් ලැබී ය. දේශපාලන හිතවතෙකුගේ සහය පිණිස රජය විසින් පාඩු පියවීමේ ව්‍යාපෘතියක් ලෙස රුපියල් බිලියන 3004 ක් සමාගමේ ආයෝජනය කර ඇත.

තවමත් මේ මහත් විනාශ පිළිබඳ ප‍්‍රශ්න නොනැගෙන අතර වැරදිකරුවෙක්ද නැත.

සෑම මූලික බුද්ධි තොරතුරක්ම නොසලකමින් ජනාධිපති පවුලේ අයගේ අවශ්‍යතාවය මත, පොදු රාජ්‍ය මණ්ඬල ක‍්‍රීඩා තරඟාවලියේ සත්කාරකත්වය ලංකාවේ වාසනාවකට මෙන් මග ඇරී ගියේ රුපියල් බිලියන 500 ක පමණ පිරුවැයක් දැරීම වළකා දමමිණිි. නමුත්, කිසිදු වග විභාගයකින් තොරට, සත්කාරකත්වය ඉල්ලීම් ගාස්තුව වන රුපියල් මිලියන 784 ක මුදල කාණුවේ ගසා ගෙන ගියේ ය.

ජනාධිපතිතුමාගේ වසරක වැය ශීර්ෂය රුපියල් බිලියන 8.6 ක් වන අතර එය බි‍්‍රතාන්‍ය මහ රැුජිනගේ වාර්ෂික වැය ශීර්ෂයටත් වඩා අධිකය.

ජනාධිපතිතුමාගේ රථ සමූහය සඳහා වියදම රුපියල් බිලියන 5.1 කි. ඇමතිවරුන්ගේ වාහන වියදම රුපියල් බිලයන 6 ක් වේ.

විරුද්ධ පක්‍ෂයේ දේශපාලඥයන් පවසන්නේ 2005-2009 කාලයට පසුව ශී‍්‍ර ලංකාව රුපියල් බිලියන 870ක අගාධයකට වැටී ඇත්තේ දූෂණය නිසා බවයි.

100 කට අධික විශාල ඇමති මණ්ඬලයේ වාර්ෂික පිරිවැය රුපියල් බිලියන 2.6 ක් වන බැවින් සෑම රාජ්‍ය දෙපාර්තමේන්තුවකම මුදල් කබාසීනියා වෙයි.
ඇමතිවරුන්ට ලබා දෙන බදු රහිත වාහන බලපත‍්‍ර විකිණිමෙන් ඇමතිවරු රුපියල් මිලියන ගණන් ලාභ ලබති. ව්‍යාජ හෙජින්(ග්* ගනුදෙනුවේ පාඩුව රුපියල් බිලියන 17 කි.

කීප දෙනෙකුට පමණක් ආරාධනා කර තිබූ එක්සත් ජාතින්ගේ සමුළුවට ජනාධිපතිතුමා හා එක්වූ 100 කට අධික හෙන්චයියලාගේ සහ ඔවුන්ගේ සුඛෝපභෝගී වහන වලට වියදම රුපියල් බිලියන 1.4 කි. එහෙත් ජනාධිපතිතුමා පවසන්නේ ‘මහජන මුදල් වැය කිරීමේදී සෑම කෙනෙක්ම වගකිව යුතු බවයි‘

”අයිෆා” උත්සවයට වැය කළ මුදල රුපියල් බිලියන 1.4 ක් වන අතර ජනාධිපතිතුමා එය විවෘත කළ උත්සවයට වැය කළ මුදල තවත් රුපියල් බිලියන 1 කි.

රාජ්‍ය ආයතන වල රුපියල් බිලියන 300 කට අධික මූල්‍ය වංචා සම්බන්ධව පාර්ලිමේන්තුවේ ‘කෝප්‘ සභාවම වාර්තා කර ඇත.

මාර්ග සෑදීම සිදු කරනු ලබන්නේ මහා පරිමාණ ණය ගැනීමෙනි. එමගින් ඍජු තීරණ ගන්නා සියලූම අයගේ සාක්කු පිරවෙන අතර අපේ රටේ දුප්පත් ජනතාවට ශතවර්ෂ ගණනක් එම ණය ගෙවීමට සිදුවනු ඇත.

කොට්ටාවේ සිට ගාල්ල දක්වා අධිවේග මාර්ගයේ පිරිවැය කිලෝමීටරයට රුපියල් මිලියන 900 ක් වෙද්දී කඩවත සිට කෙළවරපිටිය දක්වා අධිවේග මාර්ග පිරිවැය කිලෝමීටරයට මිලියන 7500 ක් වැනි විශාල මුදලකින් වැඩි වූයේ කෙසේද? ඔව්, උද්ධමනය නිසා එය 5- 10 දක්වා වැඩි විය හැකි වුවත් 800 කින් වැඩි විය නොහැකිය.

මහරගම පිළිකා රෝහලට අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග 20 ක් නැති බව පවසන විට කොළඹ රෝහල් පවසන්නේ පරීක්‍ෂණ කිරීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය නොමැති බවයි.

ජනාධිපතිතුමාගේ එක්සත් ජාතින්ගේ සමුළුවට වැය වූ මුදල ඉතිරි කර ගත්තා නම් පිළිකා රෝගීන්ට තව වසර විස්සකට අවශ්‍ය ඖෂධ ගැනීමට හැකි වනු ඇත.

ප‍්‍රශ්නය වන්නේ මෙවැනි අනුවණ කම් වලින් සිදුවන මහා පරිමාණ අලාභහානි ගැන කිසිදු පරීක්‍ෂණයක් හෝ විමර්ශණයක් සිදු නොවන්නේ ඇයිද යන්නය? රජයේ අරටුම මේවාට සම්බන්ධ බැවින් තමන්වම විමර්ශනය කරගන්නේ කෙසේද?

හිිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක මහත්මිය පැවසුයේ දේශපාලනය සැබවින්ම මහා පරිමාණ (මෙගා) ව්‍යාපාරයක් බවත් දේශපාලඥයන්ගෙන් සියයට 80 ක් සරලව කිවහොත් හොරුන් බවත්ය.

‘දුප්පතුන්ට සේවය කිරීමට‘ යැයි පවසමින් ඔවුන් ජනපතිවරණයට මිලියන ගණනාවක් ආයොජනය කරන්නේත්, ඇතැම් විටක අයෝජනය මිලයන 300 ක් පමණ වනතෙක් වැඩි කරන්නේත් එම මුදල මෙන් දස, සිය ගුණයක් කෙටි කලකින් නැවත උපයා ගත හැකි බව දන්නා බැවිනි.

ඒ ගැන මවිත විය යුතු නැත.

කණගාටුවට කරුණ නම් ඡුන්දදායකයින් තවමත් දැවැන්ත ප‍්‍රදර්ශන පුවරුවල පෙනෙන හොරුන්ට තම ඡුන්දය දැමීමත් ඔවුන් තමන්ගේ මුදල් ගසා කන දැවැන්තම හොරුන් බව නොදැන සිටීමත්ය.

සුදු වෑන් මගින් කළ අතුරුදන් කිරීම් දේශපාලන කි‍්‍රයාවලියක් බව නොරසකි. සාමන්‍ය වැසියන් ඔවුන් කොටු කර ගත් අවස්ථාවලදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ඔවුන් නිදහස් කර ඇරීම මෙයට හොඳ නිදසුනකි. බොහෝ ප‍්‍රසිද්ධ වූ මිනිමැරුම්, සොරකම් හා මැරකම් වලට ඍජුවම මධ්‍යම රජයේ හෝ ප‍්‍රාදේශීය දේශපාලඥයන් සම්බන්ධය. රජය සහ එහි නායකත්වය විසින් ප‍්‍රවර්ධනය කරන දේශපාලඥයන්ගේ තරාතිරම මෙයින්ම පැහැදිලි වේ.

දේශපාලකයෙකු විසින් කළ තංගල්ලේ විදේශික මිනිමැරම සහ ස්තී‍්‍ර දූෂණය ආදී සමහර අවස්ථාවන්හිදි තරමක් දුරට යුක්තිය කි‍්‍රයාත්මක වුවත් එසේ සිදු වූවේ විදේශීය බලපෑම් නිසාවෙනි.

මෙහිදි සිත්ගන්නාසුළු දේ වන්නේ මොවුන් බොහෝ දෙනා පාලක පවුල සමග සම්බන්ධකම් ඇත්තවුන් වීමයි. ජනතා විමුක්ති පෙරමුනේ ආධාරකරුවන් දෙදෙනෙක් ඝාතනය කළ ජුලම්පිටියේ අමරේ ද ඊට ඇතුලත්ය.

නීතිය ආරක්‍ෂා කරනු වෙනුවට, සියලූම සම්මතයන් සහ කි‍්‍රයාපිළිවෙත් පසෙක ලා ප‍්‍රසිද්ධ දේශපාලඥයන් ට එරෙහිව තිබූ නඩු තුනක් ඇටෝර්නි ජනරාල් කාර්යාලය මගින් ඉවතට දමන ලදී.

100 කට අධික දේශපාලඥයන් සහ ප‍්‍රදේශීය සභා නියෝජිතයින් අපරාධ වලට සම්බන්ධ වී ඇති අතර 50 කට අධික රජයේ දේශපාලඥයින් හොර මත් ද්‍රව්‍ය ජාවාරම්වල යෙදී සිටිති. ඇමතිවරු 8 ක්, නියෝජ්‍ය ඇමතිවරු 5 ක්, පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරු 5 ක්, ප‍්‍රාදේශීය සභා නියෝජිතයන් 12 ක් නගරාධිපතිවරුන් සහ ප‍්‍රාදේශිය සභිකයින් 40 ක් මීට ඇතුලත්ය.

නීතිය හා සාමය අවමානයට ලක් කරමින් විශාලතම හෙරොයින් අනාවරණය මුදාහරිනු ලැබුයේ අගමැති කාර්යාලය හරහාය.

අධික වේගයෙන් රිය පැදවු නිෙයෝජ්‍ය ඇමතිවරයෙකුට චෝදනා කළ පොලිස් නිධාරියෙකුට පහර දීම පමණක් නොව අවසානයේ පොලිස් සේවයෙන්ද ඉවත් වීමට සිදු වුණි.

එල්ටීටිය තුරන් කළ නීතිය බලාත්මක කරන්නන් හට ලසන්ත වික‍්‍රමතුංග ඇතුලූ මාධ්‍යවේදීන් 27 දෙනෙකු ඝාතනය කළ එකදු මිනීමරුවෙකු අල්ලා ගැනීමට අපොහොසත් විය. මෙයින් තහවුරු වන එක් දෙයක් ඇත. එනම් රජය කෙළින්ම වගකිව යුතු බවයි – එනම් අපරාධකරු, විනිෂ්චයකරු සහ ජූරියද එකම කණ්ඩායමක් නිසා දෝශාරෝපිතයක් සොයා ගැනීමට නොහැකි බවයි.
සාමාන්‍ය වැසියන් හට පහර දීම් සම්බන්ධව නිසියාකාරව වාර්තා කළ අවස්ථා වලදී පවා අදාල පොලිස් ස්ථානවලට දේශපාලඥයන්ගෙන් කෙරන බලපෑම් නිසා
කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැති අවස්ථා බොහෝය.

විචිත‍්‍රවත් හම්බන්තොට නගරයේ නගරාධිපති උතුමාණන් තුවක්කු ගෙන යන මැරයෙකි.

ඔහු පාලන පවුලට ලඟින් සිටින අයෙකි. මේ රජයේ ඉහළ තැන් වල සිටින වුන්ගේ ප‍්‍රමිතීන්ය.

දරුණුම අපරාධකරුවන් සිටින්නේ රජයේ වීම පුදුමයට කරුණක් නොවේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ගෙන් 2/3 කට අපොස උසස් පෙල සුදුසුකම් නැති අතර හරි අඩකට අපොස සා.පෙළ මූලික සුදුසුකම් වත් නැත.

කම්කරු තනතුරක් පවා දැරීමට සුදුසුස්සන් නොවන මොවුන් ඇමතිකම් දරමින් රට ප‍්‍රපාතය කරා ගෙනයමින් සහ කොල්ලකමින් වැජඹෙති. මේ නිසා, බොහෝ රජයේ දෙපාර්තමේන්තු මහා පරිමාණ පාඩු ලබන ආයතන බවට පත්වීම පුදුමයක් නොවේ.

සැබෑ රාජ්‍යතන්තී‍්‍රකයෙකුගෙන් ඔබ අපේක්‍ෂා කරන්නේ මේවා නොදැක්කා සේ සිටීමද?

රටේ නීතියට ජනාධිපතිතුමාගේ ඇති අල්ප සැලකීම, වරෙන්තු නිකුත් කොට ඇති මාධයවේදියෙකු සමග විවෘතව ඡුායාරූපයකට මුහුණ දීමෙන් ම පෙනී යයි.
ග ශෝකජනක දෙයක් වන්නේ ජනාධිපතිවරයාට ජාත්‍යන්තර ජනප‍්‍රියත්වයක් නොමැතිමත්, එක්සත් ජාතින්ගේ සමුළුවට හැර බටහිර රටවල සංචාර කිරීම අපහසු වීමත්ය. එක්සත් ජාතින්ගේ සංවිධානයේ විමර්ශනය, පොදු රාජ්‍ය මණ්ඬල රාජ්‍ය නායකයන්ගේ රැුස්වීම ආදිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වූයේ අගවිනිසුරු නෙරපීම ආදී අවුල් සහගත සිද්ධීන් මුල් කර ගෙනය.

ජනාධිපතිතුමාගේ විනිශ්චය මගින් රට ගමන් කළයුතු නිවැරදි දිසානතියත්, නායකත්වයත් දැක්විය යුතුවේ. රටේ එක් මිනිසෙක් ගසකට තබා ගැට ගසනා සහ නොයෙකුත් අශිෂ්ට කි‍්‍රයාවන්ට සහ සිද්ධින්ට සම්බන්ධ මිනිසෙක් මහජන සම්බන්ධතා නියෝජ්‍ය ඇමති තනතුරකට පත් කිරීම සඳහා ඔහුගේ විනිශ්චය යෙදවේ නම් එවැනි විනිශ්චයකරුවෙක් මානසික රෝහලක් පාලනය කිරීමටවත් සුදුසුද යන්න කෙනෙකු විමසිය හැකිය.

සියලූ ශිෂ්ට සහ යහ පාලන සම්මතයන් කුඩුපට්ටම් කර පවුලේ සහ කීප දෙනෙකුගේ ලාභය තකා බලය යෙදවීම නිසා විධායක ජනාධිපති ධුරය දේශයට ශාපයක් බවට පත් වී ඇත. යහ පාලනයේ සිය`ඵ ලක්ෂණ වැනසී ගොස් රටට අනර්ථයක් සිදු වෙමින් පවතින්නේ සාමයේ සරුඵල නෙලා ගැනීමට සුදුසුම වාතාවරණයක් තිබූ අවධියකයි.

ශිෂ්ට, වගකීමෙන් යුක්ත, විශ්වාසනීය රාජ්‍යතාන්ත‍්‍රිනයන් රටට අවැසිය.

ග රටෙහි නීතිය කැලෑ නීතිය නොවිය යුතුයි. ධනය පවුලේ ධනය නොවිය යුතුයි. බලය තිබිය යුත්තේ පාර්ලිමේන්තුව සහ රටෙහි ජනතාව සමගය.
විනිශ්චය රඳා පැවතිය යුත්තේ රටේ නීතිය මත මිස කිහිප දෙනෙකුගේ නීතිය මත නොවේ. පොලිසියේ වෘත්තීමය ස්වභාවය නැවත ස්ථාපිත කළ යුතුයි. ඡුන්දය සමබිමක සිදු විය යුතුය. මහා පරිමාණ දූෂණයෙන් මේ ලක්දිවෙහි ලෙය නොසෙල්විය යුතුය. සෑම දෙයකටම ඉහළින් සියලූම ලංකා වැසියන්ට ශිෂ්ට සම්පන්න පාලනතන්ත‍්‍රයක් ලැබිය යුතුය.

ඡන්දායකයනි – දැන් ඔබේ වාරයයි !

Archive

Latest news

Related news